දොම්පේ ගම්පෙත ජනගත පුරාවෘත්ත – By ආචාර්ය ගාමිණී කාරියවසම්. කොළඹ සිට කිලෝමීටර් තිහකට ආසන්න දුරකින් පිහිටි දොම්පෙ සියනෑ කෝරලයට අයත් ගම් ප්රදේශයකි.අත්තනගල්ල උතුරු දෙසින් ද,නැගෙනහිර දෙසින් මහර සහ බියගම ද,බටහිර දෙසින් හංවැල්ල ද දොම්පේ ප්රදේශය ට මායිම්ව පිහිටියේය. Image Source : researchgate දොම්පේ ආශ්රිත ප්රා ලේ කොට්ටාශ සහ අවට ගම්මාන දොම්පේ දීර්ඝ ඉතිහාසයකට උරුමය ඇති ග්රාමීය ප්රදේශයකි. සිරිසඟබෝ රාජ්ය සමයේ අනුරාධපුර ජනතාව භීතියට පත් කළ රතාක්ෂියා ( රත් ඇස් ඇති යක්ෂයා) රජතුමා තම ශීල තේජසින් ප්රදේශයෙන් පළවා හරි බැව් පැවසේ.භීතියට පත් යක්ෂයා අනුරාධපුරයෙන් පළා අවුත් දොම්පේ පාළුගම වන ගහනයක සැඟව සිටි බවට ප්රකට ජනප්රවාදයක් අසන්නට ලැබේ. එම ගම් පියස ලන්ඳ දෙසින්,ගොම්මන් යාමයේ, යක්ෂයා දොම්නසින් විලාප නැගීම මුල් කොට එම ගම්වරය දොම්පේ යනුවෙන් නම් ලද බව කියැවේ.දොම්පේ නිම්නයෙනහි උස්ව නැගී සිටිනා යක් ඔළුවාගල නමින් හඳුන්වන ගල් පර්වතය යක්ෂයා නිදා ගැනීමේදී කොට්ටයක් සේ භාවිත කොට ඇති බව ද ජනප්රවාදයේ සදහනි. Image Source : facebook දොම්පෙ ප්රදේශය තුළ ...
Jan 23, 2024
Posted
Articles, Dr. Gamini Kariyawasam
Tagged . දඹදෙණිය රාජධානිය, කෑරගල පද්මාවතී රජමහා විහාරස්ථානය, සියනෑ කෝරලය, සිව්වන විජයබාහු