අභිමානණීය දළදා පුරාණය වාර්ෂික දළදා පෙරහැර ,මෙම වසරේ ද අගෝස්තු මාසයේ එළැඹි ඇසළ පොහොය සමයේ සිදු කෙරේ. චාරිත්‍රයක් ලෙසින් ,දළදා පෙරහැර පැවැත්වීමට ඇසළ පොහෝ සමය යොදා ගැනීමට , කිසියම් වැදගත් සාධකයක් මුල්වී ඇති බැව් විද්වතුන්ගේ නිගමනයයි.ලෝකයට සම්‍යක් දර්ශනය පහළ වූයේ ඇසළ පොහෝ දිනකය. මිගදායේදී බුදුන් වහන්සේ පස්වග මහණුන් වෙත මධ්‍යම ප්‍රතිපදාව නම් වූ උසස් ජීවන පිළිවෙත දේශනය කළේ ඇසළ පොහෝ දිනක බැවින් ශාන්ති නායකයාණන්ගේ අසූහාර දහසක් ශ්‍රී ධර්මස්කන්ධය ස්පර්ෂිත දළදා සමිඳුන් වෙනුවෙන් එසමයෙහි පෙරහැර පවත්වා පූජෝපහාර දැක්වීම අගය කළ යුතුය. දාඨා වංශයෙන් හෙළිවන පරිදි ශ්‍රී සම්බුද්ධ පරිනිර්වාණයෙන් පසුව එක් දළදාවක් ශක්‍රයා විසින්ද, සෙසු දන්තයන් , ගන්ධාර දේශයේ හර්ෂවර්ධන රජු හා නාලොව නාග රජුන් විසින්ද ලබා ගෙන පුද පෙළහර පවත්වනු ලැබීය. සිවු දළදාවන්ගෙන් ඉතිරි දළදාව ඛේම නම් මහරහතන් වහන්සේ ක්‍රි.පු. 433 දී කලිඟු රට දන්ත පුර බ්‍රහ්මදත්ත රජුන් වෙත පිරිනැමූ සේක. බ්‍රහ්මදත්තයන් රන් රුවනින් අලංකාර වූ අනගි සුවිසල් ධාතු මන්දිරයක් ගොඩ නංවා දළදා සමිඳුන් එහි තැන්පත් කොට මහත් භක්තියකින් පුදනු ලැබිණි. ඔහුගේ ඇවෑමෙන් ...

Read More →