News & Community eLanka

eLanka

Monday, 25 May 2026
  • Home
  • Read History
  • Articles
    • eLanka Journalists
  • Events
  • Useful links
    • Obituaries
    • Seeking to Contact
    • eLanka Newsletters
    • Weekly Events and Advertisements
    • eLanka Testimonials
    • Sri Lanka Newspapers
    • Sri Lanka TV LIVE
    • Sri Lanka Radio
    • eLanka Recepies
  • Gallery
  • Contact
Newsletter
Sri lankan news
  • eLanka Weddings
  • Property
  • eLanka Shop
  • Business Directory
eLankaeLanka
Font ResizerAa
Search
  • Home
  • Read History
  • Articles
    • eLanka Journalists
  • Events
  • Useful links
    • Obituaries
    • Seeking to Contact
    • eLanka Newsletters
    • Weekly Events and Advertisements
    • eLanka Testimonials
    • Sri Lanka Newspapers
    • Sri Lanka TV LIVE
    • Sri Lanka Radio
    • eLanka Recepies
  • Gallery
  • Contact
Follow US
© 2005 – 2026 eLanka Pty Ltd. All Rights Reserved.
Home » Goodnews Stories Srilankan Expats » Articles » ග්‍රීක දෙවගනකගේ දෙවොලේ අනුරුවක් ආශ්‍රයෙන් කොළොම්පුර ඉදිකළ අභිමානවත් ගොඩනැගිල්ල. – By ආචාර්ය ගාමිණී කාරියවසම්.
ArticlesDr. Gamini Kariyawasam

ග්‍රීක දෙවගනකගේ දෙවොලේ අනුරුවක් ආශ්‍රයෙන් කොළොම්පුර ඉදිකළ අභිමානවත් ගොඩනැගිල්ල. – By ආචාර්ය ගාමිණී කාරියවසම්.

eLanka admin
Last updated: November 14, 2023 3:21 pm
By
eLanka admin
ByeLanka admin
Follow:
Share
10 Min Read
SHARE
Views: 16

ග්‍රීක දෙවගනකගේ දෙවොලේ අනුරුවක් ආශ්‍රයෙන් කොළොම්පුර ඉදිකළ අභිමානවත් ගොඩනැගිල්ල. – By ආචාර්ය ගාමිණී කාරියවසම්.

Dr.Gamini Kariyawasam.

ගාලුමුවදොර, කොළඹ කොටුව දෙසට වන්නට පිහිටි,  අභිමානවත් ගොඩනැගිල්ල  , ඇතැන්ස්හි ඇක්‍රොපොලිස් කඳුකරයේ,යුද්ධයට අධිපති   ග්‍රීක දෙවගන ඇතීනාගේ ප්‍රධාන දේවාලයේ ආකෘතියට අනුකූලව ඉදිකරන ලද්දක් බව අප්‍රකට පුවතකි. එනමුදු ,එය පුර්ණ සත්‍යයක් බව ඉපැරණි ලේඛන මගින් මැනවින්  සනාථ කෙරේ .

old sri lankan parliament - eLanka

old sri lankan parliament - eLanka

ඇතීනා යනු ප්‍රඥාවේ සහ යුද්ධයේ ඔලිම්පික් දේවතාවිය වන අතර ඇය ගේ  නම නිර්මාණයවී ඇත්තේ ඇතන්ස් නගරය මුල් කර ගෙනය.  තේජාන්විත සහ නිර්භීත පෙනුමක් ඇය කෙරෙන් දිස්වේ . සියලුම ග්‍රීක වීරයන් ඇයගෙන් උපකාර සහ උපදෙස් ලබා ,විශිෂ්ඨ ජයග්‍රහණයන් ලබා ඇති බැව්පැ වසේ.ඇතීනාගේ නිරූපණය සහ සංකේතවාදය තුළින් මතුවන්නේ  බලය සහ අධිකාරය විකාශනය කරන තේජාන්විත දෙවගනකගේ  ස්වරූපයයි. ඇය සෑම විටම සම්පූර්ණ සන්නාහයකින් සැරසී , එක් අතකින් දිගු හෙල්ලයක් සහ අනෙක් අතින් පලිහක් දරා සිටී .ඇතීනාගේ පලිහට ඇගේ සතුරන් ගල් බවට පත් කළ හැකි බව ග්‍රීක ජාතිකයින්ගේ විශ්වාසයයි. ප්‍රඥාවේ සංකේතයක් ලෙස,බකමුණු පක්ෂියෙක්  ඇතීනාගේ උරහිස මත දිස්වේ.

old sri lankan parliament - eLanka

යුද්ධයට අධිපති ඇතීනා ග්‍රීක දෙවගන,

ලිපිය ආරම්භයේ සදහන් කළ  පරිදි,  ඇතීනා දෙවොලේ ආකෘතියට අනුකූලව තැනූ  මෙම පැරණි මන්දිරය කුමක්ද යන්න පිළිබදව ,පාඨක ඔබ මනසේ කිසියම් කුහුලක් මතුවනු නිසැක.   අභිමානවත් ලෙස ,නොසැලී ,අකම්පිතව සිදුවන සියල්ල දෙස නෙත් යොමා සිටින දැවැන්තයෙක් විලසින් විද්‍යාමාන මෙම පැරණි ගොඩනැගිල්ල ජනාධිපති ලේකම් කාර්යාලයයි. එනම් පැරණි  පාර්ලිමේන්තු මන්දිරයයි.

old sri lankan parliament - eLankaග්‍රීක ඇතිනියා  දෙවොල

old sri lankan parliament - eLanka

ග්‍රීක ඇතිනියා  දෙවොලේ ආකෘතිය අනුව ඉදිකළ පැරණි   පාර්ලිමේන්තුව.

මෙම ඓතිහාසික ගොඩනැගිල්ල ජාතික  සංකේතයක් ලෙසින් , දිගු ඉතිහාසයකට උරුමකම් කියාපානා සුළුය. වර්තමානයේ  ,ජනාධිපති ලේකම් කාර්යාලය ලෙසින්  ව්‍යවහාරිත මෙම ගොඩනැගිල්ල වසර 53 ක් ශ්‍රී ලංකාවේ ව්‍යවස්ථාදායක සභාව රැස්වන  මන්දිරය ලෙස භාවිතා විය.පශ්චාත් නිදහස් ශ්‍රී ලංකා රාජ්‍යය ප්‍රතිනිර්මාණය කිරීම සඳහා වූ සියලු සාකච්ඡා සිදුවුයේ  මෙම ඓතිහාසික මන්දිරයේ සභා ගර්භයෙහි ය.ජන ජීවිතයේ ප්‍රගතිය සඳහා ඓන්ද්‍රීය එකමුතුවක් ගොඩනඟා ගැනීම සඳහා, විටෙක උණුසුම් වුවද, සියලු ජනකොටස් නියෝජනයවූ මහජන නියෝජිතයින් අදහස් හුවමාරු කරගත් මෙම ගොඩනැගිල්ලේ ඉතිහාසය බෙහෙවින් ම විචිත්‍රවත්ය.

1920 වසරේ වැඩ  ඇරඹුණු ව්‍යවස්ථාදායක සභා   ගොඩනැගිල්ලේ  ඉඳිකිරීම්  අවසන් කිරීමට වසර දහයක පමණ  කාලයක් ගත විය. පළමු ලෝක යුද්ධය එළඹීම මෙහි ඉදිකිරීම් අවසන් කිරීමට මේසා  දීර්ඝ කාලයක් ගතවීමට හේතු පාදක වූවාසේ  සැළකේ.  ගොඩනැගිල්ල ඉදිවූ භුමිය බේරේ ජලාශයේ කොටසක්ව පැවැති  බැවින්,ජලය බැහැර කර භුමිය ගොඩකර සුදුසු පරිදි සකස් කිරීමට ද  සෑහෙන කාලයක් ගතවිය. ගොඩකරන ලද ඉඩමක එය ඉදිකිරීමට නියමිතවූ  බැවින් අත්තිවාරම ශක්තිමත් කිරීම සඳහා විශේෂ ඉංජිනේරුමය පූර්වාරක්ෂාවන් දාමයක් උපයෝගී කර ගති.  සම්පූර්ණ ව්‍යුවහය  දැඩි ශක්තිමත් කොන්ක්‍රීට් ස්ථම්බ මත ගොඩ නැගීමට ඉංජිනේරුවන් විශේෂී සැළකිල්ලක් දැක්වීය. බිත්ති නිර්මාණයට අවශ්‍ය පැතලි පාෂාණමය ගල්ටොන් 1530 ක් පමණ   රුවන්වැල්ල ප්‍රදේශයෙන්  ගෙන්වා ගත්   බව වාර්තාවේ.1927 මාර්තු මාසයේදී සම්පූර්ණ ඉදිකිරීම්  කටයුතු සදහා සඳහා රු. 400,000 අනුමත කර තිබුනු අතර පසුව  අමතර වියදම් සදහා රු.50000 ක්  ද ලබා දීමට සිදු විය.වර්තමානයේ මෙවන් මන්දිරයක් ගොඩනැංවීමට මිලියන 4000 ට වඩා වැයවනු නියති.

ක්‍රි.පූ. හයවන සියවසේ දෙවන භාගයේ ඉදිකරන ලද,   ,ග්‍රීසියේ   ඇතන්ස්හි ඇක්‍රොපොලිස් හි පිහිටි ඇතිනියා දෙවගනගේ  ඩොරික් දේවාලයේ ආකෘතිය ,ලංකාවේ මුල්ම පාර්ලිමේන්තුව  සැලසුම් කිරීම සදහා උපයෝගී කර ගෙන ඇත.එහි වාස්තුවිද්‍යාත්මක අයෝනික් ශෛලීමය  මූලික සංකල්පය   අනුගමනය කර ඇති බැව් ,ග්‍රීක දේවාලයේ සහ ලංකා පැරණි පාර්ලිමේන්තුවේ සැලසුම් සංසන්දනය කර බැලීමේදී මැනවින් ප්‍රත්‍යක්ෂවේ. පෙනුමෙන් මෙම ගොඩනැගිලි  ද්වයම එක හා  සමානය.. මෙම සම්භාව්‍ය වාස්තුවිද්‍යාත්මක මන්දිරය සැලසුම් කිරීමේ  ගෞරවය  හිමිවන්නේ ප්‍රසිද්ධ වැඩ දෙපාර්තමේන්තුවේ ප්‍රධාන ගෘහ නිර්මාණ ශිල්පී ඔස්ටින් වුඩ්සන් නම්වූ  බ්‍රිතාන්‍ය ජතිකයා වෙතය.එහි සැලසුම,  නිර්මාණය පමණක් නොව ගෘහ භාණ්ඩ  උපකරණ තෝරා ගැනීමේදී ද දක්ෂ ශිල්පීය නිපුණතා  සහිත දේශීය සහ විදේශීය  වෘත්තීය වේදීන්ගේ සහය ලබාගෙන ඇත.

old sri lankan parliament - eLanka

: 1930 ජනවාරි 29 වන දින මෙම සම්මන්ත්‍රණ සභා මන්දිරය,  ව්‍යවස්ථාදායක සභාවේ   රැස්වීම් සදහා   විවෘත කරමින් ආරම්භක දේශනය පැවැත්වූ ආණ්ඩුකාර ශ්‍රීමත් හර්බට් ජේ. ස්ටැන්ලි ප්‍රකාශ කර ඇත්තේ,

old sri lankan parliament - eLanka

“ඔබ සහ මතු දින , ඔබේ අනුප්‍රාප්තිකයින් ,රටේ අභිවෘද්ධිය වෙනුවෙන්  තීන්දු තීරණ ගැනීමට එක්රැස්වන  මෙම නව ගොඩනැගිල්ල අලංකාරවත්  සහ අභිමානවත්  අන්දමින් නිමවා තිබීම ඔබ සියලු දෙනාගේ සාඩම්බරයට හේතුවක් වනවා නොඅනුමානය. නියෝජිත ඔබ සැමට පමණක් නොව ලංකාවාසීන් සැමට  ආඩම්බර විය හැකි මෙම සම්භාවනීය මන්දිරය, මතු දින  කොළඹ පුරවරයේ ඉතා කැපී පෙනෙන ආභරණයක් වනු  නිසැක…..” යනුවෙනි.

old sri lankan parliament - eLanka

ප්‍රථම පාර්ලිමේන්තුව විවෘත්ත කිරීම 

යථෝක්ත  ගොඩනැඟිල්ල නිර්මාණය කර ඇත්තේ මුහුදු වෙරළේ සිට හමා එන සුළඟේ සිහිලස මන්දිරයේ හාත්පස පරිසරට ලැබෙන ආකාරයටය. සභා ගර්භය ගොඩනැගිල්ලේ මධ්‍යයේ පිහිටියේය.සභා ගර්භයේ ඉහළ කොටස ආසන්න වශයෙන් පුද්ගලයන් 200 කට පමණ ආසන පහසුකම් සහිත උස් වූ ගැලරියකින්  සමන්විතය.මුලින්ම ව්‍යවස්ථාදායක සභාව ලෙස පැවති මෙම මන්දිරය වසරකට පසුව රාජ්‍ය මන්ත්‍රණ සභාව ලෙස නම් කරන ලදී. රාජ්‍ය මන්ත්‍රණ සභාවේ ප්‍රථම කතානායක වරයා ලෙසින් පත්වීමේ ගරුත්වය ඇල්ෆ්රඩ්  ෆ්‍රැන්සිස් මොලමුරේ මහතා වෙත හිමිවේ. 1947 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්මත වීමත් සමඟ මෙම ගොඩනැගිල්ල 1947 සිට 1972 දක්වා නියෝජිත මන්ත්‍රී මණ්ඩල සම්මන්ත්‍රණ ශාලාව  ලෙස හැඳින්විණි.

old sri lankan parliament - eLanka

සභා ගර්භයේ සිදු වූ වඩාත් වර්ණවත් සිදුවීම් වූයේ ,බ්‍රිතාන්‍යයේ මහජන මන්ත්‍රී මණ්ඩලය විසින් කථානායක ආසනය සහ සෙංකෝලය  ශ්‍රීලංකාව වෙත  පිරිනැමීමයි .

පාර්ලිමේන්තු සෙංකෝලය

old sri lankan parliament - eLanka

old sri lankan parliament - eLanka

මෙහිදී සෙංකෝලය වටා ගෙතී ඇති ,එහි උපත පිළිබදව සදහනක් කිරීම යෙහෙකැයි හැගේ.ප්‍රංශ අධිරාජයෙක් වු පිලිප් ඔගස්ටස් රජු ගේ සංකල්පයක් මත මුල් වරට .සෙංකෝලයක් රාජ්‍ය පාලන කටයුතු සදහා යොදා ගත් බැව් ප්‍රකාශිතය.  ක්‍රි. වර්ෂ 1200 දී, තමන්  ඝාතනය කිරීමට සැලැස්මක් ක්‍රියාත්මක වෙමින් පැවති  බැව් රජුට සැළ  විය. ඝාතකයින්ගෙන් ආරක්ෂා වීම පිණිස පෞද්ගලික රැකවලුන් කණ්ඩායමක් ඔහු සේවයෙහි යෙදවීය.මෙම රාජකීය රැකවලුන් කණ්ඩායමට රාජ්‍ය ලාංඡනය  ඔබ්බවා සකස් කල ශක්තිමත් දැවමය  යෂ්ථියක් රජු විසින්  ආරක්ෂාව වෙනුවෙන් ලබා දීමට ක්‍රියා කළේය.පසු කාලයේදී  රජු විසින් මෙම දැවමය  යෂ්ථිය වෙනුවට  ඝන ලෝහයෙන් සුමට ලෙස නිම කරවු ආයුධයක් බඳු  ශක්තිමත් දණ්ඩක්  ආරක්ෂකයින්ට  ලබා දී එය “ සෙංකෝලය” ලෙසින් නම් කළ බව සඳහන් වේ. මෙම යෂ්ඨිය අත දැරූ  ආරක්‍ෂකන්ගේ  මූලික රාජකාරිය වූයේ ඔගස්ටස් රජුට ආරක්‍ෂාව සැපයීම පිණිස රාජ සභාවට සම්ප්‍රාප්ත වීමේදී හා පිටවීමේදී රජු ආරක්‍ෂිතව කැදවාගෙන  ගෙන ඒම හා යළි  කැටුව යාමේ කාර්යභාරයයි.

වර්ෂ 1279 දී, බ්‍රිතාන්‍යයේ පළමුවැනි එඩ්වඩ් රජු, එතුමාගේ ආරක්ෂාව සඳහා සෙංකෝල සහිත වේත්‍රධාරීවරුන්  කණ්ඩායමක් යොදා ගෙන තිබූ බව ද පැවසේ.පසුකාලීනව බ්‍රිතාන්‍ය රජුගේ පාලනය පාර්ලිමේන්තු ක්‍රමය දක්වා විකාශනය වීමේදී, මෙම වේත්‍රධාරීවරුන් අතරින් කැපී පෙනෙන එක් නිලධාරීයෙක් රජු පෙරටු කර ගෙන පාර්ලිමේන්තු සභාවට පිවිසීම චාරිත්‍රයක් වශයෙන් ආරම්භ කර ඇත. ඒ අනුව ඔහු සෙංකෝලය උරහිස දරා පාර්ලිමේන්තු සභාවට පැමිණ ඇත.  පසු කාලයේදී රජුට ඇතැම් අවස්ථාවල පාර්ලිමේන්තුවට පැමිණීමට නොහැකි අවස්ථා උදාවී ඇත.එවන් අවස්ථාවන්හීදී  පාර්ලිමේන්තු සභාව  පැවැත්වීමට රජුගේ පැමිණීම අවශ්‍ය වූ  බැවින් එම අවශ්‍යතාව සපුරාලීම පිණිස රජු වෙනුවෙන්   පාර්ලිමේන්තුවට පැමිණ  ප්‍රධානියා වශයෙන් කටයුතු කිරීමට කථානායකවරයකුත්, රජුගේ පැමිණීම සංකේතවත් කර බලතල පිළිඹිබු කිරීම පිණිස  සෙංකෝලයත්, සෙංකෝලයේ භාරකාරත්වයට වේත්‍රධාරීවයාත් එදවස  රජු විසින් පාර්ලිමේන්තුවටහදුන්වා දීමට පියවර ගති.. ඒ අයුරින් පාර්ලිමේන්තු සම්ප්‍රදායට  “සෙංකෝලය” බද්ධවී ඇත.

අප රටට ස්වරාජ්‍ය හිමි වීම නිමිත්තෙන්, බ්‍රිතාන්‍ය මහජන මන්ත්‍රී මණ්ඩලය විසින් 1949 ජනවාරි 11 වන දින පාර්ලිමේන්තු සෙංකෝලය  සහ කථා නායක අසුන පාර්ලිමේන්තුව වෙත පරිත්‍යාග කරන ලදී.

old sri lankan parliament - eLanka

එම උත්තරීතර සංකේතයන්  රැගෙන මෙරටට පැමිණි ,මහාමාන්‍ය මේජර් මිල්නර්,   ”ඔබගේ දේශයේ ඉතිහාසය, සම්ප්‍රදාය හා සංස්කෘතිය මූර්තිමත් කරන සෙංකෝලය ලක්වැසි ජනතාව වෙනුවෙන්  මේ ගරු සභාවට පැවරෙන ගරුත්වයත් බලයත්  පිළිබඳ සංකේතයක් වශයෙන් පිරිනමන්නේ යැයි”   පවසමින් වේත්‍රදාරියා වෙත භාර කළේය..  පොදුවේ කතානායක ප්‍රමුඛ පාර්ලිමේන්තුවේ  බලය සහ  අධිකාරිය සංකේතවත් කරවන සෙංකෝලය  ඓතිහාසික කකුධ භාණ්ඩයක් ලෙසින් ගෞරවයට පාත්‍රවේ. සෙංකෝලය  නොමැති කිසිදු පාර්ලිමේන්තු රැස්වීමක්  රීත්‍යානුකූලව ස්ථාපිත නොවන සේ සැලකීම පිළිගත් පාර්ලිමේන්තු සම්ප්‍රදායකි.

1972 දී  මෙම සම්භාවනීය ගොඩනැගිල්ල ජාතික රාජ්‍ය සභා සම්මන්ත්‍රණ ශාලාව  ලෙස නම් කරන ලද අතර. 1978 සැප්තැම්බර් මාසයේදී ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ව්‍යවස්ථාව හඳුන්වා දීමෙන් පසු එය ,පාර්ලිමේන්තු ගොඩනැගිල්ල ලෙස නම් කරන ලදී.

ආරම්භයේදී ව්‍යවස්ථාදායක සභාවේ සහ රාජ්‍ය මන්ත්‍රණ සභාවේ සාමාජිකයින් 49 දෙනෙකු සඳහා සභා ගර්භය තුළ ආසන පනවා තිබුණි. 1947 සෝල්බරි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ සභාවේ මන්ත්‍රී සංඛ්‍යාව 101 දක්වා වැඩි විය.1959 සීමා නිර්ණය කොමිෂන් සභාව නිර්දේශ කළ පරිදි සාමාජිකයින් සංඛ්‍යාව 101 සිට 157 දක්වා තවදුරටත් වැඩි විය. 1978 දී සාමාජික සංඛ්‍යාව 225 දක්වා වැඩි විය. පාර්ලිමේන්තුවේ මන්ත්‍රී ආසන සංඛ්‍යාව අනුක්‍රමයෙන් වැඩිවත් සමග ඉඩ පහසුකම් පුළුල් නව පාර්ලිමේන්තුවක් ඉදිකිරීම කෙරෙහි රජයේ අවධානය යොමු විය.ශ්‍රී ජයවර්ධන පුර නව පාර්ලිමේන්තු සංකීර්ණය ඉදිවුයේ එහි ප්‍රතිපලයක් ලෙසිනි. 1982 මාර්තු 26 වන දින ,පැරණි පාර්ලිමේන්තු මන්දිරයේ අවසන් මන්ත්‍රී රැස්වීම පැවැත්විණි. ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ නව පාර්ලිමේන්තු ගොඩනැගිලි සංකීර්ණය නිම කිරීමෙන් පසු ගාලු මුවදොර පැරණි පාර්ලිමේන්තු ගොඩනැගිල්ල 1983 දී ජනාධිපති ලේකම් කාර්යාලය බවට පත් කරන ලදී.

old sri lankan parliament - eLanka

   ඉන්දීය අගමැතිනි ගරු ඉන්දිරා ගාන්ධි මැතිණිය ලංකා පාර්ලිමේන්තුව අමතමින්.

අති සම්භාවනීය විදේශීය රාජ්‍ය නායකයින් රාශියක් මෙම පාර්ලිමේන්තුවට පැම්ණ ,පාර්ලිමේන්තුව ඇමතූ අයුරු පාර්ලිමේන්තු ඉතිහාසයෙහි සදහනි.ඉන්දීය අග්‍රාමාත්‍ය ගරු ශ්‍රී ජවහර්ලාල් නේරු මැතිතුමා   (1962 ඔක්තෝබර් 13 ),පාකිස්ථානු ජනාධිපති ගරු මොහොමඩ් අයුබ් ඛාන් මැතිතුමා (1963 දෙසැම්බර් 09 )ඉන්දීය අගමැතිනි ගරු ඉන්දිරා ගාන්ධි මැතිණිය (1973 අප්‍රේල් 28 )පාකිස්ථානු අගමැති ගරු සුල්ෆිකාර් අලි භූතෝ මැතිතුමා ( 1975 දෙසැම්බර් 16), ඉන්දීය අග්‍රාමාත්‍ය ගරු මොරාජි දේසායි මැතිතුමා   (1979 පෙබරවාරි 06 ) යන රාජ්‍ය නායකයින් ඒ අතර වෙති.

අවට ඉදිකර ඇති ,අහස උසට නැගී යෝධ ඉදිකිරීම් හමුවේ වුවද විශිෂ්ට වාස්තු විද්‍යාත්මක ලක්ෂණ ප්‍රකට කරවන පැරණි පාර්ලිමේන්තු   මන්දිරය එහි ඓතිහාසික වැදගත්කම රඳවා තබා ගැනීමට සමත්ව තිබීම මහත්ම  ආශ්චර්යයකි.

 ආචාර්ය  ගාමිණී කාරියවසම්.          

gaminee@gmail.com

ප්‍රථම පාර්ලිමේන්තුව විවෘත කිරීමේ උත්සවයේදී ඩී .එස්.සේනානායක මැතිදුන් කළ කථාව

TAGGED:sri lanka old parliment
Share This Article
Facebook Whatsapp Whatsapp LinkedIn Email Copy Link Print
Previous Article sri Lanka cricket - eLanka Is our cricket going the same way as West Indies cricket? – By Sanjeewa Jayaweera
Next Article Michael Roberts Lakshman Wickremasinghe’s Allround Excellence at Royal College in 1944-by Michael Roberts
FacebookLike
YoutubeSubscribe
LinkedInFollow
eLanka Wedding
- Advertisement -
Ad image
Most Read
Artificial Intelligence (AI)

Artificial Intelligence and workforce vulnerability-by Dr. Chandrika Subramaniyan

Pentecost Global Day of Prayer-by Charles Schokman

The Ghosts of Mount Mary-A Forgotten Railway Legacy

The Ghosts of Mount Mary: A Forgotten Railway Legacy

Concerns regarding the occurrence of foamy urine-eLanka

Concerns regarding the occurrence of foamy urine, its causes, and Remedies-by Harold Gunatillake

The annals of Sri Lankan sporting history are punctuated by moments of profound triumph, yet few resonate with as much enduring power as the victory in the 1996 Cricket World Cup. On Saturday, 16 May 2026, the global cricket community gathered at the historic Royal Selangor

Legends Reunite: chaTax® Accountants Sponsors Sri Lanka’s 1996 World Cup 30th Anniversary Celebration in KL

Related News
Sri Sambuddha Raja Wadim
Articles

Shri Sambuddha Raja Wadim (ශ්‍රී සම්බුද්ධ රජා වදිම්) – Cover by Ruvee Nimnadi

Sri Lanka rugby, Asia Rugby Men’s Championship 2026, Sri Lanka vs Hong Kong China rugby, Tuskers rugby team, Colombo Racecourse Grounds, Sri Lankan rugby news, Asia Rugby Championship, Hong Kong China rugby, Sri Lanka sports news, rugby in Sri Lanka, Viduna Amaneth, Navin Marasinghe, Thenuka Nanayakkara, Sri Lanka rugby highlights, Asian rugby tournament, Sri Lankan sports pride, rugby championship 2026, Colombo rugby match, Sri Lanka national rugby team, eLanka sports news, Sri Lankan rugby fans, international rugby Asia, Sri Lanka rugby performance, rugby match report, Asia rugby updates, Sri Lankan athletes, rugby community Sri Lanka, Sri Lankan sporting achievements, Colombo sports events, rugby supporters Sri Lanka
Articles

Heartbreak for the Tuskers: Sri Lanka Pushed Hong Kong China to the Brink in Thrilling Finish

ALL TIME RELEVANCE OF BHAJA GOVINDAM PROPOUNDED BY INDIAN SAINT ADI SANKARA FOR UNIVERSAL PEACE
Articles N.S.Venkataraman

ALL TIME RELEVANCE OF BHAJA GOVINDAM PROPOUNDED BY INDIAN SAINT ADI SANKARA FOR UNIVERSAL PEACE-by N.S.Venkataraman

eLanka Newsletter -24th May 2026 - 4t Edition - Sri Lankans In Australia
Articles eLanka Newsletters

eLanka Newsletter -24th May 2026 – 4t Edition – Sri Lankans In Australia

Vesak Celebrations 2026
Articles

Vesak Celebrations 2026 at Sri Lanka Buddhist Monastery, Brisbane

  • Quick Links:
  • Articles
  • DESMOND KELLY
  • Dr Harold Gunatillake
  • English Videos
  • Sri Lanka
  • Sinhala Videos
  • eLanka Newsletters
  • Obituaries
  • Sunil Thenabadu
  • Dr. Harold Gunatillake
  • Tamil Videos
  • Sinhala Movies
  • Trevine Rodrigo
  • Photos
  • eLanka Newsletter

eLanka

Your Trusted Source for News & Community Stories: Stay connected with reliable updates, inspiring features, and breaking news. From politics and technology to culture, lifestyle, and events, eLanka brings you stories that matter — keeping you informed, engaged, and connected 24/7.
Kerrie road, Oatlands , NSW 2117 , Australia.
Email : info@eLanka.com.au / rasangivjes@gmail.com.
WhatsApp : +61402905275 / +94775882546
  • About eLanka
  • Terms & Conditions

Disclaimer:
eLanka is committed to sharing positive and community-focused stories. We do not publish or endorse political, religious, or ethnic viewpoints. The content published on eLanka, including articles and newsletters, reflects the opinions and views of the respective authors and not those of eLanka. eLanka accepts no responsibility or liability for the accuracy, completeness, or consequences of any content provided by contributors.

(c) 2005 – 2025 eLanka Pty Ltd. All Rights Reserved.