eLanka

Monday, 15 Dec 2025
  • Home
  • Read History
  • Articles
    • eLanka Journalists
  • Events
  • Useful links
    • Obituaries
    • Seeking to Contact
    • eLanka Newsletters
    • Weekly Events and Advertisements
    • eLanka Testimonials
    • Sri Lanka Newspapers
    • Sri Lanka TV LIVE
    • Sri Lanka Radio
    • eLanka Recepies
  • Gallery
  • Contact
Newsletter
  • eLanka Weddings
  • Property
  • eLanka Shop
  • Business Directory
eLankaeLanka
Font ResizerAa
Search
  • Home
  • Read History
  • Articles
    • eLanka Journalists
  • Events
  • Useful links
    • Obituaries
    • Seeking to Contact
    • eLanka Newsletters
    • Weekly Events and Advertisements
    • eLanka Testimonials
    • Sri Lanka Newspapers
    • Sri Lanka TV LIVE
    • Sri Lanka Radio
    • eLanka Recepies
  • Gallery
  • Contact
Follow US
© 2005 – 2025 eLanka Pty Ltd. All Rights Reserved.
Home » Goodnews Stories Srilankan Expats » Articles » මහා උළුගෙදර අරුම අත් දුටුවෙමි. – By ආචාර්ය ගාමිණී කාරියවසම්.
ArticlesDr. Gamini Kariyawasam

මහා උළුගෙදර අරුම අත් දුටුවෙමි. – By ආචාර්ය ගාමිණී කාරියවසම්.

eLanka admin
Last updated: September 24, 2023 6:29 pm
By
eLanka admin
ByeLanka admin
Follow:
Share
14 Min Read
SHARE

මහා උළුගෙදර අරුම අත් දුටුවෙමි. – By ආචාර්ය ගාමිණී කාරියවසම්.

Dr.Gamini Kariyawasam.

Prison in Sri Lanka - eLanka

ශ්‍රීලංකාවේ බන්ධනාගාරය, නිරන්තරයෙන් ම  ආන්දෝලනාත්මක පුවත් මවන රාජ්‍ය ආයතනයක් බවට පත්ව ඇත. එම ආයතනය පිලිබදව විවිධ විවේචන ඉදිරිපත් වේ. බන්ධනාගාරය පිලිබදව පොදු මහ ජනතාව තුළ පවත්නේ දැඩි කුතුහලාත්මක හැගීම් ය. මා භාවිතා කළ පැරණි රාජකාරි දිනපොතක, මගේ අත්දැකීම් සටහන්ව තිබු තොරතුරු ආශ්‍රය කරගෙන , වැලිකඩ සිපිරි ගෙය පිලිබදව මෙවන් ලිපියක් සැකසීමට මා සිත් පෙලැඹිණි.සිරකරුවන් ඔවුනට ම ආවේනික බසින් බන්ධනාගාරය හදුන්වන්නේ මහා උළුගෙදර ලෙසිණි. 

අදින් වසර  23  කට පමණ පෙර, සිරකරුවන් රදවා තබා ගන්නා මේ මහා උළුගෙදර, මට ද රැදෙන්නට සිදු විය. ඒ නිකන් ම නොව බරපතල වැඩ සමුදායක් ද සහිතවය. කාලය දෙසතියකි. දිනය 2000 ජුලි 7 වන දිනය. මා වැන්නෙකුට මේ සිපිරි ගෙයි ලගින්නට සිදුවූ හේතුව ,මම මේ ලිපිය අවසානයේ ඔබට හෙළි කරලන්නට අදහස් කරමි.

Prison in Sri Lanka - eLanka

බන්ධනාගාරය උස් දැවැන්ත තාප්පයකින් කොටුවූ ,පියවි ලොවින් සහමුලින් ම වෙන්වූ අමුතුම ලොවක් ලෙස මට හැගිණි. ඔබ දිවියේ කිසි දා මෙහි යාමට නොපතාවී ,මෙහිදී මා ලද අත් දැකීම් කියවන්නට ඔබට අවස්ථාවක් ලදහොත්. සිර ගෙදර ඇතුළත තත්‍ය සවභාවය, ඔබ හමුවේ මෙසේ එකිනෙක පෙළ ගස්වන්නට අදහස් කළෙමි.

Prison in Sri Lanka - eLanka

එහි රැදී සිටි කාල පරිච්චේදය තුළ , බලධාරීන්ගේ සුවිශේෂී අනුමැතිය ලැබ, වැලිකඩ බන්ධනාගාරයේ අක්කර 48 ක් පුරා පැතිරී භුමි භාගය පුරා මම දෙපයින් ඇවිද්දෙමි. බන්ධනාගාරයේ මා පිය නොතැ බූ කිසිදු ගොඩනැගිල්ලක් නැති තරම්ය. එල්ලුම් ගහ අභියසට ද ගියෙමි. සිරකරුවන් ඇසුරු කළෙමි. ඒ අතර මිනීමරුවන් ගේ බිහිසුණු මුහුණුවල තැවරී පැවති දැඩි අසරණ ස්වභාවය ද මගේ මතකයට නැගේ. සිරගතව සිටින බොහෝ පුද්ගලයින් තම සිර මැදිරියේ සිට පොත් පත් ලියු අයුරු ද ඔබ අසා ඇතුවාට සැක නැත. මම ද රැගෙන ගිය දින පොතෙහි , බන්ධනාගාරයේදී මා දෙසවන් වැකුණු සියලු පුවත් සටහන් කළෙමි. ඇස රැදී සියලු දෑ අකුරු බවට පත් කළෙමි. මද අවකාශයක් ලද සැනින් මම බන්ධනාගාර පුස්තකාලයට ද ගොඩ වැදීමට අමතක නොකළෙමි. බන්ධනාගාරී දිවියේ අතිශය කටුක අත්දැකීම් අනාවරණය කිරීමට පෙර ,පුස්තකාලයේදී ආයතනික වාර්ෂික වාර්තා ආශ්‍රයෙන්ස නිටුහන් කරගත් තොරතුරු සම්පින්ඩනයකින් , මෙම ලිපය ආරම්භ කිරීම වඩා යෝග්‍ය වෙතැයි මට හැගිණි.

බන්ධනාගාර ගත කිරීම යනු හුදු කායික හා මානසික වශයෙන් සිය පෞද්ගලිකත්වයෙන් වෙන්කොට  තැබීමකි. 1877 අංක 16 දරණ බන්ධනාගාර පනත මගින් මෙරට බන්ධනාගාර පද්ධතිය විධිමත් පරිදි ක්‍රියාත්මක  කිරීමට අවකාශ සැලසිනි. මෙහි මුල් ම ප්‍රධානියා ලෙස සේවය කර ඇත්තේ ඉන්ස්පෙක්ටර් ජනරාල් මෙජෙර් ඩී.බිල්ටන් මහතාය. වැලිකඩ බන්ධනාගාරය 1844 වර්ෂයේදී අංක 18 දරන පනත යටතේ ස්ථාපනය කරන ලදී. එවකට වැලිකඩ බන්ධනාගාරයෙහි සිරකරුවන්ට දඩුවමක් වශයෙන් ඉතා බර වැලි කොට්ට පිරවූ කදක් (වැලි කදක්) බන්ධනාගාරයේ එක් කෙළවරක සිට අනෙක් කෙලවරට ගෙන ගොස් බෑම ද ,යළිත් එම වැලි ප්‍රමාණය කදෙහි පුරවා ගෙන මුල් ස්ථානයට ගෙන යාම ද වාර ණනාවක් කිරීමට සිදු විය.වැලි කද ගෙන යන දඩුවම ක්‍රියාත්මක වූ මෙම බන්ධනාගාරය පසු කාලයේදී වැලිකඩ බන්ධනාගාරය ලෙසින් හදුන්වනට වූ බව පැවසේ.කිසියම් වරදක් කරනු ලැබුවෙක් බන්ධනාගාරයට යොමු කෙරෙන්නේ ප්‍රධාන පරමාර්ථ තුනක් සාධනය කර ගැනීමේ අපේක්ෂාවෙන් බැව් බන්ධනාගාර පාලන වාර්තාවන් හී සදහන්ය.

  1. භාරකාර පරමාදර්ශය.(custodian model )- විනය පවත්වාගෙන යමින් , චර්යාවන් පාලනය කරමින් මුළු මහත් මානව සමාජයේ ආරක්ෂාව සැලසීම මෙහි මුල් පරමාර්ථයයි.
  2. පුනරුත්ථාපනපරමාදර්ශය. ( rehabilitation model)- මෙම පරමාදර්ශය තුළින් සිරකරුවන්ගේ මානසික ස්වභාවය ගුණාත්මක ලෙසින් සංවර්ධනය කිරීම අපේක්ෂිතය.
  3. යළිසමාජ ගත කිරීමේ පරමාදර්ශය, ( reintegration model)- සිරගෙදරින් බැහැර විවෘත සමාජය සමග යහපත් සබදතාවක් පවත්වාගෙනයාම සදහා අවශ්‍ය බලගැන්වීම මෙමගින් අපේක්ෂිතය.

අධිකරණ තීන්දුවක් ලැබීමෙන් අනතුරුව බන්ධනාගාරය වෙත යොමුකෙරෙන අපරාධකරුවන්, වර්ග කිරීමේ ක්‍රම වේදයක් අනුගමනය කෙරෙන අයුරු පැරණි වාර්තා ආශ්‍රයෙන් දැනගතිමි. රථ වාහන පැදවීමේදී වැරදි සිදු කළ,බීමත්ව කළහ කිරීම වැනි සුළු චෝදනා යටතේ සිරගත වන්නන් තාවකාලික අපරාධකරුවන් (casual offenders ) ලෙස සැලකේ. ඉදහිට සමාජ විරෝධී වැඩ වල නිරත වන්නන් සුළු අපරාධකරුවන් සේ සැලකේ. සුළු අපරාධකරුවන් එක් වරක් දඩුවම් ලද විට ,කළ වරදෙහි බරපතලකම අවබෝධ කරගෙන යළි අපරාධවලට නැබුරු නොවන්නන්ය යන විශ්වාසයක් පවතී. උග්‍ර මානසික පීඩනය හෝ අසහනය හේතුවෙන් වරදට පෙලබෙන්නන් උන්මත්තක ( episodic criminals ) අපරාධ කරුවන්සේ සැලකේ . ප්‍රභූ සමාජයේ හා ව්‍යාපාරික ප්‍රජාවේ නීතියට පටහැනිව ක්‍රියා කරන සුදු කරපට අපරාධකරුවන්. (white collar criminals ) මොව්හු වැඩිවශයෙන් ම බන්ධනාගාර ගත වන්නේ සිවිල් උසාවි මගින් දෙනු ලබන තීන්දු මතය. නිරන්තරයෙන් ම පුරුද්දක්සේ නීති විරෝධී ක්‍රියාවන්හී නිරත අපරාධකරුවන්.( habitual offenders ) විශේෂයෙන් මංකොල්ල කරුවන් හා මං පහරන්නන් මේ කොටසට ගැනේ . මත් කුඩුවලට ඇබ්බැහිවූ අපරාධකරුවන් , මිණීමරුවන් සහ සිය ජීවනෝපාය පිණිස නිරතුරුවම අපරාධවලට පෙලබෙන්නන් දරුණුම ගනයේ අපරාධකරුවන් සේ සැලකේ.

බන්ධනාගාරයේ රැදී සිටි කාලයේ මරණ දණ්ඩනය ක්‍රියාත්මක කෙරෙන වැලිකඩ පෝරකය ආසන්යට ම යාමට ද මට අවස්ථාව සැලසිණි. එල්ලුම් ගස ස්ථාපිත කුටිය ආසන්නයේ චැපල් වාට්ටු ගොඩනැගිලි සංකීර්ණය පිහිටියේය. එහි සී 03 අංකය යටතේ සිරකුටි 30 කි. ඒ එල්ලා මැරීමට නියමිත අපරාධ කරුවන් රදවා තබන සිර මැදිරි සමුහයයි .

Prison in Sri Lanka - eLanka

Prison in Sri Lanka - eLanka

මරණයේ සෙවනැළි දකිමින් ඔවුහු මෙම සිර කුටි තුළ රැදී සිටිති. අපරාධ කරුවනට, තම දිවියේ අවසන්  ඉම සපත කෙරෙන ,එල්ලුම් ගස නිරන්තරයෙන් ම ඇස ගැසෙන ඉසවුවකය මෙම සිර කුටි පිහිටියේ. පෝරකය පිහිටුවා තිබුනේ තරමක ඉඩකඩ සහිත කුටියක් තුළය. එහි හාත්පස පරිසරය අදුරු ස්වභාවයකින් පැවතිණි.අවට පරිසරය ද බෙහෙවින් ම නිහඩය. ශක්තිමත් පැරණි ස්වරුපයෙන් යුත් බාල්කයෙහි හරි මැදට වන්නට පිහිටි යකඩ බොලොක්කයකි. ඒ වකවානුවේ මරණ දඩුවම ක්‍රියාත්මක නොවූ බැවින් , තොණ්ඩුව සහිත තේඩා ලනුව දැක ගන්නට නොලැබිණි. මරණ දඩුවම නියමවූ පුද්ගලයකු ගෙලට වැටෙන තොණ්ඩුව සහිත තේඩා ලනුව මෙම බොලොක්කය හරහා ඇතුල්කෙරේ. තේඩා ලණුවේ අනෙක් කෙළවර වින්දිතයා ගේ සිරුරේ බරට සරිලන සේ පුරවන ලද වැලි කොට්ටයක ගැට ගසා තිබුණු බැව් දැනගන්නට ලැබිණි. බාල්කයේ තේඩා ලනුව යොදන බොලොක්කයට සමාන්තරව බිම ලෑලි අවරනයකි.

ellumgaha

එහි හරි මැද එල්ලුම් ගස් යැවෙන පුද්ගලයාගේ දෙපා තැබිය යුතු ස්ථානය කළු කොටුවකින් සටහන් කර ඇත. සම්ප්‍රදායක් ලෙසින් එල්ලා මැරීම සිදුකරනු ලබන්නේ පෙරවරු 8.05 ටය. මරණ දඩුවම ලබන්නා  බිම් ලෑල්ලේ කළු කොටු සටහන මත සිටුවා ,ඔහු ගෙලට තොණ්ඩුව සිර කෙරේ. පෝරකය භාරව සිටින ජේලර් වරයා එල්ලා මැරීම ක්‍රියාත්මක කළ යුතු නියමිත වේලාවට දෙනු ලබන සංඥාවට අනුව ,අලුගෝසුවා විසින් පෝරකයේ වින්දිතයා දෙපා තබා සිටින ලී පුවරුවට පසෙකින් සම්බන්ධ කර ඇති ලීවරයක් පහත හෙලීමට උත්සුක වෙයි. ඒ සැනින් , පෝරකයේ බිම් ලී පුවරුවේ දොර පියන්දෙක පහතින් පිහිටි වල නිරාවරණය කරමින් දෙපසට විවරවේ. නිමේෂයකින් තොන්ඩුවෙන් ගෙල සිරවී සිටින චුදිතයා මරණය වැළද ගනිමින් පහත පිහිටි වලට පතිතවේ.

More Read

The Relationship Between Blood Sugar and Sodium Levels – Dr Harold Gunatillake
Melbourne Stars Launch BBL15 Season at the MCG
36 shipping boxes containing 103 family packages were packed over the last two days for the people impacted by floods in Sri Lanka on behalf of Dhamma Vijaya Buddhist Vihara in Hornsby, NSW

Prison in Sri Lanka - eLanka

බන්ධනාගාර ලේඛනයන්ට අනුව එල්ලුම්ගහ මුල් වරට ක්‍රියාත්මක ව ඇත්තේ 1812 පෙබරවාරි ද 10 වන  දිනය. ඉංගිරියේ කළු අප්පු නැමැත්තා මුලින්ම එල්ලුම් ගස් ගිය තැනැත්තා ලෙස ලේඛන ගතය.එල්ලුම් ගසට නියම වූ පළමු කාන්තාව වූ ඩිංගිරිමැණිකා ඇගේ කුඩා දරුවා නිසා පොරකයෙන් මිදි ඇති බවද වාර්ථා වේ. 1976 ජුනි 23 දින දක්වා අඛණ්ඩව ක්‍රියාත්මක වූ එල්ලුම් ගස අක්‍රිය වූයේ 1977 ජේ.ආර්. ජයවර්ධන ජනාධිපති තුමාගේ රජය යටතේය. තිස්සමහාරාමයේ ජයසිංහ මානච්චිගේ චන්ද්‍රදාස එල්ලුම් ගහට ගිය අවසන් පුද්ගලයා ලෙස සැලකේ.

Prison in Sri Lanka - eLanka

සිරකරුවන් අතරෙන් දරුණු නොවන පිරිස් දිවා කළ එළිමහනේ ගත කෙරේ. ඔවුහු අංගනය පිරිසිදු කිරීම් වැනි කටයුතුවල නිරත වෙති. 

Prison in Sri Lanka - eLanka

වැලිකඩ බන්ධනාගාරයේ ඉදිරිපස පවුරේ ,”සිරකරුවෝ ද මනුෂ්‍යයෝය “ යන වදන සහිත මෙම චිත්‍රයෙන් අවධාරණය කෙරෙන ස්වාභාවික මුලික   යුක්ති දහම,පවුරෙන් ඇතුළත ,ඒ  අයුරින් ම  ක්‍රියාත්මක  නොවන බැව් නිරීක්ෂණයවේ.

සියලුම් රැදවියන් රාත්‍රී කාලයේදී සිර කුටි තුළට දමා වසනු ලැබේ. මෙම කුටි සාමාන්‍යයෙන් දිග පළලින්  අඩි 6 x 8 ක ප්‍රමාණයෙන් යුක්තය. එහි ගත කළ හැක්කේ රැදවියන් එක් අයෙකු හෝ දෙදෙනෙකු ට පමණි. එනමුදු මෙම කුඩා කුටියක සිරකරුවන් 7 දෙනෙකු පමණ තෙරපා ඇතුල් කර දොර වැසීම සිදුවනු දෛනිකව දැකිය හැකිය. මෙබදු කුඩා ඉඩක ඔවුනට වැතිරී නිදා ගත නොහේ. ඔවුන් නිදන්නේ හිටගත් ඉරියව්වෙනි. මෙහි පවත්නා අතිශය ඛේදනීය තත්වය නම් , රාත්‍රී කාලයේ ඔවුනට සිය ශරීර කෘත්‍ය ඉටු කර ගැන්මට මේ කුඩා සිර කුටි තුළ කිසිදු පහසුකමක් නොමැති වීමයි. ඔවුන් මළ මුත්‍ර බැහැර කරන්නේ පොලිතින් උර වලටය.සෝදා පවිත්‍ර කර ගැනීමට කුටිය තුළ ඉඩ හා ජල පහසුකම් නොමැති වීම නිසා ඔවුහු පවිත්‍රතාව රැක ගන්නේ පත්තර කඩදාසියකින් අපවිත්‍ර දෑ පිසදා ගැනීමෙනි. රැදවියන් අතර චර්ම රෝග හා ලිංගාශ්‍රිත රෝග බහුලය. රාත්‍රී කාලයේ අවස්ථා කිහිපයකදීම මා තොරතුරු එක්රැස් කරගැනීමේ අභිලාෂයෙන් , මෙම සිර කුටි ආසන්නයෙන් ඇවිද ගොස් ඇත්තෙමි. එම අවස්ථාවල සිර කුටි තුළ එකට තෙරපී සිටි මිනිසුන්ගෙන් නික්මුණු දාඩිය හා අපද්‍රව්‍ය දුගද පිසගෙන හැමූ සුළග ඉවසා දරා ගත්තේ මහත් ම අපහසුවෙනි. රාත්‍රියේ පැවතී දැඩි නිහඩතාවය බිදිමින් ඉකි බිදුම් , සෝසුසුම් මෙන්ම රළු පරළු වදන් ද සිර කුටි දෙසින් නිරන්තරයෙන් ම පැතිර යනු මට ශ්‍රවණය විය. රැකවලෙක් පැමිණ තර්ජනය කරන අවස්ථාවල ඔවුහු නිහඩ වුවද, මද විරාමයකින් ඔවුහු පෙර පුරුදු මැසිවිලි නැගීම යළි ආරම්භ කරති.

Prison in Sri Lanka - eLanka

සිරකරුවන් රාශියක් සමග සංවාදයෙහි යෙදෙන්නට ද මට අවස්ථාව සැලසිනි. මා ඔවුන් හමුවට ගියේ ඔවුන්ගේම සමාජයේ සාමාජිකයකු විලසිනි. සිර ගෙය තුළ යහපත් හැසිරීම් ඇති, සුළු සිරදඩුවම් විදින්නන්ට හිරේ නිළ ඇදුමවූ ජම්පරය වෙනුවට ,සුදු සරමකින් සහ අත් කොට කමිසයක් ඇදීමේ වරප්‍රසාදය හිමිව තිබිණි. මා ද එම ඇදුමින් ම සැරසී ඔවුන් අතරට යාමෙන් ,ඔවුන් මා සමග කුළුපගව සිය අධ්‍යාත්මය හෙළි කිරීමට නොපැකිලව ඉදිරිපත් වුහ. සිරකරුවන් ගෙන් වැඩි පිරිසක් තමන් දුර දිග නොබලා කළ සමාජ විරෝධී වැඩ පිලිබදව බෙහෙවින් ම පශ්චත්තාපයට පත් වන පිරිස්ය. ඔවුහු සිර ගෙය තුළ තමන් ගතකරන අති දුක්ඛිත ජීවිතයෙන් හෙම්බත්ව සිටිති. තම පවුලේ උදවිය විශේෂයෙන් ම දරු මල්ලන් තමන් සිරගතවූ දින සිට කිසිදු අදායම් මාර්ගයක් නොමැතිව ගත කරන අසරණ භාවය පිලිබදව ඇතැමෙක් තොරතුරු හෙළි කලේ හැඩු කදුලිනි.බන්ධනාගාර ගතවූ විට අත් විදිනට සිදුවන මෙම ශෝචනීය තත්වය පිලිබදව පොදු මහා ජනතාව දැනුවත් කිරීමේ ඇති වැදගත්කම මෙහිදී අවධාරණය කලයුතුවේ. සමාජ විරෝධී ක්‍රියා වන්ගේ ආදීනව අවබෝධ කර ගැනීම පිණිස පාසල් සිසුන් ට බන්ධනාගාර නැරබීමට අවස්ථාව සලසා දීම ද වැදගති.

Prison in Sri Lanka - eLanka

ප්‍රචණ්ඩ ක්‍රියාවන්ට සම්බන්ධවූ හා මරණීය දණ්ඩනයට යටත්වූ සිරකරුවන් සදහා දැඩි ආරක්ෂක සංවිධාන  සහිත විශේස සිර කුටි වෙන් කර ඇත.දිනකට පැය භාගයකට නොවැඩි අවස්ථා දෙකකදී පමණි, ඔවුනට එළිමහනට පැමිණීමට අවකාශ සලසා ඇත්තේ. මාස හයට අඩු සිර දඩුවම් විදින පුද්ගලයින් රදවා තබනුයේ ශාලාවන් බදු විශාලත්වයෙන් වැඩි සිර මැදිරි තුළ ය. එකම දොරකින් පමණක් සමන්විත මෙම එක සිර මැදිරියක් තුළ 450 ට අසන්න සිර කරුවන් රදවනු ලැබ ඇත.මීට අමතරව සිර ගෙදර විනය නීතීන් කඩ කරන සිර කරුවන් වෙනුවෙන් වෙනම දඩුවම් කළුවර කුටි කිහිපයක් ද මට දැක ගන්නට ලැබිණි.

Prison in Sri Lanka - eLanka

සමාජ හා මානව විද්‍යාව හදාරණ විද්‍යාර්තීන්ට බන්ධනාගාරය කදිම පර්යේෂණාගාරයක් වනු නිසැකය. සිරකරුවන් ගේ ලෝකය විශ්මිතය. ඔවුනගේ සිතුම් පැතුම්,කථා වයවහාරය,හැසිරීම් රටාව පිටස්තර ලෝකයට වඩා හාත්පසින්ම වෙනසි. එහි දුට හැක්කේ අපුර්වතම සමාජ උප සංස්කෘතියකි. සිරකරු ප්‍රජාව ඉතා උගත් මෙන් ම නුගතුන් ගෙන් ද සැදී සංකීර්ණ සමාජයකි. එම සමාජ ස්ථරය තුළ  විවිධ කලා කුසලතාවන් ගෙන් හා වෘත්තීමය හැකියාවන්ගෙන් පිරිපුන් පුද්ගලයින් ද සිටින බැව් නිරීක්ෂණය විය.

දැව කොටයකින් ස්ත්‍රී රුවක් කැටයම් කරන රැදවියෙක්.

දැව කොටයකින් ස්ත්‍රී රුවක් කැටයම් කරන

 රැදවියෙක්.

සිරකරුවන්ට ම ආවේනිකවූ, ඔවුනගේ උප සංස්කෘතියේ වාග් කෝෂය විසිතුරුය. අපුර්වත්වයෙන් නුනය . ඔවුහු බන්ධනාගාරය හදුන්වන්නේ ආණ්ඩුවේ බෝඩිම,මහා උළුගෙදර,ගල් පල්ලිය ආදී විශේෂණ පද වලිනි. බන්ධනාගාරයේදී අසන්නට ලැබුණු, ඔවුහු එදිනෙදා ජීවිතයේ ව්‍යවහාරිත අපුර්ව අරුත් දනවන වාග් කෝෂයෙන් බිදක් අද දවසේ පවා මගේ මතකයේ රැදී පවතී. යමෙක් සොරකමක් කරන විට ,එය බලා සිටින්නා සොරා ගෙන් ඉල්ලා සිටින අල්ලස “ඇස් කුලිය” නමිනි හැදින්වෙන්නේ. කිසිවකුට දෙන අල්ලස  අර්ථ ගැන්වීමට ඔවුන් භාවිතා කරනුයේ “ඉස්ම දෙනවා” යනුවෙනි. සිරකරුවන් ගේ බසින් පොලිස් කාරයා “පංචි” යනුවෙන් ද , කාන්තාව “ ඔසරිය” ලෙසින් ද අරුත්ගන්වති. කිසියම් කණ්ඩායමකින් ඉවත් වීම “හැලීම” සේ සැලකේ. විනෝදය,පහසුව “ආතල්එක” යනුවෙන් ද, කිසියම් දෙයක් වසන් කිරීම “මොත්තේ දානවා “ යනුවෙන් ද හැදින්වේ. ඔවුහු තම සිතට නැගෙන අදහස් ,අගුරු කැටවලින් බිත්ති මත ලියන්නේ සමාජයට කිසියම්ප ණිවිඩයක් දීමේ අපේක්ෂාවෙන් විය යුතුය. “සල්ලි අපට විහිළු කරයි” , “කොහෙද අයිසේ යාලුවෝ “,“කරපං නැත්තං මැරියන්” එබදු වැකි කිහිපයකි.

මම මෙම ලිපිය ආරම්භයේදී සදහන් කරන්නට යෙදුනු පරිදි , අධික වැඩ සමුදායක් සහිතව දෙසතියක්  බන්ධනාගාරයේ රැදෙන්නට සිදුවූ කරුණ අනාවරණය කරමින් මෙම ලිපිය අවසන්ක රන්නට බලාපොරොත්තු වෙමි. 2000 වසරේදී මම අධිකරණ අමාත්‍යංශයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් තනතුරේ රාජකාරියේ නියැළී සිටියෙමි. එවකට අධිකරණ අමාත්‍ය ධුරය හෙබවූ මහාචාර්ය ජී.එල්.පිරිස් මහතා , සිරකරුවන්ගේ සුබසාධනය පිලිබදව පුර්ණ  සමීක්ෂණ වාර්තාවක් සැකසීමේ කාර්ය මා වෙත පවරනු ලැබීය. එම වාර්තාව සැකසීම පිණිස,බන්ධනාගාර කොමසාරිස් වෙතින් වාර්තාවක් කැදවා,එහි තොරතුරු ආශ්‍රයෙන් වාර්තාවක් සැකසීමට  අවකාශයක් පැවතිණි . එනමුදු ඇති තතු සියැසින් දැක ,ගැඹුරු අධ්‍යයනයක යෙදෙන්නට, මසිත් මා මෙහෙයවනු ලැබිණි.ඒ වෙනුවෙන්  සති දෙකක් පුරා  උදෑසන,දහවල් හා රාත්‍රී තුන් යාමය ම ,මට සරන්නට , කාලය ගත කරන්නට සිදුවුයේ වැලිකඩ බන්ධනාගාරහිය. එහිදී මා ලද සත්‍ය අත්දැකීම් මෙම ලිපියට පාදකවූ බැව් සදහන් කරනු රිසියෙමි.

තත් වාර්තාව ,සිර මැදිරි පුළුල් කිරීම,සිරගතවුවන් නිදහස්ව යළි සමාජයට මුදා හැරීමට පෙර ඔවුන් පුනරුත්ථාපනය කිරීම මෙන් ම, ඔවුනට දෛනික අදායමක් උපයා ගත හැකි පරිදි, වෘත්තීය පුහුණු පාඨමාලාවන් රාශියක් ආරම්භ කිරීම පිණිස කදිම  නියාමනයක් විය. 

ආචාර්ය ගාමිණී කාරියවසම්.

gaminee@gmail.com 

පහත යොමුව තුළින් ,ඔබට ශ්‍රීලංකාවේ 

එල්ලුම් ගහ ආශ්‍රිත තොරතුරු සජීවී ලෙසින් දුට හැකිය.

 

TAGGED:මහා උළුගෙදරසිරකරුවන්
Share This Article
Email Copy Link Print
Previous Article Lumbini Walk-eLanka Lumbini Walk
Next Article For more photos, please visit elanka Facebook page Highlights from the Joe – Pete in Sydney held on 24 September2023 – Photos and write up thanks to Brad Stevens
FacebookLike
YoutubeSubscribe
LinkedInFollow
Most Read
10 Pictures With Fascinating Stories Behind Them!

“A PICTURE SPEAKS A 1000 WORDS” – By Des Kelly

Look past your thoughts so you may drink the pure nectar of this moment

A Life Hack for when we’re Burnt Out & Broken Down – By Uma Panch

Narration of the History of our Proud Ancestral (Orang Jawa) Heritage. by Noor R. Rahim

eLanka Weddings

eLanka Marriage Proposals

Noel News

Noel News

Noel News

Noel News- By Noel Whittaker

EILEEN MARY SIBELLE DE SILVA (nee DISSANAYAKE) – 29 September 1922 – 6 April 2018 – A Woman of Value an Appreciation written by Mohini Gunasekera

K.K.S. Cement Factory

Dr.Harold Gunatillake’s 90th Birthday party

Sri Lanka's women's cricket squad in Melbourne

Cricket: Sri Lanka’s women’s squad in Melbourne

- Advertisement -
Ad image
Related News
Articles Photo Gallery

CARRUM DOWNS SRI LANKAN SENIORS CHRISTMAS BREAKUP

40th carols of Sydney Tamil Christian Fellowship (photos thanks to MC Duke)
Articles Photo Gallery

40th carols of Sydney Tamil Christian Fellowship (photos thanks to MC Duke)

Melbourne Stars and Bharat Army join forces for new fan bay experience 2
Articles

Melbourne Stars and Bharat Army join forces for new fan bay experience

Kithul Palm
Articles Malsha Madhuhansi

Sri Lanka’s Kithul Madeema / Kithul Kapeema: An Ancient Indigenous Technology Recognised by UNESCO – By Malsha – eLanka

SUNDAY CHOICE
Articles Charles Schokman

SUNDAY CHOICE – Why Have You Chosen Me? – by Charles Schokman

  • Quick Links:
  • Articles
  • DESMOND KELLY
  • Dr Harold Gunatillake
  • English Videos
  • Sri Lanka
  • Sinhala Videos
  • eLanka Newsletters
  • Obituaries
  • Sunil Thenabadu
  • Dr. Harold Gunatillake
  • Tamil Videos
  • Sinhala Movies
  • Trevine Rodrigo
  • Photos
  • Tamil Movies

eLanka

Your Trusted Source for News & Community Stories: Stay connected with reliable updates, inspiring features, and breaking news. From politics and technology to culture, lifestyle, and events, eLanka brings you stories that matter — keeping you informed, engaged, and connected 24/7.
Kerrie road, Oatlands , NSW 2117 , Australia.
Email : info@eLanka.com.au / rasangivjes@gmail.com.
WhatsApp : +61402905275 / +94775882546

(c) 2005 – 2025 eLanka Pty Ltd. All Rights Reserved.