eLanka

Friday, 3 Apr 2026
  • Home
  • Read History
  • Articles
    • eLanka Journalists
  • Events
  • Useful links
    • Obituaries
    • Seeking to Contact
    • eLanka Newsletters
    • Weekly Events and Advertisements
    • eLanka Testimonials
    • Sri Lanka Newspapers
    • Sri Lanka TV LIVE
    • Sri Lanka Radio
    • eLanka Recepies
  • Gallery
  • Contact
Newsletter
  • eLanka Weddings
  • Property
  • eLanka Shop
  • Business Directory
eLankaeLanka
Font ResizerAa
Search
  • Home
  • Read History
  • Articles
    • eLanka Journalists
  • Events
  • Useful links
    • Obituaries
    • Seeking to Contact
    • eLanka Newsletters
    • Weekly Events and Advertisements
    • eLanka Testimonials
    • Sri Lanka Newspapers
    • Sri Lanka TV LIVE
    • Sri Lanka Radio
    • eLanka Recepies
  • Gallery
  • Contact
Follow US
© 2005 – 2026 eLanka Pty Ltd. All Rights Reserved.
Home » Goodnews Stories Srilankan Expats » Articles » මළ හිරු බස්නා සැන්දෑ යාමේ …දැයෙන් සමුගත් සේකර – By ආචාර්ය ගාමිණි කාරියවසම්
ArticlesDr. Gamini Kariyawasam

මළ හිරු බස්නා සැන්දෑ යාමේ …දැයෙන් සමුගත් සේකර – By ආචාර්ය ගාමිණි කාරියවසම්

eLanka admin
Last updated: January 14, 2024 5:36 pm
By
eLanka admin
ByeLanka admin
Follow:
Share
8 Min Read
SHARE
Views: 6

මළ හිරු බස්නා සැන්දෑ යාමේ …දැයෙන් සමුගත් සේකර – By ආචාර්ය ගාමිණි කාරියවසම්

Dr.Gamini Kariyawasam.

Mahagama sekara

Image Source : dailynews

මෙම ජනවාරි 14 වන දිනට මහගමසේකර ශූරින් දැයෙන් සමුගෙන  වසර 48ක් සපිරේ. ඒ නිමිතිකර එතුමා සහ එතුමා අතින් නිර්මාණය වූ ගීත සාහිත්‍ය යේ සජීවී ආත්මීය ශක්‍යතා පිළිබඳවත්සැ මරුමක නිමග්න වීම මෙම ලිපියේ අරමුණය.

“මහගමසේකරයන් සමඟ අල්ලාප සල්ලාපයෙන් ගත කල එම සැදෑයාමය පිළිබඳව වූමතකය, මා හදවත්හි සදාතනිකව නිදන්ව පවතී. සොබාදහම , සෞන්දර්ය, දිවියේ අනියතතාවය වන් අපූර්වතම මාතෘකා කිහිපයක් ම එදින අපගේ සංවාදයට බඳුන් විය. එම විරාමයේ කාමරයේ රැදී සිටියේ ඔහුත් මාත් පමණි.එනමුදු අප අතර තෙවැන්නක්ද සැඟවී රැදී සිටි බව මට පසක් වූයේ පසුදින (1976 ජනවාරි 14) උදෑසන ගුවන් විදුලි  ප්‍රවෘත්ති විකාශනයට සවන් දුන් මොහොතෙහිය. ඒ අන් කිසිවකු නොව මාරයාය.  අප සල්ලාපයේ යෙදී සිටි මුළු කාලය පුරාවට, මාරයා සේකරගේ සුලැඟිල්ලේ එල්ලී සිටියාට සැක නැත. සේකරයන් මිය යාමට හෝරාවකට පෙර, ඔහු ඇසුරේ සිටි එකම පුද්ගලයා මා විය හැකිය.“

මහාචාර්ය ජෝතිය ධීරසේකර විද්වතුන්, පෙර දින සන්ධ්‍යා  භාගයේ තමන් හමුවූ සේකරයන්පි ළිබඳව තබා ඇති මෙවන් මතක සටහනකින් මෙම ලිපිය අරභන්නට අදහස් කලේ ගිලන්ව සිටියද නිර්මාණ කරණය උදෙසා ඔහු තුළ පැවති ආත්මීය අභියෝගය කෙතෙක්ද යන්න අවධාරණය කිරීමේ අභිලාෂයෙනි. සිය ආචාර්ය උපාධිය සඳහා නිර්මාණය කළ “සිංහල ගද්‍ය හා පද්‍ය සාහිත්‍යයේ රිද්ම ලක්ෂණ “නම් වූ ශාස්ත්‍රීය කෘතියට පෙර වදනක් සකසා ගැනීමේ අපේක්ෂාවෙන් සේකර මෙම අවසන් සැදෑවේ මහාචාර්ය ධීරසේකරයන් හමු වී ඇති බව ද පැවසේ.දිවියෙන් සමු ගන්නා විට හේ 50 වන වියේ පසු විය. අභාවයෙන් වසර ගණනාවකට පසුව (1981) මෙම කෘතිය වෙනුවෙන් සේකර ශූරින්, විදුදය සරසවියේ ආචාර්ය උපාධියෙන් පිදුම් ලැබීය.

Mahagama sekara

Image Source : lakpura

Mahagama sekara

Image Source : lakpura

Mahagama sekara

Image Source : goodreads

“ ඊයේ රෑ සිහිනෙන්

මිය ගිය මම
(මගේ) වළ මත දෙදණ

ඔබාගෙන
මම ම මගේ මළ ගමට

හැඩුයෙමි

මගේ කදුළුවල පොහොර

ලබාගෙන

මිනී වළෙන් පැළයක්

මතු විය

වසර සියයකට පසු මා
නැවතත්

මගේ මිනිය ඇති
සොහොනට ගිය විට

ඒ මල් පැළයෙහි සුදු මල්

පොකුරක්

පිපී සුවඳ විහිදුවමින්

පැවතිණි“

Mahagama sekara

Image Source : egenumabooks

Mahagama sekara

Image Source : egenumabooks

Mahagama sekara

Image Source : egenumabooks

Mahagama sekara

Image Source : ceylontoday

Mahagama sekara

අනුග්‍රහය ලක්පුර

Image Source : encrypted

මහගම සේකර කවියා සාහිත්‍ය කෙතේ රෝපණය කළ ඒ විසල් රුකෙහි සුපිපි පුෂ්පයන් ගේ නිමල සුගන්ධය සියක් වසරක් නොව කප් සුවහසක් පුරා පරපුරෙන් පරපුර රසික හදවත් ආස්වාදනයට පත්කරනු නිසැකි.

මිහිමත සියල්ල එක්තරා ලයාන්විත රිද්මයක් මත උපත ලබා ඇති බව ඔහු විශ්වාස කළේය. මල හිරු පැළ දිගු අහසෙහි සැඟවෙන මොහොතෙහි, පිලේ පැදුර කිහිලි ගන්නා ගෙන හේන වෙත පිය නගන ගැමියා මුවින් ගිලිහෙන පැල් කවියෙහි රිද්මය, ගම්මානයේ වක්කඩ ළග දිය වැටෙනා රිද්මය, ජන හදවත්හි නිතැතින් කුළු ගන්වන්නේ, සේකරයන් පිළිබදව වූ සොදුරු මතකයයි.

1929 අප්‍රේල් 07 වන දින මහගමසේකර රදාවාන ගම් පියසේ, මහ ගමගේ ජෝන් හා රොසලින් යුවළට දාව උපත ලැබීය. රදාවාන පිරිමි පාසලෙන් මූලික අධ්‍යාපනයලැබූ ඔහු වැඩිදුර අධ්‍යාපනය සදහා 1943 වසරේදී ලලිත කලායතනයට ඇතුළත් විය. සහජයෙන් උරුම වූ සොදුරු නිපුණතාවයන් තීව්‍ර කර ගැනීමෙහිලා එමගින් ඔහු ලද පෝෂණය හා ශීක්ෂණය සුළුපටු නොවේ. අනතුරුව නිට්ටඹුවේ ගුරු විද්‍යාලීය පුහුණුව ලද හෙතෙම 1951 වසරේදී රාජගිරියේ හේවාවිතාරණ රජයේ පාසලේ චිත්‍ර කර්ම ගුරුවරයා ලෙස සිය ජීවන වෘත්තීය ආරම්භ කළේය. පසු කලෙක රාජ්‍ය භාෂා දෙපාර්තුමේන්තුවේ භාෂා පරිවර්තකයකු ලෙසින් සේවය කිරිමට ද ඔහුට අවස්ථාවක් ලැබිණි.“ධවල සේනංකය කෘතිය සිංහලයට පරිවර්තනය කලේ මෙම වකවානුවේය. මීරිගම ගුරු අභ්‍යාස විද්‍යාලීය චිත්‍ර කර්ම කථිකාචාර්ය පදවිය දරමින් , සෞන්දර්යකාමී ගුරු පරපුරක් බිහිකරලන්නට ද ඔහු ගත්  ප්‍රයත්නය ප්‍රශස්තය.1963 සැප්තැම්බර් 5 වන දින හේ  කුසුමලතා මෙනෙවිය සමඟ යුග දිවියට පිවිසියේය.

Mahagama sekara

Mahagama sekara

Image Source : kawluva365

පාටලි, නිරුපමා, සල්මාලි, රවින්ද්‍ර යන දූ පුත්තු සේකර යුවළගේ දිවි ගමනට අරුතක් එක් කළහ.

Mahagama sekara

Image Source : gumlet.assettype

සේකර ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ වැඩසටහන් සම්පාදක ධූරයට 1960 වසරේ පෙබරවාරි 1 වන දින පත් වූයේ, ඔහුගේ දිශානතිය නැවුම් මඟකට යොමු කරවමිනි. ගුවන් විදුලි ගීත සාහිත්‍ය මුල් වතාවට භාව පූර්ණ, සුනිශිත, සුගායනීය ශක්තතාවෙන් පිරිපුන් කලාවක් ලෙසින් හැඩතල ලබන්නේ වැඩසටහන් සම්පාදක මහගම සේකරයන්ගේ නිර්මාණශීලිත්වය තුළිනි“මධුවන්ති” ගුවන් විදුලි සංගීත වැඩසටහන් මාලාව, සේකර ශූරින්ගේ මනස්හි පිලිසිදී ව්‍යාක්ත කාව්‍යමය සංකල්පනාවන්, භාව පූර්ණ ස්වර දැහැනින් වර්ණවත් වී, අමරදේවයන්ගේ මධුර ස්වරයෙන් ගැයුණු ගීත සමුදායකින් පෝෂණය විය. “මල හිරු බස්නා සැන්ඳෑ යාමේ” , “පාළු අඳුරු නිල් අහස මමයි” වන් ගීතයන් මුළු මහත් විශ්වයම පුරා පැතිරී පාළු ශෝකී ස්වභාව ධ්වනිත කරවන්නේ අප හදවත්හි ගැඹුරුම ස්ථානයන් ස්පර්ශ වන පරිද්දෙනි. සිංහල ගීත වංශයේ අග්‍රගණයේ ගී සේකරයන්ගේ අතින් නිර්මාණය වී, ශ්‍රාවක පිරිස් අමන්දානන්දයට පත්කළේ ගුවන් විදුලි මධුවන්ති වැඩසටහන තුළිනි. පරිසමාප්ත සුභාවිත ගීතයක් නිර්මාණය වන්නේ රචකයා, සංගීත වේදියා සහ ගායකයා යන සුසංයෝයෙහි විභවතාව තුළින් බව හේ මැනවින් පසක් කරගෙන සිටියේය.

පාළු අඳුරු නිල් අහස මමයි

යුනෙස්කෝ සංවිධානයෙන් ලද ශිෂ්‍යත්වයක් මත සේකරට නිව්යෝර්ක් වෙත යාමට වරෙක අවස්ථාවක් උදාවිය.

මවු බිමින් යොදුන් දහස් ගණනක් දුරු රටක තනි වූ ඔහු සිය පාළුව, තනිකම මකා ගන්නට, සැදැල්ලේ කවුළුව තුළින් හිස් අහස දෙස නෙතු යොමු කළේය. අහසේ මෝදු වෙමින් පැවති සඳවතිය දුටු සේකරගේ පාළුව සාංකාව පහව ගියේය.ඒඇසුරෙන් ඔහු නව්‍ය නිර්මාණයක් කඩදාසියක සටහන් කළේය “ළිහි දිළිහි ආකාසේ රන්පිඟාන සේ සඳ මා දන්නා හඳුනන අපේ ගමේ වෙල්එළියට පායන සඳ පෝය ඳාට බෝ මළුවට පායන සඳ “

කවියා ඈත එපිට දේශයක, නුහුරු නුපුරුදු සංස්කෘතියකට මැදිව සිටිය ද, තම හුරුපුරුදු ජන්ම භූමියේ පරිසර පිළිබඳ මතක සුවඳ ආශ්‍රිතව ලද  හැකි අහ්ලාදජනක ආශ්වාදය ඔහු තත්නි ර්මාණයෙන්තීව්‍ර ලෙස ප්‍රකට කරවයි.

ඔහුගේ නිර්මාණ කුසලතාව කාව්‍ය හා ගීත ක්ෂේත්‍රයට පමණක් සීමා නොවිය. නව කථා,සිනමා කරණය, පමණක් නොව සිතුවම් යන ක්ෂේත්‍රයන් පුරාවටද සිය නිර්මාණශීලි බුද්ධි මහිමය පැතිරවූ කලාකරුවකු ලෙසින් ඔහු ජාතියේ මහත් සම්භාවනාවට පාත්‍රවේ

සේකර සිය නිර්මාණාත්මක කාව්‍ය ග්‍රන්ථ අටක් සිංහල සාහිත්‍යට දායාද කර ඇත. ව්‍යංගා, සක්වාලිහිණි, හෙට ඉරක් පායයි, මක්නිසාදයත්, රාජතිලක ලයනල් හා ප්‍රියන්ත, බෝඩිම, නොමියෙමි, ප්‍රබුද්ධ නම් වූ එම කාව්‍ය ග්‍රන්ථ මාලාව තුළින්, සේකරයන්ගේ ප්‍රතිභා පූර්ණ කවිත්වය මැනවින් ප්‍රකට වේ. ඔහු සිය කාව්‍යමය සංකල්ප සහෘදයාගේ රස වින්දනය තීව්ර කිරීම පිණිස  ජන කවියේ ආකෘතිය සාර්ථකව උපයෝගී කරගත් කලාකරුවකු ලෙසින් ද බුහුමනට බදුන්වේ.“ඉරට මුවාවෙන්”  “කන්ද උඩින් එන.”  “ පිලේ පැදුර” වැනි නිර්මාණ ඊට උදාහරණ ලෙසින් ගෙන හැර දැක්වි

ඉරට මුවාවෙන්…

කන්ද උඩින්….

පිළේ පැදුර….

මනස සසල කළ හද කම්පිත කිසියම් වේදනාකාරි අත්දැකීමක් පදනම් කරගෙන නිර්මාණකරණයෙහි යෙදීමෙන් කවියා කිසියම් වින්දනයක් ලබා ඇති බව ව්‍යංඝා කෘතියෙහි “සෝකයේ ගීතය” පද පෙළින් ධ්වනිත වේ.” බෙල්ලාගේ දුක් එක්තැන් වීමෙන්
මුතුවක හැඩයෙන් කැටි ගැසෙනා මෙන්
මගේ වේදනා මිහිරි වේවි
ගීයක හැඩයෙන් ගලා බසී”

Mahagama sekara

Image Source : facebook

මහගම සේකර තමාගේ හැම පද්‍ය කෘතියකම පාහේ මරණය තේමාව කරගත් පද්‍ය පංතියක් ඇතුළත් කිරීමට විශේෂ උනන්දුවක් දක්වා ඇති බව එම කෘතීන් පරිශීලනය කරන්නකුට පැහැදිලිවම පෙනෙන ලක්ෂණයකි. “නොමියෙමි” නම් පද්‍ය සංග්‍රහයෙහි, ඔහු මුහුකුරා ගිය කාව්‍යමය දෘෂ්ඨි කෝණයකින් මරණය විමංසනය කරයි. මෙහිදී කවියා මරණය දකින්නේ මුළු මහත් විශ්වය පුරා පැතිරී ප්‍රකෘති  සෞන්දර්ය ප්‍රවාහයක් ලෙසිනි. මහගම සේකර සිය “නොමියෙමි” කෘතියේ ජීවිතය හා මරණය අතර පවත්නා සදාතනික සබැදියාව මහත් අනුවේදනීය අයුරින් මතු කර දක්වයි.

මහගම සේකර අතින් ලියැවුණු අවසාන ගීයෙහි ද මරණය පිළිබද කිසියම් ඉඟියක් සනිටුහන් වී ඇත.
“ඔබ හද විනා කම්පිත කරවා මහගම සේකර
සංගීතය මම ගෙන එනවා
ඔබ මළ දවසේ සොහොන් කොතක් වී
සංගීතයෙ මම කැටි වෙනවා”
මළ හිරු බස්නා ….

 

ආචාර්ය ගාමිණි කාරියවසම්      

 gaminee@gmail.com

TAGGED:ආචාර්ය ගාමිණි කාරියවසම්මහගමසේකර ශූරින්
Share This Article
Facebook Whatsapp Whatsapp LinkedIn Email Copy Link Print
Previous Article Buddhist renaissance-eLanka A cornerstone of Buddhist renaissance-by S. K. Tissera Chilaw Group corr
Next Article Kingswood College-eLanka BURGHERS IN KANDY AND AT KINGSWOOD COLLEGE-by HM NISSANKA WARAKAULLE
FacebookLike
YoutubeSubscribe
LinkedInFollow
Most Read
10 Pictures With Fascinating Stories Behind Them!

“A PICTURE SPEAKS A 1000 WORDS” – By Des Kelly

Look past your thoughts so you may drink the pure nectar of this moment

A Life Hack for when we’re Burnt Out & Broken Down – By Uma Panch

Narration of the History of our Proud Ancestral (Orang Jawa) Heritage. by Noor R. Rahim

eLanka Weddings

eLanka Marriage Proposals

Noel News

Noel News

Noel News

Noel News- By Noel Whittaker

EILEEN MARY SIBELLE DE SILVA (nee DISSANAYAKE) – 29 September 1922 – 6 April 2018 – A Woman of Value an Appreciation written by Mohini Gunasekera

K.K.S. Cement Factory

Dr.Harold Gunatillake’s 90th Birthday party

Sri Lanka's women's cricket squad in Melbourne

Cricket: Sri Lanka’s women’s squad in Melbourne

- Advertisement -
Ad image
Related News
A Directive for Global Peace-eLanka
Articles Dr Harold Gunatillake

Washington is preparing to conclude its involvement in the 2026 West Asia conflict-by Harold Gunatillake

Because He Lives - Easter at Saddleback-eLanka
Articles Charles Schokman

SUNDAY CHOICE (EASTER SUNDAY) – He is Risen! Hallelujah! – by Charles Schokman

At The Cross-eLanka
Articles Charles Schokman

An Inspirational Message for April 2026 (Good Friday)-by Charles Schokman

Little Stories Big Plans-eLanka
Articles Savithri Rodrigo

Little Stories Big Plans, Penangs Riches, Market Watch, Naughty Rituals & More on Kaleidoscope 308

Ruvee Nimnadi – A Rising Sri Lankan Singer-eLanka
Articles

Ruvee Nimnadi – A Rising Sri Lankan Singer | eLanka

  • Quick Links:
  • Articles
  • DESMOND KELLY
  • Dr Harold Gunatillake
  • English Videos
  • Sri Lanka
  • Sinhala Videos
  • eLanka Newsletters
  • Obituaries
  • Sunil Thenabadu
  • Dr. Harold Gunatillake
  • Tamil Videos
  • Sinhala Movies
  • Trevine Rodrigo
  • Photos
  • eLanka Newsletter

eLanka

Your Trusted Source for News & Community Stories: Stay connected with reliable updates, inspiring features, and breaking news. From politics and technology to culture, lifestyle, and events, eLanka brings you stories that matter — keeping you informed, engaged, and connected 24/7.
Kerrie road, Oatlands , NSW 2117 , Australia.
Email : info@eLanka.com.au / rasangivjes@gmail.com.
WhatsApp : +61402905275 / +94775882546
  • About eLanka
  • Terms & Conditions

Disclaimer:
eLanka is committed to sharing positive and community-focused stories. We do not publish or endorse political, religious, or ethnic viewpoints. The content published on eLanka, including articles and newsletters, reflects the opinions and views of the respective authors and not those of eLanka. eLanka accepts no responsibility or liability for the accuracy, completeness, or consequences of any content provided by contributors.

(c) 2005 – 2025 eLanka Pty Ltd. All Rights Reserved.