News & Community eLanka

eLanka

Saturday, 15 Aug 2026
  • Home
  • Read History
  • Articles
    • eLanka Journalists
  • Events
  • Useful links
    • Obituaries
    • Seeking to Contact
    • eLanka Newsletters
    • Weekly Events and Advertisements
    • eLanka Testimonials
    • Sri Lanka Newspapers
    • Sri Lanka TV LIVE
    • Sri Lanka Radio
    • eLanka Recepies
  • Gallery
  • Contact
Newsletter
Sri lankan news
  • eLanka Weddings
  • Property
  • eLanka Shop
  • Business Directory
eLankaeLanka
Font ResizerAa
Search
  • Home
  • Read History
  • Articles
    • eLanka Journalists
  • Events
  • Useful links
    • Obituaries
    • Seeking to Contact
    • eLanka Newsletters
    • Weekly Events and Advertisements
    • eLanka Testimonials
    • Sri Lanka Newspapers
    • Sri Lanka TV LIVE
    • Sri Lanka Radio
    • eLanka Recepies
  • Gallery
  • Contact
Follow US
© 2005 – 2026 eLanka Pty Ltd. All Rights Reserved.
Home » Goodnews Stories Srilankan Expats » Articles » කනමරා මත්සුරි – ජපානයේ ශිෂ්ණෝත්සව වසන්ත සැණකෙළිය . – By ආචාර්ය ගාමිණී කාරියවසම්
ArticlesDr. Gamini Kariyawasam

කනමරා මත්සුරි – ජපානයේ ශිෂ්ණෝත්සව වසන්ත සැණකෙළිය . – By ආචාර්ය ගාමිණී කාරියවසම්

eLanka admin
Last updated: January 4, 2025 2:23 pm
By
eLanka admin
ByeLanka admin
Follow:
Share
9 Min Read
SHARE
Views: 43

කනමරා මත්සුරි – ජපානයේ ශිෂ්ණෝත්සව වසන්ත සැණකෙළිය . – By ආචාර්ය ගාමිණී කාරියවසම්

Dr.Gamini Kariyawasam.

japan - eLanka

Image Source :  livejapan

ස්ත්‍රී පුරුෂ සම්භෝගයෙන් දරුවකු පිළිසිද ගැනීම ආදී කල්පික මානවයාට හිතා මතා ගැනීමට නොහැකිවූ අති විශ්මිත, ප්‍රාතිහාර්යාත්මක සංසිද්ධියක් විය. එබැවින් ඔවුහු දරු උපතකට ඒකාත්මික වන ස්ත්‍රී යෝනියට සහ පුරුෂ ලිංගයට දේවත්වය ආරෝපණය කිරීමට පෙලඹූනේ නිරායාසයෙනි. එහි ප්‍රතිපලයක් ලෙසින් ක්‍රි.පුර්ව. 3300 වන සියවසේ, ඉන්දුනිම්න හරප්පා ශිෂ්ටාචාරය පහළවූ මුල් යුගයේදී ස්ත්‍රිය-මව දේවත්වයෙන් අතිශයින් බුහුමනට බදුන්වුවාය. ඔවුහු මාතෘත්වයේ සංකේතය ලෙසින් වන්දනයට මුලික කරගනු ලැබුවේ මෝචන ද්වාරය ලෙස සැලකෙන ස්ත්‍රී යෝනියයි.එය භාව රුප සංකේතයක් ලෙසින් ද සැලකිය හැකිය.පුරාවිද්‍යා කැණීම්වලින් එකල වන්දනයට බදුන්වූ ස්ත්‍රී යෝනි ස්වරුපයේ පාෂාණ හමුවී ඇත.

japan - eLanka

Image Source : janetchawla

japan - eLanka

Image Source : wikipedia

සියවස් කිහිපයක් ඇවෑමෙන් හරප්පා ශිෂ්ටාචාරයේ අතර මැදි අවධියේ මාතෘ මුලිඛ සමාජය අභිබවමින් පිතෘ මුලිඛ සමාජයක් ඉස්මතු වන්නට විය. ඉන්දුනිම්න ශිෂ්ටාචාරය ප්‍රභවය ලැබු ඉන්දු ගංගා නිම්නයේ සිදු කරන ලද පුරාවිද්‍යා කැණීම්වලින් කොනාකාරී උල් ස්වභාවයෙන් නිර්මිත පාෂාණ මෙන්ම උද්ගාමක පුරුෂ ලිංගයක් සහිත පුරුෂ පිළිරුවක් සොයා ගෙන ඇත.

japan - eLanka

Image Source  : harappa

ඒ තුළින් ගම්‍ය වන්නේ ශිව ලිංග වන්දනයේ ප්‍රාථමික අවස්ථාව බව පුරාවිද්‍යාඥයින් ගේ පිළිගැනීමයි. මධ්‍යම ආසියාවේ සිට ඉන්දියාවට පැමිණි ඉන්දු ආර්යයන්, හින්දු දහමේ ත්‍රීමුර්ති සංකල්පයට ( බ්‍රහ්ම විෂ්ණු-ශිව ) අනුව ශිව දෙවියන් ඇදහීම කෙරෙහි වැඩි වශයෙන් යොමුවූ අයුරු ෛවදික සාහිත්‍ය ගෙනහැර දක්වයි.ශිව දෙවියන්ට පූජා පවත්වනු ලබන්නේ පාෂාණයකින් නිර්මිත ශිව ලිංගය කිරි දියරයෙන් දෝවනය කිරීමෙන් බව අප කව්රුත් දන්නා ප්‍රකට සංසිද්ධියකි.

SELF INFLICTED PROBLEM BY EUROPE,USA AND CANADA - By N.S.Venkataraman

හරප්පා පුරාවිද්‍යා කැනීම්වලින් හමුවූ වසර 5000ක් පැරණි ලිංග මූර්තියක්

Image Source : facebook

වර්තමානයේ ජපානයේ පැවැත්වෙන වසන්ත සැණකෙළියක් පිළිබදව ලියැවෙන ලිපියක්,මෙවන් ප්‍රව්ශයකින් ආරම්භ කළේ මන් ද යන්න පිලිබදව පාඨක ඔබ සිත්හි කිසියම් විමතියක් මතු වනු නිසැකි. ඉන්දු නිම්න ශිෂ්ටාචාරය ආශ්‍රිතව ප්‍රභවය ලද, ඈත පුරාණයේ සිට පැවත ගෙන එන ලිංග වන්දනය මතකයට නංවන සුළු ස්වරුපයේ අපුර්ව සැණකෙළියක් වර්තමානයේදී මා සියැසින් දුටු විස්තරයක් මෙම ලිපියට පාදක වීම,මා එවන් ප්‍රවේශයකට යොමු කරනු ලැබිණි. මා ජපානයේ සංචාරයක නියැලෙමින් සිටි අවස්ථාවක,මගේ ජපන් ජාතික මිත්‍රයෙක්වූ කනෙකෝ සං විසින් මෙම අපුර්ව වසන්ත සැනකෙළිය නැරඹීම සදහා මා ටෝකියෝ නගරයේ දකුණු දිසාගතව පිහිටි කාවාසකි නගරය වෙත කැදවා ගෙන යනු ලැබිණි.

කනමරා මත්සුරි - ජපානයේ ශිෂ්ණෝත්සව වසන්ත සැණකෙළිය .

ඒ වන විට වසන්ත සමය ජපානය වෙත පියමන් කරමින් තිබිණි.හාත්පස පරිසරයේ ඈතින් ඈත දිස්වූයේ මීදුම් ගැවසී මනරම් කදු වළල්ලය. මග දෑල සකුරා රුක් මුදුන් වසා සුපිපි සකුරා මල් යාය මද පවනේ ලෙල දුන්නේ මුළු මහත් පරිසරයම එකළු කරමිණි. රුක් මත ගුම් දුන් නන් පැහැ විහගුන් නද යටපත් විණි. ඒ මක්නිසාද යත්, සැණකෙළියට ජපානයේ දස දෙසින් පැමිණි ජපන් තරුණ තරුණියන්ගේ විවිධ උද්යෝගීමත් ගායන හා සබැදි තූර්යවාදන රිද්මයෙන් සවන් පත් වැසී ගිය නිසාය. නන් වන් විසිතුරු ඇදුමින් සැරසුණු යොවුනන් ගයමින්,වයමින් ඉදිරියට ගමන් කෙරෙන මේ අරුමය කුමක් ද?

japan - eLankaImage Source : gettyimages

මා එහි කැටුව ගිය කනකෝ සං සිය හඩ අවදි කළේ, මා විමතියට පත්වී සිටින බව ඔහුට හැගී ගිය නිසා වන්නට ඇතැයි මට හැගිණි.

සෙන්සේ….. ( ජපන් බසින් කිසියම් පුද්ගලයෙකුට ගෞරවණීය ලෙස අමතන පදයකි.)

මේ උත්සවය, ජපානයේ හැම වසරකම අප්‍රේල් මාසේ මුල් සතියේ ඉරිදා , කාවාසකි නගරයේ පැවැත්වෙන සම්ප්‍රදායික සැණකෙළියක්. මේ සැණකෙළිය ‘ කනමුරා මත්සුරි ‘ කියලයි ජපන් බසින්හ දුන්වන්නේ…. කනමරා මත්සුරි යන්නෙහි සිංහල අරුත ශිෂ්නෝත්සව සැණකෙළිය යන්නයි. ….. .” ඔහු කනමුරා මත්සුරි සැණකෙළියේ ඉතිහාසය සහ ඒ ආශ්‍රිත නන් විධ විසිතුරු තොරතුරු මා හමුවේ ගෙනහැර දැක්වීය. මෙලෙසින් මා මගේ ජපන් සුමිතුරා ගෙන් සහ සැණකෙළිය නැරඹීමෙන් ඒකරාශී කරගත් තොරතුරු සමුදාය මෙම ලිපිය සැකසීමට බෙහෙවින් උපකාරී විය

දුරාතිතයේ ටෝකියෝ නගරයේ සිට කියෝතෝ පුරවරය දක්වා වැටී තිබු ප්‍රධාන මාර්ගයේ අතර මැද කවසාකි නගරය පිහිටා තිබිණි. ටෝකියෝ නගරයේ සිට දිගු ගමන් මගක් ගෙවා කියෝතෝ නගරයවෙත ගමන් ගන්නා සංචාරකයින් රාත්‍රී කාලයේ නවාතැන් ගනු ලැබුවේ කවසාකි නගරයේ සංචාරක අවන් හල් තුළය. සංචාරකයින් පිනවීම පිණිස මෙම නගරය කේන්ද්‍රිතව ගණිකා වෘත්තීය සංවිධානාත්මකව බහුල වශයෙන් ව්‍යාප්තව පැවතිණි. එම වෘත්තියේ නියැලී කාන්තාවන්,විටින් විට ලිංගිකව බෝවන රෝග වලින් පෙළෙන්නට වීම නිසා, ඔවුනගේ වෘත්තියට නිරන්තරයෙන් බාධා පැමිණෙමින් පැවැතිණි.ඇතැම් ජපන් සලෙලු ළදුන් මෙම ලිංගික රෝගයන්ට ගොදුරුව,බහුලව  මියයාමේ තත්වයක්  ද මතුව පැවතිණි . එම  ව්‍යසනයෙන්   ආරක්ෂා වීම පතා නිරතුරුවම කනයාමා දෙවොලට ගොස් කනයමාහිකෝ දෙවගන යැදීමේ සම්ප්‍රදායික  චාරිත්‍රයක් වෙත ඔවුහු නිතැතින් ම යොමු වුහ.. එම කාන්තාවන් අඩි හතරක් පමණ උසැති පුරුෂ ශිෂ්නයක් ද පුජාසනයේ තැන්පත් කර කනයමාහිකෝ දෙවගන වෙත උපහාර දැක්වූ බව ද පැවසේ.17 වන සිය වසේ ඇරඹි මෙම චාරිත්‍රය වර්තමානයේ පවා එලෙසින් ම සිදුවන බව දැනගන්ට ලැබිණි.පසු කාලයේ ජපන් කාන්තාවන් දරු පල අපේක්ෂාවෙන් ද මෙම දෙවගන යැදීමට ඇබ්බැහිවුහ. මෙම දෙවොල පිහිටියේ කවාසකි නගරයේ වකමියා හචිමංගු ආරාම පරිශ්‍රයෙහිය.

වකමියා හචිමංගු ආරාමය සහ එහි පුජාසනය.

japan - eLanka

Image Source : dynamic-media

japan - eLanka

japan - eLanka

Image Source : srilankanz

මෙම උත්සවයේ ආරම්භය පිලිබදව වසර සිය ගණනක් පැරණි ජපන් ජන කතාවක් ගෙනහැර දක්වන්නේ මීට වෙනස්වූ සිද්ධියකි. ටෝකියෝ ඉම්පිරියල් විශ්වවිද්‍යාලයේ මහාචාර්ය බැසිල් හෝල් චැම්බේරියන් මහතා විසින් පෙළ ගස්වා ප්‍රකාශයට පත් කළ The lsland Of Women නම්වූ ජපන් ජනකතා සංග්‍රහයෙහි සදහන් වන්නේ 16 වන සියවසේ සෙන් ගොකු රාජ්‍ය පාලන සමයේ සුරූපී ජපන් යුවතියකට වින කළ භුතාත්මයක්, කනයාමා දෙවොලේ කනයමාහිකෝ දෙවගන විසින් පලවා හැරීමේ සංසිද්ධිය අනුස්මරණය කිරීම පිණිස වාර්ෂිකව මෙම කනමරා මත්සුරි සැණකෙළිය පැවත්වීම ආරම්භවූ බවය.

japan - eLanka

japan - eLanka

කනයමාහිකෝ දෙවගනගේ පිළිරුවක්

අප නැරඹීමටගිය ගිය කනමරා මත්සුරි සැණකෙළිය පැවතී පරිශ්‍රයේ පිහිටි කනයමා දෙවොලේ තැන්පත් කර තිබු මිනිස් ශිෂ්න ත්‍රීත්වයට සමාන අනුරූ තුනක් නිර්මාණය කර ,ආකර්ශනීය පෙරහැරකින් වීදි සචාරයේ යෙදීම කනමරා මත්සුරි වසන්ත සැණකෙළියේ ප්‍රමුඛතම අංගය ලෙස සැලකේ. අලංකාර අන්දමින් සරසන ලද “මිකොශි ” නමින් හැදින්වෙන දෝලා තුනක ශිෂ්න අනුරූ තැන්පත් කරන්නේ සාම්ප්‍රදායික අනුපිලිවෙලකටය. සැණකෙළියේ ප්‍රධානතම සහ අති පුජනීය ලෙස අනුගාමික ජපන් ලදුන්ගෙන් වැඩි සැලකුම් ලබන, වානේ වලින් තැනූ අඩි හතරක් උසැති කාල වර්ණ ශිෂ්නයේ අනුරුව පෙරහැරේ මුල්ම දෝලාවෙහි තැන්පත් කෙරේ.

japan - eLanka

කනමරා මත්සුරි - ජපානයේ ශිෂ්ණෝත්සව වසන්ත සැණකෙළිය .

දෙවැනි ශිස්නය දැවයෙන් නිම කල අඩි හයක්  උසැති දුඹුරු පැහැ අනුරුවකි.  පුජනීය ශිෂ්නයේ අනුරුව දෝලාවකින් පෙරහරේ ගෙනයාම

japan - eLanka

කනමරා මත්සුරි - ජපානයේ ශිෂ්ණෝත්සව වසන්ත සැණකෙළිය .

මෙම අනුරූ තැන්පත් දෝලාවන් පෙරහැරේ වීදි සංචාරය කරන්නේ ජපන් තරුණ තරුණියන්ගේ කර පිටිනි.ඇතැම් ජපන් තරුණියෝ ශිෂ්න මත නැග පෙරහරේ ගමන් කරති.

නරඹන්නන් අතර බෙහෙවින්ම ආකර්ෂණයට යොමු වන්නේ තෙවන ශිස්න අනුරුව බව පැවසේ. රෝස පැහැ මෙම අනුරුව අඩි හයක් පමණ වේ.

ජපානයේ කනමරා මත්සුරි සැණකෙළියේ සජීවී දසුන් ඔබට ,මෙම යොමුවට පිවිසීමෙන් දැකිය  හැකිය.

japan - eLanka
වැඩි පිරිසක් ,නන් විසිතුරු ඇදුමින් සැරසී , ශිෂ්න අනුරූ අනුව සැකසුනු හිස් වැසුම් , වෙස් මුහුණු පැළද ,ශිෂ්ණ අනුරූ පොප්සිකල් රස විදිමින්,

ස්ත්‍රෝත‍්‍ර ගයමින් , වාද්‍ය භාණ්ඩ වයමින්  උද්යෝගයෙන් පෙරහරේ ගමන් කරති.

කනමරා මත්සුරි - ජපානයේ ශිෂ්ණෝත්සව වසන්ත සැණකෙළිය .

කනමරා මත්සුරි - ජපානයේ ශිෂ්ණෝත්සව වසන්ත සැණකෙළිය .

කනමරා මත්සුරි - ජපානයේ ශිෂ්ණෝත්සව වසන්ත සැණකෙළිය .

ජපානය තාක්ෂනය සහ ආර්ථික අංශයන් ගෙන් ලොව දියුණුවේ හිනිපෙත්තෙහි වැජඹෙන, අති කාර්ය බහුල ජීවන රටාවක නිමග්න දේශයකි. එවන් කීර්තිමත් දේශයක් ,වර්තමානයේ පවා මෙවන් ආදිකල්පිත සම්ප්‍රදායන්හි එල්ඹගෙන සිටින්නේ මන්ද යන පැනය මෙම ලිපිය කියවන ඔබ තුළ නිරායාසයෙන් ම පහළවනු නිසැකය. කිසියම් දේශයක ජන කථා,ප්‍රවාද මාලා,සම්ප්‍රදායයන් තත්‍ය ලොව දුටු නොහේ. ඒවා බොහෝ දුරට අභව්‍ය සිදුවීම් පාදක කර ගෙන ගොතන ලද පබැදුම්ය. සත්‍ය එසේ වුවද එවන් සම්ප්‍රදායික සැණකෙළි ප්‍රජාවගේ සිත් සතන් පහන් කරමින්, ඔවුනට එදිනෙදා අතිශ්‍ය කාර්යබහුල ජීවිතයේදී මුහුණ දෙන්නට සිදුවන ගැටළු,ප්‍රශ්ණ තැන්පත් නිවුණු සිතින්නි රාකරණය කර ගැනීමට ලබා දෙන මානසික උත්තේජනය සුළුපටු නොවන බවට සමාජ විද්‍යාඥයන්සි ය පර්යේෂණයන් මගින් කර ඇති අනාවරණය ද මෙහිදී අපගේ සැලකිල්ට යොමු විය යුතුය. වසර මුළුල්ලේ අතිශය කාර්යබහුල ජීවිතයක් උරුම කර ගත් ජපන් ජනතාව, වසන්ත සමයේ යෙදෙන කනමරා මත්සුරි සැණකෙළියට සහභාගී වීමෙන් ලබන මහත් අමනාන්දය අපට සියැසින්දැ ක බලා ගැනීමට හැකි විය.

මෙම සැණකෙළිය පැවැත්වීමෙන් එහි සංවිධායකයින් උපයා ගන්නා ආදායමෙන් හරි අඩක් එච් අයි වී නිවාරණ පර්යේෂණ අරමුදලට පරිත්‍යාග කරන බව ද අපට දැනගන්නට ලැබිණි. ජපානයේ ඉතා පහත් මට්ටමක පවතින දරු උපත් සංඛ්‍යාව වර්ධනයෙහිලා ජනතාව පෙලඹවීම කෙරෙහිද කනමරා මත්සුරි වසත් සැණකෙළිය අනියම් ලෙසින් සුවිසල් දායකත්වයක් ලබා දෙන බවට එරට සමාජයේ පිළිගැනීමක් පවතී.

ආචාර්ය ගාමිණී කාරියවසම්

gaminee@gmail.com

 

Click here to receive your free copy of the eLanka Newsletter twice a week delivered directly to your inbox!

TAGGED:ජපානය
Share This Article
Facebook Whatsapp Whatsapp LinkedIn Email Copy Link Print
Previous Article Karapincha leaves-eLanka Karapincha (Curry Leaf): A Nutritional and Medicinal Powerhouse-by Kalani-eLanka
Next Article How Artificial Intelligence Can Impact Natural Intelligence - By Malsha - eLanka How Artificial Intelligence Can Impact Natural Intelligence – By Malsha – eLanka
FacebookLike
YoutubeSubscribe
LinkedInFollow
- Advertisement -
Luxury Apartments & An Exclusive Duplex Penthouse for Sale in BAY ONE Residences Colombo-eLanka
- Advertisement -
eLankaproperty - sell property in Sri Lanka, Sri Lanka property for sale, Sri Lanka real estate, Sri Lanka property listings, property marketplace Sri Lanka, land for sale Sri Lanka, houses for sale Sri Lanka, apartments for sale Sri Lanka, commercial property Sri Lanka, luxury villas Sri Lanka, Sri Lankan property investment, buy property in Sri Lanka, Colombo property for sale, beachfront property Sri Lanka, development land Sri Lanka, investment property Sri Lanka, property advertising Sri Lanka, real estate agents Sri Lanka, property brokers Sri Lanka, overseas Sri Lankan property buyers, Sri Lanka property website, list property online Sri Lanka, affordable property listings Sri Lanka, Sri Lanka homes for sale, Sri Lanka land investment, property developers Sri Lanka, real estate marketplace Sri Lanka, Sri Lanka commercial real estate, sell land in Sri Lanka, sell house in Sri Lanka, Sri Lanka property portal, global property marketplace Sri Lanka, Sri Lankan real estate investment, property management Sri Lanka, buy land Sri Lanka, residential property Sri Lanka, holiday homes Sri Lanka, Sri Lanka investment opportunities, real estate advertising Sri Lanka, eLankaProperty
- Advertisement -
ALTAIR
- Advertisement -
Ad image
eLanka Wedding
Most Read
What's New at the Foundation of Goodness

What’s New at the Foundation of Goodness

Our Foreign Minister who molded us-by Admiral Ravindra C Wijegunaratne

Darwin Test Match-A Concise Summary of Day Two from an English Aficianado

Darwin Test Match: A Concise Summary of Day Two from an English Aficianado

Kandy Perahera

Dalada Perahara-by Gamini Kariyawasam

Sri Lankan scientist develops an ultra-high magnification digital microscope By Arundathie Abeysinghe

Sri Lankan scientist develops an ultra-high magnification digital microscope By Arundathie Abeysinghe

Related News
A Festival in Hill-Country Lanka Celebrating Malaiyaha Tamil Resilience-eLanka
Articles Michael Roberts

A Festival in Hill-Country Lanka Celebrating Malaiyaha Tamil Resilience

Sri Lanka Cambodia relations, Sri Lanka Cambodia diplomatic relations, Sri Lankan Embassy Cambodia, Sri Lanka Honorary Consulate Phnom Penh, Honorary Consulate Sri Lanka Cambodia, Pily Wong Honorary Consul, E.A.S. Wijayanthi Edirisinghe, Sri Lankan community in Cambodia, Sri Lankans in Cambodia, Sri Lanka Cambodia trade, Sri Lanka Cambodia investment, Sri Lanka Cambodia tourism, Sri Lanka Cambodia bilateral relations, Sri Lanka Cambodia diplomatic cooperation, Sri Lankan nationals abroad, Phnom Penh Sri Lanka, Sri Lanka Cambodia business opportunities, Sri Lanka Cambodia cultural cooperation, Sri Lanka Cambodia tourism cooperation, Sri Lanka Cambodia bilateral consultations
Articles

Sri Lanka and Cambodia Deepen Ties, Strengthening Support for Sri Lankans Abroad

Shukri Salman, Youth Ecosystem Builder, Youth Top 40 New Generation Awards 2026, Youth Top 40 Awards Sri Lanka, Sri Lankan entrepreneur, Sri Lankan educator, youth development Sri Lanka, youth leadership Sri Lanka, youth empowerment, youth entrepreneurship, Teen Business Summit, Accelerate Holdings, Hyve Pvt Ltd, young Sri Lankan leaders, Sri Lanka youth development, entrepreneurship education Sri Lanka, professional qualifications lecturer, youth ecosystem, Sri Lankan youth, youth leadership awards
Articles

Sri Lankan Youth Leader Shukri Salman Honoured as ‘Youth Ecosystem Builder’ at Youth Top 40 Awards

HUTCH Sri Lanka
Articles

HUTCH Bridges Sri Lanka’s Digital Divide, Bringing Connectivity to More Rural Communities

Sri Lanka poultry industry sustainability
Articles

Sri Lankan Poultry Producers Honoured as Global Sustainability Leaders at Soy Connext 2026

  • Quick Links:
  • Articles
  • DESMOND KELLY
  • Dr Harold Gunatillake
  • English Videos
  • Sri Lanka
  • Sinhala Videos
  • Obituaries
  • eLanka Newsletters
  • Sunil Thenabadu
  • Dr. Harold Gunatillake
  • Tamil Videos
  • Trevine Rodrigo
  • Sinhala Movies
  • eLanka Newsletter
  • Photos

eLanka

Your Trusted Source for News & Community Stories: Stay connected with reliable updates, inspiring features, and breaking news. From politics and technology to culture, lifestyle, and events, eLanka brings you stories that matter — keeping you informed, engaged, and connected 24/7.
Kerrie road, Oatlands , NSW 2117 , Australia.
Email : info@eLanka.com.au / rasangivjes@gmail.com.
WhatsApp : +61402905275 / +94775882546
  • About eLanka
  • Terms & Conditions

Disclaimer:
eLanka is committed to sharing positive and community-focused stories. We do not publish or endorse political, religious, or ethnic viewpoints. The content published on eLanka, including articles and newsletters, reflects the opinions and views of the respective authors and not those of eLanka. eLanka accepts no responsibility or liability for the accuracy, completeness, or consequences of any content provided by contributors.

(c) 2005 – 2025 eLanka Pty Ltd. All Rights Reserved.