News & Community eLanka

eLanka

Monday, 7 Sep 2026
  • Home
  • Read History
  • Articles
    • eLanka Journalists
  • Events
  • Useful links
    • Obituaries
    • Seeking to Contact
    • eLanka Newsletters
    • Weekly Events and Advertisements
    • eLanka Testimonials
    • Sri Lanka Newspapers
    • Sri Lanka TV LIVE
    • Sri Lanka Radio
    • eLanka Recepies
  • Gallery
  • Contact
Newsletter
Sri lankan news
  • eLanka Weddings
  • Property
  • eLanka Shop
  • Business Directory
eLankaeLanka
Font ResizerAa
Search
  • Home
  • Read History
  • Articles
    • eLanka Journalists
  • Events
  • Useful links
    • Obituaries
    • Seeking to Contact
    • eLanka Newsletters
    • Weekly Events and Advertisements
    • eLanka Testimonials
    • Sri Lanka Newspapers
    • Sri Lanka TV LIVE
    • Sri Lanka Radio
    • eLanka Recepies
  • Gallery
  • Contact
Follow US
© 2005 – 2026 eLanka Pty Ltd. All Rights Reserved.
Home » Goodnews Stories Srilankan Expats » Articles » කිරි කවඩි සිනහා ….සදා මිළිනව 5 වසරක් සපිරේ. – ආචාර්ය ගාමිණී කාරියවසම්
ArticlesDr. Gamini Kariyawasam

කිරි කවඩි සිනහා ….සදා මිළිනව 5 වසරක් සපිරේ. – ආචාර්ය ගාමිණී කාරියවසම්

eLanka admin
Last updated: October 13, 2023 3:38 pm
By
eLanka admin
ByeLanka admin
Follow:
Share
5 Min Read
SHARE
Views: 32

කිරි කවඩි සිනහා ….සදා මිළිනව 5 වසරක් සපිරේ – ආචාර්ය ගාමිණී කාරියවසම්

Dr.Gamini Kariyawasam.

amara ranathunga

maha ra ymae

amara ranathunga

මහා රෑ යාමේ, ඇල්හේන දෙසින් ඇසුණු සීපද රාවයෙන් මුසපත්ව,මෝරන සෙනෙහසින් ප්‍රමුදිතව,කිරි කවඩි සිනහ නගමින්    දයාරත්න රණතුංගයන් සොයා පැමිණි මෙම ගැමි  යුවතිය,දයාරත්නයන්  පමණක් නොව ,මුළු  ලොවින් ම , සදහට  ම සමුගෙන නික්ම ගොස් , ඔක්තෝම්බර් 16 වන දිනට පස් වසරක් සපිරේ.මෙරට ප්‍රථම සිංහල සංගීත මහාචාර්යවරියවූ අමරා රණතුංගයන් ගේ සෞන්දර්ය චාරිකාවේ පිය සටහන් ස්මරණය  කරමින් ,ඇයට උපහාර දැක්වීමේ  අරමුණ  ,මෙවන් ලිපියක් සැකසීම කෙරෙහි  ,මසිත් යොමුකරළීමට හේතු විය.

1939 අගෝස්තු 22 ගම්පහ බටුවත්තේ ජන්ම ලාභය ලද , දෝන අමරා කස්තුරිආරච්චි,එකොළොස් ද නෙකුගෙන් යුත් පවුලේ පස්වැන්නීය. ඇගේ පියා, දොන් වියෝලිස් කස්තුරිආරච්චි හංවැල්ල ප්‍රාථමික විද්‍යාලයේ මුල් ගුරුවරයා විය. මව දෝන අල්පිනෝනා මීගහපොළ ගෘහණියකි.

අමරාවන්ට සිය  දෛවෝපගත සහකරු නෙත් ගැටෙන්නේ,ඇය 12 වන වියේ පසුවෙද්දීය.ඒ 1952 වසරයි.හේවුඩ්  සංගීත  ආයතනය ට,හා හාපුරා සෞන්දර්යය විෂය හැදෑරීමට සිසුන් බඳවා ගැනෙන්නේ  එම වසරේය.  දයාරත්න රණතුංග, අමරා  කස්තුරිආරච්චි,පී වී නන්දසිරි,ධනවතී හේවුඩ් සංගීත ආයතනයට ඇතුළත්වූ  මුල් ම සිසුන් සිවු දෙනා බව පැවසේ.එහිදී සංගීත විෂය  හදාරද්දී, අමරා සහ දයාරත්න අතර සෞන්දර්යාත්මක ලෙන්ගතු බැඳීමක් නිපන්නේ ආකාශ්මික ලෙසිනි.1964 ජනවාරි 30 වැනි දින ,   දයාරත්න රණතුංග  ගාන්ධර්වයා අත ගෙන, අමරාවන් ඔහු හා   ආත්මීයව  බැඳිණි.එවක් පටන්  ඇය ,ඔහු හා  එක්ව  රාගධාරී සංගීතය,අපගේ සම්ප්‍රදායික  දේශීය සංගීතය හා මුසුකරමින්,සිංහල ගීත සාහිත්‍යය පෝෂණය උදෙසා සිදු කළ,අපුර්ව නිර්මාණයන් රසික මතකයෙහි සදා රැව්දෙන සුළුය.

හංවැල්ල ප්‍රාථමික විද්‍යාලයෙන් මුල් අධ්‍යාපනය ලද ඇය පසුව  හංවැල්ල රාජසිංහ මධ්‍ය මහා විද්‍යාලයෙන් උසස් අධ්‍යාපනය ලැබූවාය. අමරාව, සහජයෙන් තමන් තුළ පැවති  සංගීත නිපුණතාව මුවහත් කර ගන්නේ , රජයේ ලලිත කලා විශ්ව විද්‍යාලයෙනි. පාඨමාලාව අවසානයේ මීගොඩ මධ්‍ය මහා විද්‍යාලයේ ගුරුවරියක ලෙස, ඇය  පත්වීමක් ලබන්නේ 18 වන ලාබාල වියේදීය.සංගීතය සිය ජීවනය ලෙස සැළකු අමරා,ඉන්දියාවට ගොස් සංගීතය පිළිබඳ විශාරද උපාධිය ලබන්නීය. ඇය 1995 වර්ෂයේදී මහාචාර්ය ධුරයෙන් පිදුම්  ලැබුවා ය. ඇය ආචාර්ය උපාධිය හිමිවූයේ  ,  හින්දි ගීත 34 ක් සහ සිංහල ගීත 10 ක් ආශ්‍රේයව  ස්වකීය ශාස්ත්‍රීය තනු නිර්මාණ ඇතුළත්  නිබන්ධනය වෙනුවෙනි. පසු කාලයේ ඇය අමර ගීත ,සරස සම්භව,සෞන්දර්‍ය අවබෝධ.සම්භාව්‍ය සංගීතය, වැනි ග්‍රන්ථ  කිහිපයක් ලිවීමට සමත් වූවාය .

අමරා  සිය රට පැමිණි පසු රජයේ සංගීත විද්‍යාලයේ කථිකාචාර්යවරියක ලෙස පත්වේ. ඒ අතර බරණැස හින්දු විශ්ව විද්‍යාලයෙන් පශ්චාත් උපාධිය ලබන ඇය පසුව කැලණිය විශ්ව විද්‍යාලයේ සෞන්දර්ය අධ්‍යයන අංශයේ ප්‍රථම අංශ ප්‍රධානියා ලෙස ද කලක් රාජකාරියෙහි නියුක්ත වන්නීය. ඇය කැලිෆෝනියා විශ්ව විද්‍යාලයේ බාහිර කථිකාචාර්යවරියක ලෙසින් පත්ව, අප දේශයේ සංගීතය බටහිර රටවල සුපතළ කිරීමට ද සිය දායකත්වය ලබා දුන්නාය.

අමරාවන්  ගේ සංගීත නිපුණතාවය, ඇයගේ වදනින් ම  ප්‍රකට වන අවස්ථාවකි මේ-

amara ranathunga family

දයාරත්න අමරා යුවළගේ පුතුන් දෙදෙනා පුලස්‌ති  ඉන්දික, නන්දිත සාරද සහ දියණිය කුමුද්මති දීපශිකාද, ලේලිය සධානා රණතුංගද සංගීතයට නැඹුරුවූවන්ය. සියල්ලන් සංගීත විශාරදයන්ය.  මුණුබුරන් දෙදෙනා ඔසද චමිත් සහ සහිෂ අරුන්ද දරුවන්  සංගීත හෝඩියේ බහ තෝරති.

amara ranathunga with son

අමරා තම පුත් පුලස්ති සමග

අමරා රණතුංග, තම පුත්  පුලස්ති 8 වන වියේ පසුවෙද්දී ,ඔහු  සමග  ගැයූ ,“සෙන්පතියන්නේ…”ගීතය පසු කාලයේ  ළමුන් අතර පමණක් නොව වැඩිහිටි පරපුර තුඩ තුඩග  ද  පිළිරැව් දුන් රමයතාවයෙන් පිරිපුන් ගීතයක් විය.

අමරා ගායන හා රංගන  දිවියට එළැඹෙන්නේ වයස අවුරුදු අටක් තරම් වූ වයසේ දීය.   ගුවන් විදුයේ සරත් විමලවීරයන් ඉදිරිපත් කළ “ළමා උයන” නම් වැඩසටහන මඟින් නිෂ්පාදනය වූ“කැප්පෙටිපොළ” නාටකයේ චරිතයක් පණ ගන්වමින් ඇය ගායන පමණක් නොව රංගන කුසලතාවය ද මොනවට ප්‍රකට කළාය.1950 වර්ෂයේදී වසන්ත කුමාර මහතාගේ සඳ කිඳුරු මුද්‍රා නාට්‍යයෙන් රංගනයට දායක වීමට ද ඇයට අවස්ථාව ලැබුණි.

amara ranathunga childhood

‘යමුනා යමුනා සෝබන යමුනා“ නමින් පළමු ගීය ගයමින් ගායන කේෂත්‍රයට පිවිසෙන ඇය පසු කාලීනව සුභාවිත  ගී රැසක් ගීත සාහිත්‍යයට  දායාද කළාය.අමරාවන්   ගෙතූ  ගි මල් දාමයේ රැදි  ගී ,වර්තමානයෙහි  ද  දසත ගී මාධුර්යය  පතුරුවමින්  රසික සිත් සතන් ප්‍රීනනය කරවයි.

“සැලලිහිණියෝ නුඹ දන්නේ නෑ, ඊයේ රෑ ඔබ සිහිනෙන් දෙඩවූ, රාධා ක්‍රිෂ්ණා,සපුමල් සුවඳක් සේ, එක කිරුළක් එම අමරණීය ගීත අතරින් අතළොස්සකි.

amara ranathunga

අමරා රණතුංගයන් විසින් ම උත්තර භාරතීය රාගධාරි සංගීත ස්වර සංගනියක දවටා ශෘංගාරය ආත්මය  කොට ගැයූ “චාමර පවන්සලා….” ගීතය අතිශයින්   ශ්‍රාවක ප්‍රසාදයට බදුන් විය.

ජාතක කතාවක් සිය මියුරු සරින් අමරා සිය හිමි සදු දයාරත්නයන් සමග ගායනයෙහි යෙදෙන අවස්තාවක් – “ අමරා දේවී..  ……”

2018 ඔක්තෝම්බර් 16 වන දින ,අමරා රණතුංග රෝගාතුරව සිට මියැදෙන විට හැත්තෑ නවවැනි වියේ පසු වුවාය. 

amara ranathunga

amara ranathunga

යොවුන් වියේ ශිෂ්‍ය මානවකයෙක්  ලෙසින් ,ඇය අත ගෙන ඇවිද ගිය,  මීදුම් සළුවෙන් වැසුනු හන්තාන කදු පරිසරය , මහවැලිය හීන් හඬින් නඟන  ඉකිබිඳුම් ආදී අතීත ස්මරණයන්  ,වියෝ දුකින් කම්පිත දයාරත්න රණතුංග ගාන්ධර්වයා මනසෙහි දෝංකාර දුන්නා නිසැකි. වියෝවූ සිය පියඹ , අමරාවන්  සිහියට නංවන   සෙයක්,ඔහු මුමුණන  පහත දැක්වෙන   ගීතය ශ්‍රවනයේදී  අපට උපකල්පනය වන්නේ  නිතැතිනි .

“දොඹ සූරන මහ වැස්සේ තනිකුඩයේ – අප තනිවී දොඩමළු වූ හැටි දෙණියේ

කොමල පබා මුකුළු හිනා පෑ දෙතොලේ – මතකද මහවැලි දෑලේ සපු හෙවණේ

කලා ශිල්ප රාජ ඉසුරු මල්යායේ – එදා ළපලු සෙවණේ සරතැස නිවුණේ

අපේ නිවුණු හීන පිරුණු රජදහනේ – මෙදා සුවඳ පමණි ඉතිරි හන්තානේ …”

 

 

තත් ප්‍රේමනීය සොදුරු  පරිසරයේ තනිවූ, අමරා සංගීතවේදිනී  සුගායනීය හඬ,මතු  සදහට ම යළි සජීවී ව නොඇසෙනු නියති.…මතු  සජීවීව නෙත් හමුවේ නොදිස්වනු නියති…. එනමුදු  අමරාවන්  ඒ රම්‍ය   ගී සර  යුගයෙන් යුගය,ජන සන්තානයෙහි නින්නාද  වනු  නිසැකි.

(මෙම ලිපියට අදාළ සේයාරූ සපයාදුන් සාධනා රණතුංගයන්  ට අපගේ කෘතවේදීත්වය හිමිවේ.)

 

 ආචාර්ය ගාමිණී  කාරියවසම්  

 gaminee@gmail.com

 

TAGGED:අමරා රණතුංගදයාරත්න රණතුංගසරත් විමලවීර
Share This Article
Facebook Whatsapp Whatsapp LinkedIn Email Copy Link Print
Previous Article Health & Views Health & Views – October 1st Issue 2023 – By Dr Harold Gunatillake
Next Article Chamari Athapaththu sri lanka women's cricket team Chamari Athapaththu is ICC Women’s Player of the Month for September 2023
FacebookLike
YoutubeSubscribe
LinkedInFollow
- Advertisement -
eLankaproperty - sell property in Sri Lanka, Sri Lanka property for sale, Sri Lanka real estate, Sri Lanka property listings, property marketplace Sri Lanka, land for sale Sri Lanka, houses for sale Sri Lanka, apartments for sale Sri Lanka, commercial property Sri Lanka, luxury villas Sri Lanka, Sri Lankan property investment, buy property in Sri Lanka, Colombo property for sale, beachfront property Sri Lanka, development land Sri Lanka, investment property Sri Lanka, property advertising Sri Lanka, real estate agents Sri Lanka, property brokers Sri Lanka, overseas Sri Lankan property buyers, Sri Lanka property website, list property online Sri Lanka, affordable property listings Sri Lanka, Sri Lanka homes for sale, Sri Lanka land investment, property developers Sri Lanka, real estate marketplace Sri Lanka, Sri Lanka commercial real estate, sell land in Sri Lanka, sell house in Sri Lanka, Sri Lanka property portal, global property marketplace Sri Lanka, Sri Lankan real estate investment, property management Sri Lanka, buy land Sri Lanka, residential property Sri Lanka, holiday homes Sri Lanka, Sri Lanka investment opportunities, real estate advertising Sri Lanka, eLankaProperty
- Advertisement -
ALTAIR
- Advertisement -
Ad image
eLanka Wedding
Most Read
Hayleys Fentons Wins 18 Awards at NPMEA 2026

Hayleys Fentons Named Best Managed Project Organisation of the Year with 18 NPMEA Awards

INSEE Cement vocational training partnership

INSEE Cement Renews Landmark Vocational Training Partnership with NAITA and IETI Until 2031

Serendib mentoring network Sri Lankans in Australia

SLANSW Launches Serendib Mentoring Network to Empower Sri Lankans Across Australia

TBWA Sri Lanka Dragons of Asia 2026

TBWA\Sri Lanka Named Top Industry Leader at the 2026 Dragons of Asia Awards

Rumesh Tharanga Pathirage

Rumesh Tharanga Pathirage Makes History as Sri Lanka’s First Diamond League Champion

Related News
Charles Allen Schokman Father’s Day Tribute
Articles Charles Schokman

SUNDAY CHOICE – A Tribute to my Father – A Final Father’s Day Tribute to Charles Allen Schokman – by Fiona

eLanka Newsletter
Articles eLanka Newsletters

eLanka Newsletter – 6th September 2026 – 1st Edition – Sri Lankans In Australia

Sri Lanka Beyond Your Dreams 2” organised by the Consulate General in Dubai.
Articles

“Sri Lanka Beyond Your Dreams 2” organised by the Consulate General in Dubai.

The Grand Launch of Central Park Boulevard, Port City Colombo In Melbourne at The Crown Palladium
Articles Photo Gallery

The Grand Launch of Central Park Boulevard, Port City Colombo In Melbourne at The Crown Palladium (write up by Johann Dias Jayasinha )

Visakhians of NSW present 'Sea & Sway' - Gala Dinner Cruise aboard the spectacular Clearview Glass Boat - Sydney - elanka
Articles Photo Gallery

Visakhians of NSW present ‘Sea & Sway’ – Gala Dinner Cruise aboard the spectacular Clearview Glass Boat – Sydney

  • Quick Links:
  • Articles
  • DESMOND KELLY
  • Dr Harold Gunatillake
  • English Videos
  • Sri Lanka
  • Sinhala Videos
  • Obituaries
  • eLanka Newsletters
  • Sunil Thenabadu
  • Dr. Harold Gunatillake
  • Tamil Videos
  • Trevine Rodrigo
  • Sinhala Movies
  • eLanka Newsletter
  • Photos

eLanka

Your Trusted Source for News & Community Stories: Stay connected with reliable updates, inspiring features, and breaking news. From politics and technology to culture, lifestyle, and events, eLanka brings you stories that matter — keeping you informed, engaged, and connected 24/7.
Kerrie road, Oatlands , NSW 2117 , Australia.
Email : info@eLanka.com.au / rasangivjes@gmail.com.
WhatsApp : +61402905275 / +94775882546
  • About eLanka
  • Terms & Conditions

Disclaimer:
eLanka is committed to sharing positive and community-focused stories. We do not publish or endorse political, religious, or ethnic viewpoints. The content published on eLanka, including articles and newsletters, reflects the opinions and views of the respective authors and not those of eLanka. eLanka accepts no responsibility or liability for the accuracy, completeness, or consequences of any content provided by contributors.

(c) 2005 – 2025 eLanka Pty Ltd. All Rights Reserved.