News & Community eLanka

eLanka

Wednesday, 8 Apr 2026
  • Home
  • Read History
  • Articles
    • eLanka Journalists
  • Events
  • Useful links
    • Obituaries
    • Seeking to Contact
    • eLanka Newsletters
    • Weekly Events and Advertisements
    • eLanka Testimonials
    • Sri Lanka Newspapers
    • Sri Lanka TV LIVE
    • Sri Lanka Radio
    • eLanka Recepies
  • Gallery
  • Contact
Newsletter
Sri lankan news
  • eLanka Weddings
  • Property
  • eLanka Shop
  • Business Directory
eLankaeLanka
Font ResizerAa
Search
  • Home
  • Read History
  • Articles
    • eLanka Journalists
  • Events
  • Useful links
    • Obituaries
    • Seeking to Contact
    • eLanka Newsletters
    • Weekly Events and Advertisements
    • eLanka Testimonials
    • Sri Lanka Newspapers
    • Sri Lanka TV LIVE
    • Sri Lanka Radio
    • eLanka Recepies
  • Gallery
  • Contact
Follow US
© 2005 – 2026 eLanka Pty Ltd. All Rights Reserved.
Home » Goodnews Stories Srilankan Expats » Articles » ගුවන්විදුලියේ හද නැන්දනිය – සුමණා ජයතිලක – දිවි සැරියෙන් සමු ගනී – By ආචාර්ය ගාමිණී කාරියවසම්
ArticlesDr. Gamini Kariyawasam

ගුවන්විදුලියේ හද නැන්දනිය – සුමණා ජයතිලක – දිවි සැරියෙන් සමු ගනී – By ආචාර්ය ගාමිණී කාරියවසම්

eLanka admin
Last updated: July 4, 2024 4:52 pm
By
eLanka admin
ByeLanka admin
Follow:
Share
5 Min Read
SHARE
Views: 8

ගුවන්විදුලියේ හද නැන්දනිය – සුමණා ජයතිලක – දිවි සැරියෙන් සමු ගනී – By ආචාර්ය ගාමිණී කාරියවසම්

Dr.Gamini Kariyawasam.හද මාමා”  ගුවන් විදුලි ළමා වැඩසටහන, වසර  60 කට  ට පෙර සිට මේ දක්වා  ඔබ දෙසවන වෙත කැන්දු සුමනා ජයතිලක මැතිනිය  , ජුලි 03 වන දින සිය දිවි සැරිය නිමා  කළාය.  ජාතියේ ළමා පරපුරේ මනස ,දැයේ උන්නතියට ගැලපෙන අයුරින් සකසන්නට,හඳ මාමා ගුවන් විදුලි වැඩසටහන තුළින් ඇය  ගත් ප්‍රයත්නය සැබවින්ම ආශ්චර්යමත්ය. එම ප්‍රශස්ත ප්‍රයත්නය  පිළිබඳව විමංසනයේ යෙදෙමින්,ඇයගේ දිවිපෙවෙතේ හැඩතල සිත්තම් කිරීමේ අභිප්‍රායෙන් මෙවන් ලිපියක් සකසන්නට මසිත් යොමු විය. 

1963 දෙසැම්බර් 14 වන දින සන්ධ්‍යාවේ , නිරන්තරයෙන් වෙළද  දැන්වීම් වලට සීමාවූ  ගුවන් විදුලියේ  වෙළද සේවයෙන්, ළමා සිත් අභිනන්දනයට පත් කරවන සුළු   , අර්ථවත්ගී තමය   ආයාචනයක්  ගුවන්  තරංග ඔස්සේ  විකාශනය වන්නට විය. මෙම අනුස්මරණීය නිමේෂය , එවකට පාසල් සිසුවකුවූ මගේ මතකයේ  මේ දක්වා රැදී තියේ.  

“ ලොව ගනඳුරු දුරු කරන්න  

ගුණ නුවණට මඟ පෙනෙන්න

පුංචි අපට දැනුම දෙන්න

‘හඳ මාමා’ ට සවන් දෙන්න…”

ප.එල්.ඒ.සෝමපාල සංගීතඥයාගේ තනුවකින් රිද්ම ගතවූ මෙම තේමා  ගීතය ජේ.ඒ.මිල්ටන් පෙරේරා ගේ හෘදයාංගම ස්වරයෙන්  ගුවනට මුසු විය. හද මාමා ගුවන් විදුලි ළමා  වැඩසටහනේ පුර්වෝක්ත  තේමා  ගීතයේ  නිර්මාණ කීර්තිය ද උරුම කර ගන්නේ සුමනා ජයතිලකය. මෙම ළමා වැඩසටහනේ හද මාමාගේ භූමිකාව සපුරා ලන්නට ආරියසේන මිල්ලවිතානාච්චි,ගුණතුංග කේ .ලියනගේ  ,බණ්ඩාර කේ.විජේතුංග  කේ.එස්.වික්‍රමරත්න .ලැම්බර්ට් පෙම්මාවඩු යන නිවේදකයින් කිහිප දෙනෙක් ම  ,හද මාමා  ලෙසින්  සිය දායකත්වය ලැබ දුන්හ. එනමුදු වැඩසටහන ආරම්භයේ පටන් වත්මන දක්වාම  හද නැන්දාගේ භූමිකාව ඉටුවූයේ සුමණා ජයතිලක මහත්මිය වෙතිනි. 

2023 දෙසැම්බර් 14 වන දිනට යෙදී තිබු හදමාමා 60 වන සංවත්සර දිනයේ ,සුමණා  ජයතිලක මාධ්‍ය වේදිනිය  , ගුවන්විදුලියේ 6 වන මැදිරියේ හදමාමා වැඩසටහන මෙහෙයවූ අයුරු සජීවීව 

1963 වසරේ සිට මේ දක්වා වසර 60 ක් අඛණ්ඩව  හද මාමා වැඩසටහන කාලනුරුපව සැලසුම්ක රමින්,මෙහෙයවමින් සිය දයාබර දායකත්වය ලබා දීම පිළිබදව , සුමණා ජයතිලකයන්  මුළු මහත් ජාතියේ ප්‍රණාමයට බදුන්වේ.

sumana jayathilaka

 සුමනා ජයතිලක ,බණ්ඩාර කේ.විජේතුංග සමග හදමාමා 

වැඩසටහනක් මෙහෙයවීම

Image Source : lankaleader

 සුමනා ජයතිලක ,බණ්ඩාර කේ.විජේතුංග සමග හදමාමා වැඩසටහනක් මෙහෙයවීම

සුමනා ජයතිලක ලැම්බට් පෙම්මාවඩු සමග හදමාමා 

වැඩසටහනක් මෙහෙයවමින්  

ඇය ගේ වියෝගයෙන් කම්පිත සහෘදයන් වෙත , ඇය දිවි මං තලාවේ සොඳුරු විසිතුරු මෙසේ පෙළ  ගස්වන්නේ ඇය වෙත පිදෙන උපහාරයක් ලෙසිනි.

සුමනාවතී කුරේ බිළිදියක ලෙස මෙලොව එළිය දකින්නේ,1937 අප්‍රේල් 23 වන  දිනය.ආතර් සහ ලීලාවතී කුරේ ඇගේ දෙමාපියන්ය. කුඩා අවධියේ ඇයගේ දෙමාපියන් ඇය ඇමතුවේ චුටි හාමිනේ යන ආදරණීය නාමයෙන් බැව් ඇය මා සමගපැවසුවේ, සිහින් සිනහ රැල්ලක් මුවග රඳවමිනි.මේ චුටි හාමිනේ  මතු දිනෙක මුළු මහත් ජාතියේම ළමා පරපුරේ හෘදයාංගම හද නැන්දා  බවට පත් වෙතැයි එදවස  කිසිවෙකුත් නොසිතන්නට ඇත. සුමනාවන් සිව් අවුරුදු වියේදී, ඇයට සිය මව අහිමි වෙයි. අනතුරුව ඇය හැදී වැඩෙන්නේ ආත්තම්මා සහ පියාගේ සෙවනෙහිය. යුද්ධ සමයේ ඇගේ පියා, කුඩා සුමනාවතිය ද රැගෙන මහනුවර බෙලිගල් පිටියේ පිහිටි ආත්අම්මගේ  මහ ගෙදර පදිංචියට ගියේය. ගමට ආවේනික වෙල් එලිය,ඉපනැල්ල, දිය කදුරු,විහග නද මෙන්ම තමන් ඇසුරු කළ ගැමි සමාජය  සුමනාවතී දැරියගේ මනස සෞන්දර්යයෙන් පෝෂණය කිරීමට සමත් වුවා නිසැකි. ගමේ පාසලෙන් ප්‍රථමික අධ්‍යාපනය හැදෑරූ  දැරිය ,වැඩිදුර අධ්‍යාපනය ලද්දේ කොළඹ මියුසියස් විද්‍යාලයෙනි.

 1948 වසරේදී ගුවන් විදුලි අධ්‍යාපන සේවයෙහි වැඩසටහන් සදහා සිය හඩ දායකත්වය ලබා දෙන්නට ඇයට අවස්ථාව උදාවේ. ඒ වන විට ඇය b11 වන වියේ පසු වුවාය. පසු කාලයේ සුමනාවන්  පද්‍ය ගායනා සහ නාට්‍ය ශිල්පිනියක ලෙසින්  ද, ගුවන් විදුලි වැඩසටහන් ඔස්සේ සිය ජනප්‍රියත්වය වර්ධනය කර ගැනීමට දෛවය විසින්  මෙහෙයවනු ලැබීය.  සුමනා ගේ අධ්‍යාපනයේ  අවසන් ඉසව්ව වුයේ ජ්‍යෙෂ්ඨ  පාඨශාලා විභාගය සමත් වීමය. එනමුදු ග්‍රන්ථ පරිශීලනයෙන්, ජීවන අත්දැකීම් තුළින් සහ බහුශෘත ඇසුර තුළින් ඇය ආචාර්ය උපාධියකට නොදෙවෙනි දැනුම් සම්භාරයකින් පරිපෝෂිත වූවාය. ඇය 17 වන වියේදී විවාහ දිවියට පිවිසියේ දෙටු ගත්කරුවෙක්වූ කේ.ජයතිලක ශුරීන් සමගය.

sumana jayathilaka

සුමණා, ප්‍රකට ග්‍රන්ථ කතෘ කේ.ජයතිලක ශුරීන් හා 

විවාහවූ අවස්ථාවේ ගත් මංගල සේයාරුව.

sumana jayathilaka

Image Source : sundayobserver

සුමණාවතී කුරේ එවක් පටන් සාහිත්‍ය අම්බරේ මෝදු වුයේ සුමණා ජයතිලක ලෙසිණි. සුමනා ජයතිලකගේ මව් සෙනෙහස ලබන්නට අවන්ති, කර්ණිකා,සරලා ,ප්‍රබෝධ යන දූ දරුවන් සිව් දෙනා භාග්‍යමත් වුහ. ඇයගේ වැඩිමහල් පුත් අවන්ති ශ්‍රීලංකා පරිපාලන සේවයේ සිටි ජ්‍යේෂ්ඨ වෘත්තීය වේදියෙකි.

ඇය ගුවන්විදුලියේ අද්විතීය වැඩසටහන් නිෂ්පාදිකාවක් ලෙසින් ජාත්‍යන්තර  උණ්ඩා අභිනන්දන සම්මානයෙන් පිදුම් ලද්දීය.

ළමා මනස මැනවින් හදුනා ගෙන ,ළමුන් තම වැඩසටහන වෙත ආකර්ෂණය කර  ගැනීම උදෙසා  නිසගයෙන් ම  ඇය සතුව පැවති    නිර්මාණශීලී  කුසලතාව එහා පැතිරුණු නිපුණතාවක් ද  අපට ඇය කෙරෙන් දිස්වේ. ඒ මාතෘත්වයේ සෙනෙහසින් ඔදවත්වූ ඇයගේ  දයාබරිත වාග් කෞෂල්‍යයයි.

ළමා සිතුම් පැතුම් පිළිබදව පුර්ණ අවබෝධයෙන් යුතුව  සුමණා ජයතිලක සැලසුම් කළ හද මාමා ගුවන්  විදුලි ළමා වැඩසටහනෙහි ගුණාත්මක ස්වරුපය, ළමා පරපුරේ අභිනන්දය උදෙසා ඉටු කළ  මෙහෙවර ප්‍ර ස්තය.හද මාමා වැඩසටහන සැලසුම් කිරීමේදී, ළමා   පෞරුෂ වර්ධනය කෙරෙහි, හේතුකාරක වන , දැනුම කුසලතා හා ආකල්ප යන තෙවැදෑරුම්  සාධක සාධනයෙහි හා වර්ධනයෙහි ලා සුවිශේෂී අවධානයක් යොමු කර ඇති බැව් එම වැඩසටහන් කෙරෙන් විද්‍යාමානවේ.

හද මාමා ඇසුරේ සිටි ළමා ලපටීන්  , පසු කලෙක නිර්මාණශීලී කලා කරුවන්, සාහිත්‍යවේදීන් මෙන් ම ,විද්වත් වෘතිකයින් විලසින් සමාජය වෙත දොරට වඩමවන්නට එදා මෙදා    තුර හද මාමා ළමා වැඩසටහන මෙහෙයවමින් ,සුමනා ජයතිලක ශුරිය ඉටු කළ  අපරිමිත 

මෙහෙවර කෘතවේදීත්වයෙන් සිහිපත් කරමින්,අභාප්‍රාප්ත

 ඇයට නිවන් සුව ප්‍රාර්ථනා කරමු.    

 ආචාර්ය ගාමිණී කාරියවසම්.     .

 ( ගුවන්විදුලියේ හිටපු අධ්‍යක්ෂ ජනරාල්.)

 

 

 

Click here to receive your free copy of the eLanka Newsletter twice a week delivered directly to your inbox!

TAGGED:සුමණා ජයතිලක
Share This Article
Facebook Whatsapp Whatsapp LinkedIn Email Copy Link Print
Previous Article One of a kind Luxury Villa/Boutique hotel in unique location with magnificent view of Knuckles mountains
Next Article THARANGA NANAYAKKARA THARANGA NANAYAKKARA RENOWNED AS ‘RADIO THARANGA’ A MULTIPOTENTIALITY INDIVIDUAL ALREADY AN ICON IN FM RADIO CHANNELS IN AN UNTARNISHED SCINTILLATING FLAWLESS VOYAGE – By Sunil Thenabadu
FacebookLike
YoutubeSubscribe
LinkedInFollow
Most Read
10 Pictures With Fascinating Stories Behind Them!

“A PICTURE SPEAKS A 1000 WORDS” – By Des Kelly

Look past your thoughts so you may drink the pure nectar of this moment

A Life Hack for when we’re Burnt Out & Broken Down – By Uma Panch

Narration of the History of our Proud Ancestral (Orang Jawa) Heritage. by Noor R. Rahim

eLanka Weddings

eLanka Marriage Proposals

Noel News

Noel News

Noel News

Noel News- By Noel Whittaker

Appreciation: Eileen Mary Sibelle De Silva

K.K.S. Cement Factory

Dr.Harold Gunatillake’s 90th Birthday party

Sri Lanka's women's cricket squad in Melbourne

Cricket: Sri Lanka’s women’s squad in Melbourne

- Advertisement -
Ad image
Related News
The Koha Calls ( An Avurudha poem ) - by Charmaine Candappa
Articles Charmaine Candappa

The Koha Calls ( An Avurudha poem ) – by Charmaine Candappa

Trump’s War Talk vs Iran’s Strategic Depth-by K.K.S Perera-eLanka
Articles Dr Harold Gunatillake

Trump’s ultimatum to Iran raises concerns about potential escalation in the Strait crisis-by Dr Harold Gunatillake

SHAMITHA A Polymath, Dominant in Diverse Expertise - By Sunil Thenabadu
Articles Sunil Thenabadu

SHAMITHA A Polymath, Dominant in Diverse Expertise – By Sunil Thenabadu

U19 Woments Tri Series in Australia
Articles

Watch U19 Women’s Tri Series in Australia (Australia, Sri Lanka, England)

Articles Michael Roberts

Seabird Migration Routes Discovered by Lankan Scientists – By Michael Roberts

  • Quick Links:
  • Articles
  • DESMOND KELLY
  • Dr Harold Gunatillake
  • English Videos
  • Sri Lanka
  • Sinhala Videos
  • eLanka Newsletters
  • Obituaries
  • Sunil Thenabadu
  • Dr. Harold Gunatillake
  • Tamil Videos
  • Sinhala Movies
  • Trevine Rodrigo
  • Photos
  • eLanka Newsletter

eLanka

Your Trusted Source for News & Community Stories: Stay connected with reliable updates, inspiring features, and breaking news. From politics and technology to culture, lifestyle, and events, eLanka brings you stories that matter — keeping you informed, engaged, and connected 24/7.
Kerrie road, Oatlands , NSW 2117 , Australia.
Email : info@eLanka.com.au / rasangivjes@gmail.com.
WhatsApp : +61402905275 / +94775882546
  • About eLanka
  • Terms & Conditions

Disclaimer:
eLanka is committed to sharing positive and community-focused stories. We do not publish or endorse political, religious, or ethnic viewpoints. The content published on eLanka, including articles and newsletters, reflects the opinions and views of the respective authors and not those of eLanka. eLanka accepts no responsibility or liability for the accuracy, completeness, or consequences of any content provided by contributors.

(c) 2005 – 2025 eLanka Pty Ltd. All Rights Reserved.