eLanka

Thursday, 23 Oct 2025
  • Home
  • Read History
  • Articles
    • eLanka Journalists
  • Events
  • Useful links
    • Obituaries
    • Seeking to Contact
    • eLanka Newsletters
    • Weekly Events and Advertisements
    • eLanka Testimonials
    • Sri Lanka Newspapers
    • Sri Lanka TV LIVE
    • Sri Lanka Radio
    • eLanka Recepies
  • Gallery
  • Contact
Newsletter
  • eLanka Weddings
  • Property
  • eLanka Shop
  • Business Directory
eLankaeLanka
Font ResizerAa
Search
  • Home
  • Read History
  • Articles
    • eLanka Journalists
  • Events
  • Useful links
    • Obituaries
    • Seeking to Contact
    • eLanka Newsletters
    • Weekly Events and Advertisements
    • eLanka Testimonials
    • Sri Lanka Newspapers
    • Sri Lanka TV LIVE
    • Sri Lanka Radio
    • eLanka Recepies
  • Gallery
  • Contact
Follow US
© 2005 – 2025 eLanka Pty Ltd. All Rights Reserved.
Home » Blog » Articles » දේශජ අභිමානයේ ජාතික සලකුණ ‘ අංගම්පොර ශිල්පය ‘ – By ආචාර්ය ගාමිණී කාරියවසම්
ArticlesDr Gamini Goonetilleke

දේශජ අභිමානයේ ජාතික සලකුණ ‘ අංගම්පොර ශිල්පය ‘ – By ආචාර්ය ගාමිණී කාරියවසම්

eLanka admin
Last updated: July 21, 2023 9:18 am
By
eLanka admin
ByeLanka admin
Follow:
Share
8 Min Read
SHARE

දේශජ අභිමානයේ ජාතික සලකුණ ‘ අංගම්පොර ශිල්පය ‘ – By ආචාර්ය ගාමිණී කාරියවසම්

Angampora - elanka

 

Dr.Gamini Kariyawasam.1818 ඔක්තෝබර් මස 05 වන දින බ්‍රිතාන්‍ය අධිරාජ්‍ය විසින් හෙලයේ සාම්ප්‍රදායික සටන් ශිල්පය අංගම්පොර විශේෂ ගැසට් නිවේදනයක් මගින් තහනම් ක්‍රීඩාවක් ලෙස ප්‍රකාශයට පත් කෙරිණි.

නවීන ආයුධ වලින් සන්නද්ධ ඉංග්‍රීසි හමුදාවත්, අංගම් පොර සටන් ශිල්පීන්ගෙන් සැදුම්ලත් දේශීය සටන්කාමීන් ඉදිරියේ භීතියෙන් මුසපත් වූහ අංගම්පොර සටන් කලාව තහනම් කිරීමට ඉංග්‍රීසින් පොළඹවාලනු ලැබුවේ 18 වන සියවසේ මුල් භාගයේ නිදහස් සටනේදී ඔවුන් ලත් බිහිසණු අත්දැකීම් ය.

More Read

Why Does Russia Want Ukraine?- Dr Harold Gunatillake
Nature Betrayed, Checkpoint Charlie & Market News on Kaleidoscope 285 + Escaped Nuns, Diyas Alight
Gotu Kola: Sri Lanka’s Ancient Herb of Healing and Rejuvenation – By Jayadeva de Silva

දේශයේ අභිමානවත් චින්තනයෙත් , අයුක්තිය ඉදිරියේ නැගී සිටීමේ අනුපමේය ශක්තියත් අඩපණ කිරීමේ අපේක්ෂාවෙන්, ඉංග්‍රීසීන් අංගම් පොර සටන් කලාව තහනම් කර මේ වන විට වසර දෙසීයකට ආසන්න කාලයක් සපිරේ.

දැයේ නිවහල් භාවය, ස්වාධීනත්වය අභිමානය තහවුරු කරමින් සම්ප්‍රදායික අංගම්පොර සටන් කලාව නිදහසේ ප්‍රගුණ කිරීමට නීතිමය අවකාශය 2018 වසරේදී  අපේ දේශයට උදා විය. එවන් ප්‍රතිපත්තිමය තීරණයක් ගැනීමට,එවකට පැවති  රජය මෙහෙයවූ  සජිත් ප්‍රේමදාස මැතිඳුන්ට දැයේ නොමද ප්‍රණාමය හිමිවේ. මෙම ප්‍රතිපත්තිමය තීරණය මත අංගම්පොර සටන් ශිල්පය සංරක්ෂණය කර ප්‍රවර්ධනයට මංපෙත් විවර කිරීම පාලිත පාලක දෙපක්ෂය වෙතම පැවරී පවත්නා වගකීමකි.

Angampora - elanka

Angampora - elanka

අංගාගත හෙරළ – රක්ඛ රක්ඛාන හෙරළ , රක්ඛ පදිගත හෙරළ ආදී වශයෙන් පුරාණයේ දේශීය සටන් ක්‍රම 09 ක් පැවැතිණි. ඒ සියළු සටන් ක්‍රම අභිබවා අංගම් පොර සටන් කලාව දේශීය ජනතාව අතර බෙහෙවින්ම ප්‍රචලිත විය .

යක්ෂ ගෝත්‍රිකයින් පිළිබදව මූලාශ්‍රයක් ලෙස ලියැවී ඇති “වර්ග පූර්ණිකාව”පුස්කොල පොත අංගම් කලාව පිළිබඳව වැදගත් තොරතුරු රාශියක් ගෙනහැරදක්වයි.“වර්ග පුර්නිකාව”ආරණ්‍යවාසී නීලගිරික ශ්‍රී බෝධී හිමිපාණන් විසින් ලියන ලද්දකි.

බුද්ධිය, අධ්‍යාත්මික ශක්තිය, උපේක්ෂාව, විනය සහ ශාරීරික ජවය යන පංච විධ සංයෝගයන් හා සබැඳි  ආත්මාරක්ෂක සටන් කලාවක් ලෙසින් අංගම්පොර ක්‍රීඩාව හැඳින්විය හැකිය අංගම් යන්නෙන් ද්වනිත වන්නේ ශරීර අංගයන් ය. පොර යනු සටන් කලාවයි. නිරායුධව සිය සිරුර සහ සිරුරේ අත් පා හිස, ඇගිලි ආදී අංගයන් භාවිතයෙන් කරන සටන අංගම් ලෙසින් හැදින්වෙන අතර කඩු, කිනිසි, පොලු ආදී අවි ආයුධ සහිතව කරන සටන ඉලංගම් පොර යනුවෙන් හැඳින්වේ.

කසයක් හා සමාන එතුණු කඩුව ඉලංගම් පොර සටන් කලාවේදී යොදා ගන්නා අති විශේෂ ආයුධයකි. මෙම කඩුව තියුණු මුවහත් ඇති නම්‍යශීලි අඩි 04 ක් පමණ දිගු බ්ලේඩ් තල ස්වභාවයෙන් යුත්  ලෝහ පළු 32 කින් සමන්විත ය. එක්වර දෑතින් මෙබඳු කඩු දෙකක් විදුලි වේගයෙන් භාවිතා කරන අතර මෙමගින් විශාල සතුරු සේනාවක් වුව සමුල ඝාතනය කළ හැකිය. ඉලංගම් පොර සටන් කලාවේදී කඩු වර්ග 32 ක් මෙන්ම වෙනත් ආයුධ වර්ග 21 ක් භාවිතා වේ. පරිපූර්ණ අංගම්පොර ශිල්පියෙකු වීමට නම් ඉහත සදහන් කළ  අංගම් සහ ඉලංගම් පොර දෙකට අමතරව මායා අංගම්ලෙ සින් හැදින්වෙන තෙවන කොටස ද ප්‍රගුණ කළ යුතු වේ. අංගම්පොර සටන් කලාවේ නියමිත නිල වෙත ප්‍රහාර එල්ල කිරීමන් ප්‍රතිවාදියා ක්ෂණයකින් අඩපණ කිරීමේ හැකියාව පවතී.

අති සියුම් වේගවත් , ජව සම්පන්න සටන් කලාවක් ලෙසින් වසර 33000 න ඈත අතීතයේ සිට මෙම ක්‍රීඩාව විකාශනය වෙමින් පැවති බව පුරාවෘත්තයන්ගෙන් සනාත වෙයි. ප්‍රාග් ඓතිහාසික යුගයේ හෙල රාජ වංශය ආරම්භ කළායැයි සැලකෙන මහා සම්මත මනු රජ, අංගම් සටන් කලාවේ පුරෝගාමියා සේ සැලකේ. ඔහුට රාජත්වය හිමිවන්නේ, තමන් විසින් ප්‍රගුණ කළ අංගම් සටන් කලාවේ  නිපුණතා ප්‍රදර්ශනය කර ජනතාවගේ ප්‍රසාදය දිනා ගැනීමෙන් පසුව බව ප්‍රාග් ෙඵතිහාසික මුලාශ්‍රයන්හි සදහන්වේ.

ඔහුගේ ඇවෑමෙන් රාජත්වයට පත් මනු රජ පරපුරේ රජුන් 21 දෙනාම අංගම් පොර සටන් කලාවේ අතිදක්ෂ රණ ශූරයින් වූ බව ද සැළකේ. මනු රාජ වංශයේ අවසන් රජුන් ලෙස රාජ්‍ය විචාල තාරක,මහා බලි, රාවණ රජ තුන්කට්ටුව අංගම්පොර සටන් කලාවේ කෙල පැමිණි රාජශූරයින් ලෙසින් ප්‍රකට ය.

කතරගම ජීවත් වූ මහාසෙන් නම් වූ රණ ශූරයා අංගම් සටන් කලාවේ කෙල පැමිණි පුද්ගලයෙකු බවත්  මරණින් මතු ඔහු කතරගම දේව ආත්මය ලද බවටත් ජනප්‍රවාදයක් පවතී. කෝට්ටේ රාජධානි සමයේ අංගම්පොර ශිල්පය බෙහෙවින්ම ව්‍යාප්තව පැවැති කාලයකි. කෝට්ටේ දැනට ද අංගම්පිටිය නමින් හැදින්වෙන ග්‍රාමයේ අංගම් පුහුණු මඩුවක් පැවැති බව ද පැවසේ.

අංගම් සටන් කලාව අති පූජනීය ශිල්පයක් ලෙසින් අපේ මුතුන් මිත්තන්ගේ ඉමහත් සම්භාවනාවට පාත්‍රව පැවතිණි. පුහුණුවට ඉදිරිපත් වන ආධුනිකයින් ගේ චරිත ලක්ෂණ නිවැරදිව හඳුනා ගැනීම පිණිස අනිවාර්යෙන්ම ඔවුනේගේ ජන්ම පත්‍රය පරීක්ෂා කිරීම සිදුවේ. සටන් පුහුණුවට පිවිසෙන ආධුනිකයින් ප්‍රථමයෙන්ම තෙරුවන් හා දෙවි දේවතාවුන් නැමද රාවණා ස්ත්‍රෝත ගායනයෙහි නිරත විය යුතුවේ. සටන් පුහුණුවට එළැඹීමට පෙර සිත සමාධි ගත කර ගැනීම අත්‍යවශ්‍යය. මේ සඳහා කුණ්ඩලනී යෝගය පිහිටන තෙක් භාවනා යෝගී අභ්‍යාසවල නිරතවීම ද අනිවාර්යය.

දේශීය අංගම් පොර ශිල්පය පුහුණු කල ගුරු කුල පරම්පරා ගණනාවක් අතීතයේ දිවයින පුරා දක්නට ලැබිණි. එම ගුරු කුල අතරින් අපට දැනගන්නට ලැබුණු අවසන් ගුරුකුලය සේ සැලකෙන්නේ කොරතොට අංගම්පොර ගුරු පරම්පරාවයි. කඩුවෙල කොරතොට රජමහා විහාරය කේන්ද්‍ර කර, කොරතොට කදු ආශ්‍රීත ගල් ගුහාවල ඔවුන් සටන් පුහුණු පංති පැවැත්වූහ. අතීතයේ මෙම විහාරස්ථානයේ අධිපතීන් වහන්සේ ලෙස වැඩ සිටි කොරතොට සෝභිත හිමිද මෙම සටන් කලාව මැනවින් ප්‍රගුණ කර තිබූ බව සඳහන් ය. මෙම පරපුරේ වත්මන් ගුරුන්නාන්සේ ලෙස සැලකෙන්නේ මහන්ත ආරච්චිගේ අජන්ත මහතා ය.

පරදේශීන්ගේ දැඩි මර්ධනය පිටු දැකීමේ අභිලාසයෙන් අංගම් පොර සටන් පුහුණුවන්නන් විවිධ නෘත්යාංගයන්ද සිය පුහුණුවට බද්ධ කර ගත්හ. 1818 ජාතික නිදහස් ව්‍යාපාරයේ කොහු කුඹුරේ රටේ රාල වන් ප්‍රධාන අංගම්පොර සටන් ශිල්පීන් ඉංග්‍රීසීන්ට එල්ල කල දැඩි ප්‍රහාර නිසා එම සටන් ශිල්පීන්  දුටු තැන වෙඩි තැබීමට ඉංග්‍රීසිහූ පසුබට නොවූහ. පසු කලෙක ටිකිරි බණ්ඩාර කුමරුගේ නායකත්වයෙන් පෙළ ගැසුණු අංගම් පොර සටන් ශිල්පීන් මුල්ලේරියා සටනේදී විදේශ හමුදා සමූල ඝාතනය කළහ. ඉංග්‍රීසීන් මෙන් ම පෘතුග්‍රීසීන් ද අංගම් සටන් ශිල්පීන් දුටු තැන වෙඩි තබා මරා දැමීමට සිය පරංගි සෙබළුන්ට නියෝග නිකුත් කර තිබිණි. එතැනින් නොනැවතුණු ඔවුහු  අංගම් ශිල්පය පුහුණු වන මඩු ගිණි බත් කළ හ. එහෙත් දේශීය වීරෝධාර අංගම් පොර ශිල්පීන් තම පුහුණු කටයුතු අඛණ්ඩව පවත්වාගෙන යාමට උපායශීලි වූහ. ඔවුහු සටන් පුහුණු වූයේ නෘත්‍ය විලායෙන් රග දක්වන්නා ලෙසිනි. ඔවුහු විචිත්‍රවත් කෝලම් ඇදුමින් සැරසී, වෙස් මුහුණු දරමින් නෘත්‍ය රග දක්වන විලාශයෙන් අංගම් පොර සටන් කලාව ප්‍රගුණ කළහ . එකල අංගම්පොර පුහුණුවන්නන් සමුල ඝාතනය පිණිස ,එම මඩු වැටලීමට පැමිණි විදේශ හමුදාවන්,මෙම ශිල්පීන් කෝලම් නාට්‍ය පුහුණු වන් නේයැයි රැවටී හිස් අතින් විසිර ගිය බව පැවසේ.

More Read

Most of the prisons we live in are invisible - By Vincentius Liong/Leong
Most of the prisons we live in are invisible – By Vincentius Liong/Leong
Anselm Perera Completes Fifty Years in Oman on October 25 2025
KINDER CHRISTIANITY – By Lakshman Navaratne

Angampora - elanka

Angampora - elanka

 

 

සිංහ නැටුම, වලස් නැටුම, කොටි නැටුම ආදී වශයෙන් සතුන්ගේ ක්‍රියාශීලි ඉරියව් ආශ්‍රයෙන් නිර්මාණය කර ගත් නෘත්‍ය විශේෂාංගයක් මෙනයින් අංගම්පොර සටන් කලාවට බද්ධ විය අංගම් මඩු ගිණිබත් කිරීමට ගම් නියම්ගම් සැරි සැරූ විදේශිකයින් ගෙන් නෘත්‍ය පුහුණු වන්නන්ට මෙම නෘත්‍ය පුහුණුව නිසා කිසිදු හිරිහැරයක් සිදු නොවීය.

සංස්කෘතික උත්සව වලදී මෙවන් නෘත්‍යාංග වේදිකා ගත කිරීම තුළින් ද ජනතාව අතර අංගම් පොර සටන් කලාව පිළිබදව නිසැක වශයෙන්ම පිබිදීමක් ඇති කළ හැකි ය.

ලොව විවිධ රටවලට ආවේණිකවූ ජාතික සටන් ක්‍රම රාශියක් පවතී කොරියාවේ ටයිකොන්ඩෝ, ජපනයේ කරාතේ, චීනයේ වූෂු, ග්‍රීසියේ පැන්ක්‍රාටන් ආදී ලෙසින් ඒ ඒ රටවලටම ආවේණික වූ සාම්ප්‍රදායික සටන් ක්‍රම රාශියක් ව්‍යාප්තිතය . ඔවුහු ජාත්‍යන්තර තරගවලට ඉදිරිපත් වෙමින් විවිධ ජයග්‍රහණයන් ලබමින් සිය රටේ අභිමානය මූර්තිමත් කිරීමට සමත් වුහ. 1818 දී ඉංග්‍රීසීන් අංගම්පොර සටන් කලාව නීති විරෝධී ක්‍රීඩාවක් ලෙසින් සලකා තහනම් කිරීම නිසා දේශීය අංගම්පොර සටන්ක ලාවේ ප්‍රවර්ධනය අඩපණ විය. එසේ නොවන්නට ශ්‍රී ලංකාවට අංගම්පොර දේශීය සටන් කලාව ජාත්‍යන්තරය වෙත ගෙන ගොස් සෙසු රටවල් අභිබවා ජය කෙහෙළි නංවන්නට පුළුල් අවකාශයක් පැවතිණි.

රජය මගින් අංගම් පොර සටන් කලාව නීත්‍යාණුකූල බවට පත් කිරීමේ අවස්ථාවෙන් නිසි ඵල නෙලාගැනීමට ක්‍රීඩා අමාත්‍යාංශයේ සෘජු මැදිහත්වීමේ අවශ්‍යතාව මෙහිදී අවධාරණය කරනු කැමැත්තෙමි. ප්‍රාදේශීය මට්ටමින් අංගම් පොර ක්‍රීඩා තරග සංවිධානය කිරීම පිණිස නිසි ක්‍රමවේදයක් සැලසීම  කෙරෙහි අදාල බලධාරීන්ගේ අවධානය යොමු කිරීම වැදගත් වේ. එය ප්‍රමුඛතාවයක් දිය යුතුම ජාතික අවශ්‍යතාවයකි. අංගම්පොර ශිල්පයට ඉංග්‍රීසීන් විසින් පනවා තිබු තහනම ඉවත් කිරීමට ගනු ලැබූ ප්‍රසංසනීය  ප්‍රතිපත්තිමය තීරණය අර්ථවත් වන්නේ තත් ජාතික අවශ්‍යතාව ක්‍රියාවට නැගුවහොත් පමණි.

ආචාර්ය ගාමිණී කාරියවසම්.

gaminee@ gmail.com

 

 

TAGGED:අංගම්පොර ශිල්පයආචාර්ය ගාමිණී කාරියවසම්.
Share This Article
Email Copy Link Print
Previous Article Noel News 1 Noel News
Next Article Reminiscing – by Charmaine Candappa Reminiscing – by Charmaine Candappa
FacebookLike
YoutubeSubscribe
LinkedInFollow
Most Read
10 Pictures With Fascinating Stories Behind Them!

“A PICTURE SPEAKS A 1000 WORDS” – By Des Kelly

Look past your thoughts so you may drink the pure nectar of this moment

A Life Hack for when we’re Burnt Out & Broken Down – By Uma Panch

Narration of the History of our Proud Ancestral (Orang Jawa) Heritage. by Noor R. Rahim

eLanka Weddings

eLanka Marriage Proposals

Noel News

Noel News

Noel News

Noel News- By Noel Whittaker

EILEEN MARY SIBELLE DE SILVA (nee DISSANAYAKE) – 29 September 1922 – 6 April 2018 – A Woman of Value an Appreciation written by Mohini Gunasekera

K.K.S. Cement Factory

Dr.Harold Gunatillake’s 90th Birthday party

Sri Lanka's women's cricket squad in Melbourne

Cricket: Sri Lanka’s women’s squad in Melbourne

- Advertisement -
Ad image
Related News
Articles Trevine Rodrigo

Brilliant Chamari leads from the front in stunning Sri Lanka comeback win over Bangladesh.  Domino effect leaves Bangladeshis red faced.- BY TREVINE RODRIGO IN MELBOURNE.  (eLanka Sports Editor).

Sri Lanka Sevens rugby soars to number three in Asia.  Hong Kong China and Japan go one-two in Asia after thrilling tournament in Colombo.  - BY TREVINE RODRIGO IN MELBOURNE.  (eLanka Sports Editor).
Articles Trevine Rodrigo

Sri Lanka Sevens rugby soars to number three in Asia.  Hong Kong China and Japan go one-two in Asia after thrilling tournament in Colombo.  – BY TREVINE RODRIGO IN MELBOURNE.  (eLanka Sports Editor).

Sri Lanka economic recovery 2025
Articles Dr Harold Gunatillake

The current government is working hard to build a bright future for everyone. – By Dr Harold Gunatillake

Sri Lanka Malays
Articles

A Brief History of the Sri Lanka Malays. – By Noor Rahim

University of West London
Articles

University of West London opens firs UK branch Campus in Sri Lanka

  • Quick Links:
  • Articles
  • DESMOND KELLY
  • Dr Harold Gunatillake
  • English Videos
  • Sri Lanka
  • Sinhala Videos
  • eLanka Newsletters
  • Obituaries
  • Tamil Videos
  • Dr. Harold Gunatillake
  • Sunil Thenabadu
  • Sinhala Movies
  • Trevine Rodrigo
  • Michael Roberts
  • Tamil Movies

eLanka

Your Trusted Source for News & Community Stories: Stay connected with reliable updates, inspiring features, and breaking news. From politics and technology to culture, lifestyle, and events, eLanka brings you stories that matter — keeping you informed, engaged, and connected 24/7.
Kerrie road, Oatlands , NSW 2117 , Australia.
Email : info@eLanka.com.au / rasangivjes@gmail.com.
WhatsApp : +61402905275 / +94775882546

(c) 2005 – 2025 eLanka Pty Ltd. All Rights Reserved.