eLanka

Wednesday, 29 Oct 2025
  • Home
  • Read History
  • Articles
    • eLanka Journalists
  • Events
  • Useful links
    • Obituaries
    • Seeking to Contact
    • eLanka Newsletters
    • Weekly Events and Advertisements
    • eLanka Testimonials
    • Sri Lanka Newspapers
    • Sri Lanka TV LIVE
    • Sri Lanka Radio
    • eLanka Recepies
  • Gallery
  • Contact
Newsletter
  • eLanka Weddings
  • Property
  • eLanka Shop
  • Business Directory
eLankaeLanka
Font ResizerAa
Search
  • Home
  • Read History
  • Articles
    • eLanka Journalists
  • Events
  • Useful links
    • Obituaries
    • Seeking to Contact
    • eLanka Newsletters
    • Weekly Events and Advertisements
    • eLanka Testimonials
    • Sri Lanka Newspapers
    • Sri Lanka TV LIVE
    • Sri Lanka Radio
    • eLanka Recepies
  • Gallery
  • Contact
Follow US
© 2005 – 2025 eLanka Pty Ltd. All Rights Reserved.
Home » Blog » Articles » දේශජ භක්තිය පුබුදාලූ විජමු වියතානන් දැයෙන් සමුගෙන තෙවසක් සපිරේ – By ආචාර්ය ගාමිණී කාරියවසම්. .
ArticlesDr. Gamini Kariyawasam

දේශජ භක්තිය පුබුදාලූ විජමු වියතානන් දැයෙන් සමුගෙන තෙවසක් සපිරේ – By ආචාර්ය ගාමිණී කාරියවසම්. .

eLanka admin
Last updated: March 3, 2024 3:48 pm
By
eLanka admin
ByeLanka admin
Follow:
Share
7 Min Read
SHARE

දේශජ භක්තිය පුබුදාලූ විජමු වියතානන් දැයෙන් සමුගෙන තෙවසක් සපිරේ – By ආචාර්ය ගාමිණී කාරියවසම්. 

Dr.Gamini Kariyawasam.

vjamuwa lokubandara

Image Source : sundaytimes

විජමු යන අකුරු තුන නෙත් ගැටුණු සැණින්, අපගේ  මතකයේ  සජීවීමත් වන්නාවූ වීජමු ලොකුබණ්ඩාර ශූරීන්ය. එතුමා දැයෙන් සමුගෙන ඉකුත් පෙබරවාරිත් දාහතර වන දිනට තෙ වසරක් සපිරේ.

More Read

WCIC’s 40th Anniversary Celebrations Continue with Empowering Future Female Entrepreneurs Workshop
Sri Lankan parliamentary delegation visits UK to strengthen bilateral ties
Sri Lanka, Australia enter into bilateral agreements on external debt restructuring

එතුමන් උපත ලබන්නේ 1941 අගෝස්තු 5 වැනිදා හපුතලේ යහලබැද්ද ගම්පෙත,  සොහොයුරන් තිදෙනෙක් සහ සොහොයුරියන් තිදෙනෙකුගෙන් යුත් පවුලකය.  ලොකු මැණිකේ සහ ගුණසේකර බණ්ඩාර යන දෙමහල්ලෝ  ,  මෙම බිලිඳාට  විජෙසිංහ ජයවීර මුදියන්සේලාගේ ලොකුබණඩාර යන නම තැබුහ.

ඔහු අත් පොත් තබන්නේ යහල – බැද්ද පාසලෙනි. ද්විතීය අධ්‍යාපනය පිණිස මෙම දරුවා  බණ්ඩාරවෙල මධ්‍ය මහා විද්‍යාලය වෙත පා නගයි.

විජමු ශුරීන් සිය ළමා විය  සිහිපත් කළ සජීවී සංවාදයක්

සරසවි පිවිසුම ඉහලින්ම සමත් වන හෙතෙම ,පේරාදෙණිය විශ්වවිද්‍යාලයෙන්  ශාස්ත්‍රවේදී උපාධිය සමත් වේ. වැඩිදුර අධ්‍යාපනය කෙරෙහි මහත්  උනන්දුවක් දැක්වූ විජමු ,ලන්ඩන් විශ්වවිද්‍යාලයෙන් ශාස්ත්‍රවේදී උපාධිය සමත් වීමට ද භාග්‍යවන්ත විය.

තුරුණු වියේ ලොකුබණ්ඩාර වෘත්තියෙන් නීතිඥයකු වූ අතර සහකාර නීති කෙටුම්පත් සම්පාදකයකු ලෙසද කලක් සේවයෙහි නිරත විය.

1970  දශකය  උදාවන්නේ මෙම නව යොවුන් තරුණයාට වසන්තය කැන්දවමිනි. කෝට්ටේ බාලිකාවේ සංගීත ගුරුවරියක් වූ මාලතී සමග පෙම් සබැඳියාවක් ඇතිවන්නේ එම කාල වකවානුවෙහිය.මාලතිය ගේ මව  ජේ. ආර් .ජයවර්ධන පරපුරේ සමීප ඥාතිවරියකි. 1979 පෙබරවාරි 1 වන දින සංගීත ගුරුවරියක් වූ මාලතී සමඟ ඔහු යුග දිවියට පිවිසියේය.

විජමු මාලතී විවාහය පසුකාලයේ එම දෙපළගේ නිවහනෙහි  අනුපිළිවෙලින්  රශ්මින්, උදිත් සහ දමිත්.යන පුතුන් තිදෙනකුගේ උපත සිදුවන්නේ,ඔවුන්ගේ යුග දිවිය වඩාත් අර්ථවත් කරමිනි. දෙමහල්ලන්ගේ හුදකලාව දුරලමිනි.

අප දේශයෙහි ජනිත කෘතහස්ත දේශපාලඥයකු, සාහිත්‍යධරයකු මෙන්ම ,ගැමි දිවියේ සරල ප්‍රභාශ්වරය දසත  විහිදු   සොඳුරු  මිනිසකු ලෙසින් එතුමාගේ නාමය සදානුස්මරණීය වේ.එතුමන් පිළිබඳව මෙවන් අනුස්මරණ සටහනක්  තබන්නට මා පෙළඹෙන්නේ ,මගේ වෘත්තීය ජීවිතයේදී දීර්ඝතම  කාලයක් එතුමන් සමඟ පැවැති සමීපතම ඇසුර නිසා ම නොවේ.එම සමීප ඇසුරේදී, එතුමන්ගේ  ආශ්චර්යමත් ,මානව භක්තියෙන් පිරිපුන් චරිතයේ  විනිවිද  ස්වභාවය මැනවින් පසක් කර ගැනීමට හැකි වූ බැවිනි.එතුමාගේ ගුණ සුවද එදවස මෙන් ම වත්මනේ පවා මගේ හදවතට දැනෙන සුළුය.

තම අමාත්‍යාංශය යටතේ පැවැති ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ අධ්‍යක්ෂ ජනරාල්  තනතුර භාර  න්නට, අනපේක්ෂිත මොහොතක මා කැඳවනු ලැබුවේ එතුමන් විසිනි. එතුමන්ගේ මූලික අභිලාෂයක් සපුරාලමින්,දිවයින මුළුල්ලේ,අඩු පහසුකම් සහිත ප්‍රදේශවල පාසල් දරුවන්නැ ණස  පාදාලන්නට,”ගුවන් තක්සලාව”මැයෙන් විශේෂ ගුවන්විදුලි අධ්‍යාපන විකාශනයක් අරඹන්නට මම එතුමන්ට මගේ පුර්ණ  නුග්‍රහයකත්වය ලබා දුනිමි. ගුවන් විදුලියේ දේශීය අනන්‍යතාවය ඔප් නංවන්නට එතුමාගෙන් ලැබුණු මගපෙන්වීම ප්‍රශස්තය. රස දීපනී නැමැති ගුවන් විදුලි වැඩ සටහන සැලසුම් කරමින් එය මෙහෙයවනු ලැබුවේ ද  ලොකුබණ්ඩාර ශූරීන්ය.

බුදු දහම පිළිබදව පැවති පුළුල් අවබෝධය ප්‍රකට කළ අවස්ථාවක්  >

එතුමන් දේශීය වෛද්‍ය අමාත්‍ය ලෙස සේවය කළ යුගයේ ආයුර්වේදී ක්ෂේත්‍රයේ නවෝදය වෙනුවෙන් මහඟු මෙහෙවරක් ඉටු කරනු ලැබිණි. දේශීය වෛද්‍ය ක්‍රමය මගින් හෘද රෝග නිවාරණය පිණිස දේශීය වෛද්‍යවරුන් මෙහෙයවා පර්යේෂණ මාලාවක් ආරම්භ කළේය. සංගීත චිකිත්සාව මගින් රෝග නිවාරණය කිරීමේ,ගාන්ධර්ව අයුර්වේදය, ආයුර්වේද දෙපාර්තමේන්තුවට හඳුන්වා දීමට පුරෝගාමීත්වය දැරුවේ ද එතුමන් ය. දිවයින මුළුල්ලේ පාරම්පරික දේශීය වෛද්‍යවරුන් සතුව පැවැති පාරම්පරික ඥානය ගැබ් වූ  පුස්කොල පොත් එක්රැස්කර, ඒවා අභාවයට යානොදී “තල්පතේ පිළියම්” නමින් රන්ථ මාලාවක් සකසන්නට ආයුර්වේද දෙපාර්තමේන්තුව යොමුවූයේ එතුමාණන් ගේ  උපදෙස් මතය.

ජාතියේ මතකයෙන් ඈත්ව ගොස් තිබුණු ඔසුපැන්, කොළ කැද වැනි හරිත  පානයන්,හෙළයේ සුවතා වැඩුමට ලබාදෙන අනුබලය, මහිමය   ජනගත කරන්නට එතුමා ගත් ප්‍රයත්නය බෙහෙවින් ම සාර්ථක විය.පාර්ලිමේන්තුවේ පමණක් නොව රාජ්‍ය හා පෞද්ගලික ආයතනවලත්,නගරයේ මෙන්ම  ගම්බද ප්‍රදේශවලත් කොළකැඳ අලෙවි  සල් විවෘත වීමෙන් ජනතාව  කොල කැඳ පානයට දැඩිසේ හුරුවිය.

More Read

Victoria teaching careers, Teach the Future campaign, Victorian Government education incentives, multicultural teachers Australia, Sri Lankan teachers in Victoria, teaching scholarships Australia, employment-based teaching degree, earn while you learn teaching, teacher career progression Victoria, Minister Ben Carroll education, Cindy Huynh teacher story, Victoria Zivave Zimbabwe teacher, multicultural education Victoria, become a teacher Australia, Victorian Department of Education, teaching jobs for multicultural communities, teaching pathways Victoria, education careers Australia, diversity in Australian schools, rural teaching placements Victoria, teaching leadership roles, teacher mentoring Victoria, Victorian Education State, public school teaching Victoria, Australian teaching opportunities, education scholarships Victoria, teacher support and training programs, Sri Lankan community in Victoria, teaching careers for migrants, inclusive classrooms Australia, teach the future Victoria campaign
Victoria calls on Sri Lankan communities to shape the future of Australia
Drums of Kandy sung by Siera Keyt, Written by Dodwell Keyt
Sri Lanka Crowned Home of South Asia’s Fastest Man and Woman After Record-Breaking Wins in Ranchi

පාර්ලිමේන්තුවේ 18 වැනි කතානායකවරයා ලෙසින් පත්වූ එතුමා ,  සංස්කෘත පාලි ,  සාහිත්‍යය දැනුම පමණක් නොව නීතිය පිලිබදව විශාරධත්වය ද ප්‍රකට කරවමින් සිය වාග්  චතුරත්වයෙන්  ,මහජන නියෝ ජිතයින් මෙහෙයවූ විලාශය හෘදයාංගමවේ.

එදිනෙදා සාමාන්‍ය කතාබහේදී එතුමා වෙතින්,තමන්ටම ආවේනිකවූ භාෂා ශෛලියක් දිස්විය. ඔහු සිය ලබැඳියන් ඇමතුවේ මචං යන සූදාශීලී වදනිණි.එතුමන් සිය ශාස්ත්‍රීය දේශනයන්හීදී  , සිංහල භාෂාවේ ගැබ් වූ, අර්ථ හා ධ්වනි ගුණ විවිධත්වය හා රසෝත්පාදන උද්දීපනය වන සේ සිය වාග් චාතුර්ය ප්‍රකට කළේය.

එතුමා  හමුවූ සෑම  අවස්ථාවකම,අපගේ දැනුම් සම්භාරය පුළුල් වන සුළු නව අත්දැකීමක් හෝ ශාස්ත්‍රීය අවබෝධයක් ලබා ගැනීමේ අවකාශය අපට නිතැතින්ම හිමි විය. විටෙක සංස්කෘත බස මැනවින් හසුරුවමින් ශ්ලෝකයක් ශබ්ද නගා කියා එහි අරුත අපට කියා දුන්නේ ,බැතිබර ගුරුපියෙක් විලාශයෙනි. තවත් විටෙක හේ තම අතීත අත්දැකීමක්, රස මුසු ලෙසින් අප හමුවේ පවසයි.එතුමා මා හා පැවසූ ,එතුමාගේ එවන් අත්දැකීමක් මෙහිදී  මගේ මතකයට නැගේ.

“ ගාමිණී , ඔය කරවටේ දවටගෙන ඉන්න ටයි පටිය ,නිලධාරී සනුහරේ ට ,රාජකාරියේ දී අනිවාර්යයෙන්ම පළඳින්නට,හිටපු ජනාධිපති ප්‍රේමදාස මහත්තයා චක්‍රඛණයක් නිකුත් කරන්නට මුල්වූ සිද්ධිය උඹ  දන්නවද?

මා නිහඬව එතුමන් මුව මඩල වෙත දෑස් දල්වාගෙන සිටියේ එම පුවත දැන ගැනීමේ රිසියෙනි.හේ හඬ නගා  සිනා සලමින් අප අතීතය වෙත ගෙන යයි.

“බුත්තල ගම් උදාවේ ප්‍රගතිය හොයා බලන්න ,ප්‍රේමදාස ජනාධිපති තුමා , 1992 අවුරුද්දේ බුත්තල චාරිකාවකට මාවත් ඇන්න ගියා.ගම් උදා වැඩබිමේදී,එහි ප්‍රගතිය විස්තර කළේ, කමිසය කලිසම අපිළිවෙලකට හැඳ සිටි, රබර් සෙරෙප්පු කුට්ටමක් දාගත්තු පුද්ගලයෙක්.

ඔහුගේ පැහැදිලි කිරීම අසා  සිටි ජනාධිපතිතුමා  “හොදයි බාස් උන්නැහ ,ඉතිරි වැඩ ටිකත් ඉක්මනින් අවසන් කරන්න ඕන “, කියල ජනාධිපතිතුමා එම  පුද්ගලයට කිව්වා….

අප වාහනයට නගිද්දී මං ජනාධිපතිතුමාට කිව්වා, “ ජනාධිපතිතුමෝ, ඔබතුමාට ගම්උදාවේ ඉදිකිරීම් ගැන විස්තර කිව්වේ බාස්උන්නැහැ කෙනෙක් නෙමෙයි,මේ ප්‍රදේශයේ ප්‍රාදේශීය ලේකම්තුමා …. ප්‍රේමදාස මහත්තය ඒ මොහොතේම, දුර කථනයෙන්  තම ලේකම් අමතා විධායක මට්ටමේ සියලුම රාජ්‍ය නිලධාරීන් ,පිළිවෙලකට ඇඳිය යුතු බවත්, අනිවාර්යයෙන්ම , ටයිපෙටියක් පැළඳිය යුතු බවත් දැක්වෙන  චක්‍රලේඛයක් නිකුත් කිරීමට අවැසි පියවර ගන්නා ලෙස දැන්වුවා…”

හිටපු කතානායක තුමා ගේ කෘතහස්ත දේශනයක්

 ඔහු සංස්කෘතික අමාත්‍යවරයා ලෙසින්  ,දේශීය සංස්කෘතියේ අභාවයට යමින් පැවැති සිරිත් විරිත්, සාර ධර්ම නගාලන්නට කැපවිය.ඉපැරණි සිංහල සාහිත්‍ය කෘති නැවත මුද්‍රණය කරලන්නට හෙතෙම ප්‍රශංසනීය ව්‍යාපෘතියක් සැලසුම් කළේය. එමඟින් සුභාෂිතය, ලෝකෝපකාරය, අමාවතුර, වදන් කවි කවි පොත, සකස් කඩය වන් ග්‍රන්ථ රාශියක්  විද්‍යාර්ථීන්ගේ පරිශීලනයට .අවස්ථාව සැලසිනි. මහාචාර්ය සෙනරත් පරණවිතාන ශූරීන්   ඉංග්‍රීසියෙන් රචිත සීගිරි ගී , සිංහල භාෂාවට පරිවර්තනය කර,සිංහල පාඨකයන් අතට පත්කළේය.එතුමන් සීගිරිය පිළිබදව සැගවුණු තොරතුරු නිරීක්ෂනයෙහි ලා  විශේෂ උනන්දුවක් දැක්වීය. සීගිරියේ අභිරහස, The Mystique of Sigiriya  යන සිංහල හා ඉංග්‍රීසි කෘතීන් ද්වය එතුමා අතින් ලියවෙන්නේ එහි  පලයක් ලෙසිනි.

ළමා පරපුරේ චරිත සංවර්ධනය වෙනුවෙන් වැදගත් වූ, ජාතික වීරවරයන්ගේ චරිතාපදාන පොත් පෙළක් ප්‍රකාශයට පත් කරලන්නට ද එතුමා මුල්  විය.

බුදු දහම පිලිබදව  එතුමා තුළ පැවති මුළුල් ඥාන ප්‍රභාවය ප්‍රකට වන සාකච්ඡාවක්. 

එතුමා, 2010 සිට 2015 දක්වා සබරගමුව පළාතේ ආණ්ඩුකාරවරයා වශයෙන් ,එම පළාතේ පෞරාණික ස්ථාන සංරක්ෂණය කෙරෙහි තිරස්සාර වැඩපිළිල්ලක් ,පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අනුග්‍රහකත්වයෙන් ක්‍රියාවට නැංවිය.

දේශය වෙනුවෙන් මෙවන් සුවිශාල මෙහෙවරක් ඉටු කළ විජමු ලොකුබණ්ඩාර ශූරීන් ,බෝවන රෝග මර්දන රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී කොවිඩ් සංකූලතා හේතුවෙන් 2021 පෙබරවාරි 14 වන දින  වයස අවුරුදු 79 දී අභාවප්‍රාප්ත වන්නට යෙදිනි.

විජමු ලොකුබණ්ඩාර මැතිතුමාගේ අභාවය.

විජමු ලොකුබණ්ඩාර මැතිතුමාගේ අවසන් කටයුතු.

එතුමා දැයෙන් සමු ගෙන ,තෙවසරක් සපිරෙන මොහොතේ ,එතුමා ඉටුකළාවු සුවිසල්ජා තිකමෙහෙවර  මහත් කෘතවේදීත්වයෙන් සිහිපත් කරමින් ,එතුමන්ට අප සැම  අජරාමර නිවන් සුව ප්‍රාර්ථනා කරමු. දුර්ලභ සේයා රූ කිහිපයක් ලබාදීම වෙනුවෙන් මාලතී ලොකුබණ්ඩාර මැතිනියට අපගේ ස්තුතිය හිමි වේ.

 

 ආචාර්ය   ගාමිණී කාරියවසම්.

gaminee@gmail.com

TAGGED:වීජමු ලොකුබණ්ඩාර
Share This Article
Email Copy Link Print
Previous Article Famous, forgotten players of Ceylon-Sri Lanka hockey-By Dennis de Rosayro
Next Article 2 First Runners Up Cygnus House Clinches Championship at Lyceum Kurunegala Athletic Meet 2023/24
FacebookLike
YoutubeSubscribe
LinkedInFollow
Most Read
10 Pictures With Fascinating Stories Behind Them!

“A PICTURE SPEAKS A 1000 WORDS” – By Des Kelly

Look past your thoughts so you may drink the pure nectar of this moment

A Life Hack for when we’re Burnt Out & Broken Down – By Uma Panch

Narration of the History of our Proud Ancestral (Orang Jawa) Heritage. by Noor R. Rahim

eLanka Weddings

eLanka Marriage Proposals

Noel News

Noel News

Noel News

Noel News- By Noel Whittaker

EILEEN MARY SIBELLE DE SILVA (nee DISSANAYAKE) – 29 September 1922 – 6 April 2018 – A Woman of Value an Appreciation written by Mohini Gunasekera

K.K.S. Cement Factory

Dr.Harold Gunatillake’s 90th Birthday party

Sri Lanka's women's cricket squad in Melbourne

Cricket: Sri Lanka’s women’s squad in Melbourne

- Advertisement -
Ad image
Related News
Fabulous Suzi Flückiger and No Limit were on fire at the St John's College Nugegoda Country and Western night. - By TREVINE RODRIGO IN MELBOURNE.
Articles Trevine Rodrigo

Fabulous Suzi Flückiger and No Limit were on fire at the St John’s College Nugegoda Country and Western night. – By TREVINE RODRIGO IN MELBOURNE.

Thomians Shine in Dubai: S. Thomas’ College Karting Team Meets Ambassador Arusha Cooray After Podium Finish at Sodi World Series
Articles

Thomians Shine in Dubai: S. Thomas’ College Karting Team Meets Ambassador Arusha Cooray After Podium Finish at Sodi World Series

Elanka newsletter
Articles eLanka Newsletters

eLanka Newsletter -26th October 2025 – 4th Edition – Sri Lankans In Australia

PRESIDENT TRUMP CREATING NEW ISSUES , WHILE TRYING TO SOLVE OLD ISSUES - By N.S.Venkataraman
Articles N.S.Venkataraman

PRESIDENT TRUMP CREATING NEW ISSUES , WHILE TRYING TO SOLVE OLD ISSUES – By N.S.Venkataraman

India vs Australia T20 Series 2025
Articles

Australia Men’s Squad Updates

  • Quick Links:
  • Articles
  • DESMOND KELLY
  • Dr Harold Gunatillake
  • English Videos
  • Sri Lanka
  • Sinhala Videos
  • eLanka Newsletters
  • Obituaries
  • Tamil Videos
  • Dr. Harold Gunatillake
  • Sunil Thenabadu
  • Sinhala Movies
  • Trevine Rodrigo
  • Tamil Movies
  • Michael Roberts

eLanka

Your Trusted Source for News & Community Stories: Stay connected with reliable updates, inspiring features, and breaking news. From politics and technology to culture, lifestyle, and events, eLanka brings you stories that matter — keeping you informed, engaged, and connected 24/7.
Kerrie road, Oatlands , NSW 2117 , Australia.
Email : info@eLanka.com.au / rasangivjes@gmail.com.
WhatsApp : +61402905275 / +94775882546

(c) 2005 – 2025 eLanka Pty Ltd. All Rights Reserved.