eLanka

Wednesday, 3 Dec 2025
  • Home
  • Read History
  • Articles
    • eLanka Journalists
  • Events
  • Useful links
    • Obituaries
    • Seeking to Contact
    • eLanka Newsletters
    • Weekly Events and Advertisements
    • eLanka Testimonials
    • Sri Lanka Newspapers
    • Sri Lanka TV LIVE
    • Sri Lanka Radio
    • eLanka Recepies
  • Gallery
  • Contact
Newsletter
  • eLanka Weddings
  • Property
  • eLanka Shop
  • Business Directory
eLankaeLanka
Font ResizerAa
Search
  • Home
  • Read History
  • Articles
    • eLanka Journalists
  • Events
  • Useful links
    • Obituaries
    • Seeking to Contact
    • eLanka Newsletters
    • Weekly Events and Advertisements
    • eLanka Testimonials
    • Sri Lanka Newspapers
    • Sri Lanka TV LIVE
    • Sri Lanka Radio
    • eLanka Recepies
  • Gallery
  • Contact
Follow US
© 2005 – 2025 eLanka Pty Ltd. All Rights Reserved.
Home » Goodnews Stories Srilankan Expats » Articles » ශ්‍රී ලංකාව ගැන වාර්තා චිත්‍රපටය, ප්‍රදර්ශනයට/ Documentary film about Sri Lanka to be screened
Articles

ශ්‍රී ලංකාව ගැන වාර්තා චිත්‍රපටය, ප්‍රදර්ශනයට/ Documentary film about Sri Lanka to be screened

eLanka admin
Last updated: July 25, 2025 7:33 pm
By
eLanka admin
ByeLanka admin
Follow:
Share
8 Min Read
SHARE

ශ්‍රී ලංකාව ගැන වාර්තා චිත්‍රපටය, ප්‍රදර්ශනයට/ Documentary film about Sri Lanka to be screened

Beena with students at Dutuwewa

ප්‍රියන්ත ප්‍රදීප් රණසිංහ සිංහලට නැගූ , බීනා සාර්වාගේ ශ්‍රී ලංකාව ගැන ඉංග්‍රීසි වාර්තා චිත්‍රපටය, පුවත්පත් ආයතනයේදී ප්‍රදර්ශනය කෙරේ

ප්‍රියන්ත ප්‍රදීප් රණසිංහ විසින් ‘ණය ප්‍රජාතන්ත්‍රවාදය: ශ්‍රී ලංකාව – සිරස්තලවලින් ඔබ්බට’ යන නමින් සිංහලට නගා නිෂ්පාදනය කළ, බීනා සාර්වාගේ ‘Democracy in Debt: Sri Lanka – Beyond the Headlines’ අන්තර්ජාතික වාර්තා චිත්‍රපටයේ, එම සිංහල අනුවාදය, මේ මස (ජූලි 30) ප.ව. 4.00 ට, කොළඹ, ශ්‍රී ලංකා පුවත්පත් ආයතනයේදී ප්‍රදර්ශනය කෙරේ. එම අවස්ථාවට මුල් චිත්‍රපටය නිෂ්පාදනය කළ, දැනට ඇමරිකාවේ වෙසෙන, පාකිස්ථාන බහු මාධ්‍ය, ජනමාධ්‍යවේදිනියක් වන බීනා සාර්වාද එක්වීමට නියමිතයි.

බීනා සාර්වා ශ්‍රී ලංකාව ගැන පසුගිය වසරේදී ඉංග්‍රීසියෙන් නිෂ්පාදනය කළ මිනිත්තු 25ක මෙම වාර්තා චිත්‍රපටයට, ඇමරිකා එක්සත් ජනපදයේ Pulitzer Center හි අනුග්‍රහය ලැබී තිබිණි.

More Read

VIDUSHA RAJAGURU
‘Sangeeth Praveen’ Vidusha Rajaguru ‘Little Star, Sarasaviya Award winner blossomed to an accomplished vocalist. – By Sunil Thenabadu
Appreciation from India for Mrs. Maithri Wickremesinghe’s poetry ( මෛත්‍රී වික්‍රමසිංහ මැතිනියගේ කවියට ඉන්දියාවෙන් ලැබුන ඇගයිම )
THOMIAN CAROL SERVICE 2025 – A Festival Service of Nine Lessons and Carols

Dutuwewa lake- Sunrise

ශ්‍රී ලංකාවේ දුරස්ථ ගම්මානයක(දුටුවැව) මෙන්ම කොළඹදී රූගත කරන ලද මෙම චිත්‍රපටය, ආණ්ඩුකරණය, වගවීම සහ ප්‍රජාතන්ත්‍රවාදී අභිලාෂයන් ගැන ඇති චිරස්ථායී බලාපොරොත්තු සම්බන්ධ විශ්වීය අභියෝග පිළිබඳ බහු ස්ථර ආඛ්‍යානයක් සපයයි. එය ශ්‍රී ලංකාවට පමණක් නොව, ඉන්දියාව, බංග්ලාදේශය, ඇමරිකා එක්සත් ජනපදය ඇතුළුව ප්‍රජාතන්ත්‍රවාදය සහ වගවීම ආරක්ෂා කිරීමට ජනතාව අරගල කරන ඕනෑම තැනකට අදාළ වේ. ශ්‍රී ලංකාවේ පසුගිය ජනාධිපතිවරණයට පෙර, ශ්‍රී ලංකාව, පාකිස්තානය සහ එක්සත් ජනපදය ඇතුළු රටවල් රැසක මෙම චිත්‍රපටය ප්‍රදර්ශනය කර ඇත. මහාද්වීප පහක, රටවල් 20 කට ආසන්න සංඛ්‍යාවක සහ ස්ථාන 70 කට අධික ප්‍රමාණයක තිරගත කිරීම්වලින් එහි විචාරාත්මක සහ තීරණාත්මක සාර්ථකත්වය පැහැදිලි වෙයි. ඉන්දියාවේ The Wire මාධ්‍ය ආයතනයේ සිට පකිස්ථානයේ Dawn මාධ්‍ය ආයතනය දක්වා ප්‍රකාශයට පත් කරන ලද ධනාත්මක මාධ්‍ය සමාලෝචන එම සාර්ථකත්වය තව දුරටත් තහවුරු කරයි.

මෙය ශ්‍රී ලංකාවට වැදගත් වන්නේ, පසුගිය වසරේ ජනාධිපතිවරණය මගින් ඇති කරන ලද සමාජ විප්ලවය සහ දේශපාලන පරිවර්තනය පිළිබඳව මෙම චිත්‍රපටය පුරෝකථනය කිරීමයි. එමෙන්ම, විදේශීය වාර්තා චිත්‍රපටයක් සිංහලෙන් නිෂ්පාදනය කරන ලද පළමු අවස්ථාව මෙයයි.

බීනා සාර්වා බහු මාධ්‍ය, ජනමාධ්‍යවේදිනියකි. එමෙන්ම සංස්කාරකවරියක් සහ වාර්තා චිත්‍රපට නිෂ්පාදකවරියකි. ඇය පාකිස්ථාන මුද්‍රිත හා රූපවාහිනී මාධ්‍යවල කතෘ මණ්ඩලයන්හි ජ්‍යෙෂ්ඨ තනතුරු හොබවා ඇති අතර, Himal Southasian සඟරාව සහ Panos South Asia ආදී මාධ්‍ය ව්‍යාපාර කිහිපයක ආරම්භක කණ්ඩායම්වල කටයුතු කර තිබේ. ඇය ලන්ඩන් විශ්වවිද්‍යාලයේ- ගෝල්ඩ්ස්මිත් විදුහලෙන් රූපවාහිනී වාර්තා චිත්‍රපටය පිළිබඳ ශාස්ත්‍රපති උපාධියක් ලබා ඇති අතර, ඇගේ ජාත්‍යන්තර අධිශිෂ්‍යත්ව අතරට හාවඩ් විශ්වවිද්‍යාලයේ ජනමාධ්‍ය සඳහා වන, Nieman Foundation අධිශිෂ්‍යත්වය සහ හාවඩ් කෙනඩි පාසලේ මානව හිමිකම් ප්‍රතිපත්ති සඳහා වූ Carr Center හි අධිශිෂ්‍යත්වයද ඇතුළත් වේ. 2011 සිට, බීනා ඇමරිකා එක්සත් ජනපදයේ බොස්ටන් ප්‍රදේශයේ පදිංචිව සිටින අතර, ඇය ප්‍රින්ස්ටන් විශ්වවිද්‍යාලය, බ්‍රවුන් විශ්වවිද්‍යාලය, හාවඩ් ගිම්හාන පාසල සහ එමර්සන් විද්‍යාලයේ පුවත්පත් කලාව ඉගැන්වූවාය. 2021 අගෝස්තු මාසයේදී, බීනා විසින් සංයුක්ත විශේෂාංග සේවා නිෂ්පාදනය කරන ස්වාධීන මාධ්‍ය ආයතනයක් වන “සපාන් නිවුස්” දියත් කරන ලදී. එය, එම වසර මුලදී දියත් කරන ලද ස්වෙච්ඡාදායක ව්‍යාපෘතියක් වන වන දකුණු ආසියානු සාම ක්‍රියාකාරී ජාලය හෙවත් සපාන් (Southasia Peace Action Network,/ Sapan ) හි ආරම්භක අදියර තවත් ඉදිරියට යාමකි.

‘ණය ප්‍රජාතන්ත්‍රවාදය: ශ්‍රී ලංකාව – සිරස්තලවලින් ඔබ්බට’ නමින් එහි සිංහල නිෂ්පාදනය, පරිවර්තනය සහ උපදේශනය සිදු කරන ලද්දේ, ශ්‍රී ලංකාවේ මුද්‍රිත, විද්‍යුත් හා නව මාධ්‍ය පිළිබඳ අත්දැකීම් ඇති, වසර 20 කට අසන්න කාලයක් මාධ්‍යව්දියෙකු ලෙස ප්‍රධාන පෙළේ මාධ්‍ය ආයතනවල කටයුතු කළ ප්‍රියන්ත ප්‍රදීප් රණසිංහ විසිනි.
………………
මේ සම්බන්ධයෙන් මාධ්‍ය ආවරණයක් ලබාදෙන ලෙසද, චිත්‍රපටය නැරඹීම සඳහා එක්වන ලෙසද ආරාධනා කරමු.

ස්ථානය – ශ්‍රී ලංකා පුවත්පත් ආයතනය, 96, කිරුළ පාර, කොළඹ 05
දිනය – 2025 ජූලි 30 බදාදා
වෙලාව – ප.ව. 4.00-6.00
තවත් විස්තර – 0717640015

ප්‍රියන්ත ප්‍රදීප් රණසිංහ
0773124550
…………………..
25.07.2025

Beena Sarva’s English documentary about Sri Lanka, produced in Sinhala by Priyantha Pradeep Ranasinghe, will be screened at the Press Institute, Colombo

The Sinhala version of the Beena Sarwar’s  international documentary film ‘Democracy in Debt: Sri Lanka – Beyond the Headlines’, produced by Priyantha Pradeep Ranasinghe under the title  ‘ණය ප්‍රජාතන්ත්‍රවාදය: ශ්‍රී ලංකාව – සිරස්තලවලින් ඔබ්බට” (26 Minutes), will be screened at the Sri Lanka Press Institute, Colombo, this month (July 30) at 4.00 p.m.
Beena Sarwa, a Pakistani multimedia journalist and producer currently residing in the US, who produced the original film, will join the event.

Originally produced in English with the support of the Pulitzer Center in the United States, the 25-minute documentary was released last year. Filmed in both Dutuwewa, a remote village in Sri Lanka, and Colombo, the documentary presents a compelling, multi-layered narrative that explores universal issues of governance, accountability, and the resilience of democratic hopes. While deeply rooted in the Sri Lankan context, its message resonates across borders in countries such as India, Bangladesh, and the United States, where people continue to fight for democratic values and transparency.

Priyantha P R

Ahead of Sri Lanka’s recent presidential election, the film was screened at several venues in Sri Lanka, Pakistan, and the United States. Its critical success led to further screenings at more than 70 venues in nearly 20 countries, spanning five continents. The film received favourable reviews from prominent media outlets, including The Wire in India and Dawn in Pakistan.

The Sinhala version is particularly significant for Sri Lanka, as it is believed to be the first time an international documentary has been produced in Sinhala. The film also predicted the social and political transformation that followed the country’s presidential election in 2024, making it a timely and relevant contribution to the national conversation.

Beena Sarwar is a respected multimedia journalist, editor, and documentary filmmaker. She has held senior editorial positions in leading print and television media in Pakistan and has been a founding member of several key media initiatives, including Himal Southasian magazine and Panos South Asia. She holds a Master’s degree in Television Documentary from Goldsmiths, University of London, and has received prestigious fellowships from the Nieman Foundation for Journalism at Harvard University and the Carr Center for Human Rights Policy at the Harvard Kennedy School.

More Read

Sri Lanka’s second tsunami moment. This time it came from the skies – By Aubrey Joachim
Sri Lanka’s second tsunami moment. This time it came from the skies – By Aubrey Joachim
Silver Scene Official Newsletter
Stories Behind Names of Places in Sri Lanka Arachchikattuwa – ආරච්චිකට්ටුව – By Nimal Sedera

Since 2011, she has lived in the Boston area in the United States and has taught journalism at institutions such as Princeton University, Brown University, Harvard Summer School, and Emerson College. In 2021, she launched Sapan News, an independent media outlet offering a syndicated features service. The platform evolved from the Southasia Peace Action Network (Sapan), a volunteer-led regional peace initiative launched earlier that year.

The Sinhala production, translation, adaptation and advisory role for the film was undertaken by Priyantha Pradeep Ranasinghe, a seasoned journalist with more than 20 years of experience in print, electronic, and digital media in Sri Lanka. He has worked at leading national media organisations and played a vital role in making the documentary accessible to Sinhala-speaking audiences.
……………

We invite you to provide media coverage on this event and join us in watching the film.

Venue – Sri Lanka Press Institute, 96, Kirula Road, Colombo 5, Sri Lanka
Date & Time –  July 30 th Wednesday 2025, at 4.00 – 6.00 p.m.,
For  more information – 0717640015

Priyantha Pradeep Ranasinghe
0773124550


Click here to receive your free copy of the eLanka Newsletter twice a week delivered directly to your inbox!

TAGGED:Democracy in DebtHarvard Kennedy SchoolHarvard University
Share This Article
Email Copy Link Print
Previous Article ROYAL BOTANICAL GARDENS – PERADENIYA SRI LANKA (1) ROYAL BOTANICAL GARDENS – PERADENIYA SRI LANKA – By Leelananda Ihalagamage in Melbourne
Next Article THREE CHILDREN FAMILY IN INDIA-eLanka COUNTER PRODUCTIVE CAMPAIGN FOR THREE CHILDREN FAMILY IN INDIA
FacebookLike
YoutubeSubscribe
LinkedInFollow
Most Read
10 Pictures With Fascinating Stories Behind Them!

“A PICTURE SPEAKS A 1000 WORDS” – By Des Kelly

Look past your thoughts so you may drink the pure nectar of this moment

A Life Hack for when we’re Burnt Out & Broken Down – By Uma Panch

Narration of the History of our Proud Ancestral (Orang Jawa) Heritage. by Noor R. Rahim

eLanka Weddings

eLanka Marriage Proposals

Noel News

Noel News

Noel News

Noel News- By Noel Whittaker

EILEEN MARY SIBELLE DE SILVA (nee DISSANAYAKE) – 29 September 1922 – 6 April 2018 – A Woman of Value an Appreciation written by Mohini Gunasekera

K.K.S. Cement Factory

Dr.Harold Gunatillake’s 90th Birthday party

Sri Lanka's women's cricket squad in Melbourne

Cricket: Sri Lanka’s women’s squad in Melbourne

- Advertisement -
Ad image
Related News
Xmas in Sri Lanka
Articles

Xmas in Sri Lanka

 Qld Sri Lankan Newsletter - Dæhæna - December 2025
Articles

Qld Sri Lankan Newsletter – Dæhæna – December 2025

magnesium supplements , magnesium deficiency , benefits of magnesium , magnesium dosage guidelines
Articles Dr Harold Gunatillake

Who should embrace the power of magnesium supplements? -By Dr. Harold Gunatillake

Pakistan vs Sri Lanka 3rd ODI 2025
Articles Michael Roberts

Pakistan Crush Lanka in Third ODI at Rawalpindi – By Michael Roberts

GOOD NEWS COLLECTION DECEMBER 2025
Articles

GOOD NEWS COLLECTION DECEMBER 2025

  • Quick Links:
  • Articles
  • DESMOND KELLY
  • Dr Harold Gunatillake
  • English Videos
  • Sri Lanka
  • Sinhala Videos
  • eLanka Newsletters
  • Obituaries
  • Sunil Thenabadu
  • Tamil Videos
  • Dr. Harold Gunatillake
  • Sinhala Movies
  • Trevine Rodrigo
  • Tamil Movies
  • Michael Roberts

eLanka

Your Trusted Source for News & Community Stories: Stay connected with reliable updates, inspiring features, and breaking news. From politics and technology to culture, lifestyle, and events, eLanka brings you stories that matter — keeping you informed, engaged, and connected 24/7.
Kerrie road, Oatlands , NSW 2117 , Australia.
Email : info@eLanka.com.au / rasangivjes@gmail.com.
WhatsApp : +61402905275 / +94775882546

(c) 2005 – 2025 eLanka Pty Ltd. All Rights Reserved.