eLanka

Saturday, 1 Nov 2025
  • Home
  • Read History
  • Articles
    • eLanka Journalists
  • Events
  • Useful links
    • Obituaries
    • Seeking to Contact
    • eLanka Newsletters
    • Weekly Events and Advertisements
    • eLanka Testimonials
    • Sri Lanka Newspapers
    • Sri Lanka TV LIVE
    • Sri Lanka Radio
    • eLanka Recepies
  • Gallery
  • Contact
Newsletter
  • eLanka Weddings
  • Property
  • eLanka Shop
  • Business Directory
eLankaeLanka
Font ResizerAa
Search
  • Home
  • Read History
  • Articles
    • eLanka Journalists
  • Events
  • Useful links
    • Obituaries
    • Seeking to Contact
    • eLanka Newsletters
    • Weekly Events and Advertisements
    • eLanka Testimonials
    • Sri Lanka Newspapers
    • Sri Lanka TV LIVE
    • Sri Lanka Radio
    • eLanka Recepies
  • Gallery
  • Contact
Follow US
© 2005 – 2025 eLanka Pty Ltd. All Rights Reserved.
Home » Blog » Articles » Mother ( අම්මා ) – By Gamini Kariyawasam
ArticlesDr. Gamini Kariyawasam

Mother ( අම්මා ) – By Gamini Kariyawasam

eLanka admin
Last updated: May 22, 2023 4:18 am
By
eLanka admin
ByeLanka admin
Follow:
Share
7 Min Read
SHARE

Mother ( අම්මා ) –  By Gamini Kariyawasam

ස්ත්‍රීත්වයේ දිව්‍යමය ස්වරුපය – ” අම්මා ” 

mother elanka

 Gamini Kariyawasam - elankaජාත්‍යන්තර මව්වරුන්ගේ දිනය මැයි 14වන දිනට යෙදේ.නිවසේ,වැඩබිමේ,සිටින මව්වරුන්  මෙන් ම තනිකඩව  හුදකලාවේ ගැලී සිටිනා සමාජයේ සෑම තරාතිරමකම මව්වරුන්ගේ සමාජ දායකත්වය හඳුනා ගැනීම 2023 ජාත්‍යන්තර මව්වරුන්ගේ දිනයේ තේමාව ලෙස ප්‍රකාශයට පත් කර ඇත.

දෙවියන් තම දරුවන් අසල මිහිපිට සිටින බව තහවුරු කිරීම උදෙසා,දෙවියන්  තමාගේම ස්වරූපයෙන් මව්වරුන් මැවීය යන විශ්වීය විශ්වාසයක් මෙදියත මුළුල්ලේ පැතිර   පවතී. මවක්  දේවතාවියක් ලෙසින්ම උත්තරීතරය. ඇයට  තම දරුවා වෙනුවෙන් ඉටු කළන හැකි කිසිදු කාර්යයක් මිහිපිට නොමැති සෙයකි.

මානව වංශයේ ආරම්භයේ සිට පහළ වූ සෑම ජීවීයෙකුම බිහි කිරීමේ

More Read

Moringa Leaf Powder: Nature’s Miracle Superfood - By Malsha - eLanka
Moringa Leaf Powder: Nature’s Miracle Superfood – By Malsha – eLanka
The Brad & Kiara Show
Australia Sports Innovation Week 2025 Melbourne, MCG – By Johann Dias Jayasinha

උදාර කර්තව්‍යයේ ගෞරවණිය නිර්මාතෘත්වය  මව්වරුන් වෙත හිමි වන්නේ නිතැතිනි. දස මසක් තුළ කුස දරා සිටිනා කාලය පුරාවට,බිහිවන දරුවා ගේ සුරක්ෂාව වෙනුවෙන් ඇය විසින්  පිළිවෙත් සම්භාරයක් පුරනු ලබන්නීය. ඇය දරුවා බිහි කරන්නේ ද ලෝකයෙහි විඳිය නොහැකි අපහසුතම වේදනාව වූ ප‍්‍රසව වේදනාව මහත් ආයාසයෙන් මැඩ  ගනිමිණි..දරුවා බිහි කරත්ම ,දරුවා වෙනුවෙන් ඇය  හද පත්ලෙන් මතු වන  හෘදයංගමඅසීමිත සෙනෙහසින්, ඇය සිරුරේ දිවෙනා   රත් පැහැ රුධිරය ශ්වේත වර්ණමව්  කිරි බවට පත්වීම විශ්මිත විශ්වීය සිදුවීමකි.   කිරෙන් බරවූ පියයුරෙහිතුඩු  ඇය  සිය බිළිදාගේ   සුසිනිදු දෙතොල් අතර රදවන්නේ,බිළිදා හිස ඇගිළි තුඩින්  පිරිමදිමින් අසීමිත දයාවක්  සිය සන්තානයෙහි දරාගෙනය .මෙම නිමේෂය බිළිදාගේ කායික පෝෂණය  මෙන්ම මානසික වර්ධනය උදෙසා අතිශයින්ම හේතු කාරක වන බව නුතන වෛද්‍ය පර්යේෂණ මගින් තහවුරු කර ඇත. 

බුදුන් වහන්සේ  මාපිය උපස්ථානය මංගල කාරණාවක් සේ දැක්වූ  සේක.යමෙක් බොහෝ සම්පත් ඇතිව සිටියදී වෘද්ධ බවට පැමිණි දෙමාපියන් පෝෂණය නොකෙරේද? ආරක්ෂා නොකෙරේ ද? ඔහු වසලයෙක් වන බව වසල සුත්‍රයෙන් දේශිතය. බුදුරජාණන් වහන්සේ තරම් මවගේ පියාගේ  අගය, වටිනාකම ධර්මානුකූලව විග‍්‍රහ කළ වෙනත් ශාස්තෘවරයෙක් මිහිපිට නොමැති තරම්ය.      

යුරෝපයෙහි මාතෘත්වයට  ප්‍රණාමය දැක්වීමේ ප්‍රවණතාව  ක්‍රිස්තු වර්ෂ 5 වන සියවසට පුර්වයෙහි  ග්‍රීක රෝම යුගයන් දක්වා ඈත අතීතයට දිවයයි. එම යුගයේ මවුවරුන්ගේ අධිපති දෙවගන ලෙසින් රියා දෙව්දුව මවුවරුන් අතර ඉහලම ගෞරවයට බදුන්වූ බැව් පැවසේ. 

තම මව වන ඇනා එම් ජාවිස් මහත්මියට සහ ලෝකයේ අනෙකුත් සියලුම මව්වරුන්ට උපහාර දැක්ව මට තීරණය කළ දියණියක වන ඇනා මේරි  ජාවිස්ගේ දැඩි  අධිෂ්ඨානයේ ප්‍රතිඵලයක් ලෙසින්  ලෝක මව්වරුන් සැමරීමේ මුල්ම උත්සවය 1908 මැයි 09 වන දින මහත් උත්සවශ්‍රීයෙන් පවත්වන්නට යෙදිණි.ජාවිස් මැතිණිය1948 නොවැම්බර් 24 වන දින මිය ගියාය. ඇයව ෆිලඩෙල්ෆියා හි බටහිර ලෝරල් හිල් සුසාන භූමියේදී තැන්පත් කරන ලදී. එදින  ග්‍රැෆ්ටන්හි මෙතෝදිස්ත පල්ලියේ සීනුව ඇයට  ගෞරවය පිණිස 84 වතාවක් නාද වුයේ මිය යන විට ඇයගේ වයස අවුරුදු 84 ක්  බැව්  සනිටුහන් කිරීම පිණිසය. සුසානයට  සැතපුම් හතරක් ඔබ්බෙන් පිහිටි  ඇනා ජාවිස් උපන් නිවස කෞතුකාගාරයක් ලෙසින් පවත්වා ගෙන යනු ලබයි.

මව්වරුන්ගේ දිනයේදී දූ දරුවන් එක්ව මව්වරුන් සතුටින් තැබීම පිණිස  විවිධ අන්දමේ උත්සව සංවිධානය කෙරේ. ආහාරපාන ,ඇදුම්පැළදුම්,ඔවුන් ප්‍රිය කරන විවිධ තෑගිබෝග පිරිනැමීම පමණක් නොව ඔවුන් විනෝද චාරිකාවන්ට සහභාගී කරවා ගැනීම ද සිදු කෙරේ. සංගීත සහ විවිධ  ආගමික උත්සව ද මව්වරුන් ගේ දිනයේදී සුලභ ලෙස දැකගත හැකිය. දුර බැහැර ප්‍රදේශයන්හි  සේවයෙහි නිරත දුදරුවන් ,තෑගිභෝග රැගෙන සිය මවු වරුන්ගේ  සුවදුක් බැලීමට පැමිණීමද මවුවරුන්ගේ දිනයේ   සම්ප්‍රදායික චාරිත්‍රයක්  බවට පත්ව  ඇත.

mother elanka

තම දරුවන් මැනවින් හදා වඩා,ඔවුන්  රටේ දැයේ උන්නතියට උර දීම පිණිස සමාජය වෙත යමු කිරීට එහා ගිය සුවිසල් කාර්ය භාරයක් මව්වරුන් වෙතින් ඉටුවන බව විශේෂයෙන් සදහන් කළ යුතුවේ.  දේශයේ  නිවහල් භාවය   රැක ගන්නට  ගැමුණු කුමරුන් බිහි කළ විහාර මහා දේවිය,තම පුතු  මෙහෙයවූ සේනා සංවිධානයේදී  සිය පුතුගේ සෙවනැල්ලක් සේ රැදෙමින් ගැමුණු කුමරුන්  දිරිමත් කළ  අයුරු ඉතිහාසය අපට සිහි ගන්වයි.  තොටිල්ල පදවන අත ලොව පාලනය කෙරේ යන  සම්ප්‍රදායික ආප්තෝපදේශය තුළින් ද ජනගත කෙරෙන්නේ රටක් දේශයක් යහපත්දි ශානතියකට යොමු කිරීමට ඇය තුළ  පවත්නා  උත්තරීතර අධිෂ්ටානශීලී ශක්තියයි.

“තාරුණ්‍යය මැකී යයි; සියලු  ආදර බැදීම්  පෑල දොරින් පලා යයි.එනමුදු දරුවා  වියපත් වුවද මවකගේ දරු  සෙනෙහස බිදකුදු , කෙදිනවක වත්  කෙලෙසකවත්  නොසිදෙන්නේය.…” යනුවෙන් වරක්   ප්‍රංශ ජාතික සාහිත්‍යධර  වික්ටර් හියුගෝ ( 1802- 1885 ) පැවසීය . දරුවා කෙතරම්   වියපත් වුවද  මව ඔහු  වෙත සෙනෙහස  දල්වන්නේ , බාල කාලයේ තම ඇකයේ නැළවුණු බිළිදාට   දැක්වූ සෙනෙහස  විලසින්ම  බව යථෝක්ත ප්‍රකාශයෙන් ගම්‍යවේ.

මවකගේ  නොපසුබස්නා වීර්යය මූර්තිමත් කෙරෙන, මැක්සිම් ගෝර්කි විසින් ලියන ලද “අම්මා”නමැති කෘතියේ ‘අම්මා’ මැයෙන්වූ  ප්‍රධාන චරිතය ද මෙහිදී අපට නිතැතින්ම සිහිපත්වේ. ඉතාමත්  ධෛර්යවන්ත කාන්තාවකගේ චරිත ස්වභාවය කදිමට නිරූපනය කරන.‘නීලව්නා’, ඒ දිරිය සම්පන්න අභීත අම්මාය.ඇගේ ස්වාමිපුරුෂයා සාමාන්‍ය  කම්කරුවෙකි. නිරන්තරයෙන්  බීමත්ව සිටින මෙම ස්වාමි පුරුෂයා තම බිරින්දෑට  තලා පෙලා පමුණුවන අනේක විධ වද හිංසා අපමණය. ඒ සියලු ගැහැට  විද දරා ගනිමින් සිය එකම පුතු පෝෂණය කරමින් මැනවින් හදා වඩා ගැනීමට ඇය කාර්යශුර වුවාය.සැමියා අකාලයේ මියැදුණු පසුව ඇය සිය පුතු සමග අනන්ත අසරණ භාවයට පත්වූවාය. තරුණ වියට එළබි ඇයගේ පුතු,  එවකට රුසියාවේ පැවති  අසාධාරණ සමාජ ක්‍රමය වෙනස් කිරීම පිණිස    විප්ලවාදී ක්‍රියාකාරකම්වලට යොමු වෙයි. තම පුතුගේ ක්‍රියාකාරකම් සදහා සහය දීම පිණිස ඇය  වෙස්වලාගෙන   ප්‍රචාරක පත්‍රිකා රහසින් ගෙන ගොස්  කර්මාන්ත ශාලා සේවකයින් , ගොවීන් අතරේ බෙදා හරිමින් ඔවුන් දැනුවත් කිරීම සාර්ථකව සිදු කරනු ලැබුවාය. මේ අතර  . දුම්රියපොළකදී ඇය  පොලිස් නිලධාරීන්ගේ ග්‍රහණයට පත්ව  ඔවුනගේ කෘර වධ හිංසාවලට නොසැළී  මුහුණ දුන්නේ සිය දැඩි ආත්ම ශක්තිය මැනවින් ප්‍රකට කරවමිණි.  

“අම්මා “. කතාව පුරාම ගලා යන මේ දිරිය මවගේ චරිතය, මවකගේ වීරත්වය මොනවට ඉස්මතු  කර දක්වයි. මැක්සිම් ගෝර්කි ගේ සැබෑ ජීවිතයේ මවවූ වාවරා පෙෂ්කෝව් ගේ චරිතය ආශ්‍රයෙන් “අම්මා” නවකතාව නිර්මාණය කරන්නට ඇතැයි අපට අනුමාණ කළ හැකිය.

ජපානය ,මහා භාරතය වියට්නාමය, ඇමරිකාව වන්  රටවල් ගණනාවක, අම්මාවරුන්ගේ   ශේෂ්ඨත්ය නිරූපණය කෙරෙන  කෞතුකාගාර ගණනාවක් ස්ථාපනය කර ඇත.එම කෞතුකාගාරයන්හි විශේෂයෙන්ම තම රට  කීර්තියට පත් කළ ප්‍රකට දේශපාලකයින්,සාහිත්‍යයධරයින් , නව්‍ය  නිෂ්පාදනයන්  ලොවට    හඳුන්වාදුන් වියතුන් ලොවට බිහිකළ  අම්මා වරුන්ගේ  චරිතාපදානයන්, ඔවුන් ලද අත්දැකීම් , මුර්තීන් සහ  ඡායාරූප  මගින්  ප්‍රදර්ශනය කෙරේ.

wax musium - elanka

ශ්‍රීලංකාවේ ද මෙවන් කෞතුකාගාරයක් ස්ථාපනයකිරීමේ යෝග්‍යතාවපිළිබඳවසංස්කෘතික අමාත්‍යංශයේ සුවිශේෂී අවධානය යොමුකිරීම යුගයේකාලීනඅවශ්‍යතාවයකි.මෙම ගින්දේශයේප්‍රගමනයට උරදුන් අප්‍රකට,නන්නාදුන දැයේ වීර මාතාවන්ගේ මාතෘත්වයේ සුවදඅපගේ බාල පරපුරට මැනවින් ග්‍රහණය කරගනීමට අවකාශයක් සැසනු නියති.

විහාර මහා දේවිය,මහ පැරකුම්බා නිරිදුන් ගේ  මෑණියන් රත්නාවලී  බිසව,  ශ්‍රී ලංකාවේ ප්‍රථම  අග්‍රාමාත්‍ය ධුරය හෙබවූ ඩී .එස්.සේනානායක මැතිදුන්ගේ මෑණී කැතලින් එලිසබෙත් ගුණසේකර මැතිනිය, ජේ.අර ජයවර්ධන මෑණියන්  ඇග්නස් හෙලන් විජේවර්ධන මැතිනිය,  එස්.ඩබ්.ආර්. ඩී.බණ්ඩාරනායක අගමැති මෑණියන් ඩේසි ඔබේසේකර මැතිනිය, ආර්.ප්‍රේමදාස හිටපු ජනාධිපති මෑණියන් එන්සිනා ජයසිංහ ආරච්චි,මහින්ද රාජපක්ෂ හිටපු ජනපති  මෑණියන් දැන්ඩිනා රාජපක්ෂ මැතිනිය , හෙළයේ මහා ගත්කරු මාටින් වික්‍රමසිංහ මෑණියන්ලි යනගේ නොච්චිහාමි මැතිනිය,සිංහලයේ මහා ගාන්දර්ව්‍ය අමරදේව මෑණියන් මැගී වෙස්ලිනා මෙන්දිස් මැතිනිය  වන් ලංකාවේ විවිධ   කේෂ්ත්‍රයන්හි විස්කම් පෑ දරුවන් බිහි කළ අම්මාවරුන් පිලිබදව වත්මන් සමාජය දැනුවත් කිරීමට මවුවරුන්ගේ කෞතුකාගාරයකින්  ඉමහත්සේ වාවක් සැලසෙනු නියතය. එසේම එමගින්  ශේෂ්ඨ පුද්ගලයින් බිහි කළ ඒ නන්නාදුනනා අම්මාවරුන් වෙනුවෙන් ඉටුකරනු ලබන නොමියෙන උපහාරයක් ද වනු නිසැකය.

More Read

The Value of Elitism Today
A de Kretser Family who gained Aussie Citizenship in 1952
amanté marks 13th anniversary with launch of exclusive new boutique in Colombo 05

The Woman Behind Mother's Day, Anna M Javis - elanka

ඇමරිකාවේ ප්‍රථම ජනාධිපති   ජෝර්ජ් වොෂින්ටන් (17321799)  තම මව වන මේරි බෝල්  වොෂිංටන් මැතිණිය  අනුස්මරණය කරමින්  තබන ලද කීර්තිමත් සටහනකින් මෙම විශේෂිත  ලිපිය නිමා කිරීමට අදහස් කළෙමි.“මා දුටු ආකර්ශනීයම  කාන්තාව මගේ අම්මා. මම මගේ මවට බෙහෙවින් ම ණයගැතියි. ඇයගෙන් මට ලැබුණු සදාචාරාත්මක මග පෙන්වීම , බුද්ධිමය හා ශාරීරික අධ්‍යාපනය  මගේ ජීවිතයේ සාර්ථකත්වයට හේතුවූ බැව් කෘතවේදීත්වයෙන් සනිටුහන් කරමි. ” –

 

ආචාර්ය  ගාමිණී කාරියවසම්.  

 gaminee@gmail.com

               gamini kariyawasam - elanka                                              

TAGGED:Happy Mother' day
Share This Article
Email Copy Link Print
Previous Article happy mothers day - elanka A Mother’s “Never Ending” Daily Routine. – By Noor Rahim
Next Article The Ryman Auditorium Mother Church of Country Music & The Grand Ole Opry House – By eLanka - elanka The Ryman Auditorium “Mother Church of Country Music” & The Grand Ole Opry House – by eLanka
FacebookLike
YoutubeSubscribe
LinkedInFollow
Most Read
10 Pictures With Fascinating Stories Behind Them!

“A PICTURE SPEAKS A 1000 WORDS” – By Des Kelly

Look past your thoughts so you may drink the pure nectar of this moment

A Life Hack for when we’re Burnt Out & Broken Down – By Uma Panch

Narration of the History of our Proud Ancestral (Orang Jawa) Heritage. by Noor R. Rahim

eLanka Weddings

eLanka Marriage Proposals

Noel News

Noel News

Noel News

Noel News- By Noel Whittaker

EILEEN MARY SIBELLE DE SILVA (nee DISSANAYAKE) – 29 September 1922 – 6 April 2018 – A Woman of Value an Appreciation written by Mohini Gunasekera

K.K.S. Cement Factory

Dr.Harold Gunatillake’s 90th Birthday party

Sri Lanka's women's cricket squad in Melbourne

Cricket: Sri Lanka’s women’s squad in Melbourne

- Advertisement -
Ad image
Related News
Advertise your property in Sri Lanka
Articles

Advertise your Property in Sri Lanka for a full year on eLanka – 29th October 2025

Book
Articles

Book Review Ichigo Ichie: The Japanese Art of Making the Most of Every Moment By Hector Garcia – By Donald Sarath Gunatillake

Dæhæna - September 2025
Articles

Qld Sri Lankan Newsletter – Dæhæna – September 2025

Renewable energy Sri Lanka, Solar power Sri Lanka, Battery Energy Storage System BESS, Ceylon Electricity Board solar projects, rooftop solar Sri Lanka, clean energy solutions, sustainable power generation, green energy investment, build-operate-transfer projects, renewable energy policy, solar battery storage, energy independence Sri Lanka,
Articles Bernard Fernando

Whither Battery Energy Storage System (BESS) ? – By Bernard Fernando.

Articles Dr Harold Gunatillake

Jericho: The Oldest City on Earth – By Dr Harold Gunatillake

  • Quick Links:
  • Articles
  • DESMOND KELLY
  • Dr Harold Gunatillake
  • English Videos
  • Sri Lanka
  • Sinhala Videos
  • eLanka Newsletters
  • Obituaries
  • Tamil Videos
  • Dr. Harold Gunatillake
  • Sunil Thenabadu
  • Sinhala Movies
  • Trevine Rodrigo
  • Tamil Movies
  • Michael Roberts

eLanka

Your Trusted Source for News & Community Stories: Stay connected with reliable updates, inspiring features, and breaking news. From politics and technology to culture, lifestyle, and events, eLanka brings you stories that matter — keeping you informed, engaged, and connected 24/7.
Kerrie road, Oatlands , NSW 2117 , Australia.
Email : info@eLanka.com.au / rasangivjes@gmail.com.
WhatsApp : +61402905275 / +94775882546

(c) 2005 – 2025 eLanka Pty Ltd. All Rights Reserved.