News & Community eLanka

eLanka

Tuesday, 2 Jun 2026
  • Home
  • Read History
  • Articles
    • eLanka Journalists
  • Events
  • Useful links
    • Obituaries
    • Seeking to Contact
    • eLanka Newsletters
    • Weekly Events and Advertisements
    • eLanka Testimonials
    • Sri Lanka Newspapers
    • Sri Lanka TV LIVE
    • Sri Lanka Radio
    • eLanka Recepies
  • Gallery
  • Contact
Newsletter
Sri lankan news
  • eLanka Weddings
  • Property
  • eLanka Shop
  • Business Directory
eLankaeLanka
Font ResizerAa
Search
  • Home
  • Read History
  • Articles
    • eLanka Journalists
  • Events
  • Useful links
    • Obituaries
    • Seeking to Contact
    • eLanka Newsletters
    • Weekly Events and Advertisements
    • eLanka Testimonials
    • Sri Lanka Newspapers
    • Sri Lanka TV LIVE
    • Sri Lanka Radio
    • eLanka Recepies
  • Gallery
  • Contact
Follow US
© 2005 – 2026 eLanka Pty Ltd. All Rights Reserved.
Home » Goodnews Stories Srilankan Expats » Articles » Dr. Gamini Kariyawasam » QR කේත (QR Codes): තාක්ෂණය, භාවිතයන් සහ එහි සමාජීය බලපෑම. – By ආචාර්ය ගාමිණී කාරියවසම්.
Dr. Gamini Kariyawasam

QR කේත (QR Codes): තාක්ෂණය, භාවිතයන් සහ එහි සමාජීය බලපෑම. – By ආචාර්ය ගාමිණී කාරියවසම්.

eLanka admin
Last updated: March 30, 2026 2:19 am
By
eLanka admin
ByeLanka admin
Follow:
Share
19 Min Read
SHARE
Views: 375

QR කේත (QR Codes): තාක්ෂණය, භාවිතයන් සහ එහි සමාජීය බලපෑම. – By ආචාර්ය ගාමිණී කාරියවසම්.

Dr.Gamini Kariyawasam.

QR

ඉන්ධන බෙදාහැරීම සදහා ශ්‍රීලංකා  රජය මගින් නොබෝදා  යළි  හදුන්වා දුන් QR කේතය, සමාජයෙහි බෙහෙවින් භාවිතයට ගන්නා නමුදු, එහි ක්‍රියාකාරීත්වය පිළිබදව සමාජයෙහි පුළුල්  දැනුවත් භාවයක් නොමැති බැව් විද්‍යාමනිතය. 

QR  යන කේතයෙහි  අර්ථය Quick Response  නොහොත් ක්ෂණික ප්‍රතිචාරයයි.එය යන්ත්‍ර මගින් කියවිය හැකි දෘශ්‍ය ලේබල් පද්ධතියක් වන අතර, වේගවත් තොරතුරු ප්‍රවේශය සලසන නවීන ඩිජිටල් මෙවලමකි. ආරම්භයේදී කාර්මික අංශයේ නිරීක්ෂණ කාර්යයන් සඳහා භාවිතා කළද, වර්තමානයේ එය වාණිජ, සෞඛ්‍ය, අධ්‍යාපන හා පාලන ක්ෂේත්‍ර ඇතුළු විවිධ ක්ෂේත්‍රවල පුළුල්ව භාවිතා වේ. QR කේතයේ ඉතිහාසය,එහි  ව්‍යුහය, ක්‍රියාකාරීත්වය, භාවිතයන්, වාසි, සීමා සහ අනාගත ප්‍රවණතා විමර්ශනය කිරීමේ  අරමුණ,මෙවන් ලිපියක් සැකසීම කෙරෙහි මගේ අවධානය යොමු කෙරිණි.

 හැඳින්වීම

ඩිජිටල් ලෝකය වර්ධනය වීමත් සමඟ තොරතුරු හුවමාරු කිරීම සඳහා කාර්යක්ෂම,විද්‍යාත්මක  ක්‍රම සොයා බැලීම කෙරෙහි විද්වතුන්ගේ දැඩි අවධානයක්  යොමු විය. QR කේතය යනු ද්වි මාන බාර්කෝඩ් විශේෂයකි. එය තොරතුරු ඉතා වේගයෙන් සහ පහසුවෙන් සංකේතනය කර,ඉතා පහසුවෙන්  ප්‍රවේශය ලබා දීමට සමත්වේ. කැමරා සහිත ජංගම ස්මාර්ට් දුරකථන ව්‍යාප්ත වීම නිසා QR කේත භාවිතය සෑම පුද්ගලයෙකුටම පහසු වී ඇත.

ඓතිහාසික පසුබිම. 

QR කේතය 1994 දී Denso Wave සමාගම විසින්, Toyota සමූහයට අයත් ආයතනයක් ලෙස, සංවර්ධනය කරන ලදී. එය මුල් වශයෙන් වාහන නිෂ්පාදන කර්මාන්තයේ කොටස් හඳුනාගැනීම සහ නිරීක්ෂණය සඳහා භාවිතා විය. සාම්ප්‍රදායික බාර්කෝඩ් වලට වඩා වැඩි දත්ත ගබඩා කිරීමේ හැකියාවක් සහ ඕනෑම දිශාවකින් කියවිය හැකි හැකියාව QR කේතයේ විශේෂත්වයයි.

ව්‍යුහය සහ තාක්ෂණික සැලසුම

(from-Barcode Technology Library-Encod )

QR කේතයක් පහත අංග වලින් සමන්විත වේ:

1-සොයාගැනීමේ රටාව  (Finder Patterns ): කෝණ තුනක පිහිටා ඇති අතර කේතයේ දිශාව හඳුනා ගැනීමට උපකාරී වේ.සංරේඛන ලකුණු ( Alignment Patterns ): විකෘති වුවද නිවැරදිව කියවීමට සහාය වේ.

2-කාලීන රටා   (Timing Patterns ): ග්‍රිඩ් සැකසුම හඳුනා ගැනීමට උපකාරී වේ. ප්‍රදේශ: දත්ත ගබඩා කිරීම සහ දෝෂ නිවැරදි කිරීම සඳහා භාවිතා වේ.(Data සහ Error Correction)

3-නිහඬ කලාපය(Quiet Zone ) : කේතය වටා හිස් ප්‍රදේශයක් ලෙස පවතින අතර කියවීම පහසු කරයි.

QR කේතවල දෝෂ නිවැරදි කිරීම ඇල්ගොරිතමය මත පදනම් වේ. (Reed–Solomon error correction )

4. ක්‍රියාකාරීත්වය සහ සංකේතනය

QR කේත දත්ත තිරස් සහ සිරස් දෙදිශාවලින් සංකේතනය කරයි. එමඟින් සාමාන්‍ය බාර්කෝඩ් වලට වඩා වැඩි දත්ත ප්‍රමාණයක් ගබඩා කළ හැක. එහි අඩංගු විය හැකි තොරතුරු: වෙබ් අඩවි සබැඳි (URLs) පෙළ (Text) සම්බන්ධතා තොරතුරු ගෙවීම් තොරතුරු මෙය කියවීම ස්මාර්ට් දුරකථන කැමරා සහ යෙදුම් මගින් පහසුවෙන් සිදු වේ.

5. භාවිතයන්

5.1 වාණිජ හා වෙළඳ ප්‍රචාරණය

ව්‍යාපාර QR කේත භාවිතයෙන් පාරිභෝගිකයින් වෙබ් අඩවි, ප්‍රවර්ධන දත්ත සහ නිෂ්පාදන විස්තර වෙත යොමු කරයි.

5.2 මූල්‍ය ගනුදෙනු

QR කේත මගින් සිදුකරන ගෙවීම් ක්‍රමය, විශේෂයෙන් ආසියානු රටවල, අතිශයින් ජනප්‍රිය වී ඇත.

5.3 සෞඛ්‍ය ක්ෂේත්‍රය

රෝගීන්ගේ තොරතුරු ගබඩා කිරීම, ඖෂධ නිරීක්ෂණය කිරීම සහ හමුවීම් කළමනාකරණය සඳහා භාවිතා වේ.

5.4 අධ්‍යාපනය

ශිෂ්‍යයන්ට ඉගෙනුම් ද්‍රව්‍ය වෙත ඉක්මන් ප්‍රවේශය ලබාදීමට QR කේත භාවිතා කරයි.

5.5 ප්‍රවාහන සහ ලොජිස්ටික්ස්

ටික්ට් පද්ධති, භාණ්ඩ නිරීක්ෂණය සහ ගබඩා කළමනාකරණය සඳහා භාවිතා වේ.

6. වාසි

වැඩි දත්ත ගබඩා හැකියාව

වේගවත් කියවීම

දෝෂ නිවැරදි කිරීමේ හැකියාව

අඩු වියදම

බහුකාර්ය භාවිතය

7. සීමා සහ ආරක්ෂක ගැටළු

QR කේත භාවිතයේදී පවතින ගැටළු කිහිපයක්:

ආරක්ෂක අවදානම්: වංචාකාරී වෙබ් අඩවි වෙත යොමු විය හැකිය.

උපාංග අවශ්‍යතාව: ස්මාර්ට් දුරකථනයක් අවශ්‍ය වේ.

පරිශීලක දැනුවත්කම: නිසි අවබෝධයක් නොමැතිව භාවිතය සීමා විය හැකිය .

8. අනාගත ප්‍රවණතා

(Internet of Things ), ස්මාර්ට් නගර සංකල්ප සහ ඩිජිටල් හැඳුනුම් පද්ධති සමඟ QR කේත භාවිතය තවදුරටත් වර්ධනය වනු ඇත. Augmented Reality (AR) සහ Blockchain තාක්ෂණ සමඟ ඒවා ඒකාබද්ධ වීමෙන් නව හැකියාවන් පැන නැගිය හැකිය .

9. නිගමනය

QR කේත තාක්ෂණය දත්ත හුවමාරුවේ විශාල විප්ලවයක් ගෙන ආවකි. එහි සරලතාවය, කාර්යක්ෂමතාවය සහ විවිධ භාවිතයන් නිසා එය වර්තමාන සමාජයේ අත්‍යවශ්‍ය මෙවලමක් බවට පත්ව ඇත. ආරක්ෂක අවදානම් පිළිබඳ දැනුවත්කම වර්ධනය කිරීම මඟින් එහි ප්‍රයෝජන තවදුරටත් වර්ධනය කළ හැකිය .

ග්‍රන්ථකරණය සහ පුවත් පත් ලිපි සම්පාදනය සදහා QR කේත තාක්ෂණය උපයෝගී කරගැනීමේ ප්‍රවනතාව.

මෙම QR කේත තාක්ෂණය ග්‍රන්ථ කරණය සහ පුවත් පත් ලිපි සම්පාදනය සදහා ද උපයෝගී කරගත හැකි බැව්, මවිසින් කළ නිරීක්ෂනයකදී අනාවරණය විය.

ඔබ ග්‍රන්ථකරණයෙහි යෙදීම හෝ කිසියම් පුවත්පත් ලිපියක් සකස් කිරීමේදී, ලිපියේ තේමාවට අදාළ සජීවී තොරතුරු, ඡායා රූප, සජීවී වීඩියෝ ද  යු ටියුබ් නාලිකාවෙන් පිටපත් කර ගෙන ,එම ලියවිලට ඇතුළත් කර, කරුණු වඩාත්  තහවුරු කිරීමේ  නවීන තාක්ෂණය භාවිතා කිරීමට අවකාශය සැලසේ.

ඒ සදහා  කළයුත්තේ ,ඔබ ලිපියේ  තේමාවට ආදාළ සේයාරූ හෝ වීඩියෝ කේතයන්  අන්තර්ජාලයේ යූටියුබ් නාලිකාවෙන් පිටපත් කරගැනීමයි.

අනතුරුව ඉහත දැක්වෙන අන්තර්ජාල අඩවියට පිවිස ,පිටපත් කළ කේතය ,එහි නියමිත කොටුවට අතුළත් කිරීමෙන් අවශ්‍ය QR කේතය නිපදවා ගත හැකිය.

https://www.adobe.com/express/feature/image/qr-code-generator                  

ඔබ ලිපියේ අවශ්‍ය ඡේදයට එම   QR කේතය  යෙදු විට, ග්‍රන්ථයෙන් හෝ පත්‍රයෙන් එම ලිපිය කියවන පාඨකයින්ට,තම ස්මාර්ට් ජංගම දුරකථනයේ මුහුණත එම QR කේතය වෙත යොමු කළ සැනින් , යු ටියුබ් නාලිකාවෙන්  අදාළ තොරතුරු සජීවීව නැරඹිය හැකි වනු ඇත.

   

මවිසින් ,”ජාතික ගුවන්විදුලියේ සියවසක පිය සටහන් “මැයෙන් ලියා ගෙන යන කෘතිය සදහා QR තාක්ෂනය සාර්ථක ලෙස  උපයෝගී කර ගතිමි. එම උත්සාහය,මුද්‍රිත ග්‍රන්ථයකට ,QR කේතය යොදා ගත් මුල් ම අවස්ථාව වනු නිසැකි. එහි සාර්ථකත්වය  මැනවින් සනාත කිරීම පිණිසත්,ලේඛකයින් ඒ සඳහා දිරිමත් කිරීමත් උදෙසා,”ජාතික ගුවන්විදුලියේ සියවසක පිය සටහන් “කෘතියෙහි පරිච්ඡේදයක් පහතින් උපුටා දැක්වීමට අදහස් කළෙමි.

                     

Image Source  : lankadeepa.lk

ගුවන් විදුලියේ ඉපැරණි ගී ගඟුලැල්ල. 

QR

Image Source  : lankadeepa.lk

ඔබ මනස අදින් දශක හත අටකට එහා යුගයක් වෙත යොමු කරවමින් මෙම ලිපිය අරඹන්නට අදහස් කළෙමි. එවකට ඇනලොග් හෝ ඩිජිටල් තාක්ෂණීය සන්නිවේදනය දිවයිනට පිවිස නොතිබිණි. ගම සහ නගරය අතර එකම සම්බන්ධීකාරකයා වූයේ තැපැල්කරුය. ගමට රට තොට තොරතුරු ගෙන ඒම පුවත්පතින් ඉටුවිය. හේන දෙසින් ඇසුණු පැල් කවිය, කමතෙන් නැගුනු කමත් කවිය ඔබ හදවතට මුසු කලේ තීව්‍රර චමත්කාරයකි.

                           

රෑ මැදියමේ මහ මඟ ගමන් ගත් ගැල්කරුවන් විසින් ඔවුන්ගේ පාළුව මකා ගන්නට ගැයූ කරත්ත සීපද මාලාවන් ද පාළු රාත්‍රියේ ගම් වැස්සන්ට කිසියම් වින්දනයක් ලබා දුන් බව හැඟේ.

                          

පාසල් දරුවකු ගොම්මන් වැටෙන යාමයේ සිය නිවසේ පිලේ සිට හඬ නගා තෙපලූ ගුත්තිල කාව්‍යයේ, ලෝවැඩ සඟරාවේ ලයාන්විත ගායන රිද්මය ගැමි දිවියට සමීප කළේ කිසියම් වින්දනයකි. ගමේ පන්සලෙන් නික්මී බැතිබර කවි බණ ඔබ සිත්හි නිසගයෙන්ම පිහිටි සදහම් සිතුවිලි තීව්‍ර කළා නිසැක. ගම් දනවුහි එවකට යොවුන් වියෙහි පසුවූ ඔබගේ රස භාවයන් පුබුදන්නට ඉවහල් වූයේ ගමේ පන්සලේ නැටුමින්, ගැයුමින් සැදි පෙරහර මෙන්ම, ඉඳහිට බණ මඩුවේ රඟ දැක්වුණු සඳ කිඳුරු දා නාඩගම වන් බොදු නාට්‍යයන්ය. තොවිල් පවිල්, යාතු කාර්ම, ගැමි මනස සුවපත් කරමින් කිසියම් රසාස්වාදයක් ද සැපයීමට මුල් විය.

                    

මෙවන් සම්ප්‍රදායික පරිසරයක් හා බද්ධව සිටි දිවයිනේ ගම් දනව් වැස්සන් තුළ කිසියම් නැවුම් පිබිදීමකට තුඩුදෙන සුළු සිදුවීමක් පිළිබඳ පුවතක්, 1925 දෙසැම්බර් 16 වන දින කොලොම්පුරයෙන් අසන්නට ලැබිණි. ශ්‍රී ලංකාවේ මුල් වරට ගුවන් විදුලි සේවාවක් නිල වශයෙන් ස්ථාපිත කිරීමේ අනුස්මරණීය සිද්ධිය ප්‍රසිද්ධියට පත් එම පුවතයි. නිශ්චිත වශයෙන්ම ගුවන් විදුලියේ අරුණලු ගම් පියෙස් කරා ළඟා වූයේ, ගුවන් විදුලිය ආරම්භ වී වසර 15ක් පමණ කාලයක් ඉකුත්වූ පසුවය. ගුවන් විදුලි යන්ත්‍ර බහුල වශයෙන් දිවයින තුළ ව්‍යාප්ත වූයේ එම කාල වකවානුවෙහිය. ගම් පියස. රට තොට දන මන රසාලිප්ත කරමින් 1940, 50 දශකයන්හිදී ගුවන් විදුලිය ගුවන් තරංග මාලාවන්ට මුදා කළ කන්කළු ගී සර රාශියකි. මෙම වකවානුවේ ගීත පටිගත කිරීමේ පහසුකම් ගුවන්විදුලිය සතුව නොපැවතිණි .එබැවින්  අතීතයේ ,ග්‍රැමෆෝන් තැටිගත  විසිතුරු ගීත ,ගුවන්විදුලිය ඔස්සේ ප්‍රචාරයට නිතැතින් ම  යොමු වීමේ ප්‍රවනතාවක් දුට හැකිය.

Image Source  : lankadeepa.lk

දිවයිනේ අසන්නන්ට මුලින්ම ගුවන් විදුලියෙන් සිංහල ගීයක් ඉදිරිපත් කිරීමේ ගෞරවය හිමිවන්නේ කෝකිලදේවී වීරතුංග (1912.6.14 – 2007.7.5) වෙතය. 1929 ජනවාරි 23 වැනි දින පට්ටිආරච්චි මාස්ටර් සමග ගැයූ ‘කීර්තිමත් සිටු දේවිය විශාකා’ එම ගීතයයි.   

‘මව්පිය ආදී සොඳුරු තමාගේ  
කුල දෙටුවන් සැම// 
යෝග්‍ය වූ කාලේ නොමද ප්‍රේමෙනී// 
ගෞරවයෙන් පිදුමා යුතුවේ  
කුල දෙටුවන් සෑමා….’   

වින්සන්ට් සෝමපාල මහතා විසින් නිර්මාණය කළ, කෝකිල දේවිය විසින් ගයන ලද යථෝක්ත ගුවන් විදුලි ගීතය බෙහෙවින්ම ජනප්‍රියත්වයට පත්විය.  

මැණික් ගඟේ ගං ඉවුරේ  
කතරගමේ දෙව් විමනේ  
බෙජන සතුන් සුරැක සදා  
රුහුණු රටේ කන්ද කදිරදේව සාමිනේ….  

1953 වසරේ ප්‍රකට ගුවන් විදුලි ගායිකාවක් වූ, කල්යානී අබේසිංහ අබේසුන්දර (1932.2.16 – 1998.5.11) ශිල්පිනිය විසින් ගායනය කළ ගීත රාශිය අතරින් කතරගම සුරිඳුන් තෙද මහිමය ප්‍රකට කරමින් සුගායනය කළ යථෝක්ත ගීතය සහෘදයින් සිත් සතන් මෝහනයට පත් කළේය.   

ඇසේ මධුර ජීවනයේ ගීතා නාමු අමා දහරේ  
තාරපතී අහසේ සුදිලේවී දීප්ති විහිදමිනේ// 
රම්‍ය සොබා ධර්මේ//  >

 

වී.පී. ලීලාවතී සහ ආනන්ද සමරකෝන් 

3 – 1962.4.5) සුගායනයෙහි යදෙන මෙම ගීතයෙන් සොබා දහමෙහි අපරිමිත වූ සෞන්දර්ය කදිමට මූර්තිමත් වෙයි. ගායක යුවළගේ මැනවින් සංයෝජනය වන සමතුලිත භාව පූර්ණ ,සොම්නස දල්වන සුළු ගායන ස්වරය සහ යථා යෝග්‍ය සංගීතය ගීතයෙහි රසඥතාව තීව්‍ර කිරීමට මහඟු මෙහෙවරක් සළසයි. වී.පී. ලීලාවතියගේ සුමධුර ස්වරයෙන් ගැයුණු, එවකට දිවයින මුළුල්ලේ ජනප්‍රියත්වයට පත්ව තිබූ ගුවන් විදුලි ගී රාශියකි. ඒ ගීතාවලිය අතරෙන් අද දවසේ පවා ජන සන්තාන ගතව වැජඹෙන ගී අතලොස්සක් මෙසේ සනිටුහන් කරනු රිසියෙමි.   

‘පුදමි මේ කුසුම්……ප්‍රීති කෙරේ ගීත ඇසේ…..කරුණා නදියේ පැද යාමූ….. අක්කෙ අක්කෙ අර බලන්න….. පොඩි මල් එතනෝ….. 
විලේ මලක් පිපිලා කදිමයි….. බැස සීතල ගඟුලේ…..’ එම සදා නන්දනීය ගීතයන්ය. 

  
සුදට සුදේ නංගෝ 
ඕලු නෙලාලා මාල ගොතාලා  
දෙන්නද සුදු නංගෝ…. 
එන්න දියේ බැස මා හා  
දෙන්න ඔබේ අත මාලා  
ඕලු නෙලාලා මාල ගොතලා  
පලඳිමු අපි මාලා- සුනිල් ශාන්ත   

1946 වසරේ මාර්තු 2 වැනි දින ගුවන් විදුලියෙහි පටිගත කළ මුල්ම සිංහල ගීතය ලෙස සැලකෙන, සුනිල් ශාන්තයන් (1915.4.14 – 1981.4.11) තමන් විසින්ම පද සහ සංගීතය නිර්මාණය කර, සිය වාග් විශ්මීය ස්වරයෙන් සුගායනය කළ මෙම සජීවී ගීතය ශ්‍රාවක පිරිස් බෙහෙවින්ම ආකර්ශනය කර ගැනීමට සමත්වූ බැව් අමුතුවෙන් සඳහන් කළ යුතු නොවේ. යොවුන් සිතක පිළිසිඳ අහ්ලාද ජනක හැඟුම් සමුදායක්, පරිසරය ආශ්‍රයෙන් රස පූර්නිතව සිත්තම් කරන්නට නිබන්ධකයා ගත් සාර්ථක උත්සාහය මෙම ගීතයෙන් ගම්‍ය වේ.

ගුවන් විදුලි  ගීත අඹරේ, සුනිල් ශාන්තයන් සුගායනයෙන් විචිත්‍රවත් වූ ගී තරු යායකි. ජාතියේ හදවත නිරන්තරයෙන් නින්නාද වන එම ගී යායේ ගී කිහිපයක් මෙසේ පෙළ ගස්වන්නේ හද පිරි සතුටිණි’ හඳ පානේ……. කෝකිලයන්ගේ….. ලංකා ලංකා…… බෝවිටියා දම්…. තෙල් ගාලා හිස පීරන් නෑනෝ…. එම්බා ගංගා…..   

ප්‍රේම තටාකේ මේකයි මැණිකේ  
ආදර රැල්ලයි අර දිව යන්නේ// 
අභිමන් අභිමන් කියලයි මැණිකේ  
ඒ රැලි ඉවුරෙ වදින්නේ   

යොවුන් පෙම්වතුන් යුවළක දෙහද නිපන් ප්‍රේමනීය සිතුවිලි දාමයක චමත්කාරය, හාත්පස සොබා පරිසරයේ උපමා රූපක තුළින් සජීවීව මතු කරමින් ප්‍රේමයේ නිසග රම්‍යතාව සිත්තම් කළ අපූර්වතාවය මෙම ගී පදවැල් තුළින් ප්‍රශස්ත ලෙස සිත්තම් වේ.   

මගේ පෙම් කෝකිලයෝ ඔබේ ගීයේ  
තාලේට නොවැ දිය සුළි කැරකෙන්නේ  
පියුමට පියුමක් හැපෙනවා දැකලයි  
හංස පැටව් මේ හැටි දඟලන්නේ   

තම සුපෙම්වතාගේ සුමධුර ස්වරයේ රිද්මයට අනුගතව දිය සුළි රඟන  
සෙයකි. පෙම්වතිය දකින්නෙ දිය මතුපිට පියුමන් යුග්මයක් දිය සුලියට හසුව එකිනෙක ගැටෙද්දී හංස පොවුවන් වෙතින් ද එම දැඟලුම් ස්වභාවය තමන්ට දැනෙන බැව් යුවතිය කොඳුරයි.  

චම්පා චම්පා කියලයි මැණිකේ  
ඕලු මලේ අර පෙති නැටවෙන්නේ// 
ඔබේ ඉඟ මෙවුලේ මිණි කැට දැකලයි 
මාලු පැටවු මේ දිවගෙන එන්නේ   

සුළඟින් ඕලු පෙති සළිත වන්නේ තම ළබැඳිය අමතන ස්වරයෙන් බැව් තරුණයාට හැඟේ. යුවතිය උකුල වට රැඳී මිණි මෙවුලේ ප්‍රභාශ්වරයෙන් මන්මත් මින් කැළ ඇය වෙත ආකර්ෂණය වූ ස්වරූපයකි ඔහු මනසේ මැවෙන්නේ.   

අනාගතේ මෙහි පෙම් රස විඳිනා  
හදවත් වලයි රසය දැනෙන්නේ // 
ඒකයි මැණිකේ මේ වැව දකිනා  
කොයි මොහොතෙත් මට සුවය දැනෙන්නේ  
ශ්‍රැති රම්‍යතාවෙන් අනූන ප්‍රේම සංවාදයක භාව ප්‍රකාශය, ස්වභාව සෞන්දර්ය හා අපූර්ව ලෙස ගලපමින් චන්ද්‍රරත්න මානවසිංහයන් (1913.6.19 – 1964.9.28) විසින් ගුවන් විදුලියේ උල්පත ගීත නාටකයට තත් ගීතය නිර්මාණය කරන ලද්දේ 50 දශකයේ මැද භාගයේදීය. සංයමයෙන් තොරව ග්‍රාම්‍ය වදන් සංයෝජනයෙන්, අරුත් සුන් ප්‍රේම ගීත නිර්මාණයෙහි නියැළි වර්තමාන ඇතැම් ගීත රචකයින්ට මෙවන් සංයමයෙන් යුත් පැරණි ගී පරිශීලනයෙන් ලද හැකි ආභාසය අති මහත්ය. පණ්ඩිත් ඩබ්.ඩී. අමරදේවයන් (1927.12.5 – 2016.11.3) විසින් සංගීතවත් කොට වජිරා බාලසූරිය (1932.03.21) සමග අලංකරණීය ලෙස ගැයූ මෙම ගුවන් විදුලි ගීතය තුළින් ප්‍රේමනීය හැඟීම් සමුදායක් රසික සිත්හි ජනනය වේ  .

   

 ගායිකා වජිරාවන් පොදු ධර්මතාවක් වූ කාලයාගේ ස්වභාවික මෙහෙයුමට නතු වුවද ඇයගේ භාව පූර්ණ සුමිහිරි කට හඬෙහි කිසිදු වෙනසක් වී නොමැති බව මට පසක් වූයේ ඇයගේ තොරතුරු ලබා ගැනීමට මා ඇය ඇමතූ මොහොතෙහිය. වජිරා බාලසූරිය ගුවන් විදුලියට දායාද කළ ගී අරුණැල්ල අතරින් අතලොස්සක් මෙහි පෙළ ගස්වන්නේ කිසියම් රස වින්දනාත්මක ප්‍රබෝදයක් සමගය. අම්ම මාව දොයි කරන්න හදපු හැටි අගෙයි… සීගිරි ගී සිතුවම් රමණී….. දේ සවස පිනන ගී රාවේ….. රන් තිලකා කෝමල පානී….. වඳිමි සුගත සෑසි පියා…පීනමුකෝ කළු ගඟේ….. . වජිරාවන් ගෙතූ ගී මල් දාමයේ සුදිලෙන ගී පුෂ්පයන්ය.  

 පීනමුකෝ කළු ගඟේ… >  

ඔළු මලේහි සුදෝ සුදෝ 
මගේ සුදාගේ මුහුණ දෝ  
ප්‍රේමෙනි ආලෝක රාත්‍රියේ  
ප්‍රීති ජලාසේ පීනමු…. 
හර්දේ මගේ පෙම් ජලාශයේ  
නේත්‍රේහි කාන්ති වැදී ඔබේ  
පායාලා දේදුන්න සේ නැමේ  
ආලේනි පෙම් නුරා ගනී  
ප්‍රීති ජලාශේ පීනමු….. 
ප්‍රේමෙනි ආලෝක රාත්‍රියේ…..     රුක්මණී සහ අරුණශාන්ති  > 

  image.png

ඔවුන්ගේ හමුව හදවතට ගෙන දුන්නේ අපූර්වතම චමත්කාරයකි. පරිසර ආශ්‍රිත උපමා රූපක වලින් දෙසිතෙහි ප්‍රේමණීය සිතිවිළි මනරම් ලෙසින් සිත්තම් කිරීමට රචකයා ගේ පද සංයෝජනය තීව්‍රර ලෙස උපයෝගී වේ. මනරම් නිශා යාමයකි. ප්‍රේමයෙහි ආලෝකයෙන් රාත්‍රියේ නිසග අඳුර පහව ගිය සෙයකි. ඔහුගේ වත කමල ඇය දකින්නේ විල් තෙර සුපිපි ඕළු මලක ප්‍රභාවය සේය. සිතෙහි නිපන් ප්‍රීතිය නම්වූ ජලාශයේ සිහිලස විඳින්නට ඇය ඔහුට ඇරයුම් කරන්නීය. නෙත් කැළුමින් ඔවුන් සිත් රන්ජනය වූ ස්වභාවය පෑයූ නන් වන් දේදුන්නෙන් සංකේවත්ය. නිසගයෙන්ම රුක්මණියට උරුම වූ ද්වනි පූර්ණ, රස පූරිත සරින් මෙම ගීතය ඇසෙත්, ඇසෙත්ම රසික හදවත් ප්‍රීනනයට පත්වන්නේ ආකස්මික විලසිණි.
රුක්මණී දේවියගේ (1923.1.15 – 1978.10.28) ස්වර මාධුර්යයෙන් රස මනෝ භාවයන් උද්දීපනය කෙරෙන මෙම ගීතය 40 දශකයේදී ගුවන් විදුලියෙන් ප්‍රචාරය වූ අතිශයින්ම ජනප්‍රියත්වයට පත් ගීතයක් සේ සැලකේ  . ලාල් නන්දන කීර්ති (1918.4.7 – 1949.5.8) මෙම ගීතයෙහි රචකයා සේ සැලකේ. දුක සැප නිති පෙරළේ – පින්සර මාගේ සොහොයුරා – මෝරනවා ප්‍රේමේ හදේ,ශාන්ත වේ ප්‍රේමේ’ ගලා කන්දේනී මතුවෙනා  . වන් රුක්මණී දේවිය ගැයූ ගීත රාශියක ප්‍රබන්ධකයා ද අප්‍රකට නන්දන කීර්ති මහතා බව මුල් වරට පෙන්වා දුන්නේ මහාචාර්ය සුනිල් ආරියරත්න සූරීන් විසිනි.

 ගලා කන්දේනී මතුවෙනා – 

Image Source : facebook

 40, 50 දශකයන්හි ගුවන් විදුලියෙන් ප්‍රචාරයට පත් ‘සිරි බුද්ධ ගයා විහාරේ, දැඩි කළ මාතා… තේ පැන් දින දින …. බැඳී කාසි බැම්මෙහි….. රාණි එන්කෝ නැගී’ වන් ගීතයන් වත්මන් පරපුර අතර පවා බෙහෙවින්ම ජනප්‍රියත්වයට පත්ව ඇති සෙයක් විද්‍යමාන වේ.  

image.jpeg  

රුක්මණී දේවිය තරම්, විවිධ සංගීත ස්වරයම ශෛලීන්ට අනුගතව ස්වකීය ස්වරය නම්‍යශීලීව භාවිත කළ ගායිකාවක් මෙතෙක් බිහි නොවූ බැව් පොදු විචාරක මතයයි.   

මුනී නන්දන සිරිපාද වඳිම්   

  image.png

සමනල කන්දේ  
විහිදෙන මොක්ෂ සුගන්දේ 
ශ්‍රී ශාන්ති කරුණා ගුණ ආනන්දේ ලැබිලා  
පිහිටෙන් සුමන සුරින්දේ සිත් පැහැදි  
ලීණි හෙලේ අම්බලමේ සින්දලා ගිමන්  
ධර්මරාජ ගලේ නැගී ගල් පඩි ගණිමින්  
තුන් සරණේ පිහිට පතාලා  
සත්තොසිනේ ඉන් පිටත් වෙලා 
ගෙත්තම් කර සිරිත ලෙසින ගෙත්තම් පානේ  
සීත ගඟුලෙ නාලා සැම පඬුරු බැඳගෙනේ  
මළුව පෙනෙයි යමු නැවතී හැර මිටි පානේ  
සමන් දෙවි කරුණාවයි නඩේ සැමටම සැපවෙයි 

QR   

යූ .ඩී.(උඳුගොඩගේ ධර්මසිරි) පෙරේරා.සහ ග්‍රේටා ජෙනට් පෙරේරා.

 
යථෝක්ත ගීතය ශ්‍රාවක පිරිස් වෙත තත්‍ය ලෙසින් සිරිපා පිනිපා කිරීමේ අත්දැකීම් ස්පර්ශය කරවන සුළුය. සිරිපා ගමනේ සියලු බැතිමත් අසිරිමත් සිදුවීම් මාලාව සංක්ෂිප්ත තාවයෙන්, සජීවිමත් කෙරෙන සුමට පද සංයෝජනයකින් තත් ගීතය පරිපූර්ණය. ශබ්ද හා ද්වනි මාධුර්යෙන් අනූන මෙම ගීතයෙහි නිබන්ධකයා යූ.ඩී. පෙරේරා (උදුගොඩගේ ධර්මසිරි) ය. (1902.2.2 – 1976.12.2) ග්‍රේටා ජෙනට් ද සිල්වා (1923.5.6 – 1962) ශිල්පිනිය එම්.කේ. වින්සන්ට් සමග ගුවන් විදුලියෙන් මෙම ගීය ගායනය කර ඇත්තේ 40 දශකයේ මුල් භාගයේදීය.   

අප මතකයෙන් ගිලිහී ගොස් ඇති යූ.ඩී. පෙරේරා මාස්ටර් 1939 වසරේ කොලොම්බියා ග්‍රැමෆෝන් තැටි සදහා ගීත රාශියක් නිර්මාණය කිරීමට පුරෝගාමී විය . ඔහු ලියූ මුල්ම ගීතය ‘’ ගැයුවේ මොහිදින් බෙග් හා කේ.කේ. රාජලක්ෂ්මී ය. > ‘‘සිළුමිණ සෑය වඳිම් රම්‍ය තව්තිසා භවනේ’’ (අහමඩ් මොහිදීන්) >

හැම දිනකම මේ ලෙස පතමි මෙමා  
දිය කැපුවත් යළි පෙර සේ හා වෙද  
ඒ ලෙස වේ යැයි මගෙ අයියා//  
සුදු නංගී මා ගැන කියනා සිතා  
හැමදාමත් එහෙමයි බොලඳ කථා  
ලෝක පියාගේ දහම ලෙසේ  
ලොව සැමදේ ඇතිවී නැති වෙන්නේ//  

ආචාර්ය ගාමිණී කාරියවසම්.  

 gaminee@gmail.com

ආශ්‍රිත ග්‍රන්ථ;

Denso Wave Incorporated (1994) – QR කේත සංවර්ධනය.

ISO/IEC 18004 – දත්ත සංකේතන සම්මත.

Narayanan, A. et al. (2016) – Computer Security: Principles and Practice.

සහ මුහුණු පොත




Click here to receive your free copy of the eLanka Newsletter twice a week delivered directly to your inbox!
TAGGED:QR CodesQR කේතය
Share This Article
Facebook Whatsapp Whatsapp LinkedIn Email Copy Link Print
Previous Article Gandhi Kannadi Movie Gandhi Kannadi Movie
Next Article British Council Sparking Action to Ignite Change: British Council Youth Climate Ambassadors showcase 24 projects to alleviate climate change at ‘The Climate Spark’
FacebookLike
YoutubeSubscribe
LinkedInFollow
eLanka Wedding
- Advertisement -
Ad image
Most Read
Qld Sri Lankan Newsletter - Dæhæna - June 2026

Qld Sri Lankan Newsletter – Dæhæna – June 2026

WHY ELDERLY PERSONS FEEL LONELY - By N.S.Venkataraman

WHY ELDERLY PERSONS FEEL LONELY ? – By N.S.Venkataraman

ABSC Inc. Hosts Annual Gala Dinner and Launches EKONOMOS Issue 7, 2026

ABSC Inc. Hosts Annual Gala Dinner and Launches EKONOMOS Issue 7, 2026

Ministry of Foreign Affairs, Ministry of Foreign Affairs

Pure Ceylon Tea Shines Globally: Celebrating International Tea Day 2026

Asian Junior Athletics, Asian U20 Athletics Championship 2026, Athletics in Sri Lanka, Dilanma Ransini Gold Medal, Dilanma Ransini Perera,

History Made! Dilanma Ransini Perera Sprints to Gold at 2026 Asian U20 Athletics

Related News
The Remarkable Lumbini and the Priceless Yet Vulnerable Buddhist Heritage of Kapilavastu 10
Articles Dr. Gamini Kariyawasam

අසිරිමත් ලුම්බිණිය සහ කපිලවස්තුපුරයේ අනාරක්ෂිත අමිල බෞද්ධ -by Gamini Kariyawasam

Articles Dr. Gamini Kariyawasam

සිනිමාලිනිය දිවි සිනිමාවෙන් සදහටම සමු ගෙන වසරක් සපිරේ-by Gamini Kariyawasam

Articles Dr. Gamini Kariyawasam

Environmental scientist Anuradha Wickramasinghe, the founder of the world’s first mangrove museum, has passed away-by Gamini Kariyawasam

Baba Vanga and Her Predictions for 2026 06
Articles Dr. Gamini Kariyawasam

Baba Vanga and Her Predictions for 2026-by Gamini Kariyawasam

Articles Dr. Gamini Kariyawasam

Humorous and Thrilling Moments on April Fools’ Day-by Gamini Kariyawasam

  • Quick Links:
  • Articles
  • DESMOND KELLY
  • Dr Harold Gunatillake
  • English Videos
  • Sri Lanka
  • Sinhala Videos
  • eLanka Newsletters
  • Obituaries
  • Sunil Thenabadu
  • Dr. Harold Gunatillake
  • Tamil Videos
  • Sinhala Movies
  • Trevine Rodrigo
  • eLanka Newsletter
  • Photos

eLanka

Your Trusted Source for News & Community Stories: Stay connected with reliable updates, inspiring features, and breaking news. From politics and technology to culture, lifestyle, and events, eLanka brings you stories that matter — keeping you informed, engaged, and connected 24/7.
Kerrie road, Oatlands , NSW 2117 , Australia.
Email : info@eLanka.com.au / rasangivjes@gmail.com.
WhatsApp : +61402905275 / +94775882546
  • About eLanka
  • Terms & Conditions

Disclaimer:
eLanka is committed to sharing positive and community-focused stories. We do not publish or endorse political, religious, or ethnic viewpoints. The content published on eLanka, including articles and newsletters, reflects the opinions and views of the respective authors and not those of eLanka. eLanka accepts no responsibility or liability for the accuracy, completeness, or consequences of any content provided by contributors.

(c) 2005 – 2025 eLanka Pty Ltd. All Rights Reserved.