යුග යුග වින්දනීය ගී උල්පත – සරත් විමලවීර අනුස්මරණය. – By ආචාර්ය ගාමිණී කාරියවසම්. මුළු මහත් ජාතියේම ළමා පරපුර නිවැරදිව සිතන්නට, ඔවුන් මනස පුබුදාලන්නට “හිතන්නකෝ අයියේ …” ආදරේ ඇයි පොඩි හද මාමේ…” වන් හරවත් ගී සමුදායක් දැයට දායාද කළ, ආනන්ද සරත් විමලවීර ශුරීන් දැයෙන් සමු ගෙන මෙම දෙසැම්බර 11 වෙනි දිනට 30 වසරක් සපිරේ.ආනන්ද සරත් විමලවීර ශුරීන් අභාවප්‍රාප්තවුයේ ,1993 වසරේ දෙසැම්බර් 11 වන දිනය. සරත් ආනන්ද විමලවීර ශුරීන් ,1927 නොවැම්බර් 27 වැනි දින ජන්ම ලාභය ලබන්නේ කඩුවෙල හංවැල්ලේ ග්රාමයේදීය.කැළණිය ගුරුකුල විද්‍යාලයෙන් ප්‍රාථමික අධ්‍යාපනය ලබන සරත් විමලවීරයන් ස්වකීය ද්වීතියික අධ්‍යාපනය ලැබීමට යොමු වන්නේ කොළඹ ආනන්ද විදුහල වෙතය. ඔහු 1948 වසරේදී හාපුරා සිය වෘත්තීය ජීවනය අරඹන්නේ ලේක්හවුස් ආයතනයෙහි භාෂා පරිවර්තකයෙක් ලෙසිනි.හේ 1951 නොවැම්බර් 07 දින ගුවන්විදුලියේ නිවේදකයෙක් ලෙස පත්වේ.ඔහු විවාහ ප්‍රාප්ත වන්නේ,මාලණී ධනවලවිතාන සමගය.ඔවුනගේ විවාහ මංගල්‍යයේ දෙවන මනාලයා වුයේ,ඔහුග සමකාලීන නිවේදකයෙක්වූ කරුණාරත්න අබේසේකර මහතාය. තම එකම පුත් ජනක රිය අනතුරකින් අකාලයේ මිය යාම නිසා , සරත් සිය අභාවය දක්වා දිවිය ගත කලේ මහත් කනස්සල්ලෙනි. විවාහ මංගල්‍යය චායා රූපයේ,වම් පස දෙවන මනාලයා ලෙස පෙනී සිටින්නේ කරුණාරත්න අබේසේකරයන්ය. ඔහුගේ සහජ නිපුණතා විමසා බැලීමේදී ,ගුවන්විදුලි ළමා ගීත සාහිත්‍යයක් නිර්මාණය කිරීමෙහිලා ...
Dec 12, 2023
Posted
Articles, Dr. Gamini Kariyawasam
Tagged ආචාර්ය ගාමිණී කාරියවසම්, ආදරේ ඇයි පොඩි හඳ මාමේ, චන්ද්‍රා කබ්රාල්, ලේක්හවුස්, වේවා ඔබ මගේ සුදු අයියා, සරත් විමලවීර