News & Community eLanka

eLanka

Friday, 10 Apr 2026
  • Home
  • Read History
  • Articles
    • eLanka Journalists
  • Events
  • Useful links
    • Obituaries
    • Seeking to Contact
    • eLanka Newsletters
    • Weekly Events and Advertisements
    • eLanka Testimonials
    • Sri Lanka Newspapers
    • Sri Lanka TV LIVE
    • Sri Lanka Radio
    • eLanka Recepies
  • Gallery
  • Contact
Newsletter
Sri lankan news
  • eLanka Weddings
  • Property
  • eLanka Shop
  • Business Directory
eLankaeLanka
Font ResizerAa
Search
  • Home
  • Read History
  • Articles
    • eLanka Journalists
  • Events
  • Useful links
    • Obituaries
    • Seeking to Contact
    • eLanka Newsletters
    • Weekly Events and Advertisements
    • eLanka Testimonials
    • Sri Lanka Newspapers
    • Sri Lanka TV LIVE
    • Sri Lanka Radio
    • eLanka Recepies
  • Gallery
  • Contact
Follow US
© 2005 – 2026 eLanka Pty Ltd. All Rights Reserved.
Home » Goodnews Stories Srilankan Expats » Articles » “The Japanese philosophy: ‘One time – One meeting’”-by Gamini Kariyawasam
ArticlesDr. Gamini Kariyawasam

“The Japanese philosophy: ‘One time – One meeting’”-by Gamini Kariyawasam

eLanka admin
Last updated: March 21, 2026 1:47 pm
By
eLanka admin
ByeLanka admin
Follow:
Share
64 Min Read
SHARE
Views: 241

                    ජපන් ජීවන  දර්ශනය “එක් වරක් – එක් හමුවක් ”-by Gamini Kariyawasam

Dr.Gamini Kariyawasam.

 

elanka

Image Source:Triptojapan

elanka

Image Source:Jref

                                                      ජපානයේ යොකෝමාහි  පිහිටි සුප්‍රකට කනසාවා බන්කෝ ජාතික කෞතුකාගාරය ආශ්‍රිත පුස්තකාලය 

ජපානයේ යොකෝමාහි  පිහිටි සුප්‍රකට කනසාවා බන්කෝ ජාතික කෞතුකාගාරය ආශ්‍රිත පුස්තකාලය පරිශීලනය කිරීමට , වසර කිහිපයකට පෙර  ජපානයේ සංචාරයක නියැළී සිටියදී මා වෙත අපුර්ව අවස්ථාවක් සැලසිණි .කනසාවා බුන්කො පුස්තකාලය  1275 වසරේදී ,ජපන් අධිරාජ්‍ය  Hōjō Yoshitoki ගේ අනුග්‍රහයෙන් , විවෘත කරන ලදකි. එහි  ජපානයේ අසමසම වූ සම්භාව්‍ය, ඉතිහාස, කාව්‍ය, රචනා, නවකතා මෙන්ම වෛද්‍ය හා ජ්‍යෝතිශ  ශාස්ත්‍රීය ග්‍රන්ථවල විශාල එකතුවක් දක්නා ලැබේ.

මෙම පුස්තකාලයට මා කැදවා ගෙන ගිය ,ජපානයේ මා මිත්‍ර     යොශිනොරි කුසේ  මහතා මෙහිදී කෘතවේදීත්වයෙන් යුතුව ස්මරණය කරමි.  

Yoshinori Kuse-eLanka

එහිදී ,තේ උත්සව මාර්ගෝපදේශ, Zen ලේඛන, සහ සෞන්දර්යමය සාහිත්‍ය (බෂෝගේ ගමන් සටහන්, Genji Monogatar )  ආදි ඉපැරණි ලේඛන කිහිපයක් පරිශීලනය කිරීමට අවස්ථාව සැලසිනි.එහිදී Ichi-go Ichi-e යන,ජීවිතයේ වෙනස්වන සුළු බව,අනිත්‍යතාව මතු කරන , ඉපැරණි ජපන් සංකල්පය පිළිබදව තොරතුරු සමුදායක් එක්රැස් කර ගැනීමට හැකිවිය.ඒ සදහා මා සමග සිටි මගේ ජපන් මිත්‍ර යොශිනොරි කුසේ මහතා ගෙන් ලද අනුග්‍රහය ද සුළුපටු නොවේ.

එහිදී උකහා ගත්  අන්තර්ගතයෙන් විහිදෙන අධ්‍යාත්මීය සුවඳ,විඳ දරා ගැනීමට,සිංහල පාඨකයින්ට අවස්ථාවක් සලසාලීම   කෙරෙහි මගේ අවධානය යොමුවිය.

   “Ichi-go Ichi-e”  ජපන් සංකල්පය.

මෙම සංකල්පය   බුදු දහමට අනුකුල,ලොව අනිත්‍ය ස්වභාවය මැනවින් ප්‍රත්‍යක්ෂ කරවන සුළු දර්ශනයකි.

 ජීවිතය ගලායන නදියකට සමය. අප නදී තෙරකට සමීපව , පාද වතුරෙහි ස්පර්ශ කර,ගොඩට පැමිණ, යළි  දෙපා ගං දිය මත තැබුවහොත් ,එහි ස්පර්ශ වන්නේ ,කලින් පහස ලද ජල ප්‍රවාහය ම   නොවේ. ගලා යන එකම දිය දහරකට දෙවරක් පා තැබිය නොහැකි අයුරින් ම , අප ගත කරන එකම මොහොතක් යළි ඒ අයුරින් ම නොඑළඹෙන බව සිහියේ තබා ගැනීම අත්‍යන්තයෙන් ම වැදගති.ජපන් සංස්කෘතියේ “Ichi-go Ichi-e” සංකල්පය මතු කරවන්නේ නිරන්තරයෙන් වෙනස්වන සුළු තත්  ස්වරූපයයි.අනිත්‍යතාවයයි.

සතුට,සොම්නස රැදී පවත්නේ ,අප”දැන්”ලෙසින් හදුන්වන මේ මොහොතෙහිය. මිතුරෙක් හමු වූ විට,ඒ ඔහු හමුවන  අවසාන  අවස්ථාව සේ සලකා ඔහු  හා හොඳින් කතා කරන්න.සලකන්න.

සෑම හමුවීමක්ම තම ජීවිතයේ අවසන් හමුවීම විය හැකි ය යන සංකල්පය වැළඳගත්, පුද්ගලයා වෙත මතු කනස්සල්ල සමීප නොවේ .මෙදියත සොදුරුතාව,මිහිරියාව   මතු වන්නේ ,එය සදාතනි ක නිසා නොව, එය ඉතා ඉක්මනින් වෙනස් වන ස්වභාවයෙන් යුක්ත වන නිසාය.

කලින් පෙන්වා දුන් අයුරින්  “Ichi-go Ichi-e” යනු “එක් වරක්, එක් හමුවක්” ලෙස අර්ථ ගැන්වෙන බැවින් , මිනිස් ජීවිතයේ සිදුවන සෑම හමුවක්ම නැවත එලෙසම සිදුනොවන , ඒකායික අවස්ථාවක් ලෙස සැළකේ . වර්තමානයේ මෙම සංකල්පය , මානසික සුවතාව,මනා මානව  සම්බන්ධතා, සහ අවධානය (mindfulness) පිළිබඳ වැදගත් දර්ශනයක් ලෙස වර්ධනය වී ඇත. මෙම ලිපිය  , Ichi-go Ichi-e හි ඉතිහාසය, දාර්ශනික පදනම්, සංස්කෘතික භාවිතය සහ එය වත්මන් යුගයට කෙතරම් වැදගත් ද යන්න  විමර්ශනය පිණිස ගත්  ප්‍රයත්නයකි..

ඩිජිටල් තාක්ෂණයෙන් සංකීර්ණ වූ , වේගවත් ජීවන  රටාවක් පවතින නවීන සමාජය තුළ, මිනිසා බොහෝවිට වත්මන් මොහොත,එළඹි නිමේෂය  අමතක කරයි. එවන් පසුබිමක, Ichi-go Ichi-e යනු සෑම හමුවක්ම විශේෂයක් ලෙස සලකා, ඒ මොහොතෙහි  සම්පූර්ණයෙන්ම ජීවත්වීම සඳහා උද්බෝධනය කරවන දර්ශනයකි.

 

elanka

Image Source:Jref

පුස්තකාලය ආශ්‍රිත ආරාමයේ සෙන් බොදු නටබුන්.

 ඉතිහාසමය පසුබිම.

මෙම සංකල්පය ප්‍රචලිත කරනු ලැබූයේ ජපන් තේ සම්ප්‍රදාය හදුන්වා දුන්  Sen no Rikyū (1522–1591) විසිනි. ඔහුගේ ඉගැන්වීම් තුළ සරලභාවය, විනීතභාවය සහ අවධානය යන ගුණාංගත්‍රය  ප්‍රධානවේ. .

 දාර්ශනික පදනම් (Philosophical Foundations)

1 අනිත්‍යභාවය (Impermanence – 無常 / Mujo) ;

බෞද්ධ දර්ශනයේ “අනිත්‍ය” යන සංකල්පය මෙහි මූලිකාංගයයි. සෑම දෙයක්ම වෙනස්වන අතර, කිසිවක් ස්ථිර නොවේ. ඒ අනුව, සෑම හමුවක්ම නැවත නො එළඹෙන එකක් වේ.

2 අවධානය සහ වර්තමාන මොහොත (Mindfulness);

මෙම දර්ශනය මඟින් වර්තමාන මොහොතේ සම්පූර්ණයෙන්ම ජීවත්වීමට, අවධානයෙන් සිටීමට පුහුණු කරව යි.

3 වාබි-සාබි (Wabi-Sabi Aesthetic) ;

සරලභාවය සහ කාලික සුන්දරත්වය අගය කරන ජපන් දර්ශනයක් වන Wabi-Sabi සමඟ Ichi-go Ichi-e සංකල්පයෙහි   සමීප සබදතාවයක් පවතී..

ජපන් තේ උත්සවය (茶道, Sadō / Chado / Chadō)

elanka

Image Source:Istockphoto

 ජපන් තේ උත්සවය යනු මැචා (කුඩු කළ හරිත තේ) සකස් කිරීම, පිළිගැන්වීම සහ පානය කිරීම වටා කේන්ද්‍රගත වූ සාම්ප්‍රදායික චාරිත්‍රය විධියකි. එම පිළිවෙතින් , තේ පානය කිරීමට වඩා , පුළුල් ජීවන දර්ශනයක් සමාජ ගත කිරීමක් කුළු ගැන්වෙයි. සමගිය, ගෞරවය, පාරිශුද්ධත්වය සහ සන්සුන් භාවය පිළිබිඹු කරන අධ්‍යාත්මික හා සෞන්දර්යාත්මක අත්දැකීමක් ,ජපන් සම්ප්‍රධායික තේ පාන  උත්සවයෙන් ලද හැකිය.

මෙම ලිපිය මගින්  ජපාන සෞන්දර්යකාමී   දර්ශනයක් වන Wabi-Sabi, බුද්ධ ධර්මයේ මූලික සංකල්පයක් වන සංස්කාර සහ ජපාන සංස්කෘතියේ වැදගත් සංකල්පයක් වන Ichi-go Ichi-e අතර ඇති ගැඹුරු සම්බන්ධතාවය විශ්ලේෂණය කෙරේ . මෙම සංකල්ප තුනම අනිත්‍යභාවය (impermanence), අපූර්ණත්වය, සහ මොහොතක අගය කිරීම යන මූලධර්ම වටා ගොඩනැගී ඇත.

  1. හැදින්වීම.

ලෝක දාර්ශනික ඉතිහාසයේ, “අනිත්‍යභාවය” පිළිබඳ අවබෝධය මූලික ස්ථානයක් ගනී. බුද්ධ ධර්මය තුළ එය අනිච්ච ලෙස විස්තර වන අතර, ජපානයේ එය සෞන්දර්යමය වශයෙන් Wabi-Sabi ලෙස ප්‍රකාශ වේ. එයට අමතරව, ජීවිතයේ එක් මොහොතක අගය අවධාරණය කරන Ichi-go Ichi-e සංකල්පය, මෙම දර්ශනික පදනම තවදුරටත් ගැඹුරු කරයි.

  1. Wabi-Sabi:අපූර්ණත්වයේසෞන්දර්යය

Wabi-Sabi යනු “අනිත්‍ය සහ අසම්පූර්ණ දේවල සුන්දරත්වය” අගය කරන ජපාන සෞන්දර්යමය දර්ශනයකි

එය පහත ලක්ෂණයන්ගෙන් සමන්විත වේ:

සරලත්වය (simplicity)

අසමමිතිකභාවය (asymmetry)

ස්වභාවිකත්වය (naturalness)

කාලය ගතවීමේ ලකුණු (aging, patina)

මෙය Zen බුද්ධ දර්ශනයේ අනිත්‍යභාවය (mujō) හා සම්බන්ධ වන අතර, වස්තුන්  නිතරම වෙනස් වන බව පිළිගනී

  1. සංස්කාර(Saṅkhāra): බුද්ධ දර්ශනයේ පදනම

සංස්කාර යනු බුද්ධ ධර්මයේ “සංයුක්තව නිර්මාණය වූ සියලු දේ” යන අර්ථය දක්වයි.

එහි ප්‍රධාන ලක්ෂණ:

සියලු දේ හේතු-ප්‍රතිඵල මත ඇතිවෙයි

සියලු දේ අනිත්‍යය

කිසිවක් ස්ථාවර නොවේ

මෙය Wabi-Sabi හි සෞන්දර්යමය අර්ථය සමඟ සෘජුව සම්බන්ධ වේ.

 Wabi-Sabi යනු සංස්කාර සත්‍යයේ අලංකාර අර්ථකථනයක් ලෙස සැලකිය හැක.

  1. Ichi-go Ichi-e:මොහොතකඅගය

Ichi-go Ichi-e යනු “එක් වරක් පමණක් සිදුවන හමුවීමක්” ලෙස අර්ථ දක්වන ජපාන සංකල්පයකි

සෑම මොහොතක්ම නැවත නොලැබෙන එකක්

සෑම අත්දැකීමක්ම එක්වරක් පමණක්

මෙය Zen බුද්ධ දර්ශනය හා සම්බන්ධව, ජීවිතයේ කාලීන ස්වභාවය අවධාරණය කරයි.

  1. සංකල්පතුන අතර සම්බන්ධය (Comparative Analysis)

සංකල්පය     මූලික අදහස           දාර්ශනික භූමිකාව

සංස්කාර සියල්ල වෙනස් වේ                   දාර්ශනික සත්‍ය (Truth)

Wabi-Sabi වෙනස්වීම තුළ සුන්දරත්වය සෞන්දර්යය (Aesthetic)

මෙම සංකල්ප තුන එකට ගත් විට, අපට පැහැදිලි වන්නේ:

ජීවිතය අනිත්‍යය (Buddhism)

එය සෞන්දර්යාත්මකය  (Wabi-Sabi)

එය අගය කළ යුතුයි (Ichi-go Ichi-e).

Wabi-Sabi, සංස්කාර සහ Ichi-go Ichi-e යන සංකල්ප තුනම, එකම දාර්ශනික මූලයක්—අනිත්‍යභාවය—වටා ගොඩනැගී ඇති බැව් පැහැදිලිවේ.

මෙම සංකල්පයන් එකට ගත් විට, අපට ලැබෙන ප්‍රධාන පණිවිඩය වන්නේ ; සියල්ල වෙනස් වන නිසා, ඒ වෙනස්වීම තුළ සුන්දරත්වය දැක, සෑම මොහොතක්ම අගය කරමින් ජීවතය හැඩගස්වා ගැනීම උත්තරීතර බවය.

ජපානයේ මිනිසුන් දෛනික ජීවිතයේද මෙම දර්ශනය භාවිතා කරමින්, සෑම සම්බන්ධතාවයක්ම ගෞරවයෙන් සහ සත්‍යතාවයෙන් පවත්වාගෙන යන බැව් නිරීක්ෂනයවේ.

හයිකු (Haiku) කාව්‍ය තුළ කෙටි මොහොතක අත්දැකීමක් අල්ලා ගැනීම, Ichi-go Ichi-e දර්ශනයේ ප්‍රතිබිම්බයක් වේ.

elanka

Image Source:Sutori

සඳ නැති රැය

තද සුළං රැළි ඇවිත්

වැළඳගෙන 

ඉපැරණි දේවාදාර ගස්

-බෂෝ-

                                මෙම  Ichi-go Ichi-e යන සංකල්පය නිතැතින්ම අප මතකයට නගෙන්නේ, බුදු දහමේ ඉතා වැදගත් ඉගැන්වීමක් වන සතියයි.සතිය යනු සිහියයි.නිවන් මගෙහි නිවැරැදි සිහිය පිහිටුවා ගැනීම  හඳුන්වා දෙනු ලබන සූත්‍ර දේශනාව සතිපට්ඨාන සූත්‍රයයි. අතීතයෙහි  නොඇළී , අනාගතයෙහි  නොඅලසවී , වර්තමානය  සතියෙන් සිටීමේ වැදගත්කම මතු කෙරෙන සූත්‍ර දේශනා රාශියක් ත්‍රිපිටකයේ සඳහනි. ඛණික සමාධි සූත්‍රය, භද්දෙකරත්ත සූත්‍රය,උපජ්ජතඵල සූත්‍රය, ඉට්ටිවත්තක සූත්‍රය, ඉඳ්‍රියභාවන සූත්‍රය,ඛග්ගවිසුඛ සූත්‍රය එවන් සූත්‍ර අතරින් කිහිපයකි.

සේයාරු  අනුග්‍රහය  > Kanazawa Bunko | Japan Reference සහ මුහුණු පොත




Click here to receive your free copy of the eLanka Newsletter twice a week delivered directly to your inbox!
TAGGED:Japanese philosophy
Share This Article
Facebook Whatsapp Whatsapp LinkedIn Email Copy Link Print
Previous Article The Brad & Kiara Show The Brad & Kiara Show
Next Article Obituary-Sheila Wijeratne Nee Ranasinghe Age-eLanka Obituary: Sheila Wijeratne Nee Ranasinghe Age 101 (16.09.1925 – 14.03.2026)
FacebookLike
YoutubeSubscribe
LinkedInFollow
Most Read
10 Pictures With Fascinating Stories Behind Them!

“A PICTURE SPEAKS A 1000 WORDS” – By Des Kelly

Look past your thoughts so you may drink the pure nectar of this moment

A Life Hack for when we’re Burnt Out & Broken Down – By Uma Panch

Narration of the History of our Proud Ancestral (Orang Jawa) Heritage. by Noor R. Rahim

eLanka Weddings

eLanka Marriage Proposals

Noel News

Noel News

Noel News

Noel News- By Noel Whittaker

Appreciation: Eileen Mary Sibelle De Silva

K.K.S. Cement Factory

Dr.Harold Gunatillake’s 90th Birthday party

Sri Lanka's women's cricket squad in Melbourne

Cricket: Sri Lanka’s women’s squad in Melbourne

- Advertisement -
Ad image
Related News
Sri Lanka Association of NSW 03
Articles

Sri Lanka Association of NSW-Proudly Hosting Sri Lankan Paralympic Champions

Windies Cricketers-eLanka
Articles

Channa Gunasekera Featured by CRICKETIQUE in 2012

Ceasefire-Dr Harold Gunatillake
Articles Dr Harold Gunatillake

Ceasefire-Dr Harold Gunatillake

Baba Vanga and Her Predictions for 2026 06
Articles Dr. Gamini Kariyawasam

Baba Vanga and Her Predictions for 2026-by Gamini Kariyawasam

World’s first concert a blind orchestra backing a recording artiste from Australia
Articles

World’s first concert a blind orchestra backing a recording artiste from Australia- Derrick Junkeer

  • Quick Links:
  • Articles
  • DESMOND KELLY
  • Dr Harold Gunatillake
  • English Videos
  • Sri Lanka
  • Sinhala Videos
  • eLanka Newsletters
  • Obituaries
  • Sunil Thenabadu
  • Dr. Harold Gunatillake
  • Tamil Videos
  • Sinhala Movies
  • Trevine Rodrigo
  • Photos
  • eLanka Newsletter

eLanka

Your Trusted Source for News & Community Stories: Stay connected with reliable updates, inspiring features, and breaking news. From politics and technology to culture, lifestyle, and events, eLanka brings you stories that matter — keeping you informed, engaged, and connected 24/7.
Kerrie road, Oatlands , NSW 2117 , Australia.
Email : info@eLanka.com.au / rasangivjes@gmail.com.
WhatsApp : +61402905275 / +94775882546
  • About eLanka
  • Terms & Conditions

Disclaimer:
eLanka is committed to sharing positive and community-focused stories. We do not publish or endorse political, religious, or ethnic viewpoints. The content published on eLanka, including articles and newsletters, reflects the opinions and views of the respective authors and not those of eLanka. eLanka accepts no responsibility or liability for the accuracy, completeness, or consequences of any content provided by contributors.

(c) 2005 – 2025 eLanka Pty Ltd. All Rights Reserved.