News & Community eLanka

eLanka

Saturday, 11 Apr 2026
  • Home
  • Read History
  • Articles
    • eLanka Journalists
  • Events
  • Useful links
    • Obituaries
    • Seeking to Contact
    • eLanka Newsletters
    • Weekly Events and Advertisements
    • eLanka Testimonials
    • Sri Lanka Newspapers
    • Sri Lanka TV LIVE
    • Sri Lanka Radio
    • eLanka Recepies
  • Gallery
  • Contact
Newsletter
Sri lankan news
  • eLanka Weddings
  • Property
  • eLanka Shop
  • Business Directory
eLankaeLanka
Font ResizerAa
Search
  • Home
  • Read History
  • Articles
    • eLanka Journalists
  • Events
  • Useful links
    • Obituaries
    • Seeking to Contact
    • eLanka Newsletters
    • Weekly Events and Advertisements
    • eLanka Testimonials
    • Sri Lanka Newspapers
    • Sri Lanka TV LIVE
    • Sri Lanka Radio
    • eLanka Recepies
  • Gallery
  • Contact
Follow US
© 2005 – 2026 eLanka Pty Ltd. All Rights Reserved.
Home » Goodnews Stories Srilankan Expats » Articles » මෝඩයන් ගේ දිනයේ හාස්‍ය සහ ත්‍රාසය . – By ආචාර්ය ගාමිණී කාරියවසම්.
ArticlesDr. Gamini Kariyawasam

මෝඩයන් ගේ දිනයේ හාස්‍ය සහ ත්‍රාසය . – By ආචාර්ය ගාමිණී කාරියවසම්.

eLanka admin
Last updated: March 30, 2025 8:50 am
By
eLanka admin
ByeLanka admin
Follow:
Share
7 Min Read
SHARE
Views: 5

මෝඩයන් ගේ දිනයේ හාස්‍ය සහ ත්‍රාසය . – By ආචාර්ය ගාමිණී කාරියවසම්.

මෝඩයන් ගේ දිනය

Image Source : linkedin

first of April

2025 වසරේ අප්‍රේල් 01 වන දින , මෝඩයින්ගේ දිනය අප හමුවට එළැඹ ඇත.මෙම නිමේෂයේ,වසර ගණනාවකට ඉහත,අප්‍රේල් පළමු වැනිදාක මෝඩයින්ගේ දිනයකදී, මට මුහුණ දීමට සිදුවූ, හාස්‍ය ජනක අත්දැකීමක් මගේ මතකයට නැගෙන්නේ නිතැතිනි.එය මගේ ජීවිතයට අමතක නොවන සුළු අත්දැකීමකි. එවකට මම,ජර්මනීයේ  බොන් ප්‍රාන්තයේ, ශ්‍රී ලංකා කොන්සල් ජනරාල් ලෙසින් රාජකාරියෙහි නිරතව  සිටියෙමි.

එදවස මා මුහුණ දුන් එම  සිද්ධිය  පිළිබඳව,2025 මෝඩයන්ගේ දිනයේදී  මෙවන් සටහනක් තැබීමට මසිත පෙළඹුනේ,එහි පවත්නා අපුර්ව ස්වභාවය  නිසාමය.

2004 අප්‍රේල් 01 වන දින උදෑසන  මා සුපුරුදු පරිදි  කාර්යාලයට පිවිස ,අසුන් ගත්තා පමණි.මගේ නිල කාමරයේ දොර තල්ලු කර ගෙන,මා කිසි දිනෙක දැක නැති, ජර්මන් තරුණියක මා අසලට දිව ආවාය. ඇගේ අතේ තිබු මුවහත් කතුර දුටු මට ,මේ  සිදුවන්නට යන්නේ කුමක්දැයි අදහා ගත නොහැකි විය . මා පුටුව පසෙකට ලා හුන් අසුනෙන් නැගී සිටිත් ම ,එම තරුණිය මා සමීපයට ම පැමිණ ,මා පැළද සිටි ටයි පටියෙන් ඇද්දේ රෞද්‍ර විලාශයකින් නම් නොව, සිනා සපිරි මුව මඩලකින් යුක්තවය. ඕ තම අතවූ කතුරෙන්, මා ගෙළ  පැළඳී ටයි පටිය කපනවාත්  සමග ම, මම  ඇය  පසෙකට තල්ලු කළෙමි.ඒ වන විටත් කපා ගත්  ටයි පටියේ කොටසක් ඇය අතේ රැදී තිබිණි.ඇය එය  ලෙලවමින්,සමීපයට පැමිණ  මා තරයේ වැළද ගෙන ,මගේ දෙකොපුල් සිප ගත්තාය.මා සීනුව නාද කලේ ,ආරක්ෂක නිලධාරියා කැදවා ගැනීම පිණිසය.ඒ සැණින් කාර්යාලයේ සියලු දෙනා මගේ කාමරයට කඩා වැදුනේ මා විමතියට පත් කරවමිනි.

මගේ පෞද්ගලික සහකාර ,ජර්මන් ජාතික මාටිනා නම් යුවතිය  අත මල් කළඹක් සහ දුඹුරු පැහැ අළුත් ටයි පටියක්  විය. ඇය,ඒවා  මා වෙත පිරිනැමීමට පෙර , ලේන්සුවකින් මා දෙකොපුල පිස දමා, ලේන්සුව පැමිණි පිරිස  වෙත පෑවේ, එහි තැවරී තිබු රත් පැහැ දෙතොල් සායම් ප්‍රදර්ශනය කරවමිණි.මා ඉදිරිපිට සිටි කාර්ය මණ්ඩලය සිනහ සලමින් අත්පුඩි ගැසූහ. අනතුරුව  මාටිනා, මල් කළඹ සහ ටයි පටිය මවෙත තිළිණ කලේ  ඉංග්‍රීසි බසින්  වදන් චිත්‍රයක් මවමිනි.

“සර් අද අප්‍රේල් පළමුවැනිදා,අප්‍රේල් පළමුවැනිදා මෝඩයාගේ දවස සිහිපත් කිරීමේ පැරණි ජර්මන් සම්ප්‍රදායක් මේක.ඒ  අනුව ,කාර්යාලයේ ප්‍රධානියා ගේ ටයි පටිය කපා,ඔහු වැළද ගෙන සිප ගැනීමේ චාරිත්‍රය අප ඉටු කලේ ,ඔබතුමාව විශ්මයට පත් කරන ගමන් සුබ පතන්න.ජර්මන් භාෂාවෙන් මෝඩයාගේ දිනය හඳුන්වන්නේ  Aprilscherz කියල.අද මෝඩයාගේ දිනය සමරන්න  ජර්මනිය  පුරා විවිධ සංස්කෘතික උත්සව පැවැත්වෙනවා. …”

:(“Sir, today is the first of April. It’s an old German tradition, commemorating April Fool’s Day. According to it, we performed the ritual of cutting the tie of the head of the office, kissing his cheeks, to congratulate you while surprising you. Fool’s Day in German language is called ‘Aprilscherz’, and various cultural festivals are held across Germany to celebrate the day.”)

first of April.

මගේ පෞද්ගලික සහකාර ,ජර්මන් ජාතික මාටිනා නම් යුවතිය සහ කාර්ය මණ්ඩලයේ කිහිප දෙනෙක්, ඉහත  සිද්ධියට පසුව ඡායාරූපයකට පෙනී සිටිමින් ( මෙහි මා පැළඳ සිටින්නේ, මෝඩයාගේ දින  මා වෙත තිළිණ කළ,දුඹුරු පැහැ කර පටිය බව සලකා ගැනීම යෙහෙකි.) එදින සවස් යාමයේ කාර්ය මණ්ඩලය ,මෝඩයාගේ දිනය සැමරීමට සාදයක් ද සංවිධානය කර තිබිණි.

first of April.

Image Source : appletoncreative.com

යථෝක්ත  අපූර්ව සිදුවීම සනිටුහන් කරන මොහොතේ, මෝඩයන්ගේ දිනයෙහි ආරම්භය සහ විවිධ රටවල එම දිනය උත්සව ශ්‍රීයෙන් සමරන  අවස්ථා පිළිබඳව විමසා  බැලීම කෙරෙහි මගේ අවධානය යොමු විය.

first of April.

Image Source : .moneyweb.co.za

මෝඩයන්ගේ දිනයේ යටගියාව.

අප්‍රේල් මෝඩයන්ගේ දිනයේ ඉතිහාසය සහ ගෝලීය සැමරුම්

වාර්ෂිකව අප්‍රේල් 1 වන දින සමරනු ලබන අප්‍රේල් මෝඩයන්ගේ දිනය විහිළු, සහ සෙල්ලක්කාර රැවටීම් සඳහා කැප වූ දිනයකි.එහි මූලාරම්භය තරමක් අද්භූත ජනකය.මෙදින මිනිසුන්  මෝඩයාට ඇන්දවීමේ සම්ප්‍රදාය බොහෝ රටවල වැලඳගෙන ඇති හාස්‍ය ජනක සැමරුම් උත්සවයකි.

අප්‍රේල් මෝඩයන්ගේ දිනයේ නිශ්චිත මූලාරම්භය ඉතිහාසඥයින් අතර විවාදයට ලක් වේ. එය 1582 දක්වා, XIII ග්‍රෙගරි පාප්තුමාගේ නියෝගය යටතේ ප්‍රංශය ජුලියන් සිට ග්‍රෙගෝරියන් දින දර්ශනයට මාරු වූ කාලය දක්වා දිව යයි.නව දින දර්ශනය  වෙනස හඳුනා ගැනීමට අපොහොසත් වී මාර්තු අග නව වසර සැමරූ අය “අප්‍රේල් මෝඩයන්” ලෙස උපහාසයට ලක් විය.

තවත් සමහරු විශ්වාස කරන්නේ, මිනිසුන් වෙස්වළාගෙන එකිනෙකා රැවටීමට උපක්‍රම යෙදූ මාර්තු මස අවසානයේදී සමරනු ලබන හිලාරියා හි රෝම උත්සවය,ඉන්දියාවේ හෝලි සැමරුම වැනි පුරාණ උත්සව සම්ප්‍රදායන්ට සම්බන්ධ බවය. එහි නිශ්චිත මූලාරම්භය කුමක් වුවත්, 18 වන සියවස වන විට, අප්‍රේල් මෝඩයන්ගේ දිනය යුරෝපය පුරා පුළුල් ලෙස ව්‍යාප්තව , විවිධ විහිළු සම්ප්‍රදායයන් ඊට එක් වී ඇත.

අප්‍රේල්  මෝඩයන්ගේ දිනය සමරන රටවල්

එක්සත් ජනපදය සහ කැනඩාව – උතුරු ඇමරිකාවේ, මෙම දිනය සමරනු ලබන්නේ ප්‍රෝඩාවන් සහ ප්‍රායෝගික විහිළු කරන පුද්ගලයින් සහ මාධ්‍ය ආයතන විසිනි. ප්‍රවෘත්ති සංවිධාන සමහර විට ව්‍යාජ ප්‍රවෘත්ති ප්‍රකාශයට පත් කරන අතර ඒවා පසුකාලීනව විහිළුවක් ලෙස අනාවරණය වේ.

එක්සත් රාජධානිය සහ අයර්ලන්තය – සම්ප්‍රදායිකව, විහිළු ක්‍රීඩා කරනු ලබන්නේ දහවල් වන තෙක් පමණි. මධ්‍යහ්නයෙන් පසු දිගටම විහිළු කරන ඕනෑම අයෙකු “අප්‍රේල් මෝඩයා”ලෙස සැලකේ.

ප්‍රංශය – “Poisson d’Avril” (අප්‍රේල් මත්ස්‍යයා) ලෙස හැඳින්වෙන කඩදාසි මාළු අලවා  , “Poissond’Avril!” යනුවෙන් සමුහයක් එක්ව ඝෝෂණයෙහි යෙදෙත්.

ස්කොට්ලන්තය සම්ප්‍රදායිකව, අප්‍රේල් මෝඩයන්ගේ දිනය දින දෙකක් පුරා  උත්සව පවත්වති. පළමු දින, මෝඩ වැඩ සඳහා මිනිසුන් යොමු කිරීම සිදුකෙරේ. දෙවන දිනය, “ටේලි ඩේ” නොහොත්  පුද්ගලයින්ගේ පිට  මත “මට පයින් ගසන්න” යන සලකුණු තැබීම වැනි විහිළුවලට අවධානය යොමු කෙරේ.

ඉන්දියාව අප්‍රේල් මෝඩයන්ගේ දිනය බොහෝ විට බටහිර සම්ප්‍රදායන්ගෙන් ආනුභාව ලත් මිතුරන් හා පවුලේ අය සමඟ විහිළු තහළු කරමින්සැහැල්ලු ආකාරයකින් සමරනු ලැබේ.

ඉන්දියාවේ මෝඩයන්ගේ දිනයේ අවස්ථාවක් 

බ්‍රසීලය – “Dia da Mentira” (බොරුවේ දිනය) ලෙස හඳුන්වනු ලබන අප්‍රේල් 1 වන දින ප්‍රෝඩාවන් සඳහා වන දිනයකි, විශේෂයෙන් මාධ්‍ය තුළ, මහජනයා රවටා ගැනීම සඳහා අසත්‍ය කථා පළ කරනු ලැබේ.

බ්‍රසීලය – “Dia da Mentira” (බොරුවේ දිනය) සමරන අකාරය සජීවී ලෙසින් 

https://www.imdb.com

අප්‍රේල් මෝඩයන්ගේ දිනය අවිනිශ්චිත සම්භවයක් ඇති නමුත් එය පුළුල් ජනප්‍රියත්වයක් සහිත හෘදයාංගම සම්ප්‍රදායයකි.වත්මන් කාර්යබහුල ජීවිතයට,වසරකට වරක් හෝ මෙවන් ආශ්වාදනීය අවස්ථාවක් උදා කිරීමට මුළු ලොවම පෙළ ගැසී සිටින සෙයක් දිසේ. විවිධ රටවල සිරිත් විරිත් වෙනස් වන අතර, පොදු තේමාව එලෙසම පවතී – දක්ෂ උපක්‍රම සහ හානිකර නොවන රැවටීම හරහා සිනහව සහ ප්‍රීතිය පතුරුවා හැරීම මෙම දිනයේ විශේෂත්වයකි. මිතුරන් අතර සැහැල්ලු විහිළුවලින් මෙන්ම ප්‍රධාන මාධ්‍ය ආයතනවල විස්තීර්ණ හාස්‍යජනක ඉදිරිපත් කිරීම් හරහා මෙම දිනය ලොව පුරා විනෝදාස්වාදයේ මූලාශ්‍රයක් ලෙස අඛන්ඩව පවත්වාගෙන යාම සිදුවේ.

ආචාර්ය ගාමිණී කාරියවසම්.

gaminee@gmail.com

TAGGED:මෝඩයන් ගේ දිනය
Share This Article
Facebook Whatsapp Whatsapp LinkedIn Email Copy Link Print
Previous Article Diabetes Diabetes: An Insulin-Resistant Malady – By Dr Harold Gunatillake
Next Article Cricket Everywhere in Season 2025-26 International Schedule Cricket Everywhere in Season 2025-26 International Schedule
FacebookLike
YoutubeSubscribe
LinkedInFollow
Most Read
10 Pictures With Fascinating Stories Behind Them!

“A PICTURE SPEAKS A 1000 WORDS” – By Des Kelly

Look past your thoughts so you may drink the pure nectar of this moment

A Life Hack for when we’re Burnt Out & Broken Down – By Uma Panch

Narration of the History of our Proud Ancestral (Orang Jawa) Heritage. by Noor R. Rahim

eLanka Weddings

eLanka Marriage Proposals

Noel News

Noel News

Noel News

Noel News- By Noel Whittaker

Appreciation: Eileen Mary Sibelle De Silva

K.K.S. Cement Factory

Dr.Harold Gunatillake’s 90th Birthday party

Sri Lanka's women's cricket squad in Melbourne

Cricket: Sri Lanka’s women’s squad in Melbourne

- Advertisement -
Ad image
Related News
Articles Dr. Gamini Kariyawasam

Environmental scientist Anuradha Wickramasinghe, the founder of the world’s first mangrove museum, has passed away-by Gamini Kariyawasam

Australia womens contracted players
Articles

MEDIA RELEASE April 8, 2026 Australia women’s contracted players 2026-27

The Brad & Kiara Show
Articles The Brad and Kiara Show - Sydney

The Brad & Kiara Show

Aurudu Jana Krida – The Joy of Traditional New Year Games-by Kalani-eLanka
Articles Kalani Prabodha

Aurudu Jana Krida – The Joy of Traditional New Year Games-by Kalani-eLanka

AMARA RANATHUNGA
Articles Sunil Thenabadu

REMINISCING LEGENDARY MUSIC LEGEND , FIRST PROFESSOR OF MUSIC , Dr AMARA RANATHUNGA By Sunil Thenabadu in Brisbane

  • Quick Links:
  • Articles
  • DESMOND KELLY
  • Dr Harold Gunatillake
  • English Videos
  • Sri Lanka
  • Sinhala Videos
  • eLanka Newsletters
  • Obituaries
  • Sunil Thenabadu
  • Dr. Harold Gunatillake
  • Tamil Videos
  • Sinhala Movies
  • Trevine Rodrigo
  • Photos
  • eLanka Newsletter

eLanka

Your Trusted Source for News & Community Stories: Stay connected with reliable updates, inspiring features, and breaking news. From politics and technology to culture, lifestyle, and events, eLanka brings you stories that matter — keeping you informed, engaged, and connected 24/7.
Kerrie road, Oatlands , NSW 2117 , Australia.
Email : info@eLanka.com.au / rasangivjes@gmail.com.
WhatsApp : +61402905275 / +94775882546
  • About eLanka
  • Terms & Conditions

Disclaimer:
eLanka is committed to sharing positive and community-focused stories. We do not publish or endorse political, religious, or ethnic viewpoints. The content published on eLanka, including articles and newsletters, reflects the opinions and views of the respective authors and not those of eLanka. eLanka accepts no responsibility or liability for the accuracy, completeness, or consequences of any content provided by contributors.

(c) 2005 – 2025 eLanka Pty Ltd. All Rights Reserved.