අප්‍රකට ඓතිහාසික වෘතාන්තයක් රිදී තිරයට – ” ශ්‍රී සිද්ධා “ -By ආචාර්ය ගාමිණී කාරියවසම්
ක‍්‍රි. ව. 1082. පොලොන්නරු රජ මැදුරේ මහා විජයබාහු රජු සිංහාසනාරූඪව සිටි මොහොතෙකි. වියපත් එහෙත් ප්‍රතාපවත් මිනිසෙක් ආචාර කරමින් රජු අබිමුවට පැමිණේ. ඔහුගේ දෑස දෙස මද වේලාවක් බලා සිටි රජුන් එකවරම සිහසුනෙන් නැගිට ඉදිරියට දිව ගොස් මහත් ලෙන්ගතු ලෙසින් මහළු මිනිසා සිය දෑතින් වැළද ගනී. හාත්පස ඇමැතිවරු සිදුවන්නේ කුමක්දැයි විශ්මිතව බලා සිටිති. වසර විසි හතකට පසු රජු හමුවට පැමිණ ඇත්තේ අති ගෞරවනීය පුද්ගලයෙකි.රජුගේ සිත ඈත අතීතය වෙත හඹාගිය සෙයකි.
මෙම අමුත්තා,කුඩා කල සිට තමන් පසුපස නිරතුරු සෙවණැල්ලක් ලෙස රැදෙමින් රැකවරණ සැලසු, තමන්ට යුද්ධ උපක්‍රම සහ සටන් ශිල්පය අත පොත් තැබූ බුදල්නා සෙනෙවි බැව් හදුනා ගැනීමට රජතුමන්ට එතරම් වේලාවක් ගත නොවීය.
කීර්ති කුමරුවන් ලෙස සිටි තමන්, මහා විජයබාහු ලෙසින් කිරුළු පැළඳිමෙන් පසු බුදල්නාවෝ සිය මහා මෙහෙය අවසන් කොට ආපසු තම ගම පියස වෙත ගොස් අප්‍රකට දිවියක් ගත කර ඇති බව ද රජුට දැනගන්නට ලැබෙයි.
විසි හත් වසරකට පසුව අනපේක්ෂිත මොහොතක තමන් හමුවට පැමිණි මේ මහා මිනිසා වෙනුවෙන් කෘතවේදීත්වය ඉටු කරලන්නට රජු යුහුසුළු වෙයි.
චිත්‍රපටයේ මූල් ජවනිකා කිහිපය
ශ්‍රී සිද්ධා චිත්‍රපටයේ මුල් ජවනිකා කිහිපයෙන් ඉහත සිද්ධි දාමය සිත් කාවදින අන්දමින් නරඹන්නන් හමුවට ගෙන ඒමට එහි නිෂ්පාදක අද්මිරාල් සරත් වීරසේකර මහතා දක්වා ඇත්තේ මහත් සාමාර්ථය කි. ඉපැරණි රජ මැදුරක සම්ප්‍රදයික පෙනුම මෙන්ම ,රජ නිරිදුන් සහ අමාත්‍ය වරුන්ගේ වේශ නිරුපනය ,පැරණි සළු පිළි මෙන්ම ,එහි ථත්‍ය දෙබස් ද ඉතිහාසය දන්නා සහෘදයා පෙර රජ දවස වෙත ගෙන යාමට සමත්ය.
අනතුරුව තිරයේ දිග හැරෙන්නේ . ගොවිතැන් බතින් ජීවත් වන ගැමි යුවලක් ,තම කුඹුර කොටමින් සිටියදී හමුවූ තඹ තහඩුවක් රැගෙනවිත් ගමේ පන්සලේ ලොකු හාමුදුරුවන් වහන්සේගෙන් එහි තොරතුරු විමසන දර්ශනයකිනි.
මෙම ගොවි යුවළ ,මාතර මොරවක්කෝරළේ පනාකඩුව නම් දුෂ්කර ගම්මානයක කුඹුරක් කොටමින් සිටි සුරවීරගේ කරෝලිස් අප්පුහාමි නැමැත්තා සහ ඔහුගේ බිරින්දෑය මඩේ වැළලී තිබී හමුවූ තහඩු තුනක් ඔවුන් අත වෙයි.මෙම තහඩුවල කිසිදු වටිනාකමක් නැතැ යි සිතූ ගොවි යුවළ , මෙම තහඩු කැබලි බෙංගමුව චෙතියකන්ද ආරාමයේ විහාරාධිපතිව වැඩ සිටි මොලොක්ගමුවේ සරණපාල හාමුදුරුවන්ට භාරදෙයි. අනතුරුව .මෙම පුවත සවන් වැකි පුරාවිද්‍යා කොමසාරිස් වරයා විහාරස්ථානය වෙත පැමිණ කල පරීක්ෂනයකදී එම තඹ සන්නස විශාල වටිනකාමකින් යුක්ත වන බව අනාවරණය වෙයි . මෙය මහා විජයබාහු රජු විසින් තමන් කුඩා කල දී හදාවඩාගත් බුදල්නා නම් සෙනෙවියාට කෘතවේදීත්වය දැක්වූ ආකාරය සදහන් සන්නසක් බවත්, පනාකඩුව ග්‍රාමයේ දී මෙය සොයාගත් නිසා මෙයට පනාකඩුව තඹ සන්නස ලෙස නම් කරන බවත් පුරාවිද්‍යා කොමසාරිස්වරයා වාර්තා කරයි..
චිත්‍රපටිය ඉදිරියට විකාශනය වන්නේ පනාකඩුව තඹ සන්නසින් හෙළිවන තොරතුරු පාදක කරගෙනය . විජයබාහු නිරිදුන් තුළ බුදල්නා කෙරෙහි පැවති දැඩි භක්තිය කෙතෙක් දැයි පනාකඩුව සන්නස් පත්‍රයේ සදහන් , “බුදල්නාවගේ පරපුරේ කිසිවකු විසින් දඩුවම් කල යුතු වරදක් කලත් දඩුවම් නෙකළ යුතු බවත් සිරගත කිරීම හෝ මරණ දඩුවම් නොපැනවිය දියුතු බවයි. රාජ්‍යද්‍රෝහි ක්‍රියාවක් කලත් ඔහු රජු වෙත ගෙන ගොස් අභය දානය කොට රටින් පිටුවහල් කරනු මිස නිග්‍රහ නොකරිමටද ක්ෂත්‍රීය. පරපුර මතුවට සිත් තබා ගත යුතු බවයි “ යන නිර්දේශයන් ගෙන් කදිමට පැහැදිලිවේ. බුද්ධරාජ පරම්පරාව පවතින තුරාවටම විජයබාහු රජතුමා කළ ප්‍රදානයන් ඒ අයුරින් ලබා දිය යුතු බවද සන්නසෙහි නිර්දේශිතය.
‘‘රුහුණු දඩනායක සිත්තරු බිම් බුදල්නාවන්, අප සොළී දෙමළුන්ගෙ ආයුධ බලයෙන් ස්වකීය රාජ්‍ය බලයෙන් පිරිහී, වනයෙහි සැඟවී වාසය කරන කල අප පියා වන මහා ස්වාමි මුගලන් රාජෝත්තමයාණන් වහන්සේ ආදී සම්පූර්ණ රජ පවුල සිය පිරිසෙන් ආරක්ෂා කොට, අප බාල කාලයෙහි හදා වඩා මුල් පල ආහාරවලින් පෝෂණය කොට පා තැබූ තැබූ තන්හි සොයමින් හැසිරෙන සතුරන් කෙරෙන් වලකා තැන් තැන්වල යුද්ධ කොට රුහුණු ජනපදය නැවතත් එක්සත් කොට වනයෙන් ඉවත් කොට ස්වකීය රාජ්‍යයෙහි පිහිටුවා …..’’.
යනාදී වශයෙන් ,ඓතිහාසික පනාකඩුව තඹ සන්නසෙහි කෙටුම්පත් කර ඇති තොරතුරු පදනම් කරගෙන මෙම චිත්‍රපටයටයේ තිර පිටපත නිර්මාණය කර ඇත.ළමා වියේදී කිත්ති කුමරුවන් රැක බලා ගැනීමට බුදල්නාවන් ගත් උත්සාහයන් පිළිබදවවූ තත් තොරතුරු ආශ්‍රයෙන් ප්‍රති නිර්මිත ශ්‍රී සිද්ධ චිත්‍රපටයේ ජවනිකා ඉදිරියට විකාශනය වන්නේ ,නරඹන්නන් සිත් සතන් පෙර රජ දවස වෙත සමීප කරලමිනි.
ශ්‍රී සිද්ධා සිනිමා පටයේ අධ්‍යක්ෂ ,සරත් වීරසේකර මහතා
කිත්ති කුමරුවන් විදේශීය සතුරන් ගෙන් මෙන්ම, බල අරගලයට යොමුවූ රුහුණේ දේශීය නායකයින් ගෙන් ද ආරක්ෂා කර ගැනීමේ මූලික වගකීම ඉටු කිරීමෙහිලා බුදල්නාවන් දැරූ අති දුෂ්කර ප්‍රයත්නය සිනිමා රූපීව ගලා යන්නේ ප්‍රේක්ෂකයින් චිත්‍රපටය කෙරෙහි ආකර්ෂණය කර ගනිමිනි.
රඟපෑ නළු නිළි පිරිස
සේනා රැස්කරවා ,කිත්ති කුමරා සන්නද්ධ කර, මුලින් ම රුහුණ එක්‌සත් කිරීමේ මුල් පියවර කෙරෙහි කුමරුන් මෙහෙයවනු ලැබුවේ බුදල්නාවන් විසිනි . කිත්ති කුමරා 15 වන වියට එළඹි අවස්ථාවේ, හාපුරා සළු පිළි කඩු කස්‌නාන පළඳවා ඇත්තේ බුදල්නා විසිනි. ඔහු හැදී වැඩුනේ දකුණේ ඌරුබොක්ක ප්‍රදේශයේ පිහිටි අති දුෂ්කර “රන්මලේ” නම් කන්ද ආශ්‍රිත වන රොදෙහිය. කිත්ති කුමරුවන් එහි දුෂ්කර දිවියක් ගත කරමින් , බුදල්නා වෙතින් කඩු ,දුනු හරඹ සහ සටන් ශිල්ප ක්‍රම වැඩිදුරටත් ප්‍රගුණ කළ අසිරිය වංශ කතාවන්හි ද සදහනි. තත් ඓතිහාසික තොරතුරු ද සජීවීමත් කරමින් චිත්‍රපටයටයේ කතාවේ ගලා යාම සිදු වන්නේ ,ඊළග මොහොතේ කුමක් සිදු වන්නේ ද යන කුතුහලය ප්‍රේක්‍ෂකයා සිත්හි උද්දීපනය කරමිනි.
චෝලයන් යටතේ පැවති පොළොන්නරු රාජධානිය උපක්‍රමශීලී ලෙසින් සිව් දෙසින් වට කළ මහා විජයබාහු නිරිදුන්, චෝලයන් පළවා හැර එම රාජධානිය තම ආධිපත්‍යට නතු කර ගැනීමට සමත්වේ..
මෙම සිනමා සිත්තම, ගාමණි සිනමා පටයෙන් ප්‍රේක්ෂකයන්ගේ ප්‍රසාදය දිනු රියර් අද්මිරාල් සරත් වීරසේකරයන් ගේ කුසලතා පුර්ණ අධ්‍යක්ෂණයන් නිපන්නකි. මෙහි අධ්‍යක්ෂණය පමණක් නොව, ගී පද රචනය සහ තිර රචනය ද,රියර් අද්මිරාල් ආචාර්ය සරත් වීරසේකරයන් ගෙනි.
ශ්‍රී සිද්ධා චිත්‍රපටයේ තේමා ඟීතය
ඔහුගේ පුත් වෛද්‍ය සචිත‍්‍ර වීරසේකර සෙන්පති චරිතය දක්ෂ ලෙස නිරුපනය කරන්නේ පළපුරුදු වෘත්තීය නළුවකු ලෙසිනි. ඕෂධි හේවාමද්දුම, ගීතා කාන්ති ජයකොඩි, උදාරි වර්ණකුලසූරිය, දිනෙත් ද සිල්වා, ජගත් චමිල, පබෝධා සංදිපනී, බුද්ධික ජයරත්න, කුමාර තිරිමාදුර, දමිතා අබේරත්න, රිටිගල සුමේධ ඇතුළු නළු නිළි පිරිසක් ශ්‍රී සිද්ධ චිත්‍රපටියේ සාර්ථක රංගනයෙන් දායකත්වය ලබා දෙති.
ශ්‍රී සිද්ධා චිත්‍රපටයේ මංගල දර්ශනය
ආචාර්ය ගාමිණී කාරියවසම්.