eLanka

Saturday, 28 Mar 2026
  • Home
  • Read History
  • Articles
    • eLanka Journalists
  • Events
  • Useful links
    • Obituaries
    • Seeking to Contact
    • eLanka Newsletters
    • Weekly Events and Advertisements
    • eLanka Testimonials
    • Sri Lanka Newspapers
    • Sri Lanka TV LIVE
    • Sri Lanka Radio
    • eLanka Recepies
  • Gallery
  • Contact
Newsletter
  • eLanka Weddings
  • Property
  • eLanka Shop
  • Business Directory
eLankaeLanka
Font ResizerAa
Search
  • Home
  • Read History
  • Articles
    • eLanka Journalists
  • Events
  • Useful links
    • Obituaries
    • Seeking to Contact
    • eLanka Newsletters
    • Weekly Events and Advertisements
    • eLanka Testimonials
    • Sri Lanka Newspapers
    • Sri Lanka TV LIVE
    • Sri Lanka Radio
    • eLanka Recepies
  • Gallery
  • Contact
Follow US
© 2005 – 2026 eLanka Pty Ltd. All Rights Reserved.
Home » Goodnews Stories Srilankan Expats » Articles » ශ්‍රී දළදා වහන්සේ සුරැකි රන් වියන – By ආචාර්ය ගාමිණී කාරියවසම්
ArticlesDr. Gamini Kariyawasam

ශ්‍රී දළදා වහන්සේ සුරැකි රන් වියන – By ආචාර්ය ගාමිණී කාරියවසම්

eLanka admin
Last updated: August 28, 2024 8:57 am
By
eLanka admin
ByeLanka admin
Follow:
Share
8 Min Read
SHARE
Views: 4

ශ්‍රී දළදා වහන්සේ සුරැකි රන් වියන – By ආචාර්ය ගාමිණී කාරියවසම්

Dr.Gamini Kariyawasam.

dalada maligawa - eLaka

Image Source : sridaladamaligawa

නුවර වැව් තෙර පියමන් කරද්දී , දුටු දුටු දනන් සිත් දැහැන් ගන්වන සුළුවූ ,මනෝරම්‍යවූ දසුනක් වෙත නෙත් සිත් බැදේ. ඒ අන්කිසිවක් නොව අති පුජනීය වූ ශ්‍රී දළදා මැදුරයි. පත්තිරිප්පුව පෙරටු කොට, උඩවත්ත හරිත වන තුරු හිස් මතින් මතුව ,හිරු රැස් පතිත තටාකයක රන් පැහැ  තරංග  ලෙසින් ඇතට දිස්වන රන් වියන දළදා මාලිගාවේ දිවමන් සංකේතය ලෙසින් හැදින්විය හැකිය.

dalada maligawa

රන්වියන සංකල්පයේ නිර්මාතෘ ,අභාවප්‍රාප්ත රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිදුන්ය  එවකට අග්‍රාමාත්‍ය ධූරය හෙබවූ , රණසිංහ ප්‍රේමදාස ශ්‍රීමතුන්. 1986 දී,  දළදා වහන්සේ වැඳපුදා ගැනීමට  ගියේය. එම අවස්ථාවේදී , එවකට මල්වතු නාහිමි ලෙසින් වැඩ විසූ පුජ්‍ය ,  සිරිමල්වත්තේ ආනන්ද මහානායක ස්වාමීන් වහන්සේ බැහැදැකීමට යාමට අමතක නොකළේය.. උන්වහන්සේ අග්‍රාමාත්‍යතුමන්,දළදා වහන්සේ වැඩ සිටින කුටිය වෙත කැඳවාගෙන ගොස්, එම කුටිය තුළට  වහළයෙන් ජලය කාන්දු වන බව පෙන්වා දුන් සේක. උඩවත්ත වනපෙතේ වඳුරු රෑන්,නිරන්තරයෙන් මෙම වහල මත දුව පැන ඇවිදීම, වහලය අබලන් වීමට හේතුවක් වන බැව් උන්වහන්සේ ,ප්‍රේමදාස මහතාගේ අවධානයට යොමු කළ සේක.

එම ඉල්ලීමට අමතරව,දළදා වහන්සේට සෙවණ,රැකවරණය  සලසන්නට, රන් වියනක් ඉදිකිරීමට තමන් මැදිහත් වූයේ,  දළදා සමිදුන් වෙත වූ භාරයක් ඔප්පු කිරීමට බැව් ප්‍රේමදාස ශ්‍රීමතුන් විසින්  අවස්ථා කිහිපයකදීම සඳහන් කර තිබිණි.

dalada maligawa - eLaka

Image Source : dinamina

1987 වසර ජාත්‍යන්තර නිවාස වර්ෂය සේ පිළිගන්නා ලෙසට , එතුමන් ජාත්‍යන්තර රාජ්‍ය නායක සමුළුවට යෝජනාවක් ඉදිරිපත් කලේ ,එය ඒකමතිව සම්මත කර ගැනීමේ අභිලාෂයෙනි. අපේක්ෂාවන් සපලමත් විය.එතුමා තමන් වූ භාරය ඒ අයුරින්ම ඉෂ්ඨ කිරීමට  යුහුසුළු වෙද්දී,  පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ රෝලන්ඩ් සිල්වා මහතා මෙම නව ඉදිකිරීම් කෙරෙහි දැඩි විරෝධය පළ කළේ ඊට හේතු සාධක ගෙනහැර  දක්වමිනි. මෙම පෞරාණික වහලයට ඉහලින් වියනක් ගොඩනැගීමෙන්, ගොඩනැගිල්ලේ ව්‍යුහාත්මක අඛණ්ඩතාව බිඳී යන අතර  දළදා මාලිගයේ අභිමානවත් පෙනුමට,එමගින් සිදුවිය හැකි හානිය සුළුපටු නොවන බවද අවධාරණය කෙරිණි. මහනුවර අවසන් රජු වූ ශ්‍රී වික්‍රම රාජසිංහ රාජ්‍ය සමයෙන් පසුව මෙම ගොඩනැගිල්ලට කිසිදු එකතු කිරීමක් සිදු කර නොමැති  බැව් ද  පැවසේ. තත් විරෝධතා සැළකිල්ලට  නොගත්,ප්‍රේමදාස අග්‍රාමාත්‍යතුමා,  රන් වියන තනවා නිම කිරීමට මහත් කැපවීමකින් ක්‍රියා කළේය.1987 දෙසැම්බර් 31 වන දින,  උත්සවශ්‍රීයෙන් එය සසුනට කැප කිරීමට එතුමන් මූලික විය.

dalada maligawa - eLaka

Image Source : coxandkings

dalada maligawa - eLaka

Image Source : Tooth Relic of the Buddha facebook

dalada karaduwa

dalada maligawa

Image Source : lankadeepa

දළදා වහන්සේ වෙත ඔප්පු කළ මෙම භාරය නිසා ,තමන්ට 1987 න් පසු එළබි වසර දෙක තුන තුළ නිවාස දස ලක්ෂය ඉක්මවා යමින් තම ඉලක්ක සපුරා ගැනීමට හැකිවූ බැව්,  එතුමා ගම් උදා උත්සවයකදී ප්‍රකාශ කළේය.

රන් වියන දළදා සමිදුන්ගේ තේජස , ප්‍රභාෂ්වරය ප්‍රකට කරවුවා පමණක් නොව , එය දළදා සමිදුන් වැඩසිටින කුටියේ මතු ආරක්ෂාව තහවුරු වීමට ද මහත්සේ ඉවහල් විය. ඒ මන්ද යත් ,දළදා වහන්සේ වැඩ හිදින කුටිය පෙර රජ දවස නිමවා තිබුනේ වරිච්චි බිත්ති වලිනි.අසළ උඩවත්ත වන පියසේ සිට විටින් විට පැමිණෙන වදුරු රිලා රෑන්, වරිච්චි බිත්ති මත රදවා තිබු පැරණි වහලයේ ඔබ මොබ දිවීම නිසා ,ඉපැරණි උළු කැට බිදී යාමේ තර්ජනයකට නිරන්තරයෙන් ම මුහුණ දෙමින් පැවතිණි.

එල්ටීටීඊ ත්‍රස්තවාදීන් විසින්  දළදා මැදුරට,  1998 වසරේ ජනවාරි 28 වන දින දැවැන්ත බෝම්බ ප්‍රහාරයක් එල්ල කරනු ලැබිණි. එම  ප්‍රබල බෝම්බ ප්‍රහාරයේදී ,වරිච්චි බිත්තියෙන් කළ දළදා සමිදුන් වැඩ සිටි කුටිය ආරක්ෂා වුයේ රන් වියන සහ එය රැදවීමට ශක්තිමත් ලෙස පොළවේ  සවි කර තිබු දැවැන්ත කොන්ක්‍රීට් කණු, ඒ රුදුරු මහා දෙදරුම දැරීමට තරම් ශක්තිමත් වූ නිසා බව පරීක්ෂණ වලදී අනාවරණය විය.

dalada maligawa

ඉහළ ඈතින් දිස්වන රන් වියන ,බෝම්බ ප්‍රහාරයේදී ආරක්ෂක පලිහක් ලෙසින් ,දළදා සමිදු වැඩ සිටි, වරිච්චි බිත්තියෙන්  නිර්මිත කුටිය ආරක්ෂා කරගෙන නොසැලී සිටින අයුරු.

ප්‍රේමදාස මැතිදුන් මෙවන් රන් වියනක් ඉදිකරවුයේ ,අලංකාරය සලකා ම නොව , දළදා සමිදු වැඩවසන කුටියේ ආරක්ෂාව ද සැලකිල්ලට ගැනීමෙන් බැව් මෙනයින් අපට වටහා ගත හැකිය. ත්‍රස්ත්‍රවාදී ප්‍රහාරයේදී , ආරක්ෂක පලිහක් ලෙසින් ,දළදා වහන්සේ ජීවමානව වැඩ සිටි කුටිය ආරක්ෂා කරගැනීමට නොසැලී උර දුන්  රන් වියනට සිදුවු පළුදු  2001 වසරේදී යළි පිළිසකර කර අවසන් කරනු ලැබිණි.

dalada maligawa - eLaka

Image Source : dailymirror

1987 වසරේදී දළදා රන් වියන නිර්මාණය කිරීමේදී පුරෝගාමීව, මහත් කැපවීමකින් ක්‍රියා කළ වියතුන් කීප දෙනෙකු ද මගේ මතකයට නැගේ. එවකට නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය ලෙස කටයුතු කළ සිරිසේන කුරේ මැතිතුමා, මෙම ව්‍යාපෘතියේ සමීපතම අධීක්ෂකයා විය.

dalada maligawa - eLaka

    සිරිසේන කුරේ අමාත්‍යතුමා

Image Source : island

වියනේ ඉංජිනේරුමය නිර්මාණය ,රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවේ එවකට සාමාන්‍යධිකාරී ලෙස සේවය කළ ,ඉංජිනේරු ගැමුණු සිල්වා මහතාගේය.

dalada maligawa - eLaka

( රන් වියන සැලසුම් කළ ඉංජිනේරු ගැමුණු සිල්වා මහතා.)

Image Source : runews

රන් වියන ඉදිකිරීමේ යටගිය තොරතුරු සපයා ගැනීම පිණිස රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවේ ක්‍රියාකාරී අධ්‍යක්ෂ ලෙසින් සේවය කළ , සරත්චන්ද්‍ර ජයතිලක මහතා හමුවීමට අවස්ථාවක් සලසා ගතිමි. ජයතිලක මහතා රන් වියන නිර්මාණය කිරීමේ ආරම්භයේ සිටම ඊට සිය දායකත්වය ලබා දුන් ඉංජිනේරු සංස්ථාවේ සේවය කළ අත්දැකීම් බහුල නිලධාරියෙකි.

sarathchandra jayathilake

“ලොව ඉදිවූ ප්‍රථම රන් වියන ලෙසයි මෙය සැලකෙන්නේ. 1988 වසරේ මුල් භාගයේ මෙහි ඉදිකිරීම් ඇරබුනේ. රන් වියන වර්ග අඩි 3450 කි පමණ වෙනවා. මේ සදහා වඩාත් යෝග්‍ය සැලැස්මක් නිර්මාණය කරන්න, ඉංජිනේරු සංස්ථාවේ ඉංජිනේරු ගැමුණු සිල්වා මහතා මහත් උනන්දුවකින් , කැපවීමකින් කටයුතු කළා. මාලිගාවේ දළදා හාමුදුරුවෝ වැඩ සිටින කුටිය තනා තිබුනේ මැට්ටෙන්. ඒ සියල්ල වරිච්චි බිත්ති. සවි ශක්තියෙන් තොර එම බිත්ති මත ,දැවැන්ත වියනක් රැදවීම කිසිසේත් කළ නොහැකි බව නිරීක්ෂණය උනා. එනිසා ඉංජිනේරු සංස්ථාව තීරණය කළා පිහිටි පොලවේ සිට ශක්තිමත් කොන්ක්‍රීට් කණු ,පරණ වහළ ඉක්මවා යන ලෙස උසට විහිදුවා ඒමත වියන රදවන්න. වැඩහිදිනා මාලිගයේ දැනට පවතින කුඩා දොරවල් තුළින් ඉදිකිරීම් සදහා අවශ්‍ය ක්රේන් යන්ත්‍ර සහ දැවැන්ත යන්ත්‍ර උපකරණ ගෙන යාමට පුළුවන් කමක් තිබුනේ නැහැ.අපි ඒ දැවැන්ත උපකරණ කොටස් වලට වෙන් කරලයි ඒවා කුඩා  දොරෙන් ඇතුලට ගත්තේ.එක සැහෙන දුෂ්කර කාර්යයක් වුණා…..”

ජයතිලක මහතා නිර්මාණය පිලිබදව වැඩි දුරටත් කරුණු පැහැදිලි කරමින්,..” වියන මුලින්ම තඹ තහඩුවලින් නිර්මාණය කලේ. ඒ මත තුනී රන් තහඩු ඇලවීම කළා..වසර කිහිපයකින් සියුම් රන් පත් ගැලවෙන්න පටන් ගත්ත.නැවතත් වියන ප්‍රතිසංtස්කරණය කරන්න සිදු උණා. එම අවස්ථාවේදී ඉතාලියෙන් ගෙන්වන ලද අඩි 1 ¼ ප්‍රමාණයේ මොසැක් පිගන් ටයිල් මතුපිට කැරට් 24 රන් කුඩු අලේප කර ඒමත වීදුරු තහඩුවක් ඇලවීමෙන් තමයි රන් වියන අලුත් වැඩියා කළේ. “

  බුද්ධගයාවේ ශ්‍රී මහා බෝධි පාද මුලයෙහි පිහිටි වජ්‍රාසනය ආරක්ෂා වන පරිදි ඉදිකර ඇති රන් වියනdalada maligawa - eLaka

Image Source : lankadeepa

ශ්‍රී දළදා මාලිගාවේ රන් වියන පිලිබදව තොරතුරු විමසන අවස්ථාවේ , බෝසතාණන් වහන්සේ ශ්‍රී සම්බුද්ධත්වය ලද බුද්ධගයාවේ ශ්‍රී මහා බෝධි පාද මුලයෙහි පිහිටි වජ්‍රාසනය ආරක්ෂා වන පරිදි ඉදිකර ඇති රන් වියනක් පිලිබදව ද පුවතක් අපට දැනගන්නට ලැබිණි. එහි නිර්මාතෘ ද දිවංගත ප්‍රේමදාස ජනපතිදුන්ය. පසු කලෙක වජ්‍රාසනයට ඉහලින් ස්ථානගත කර තිබු පාෂාණමය ස්ථුපයක් , වැසි කුණාටු පැවතී අවස්ථාවක මෙම වජ්‍රාසනය මතට කඩා  වැටුන ද, ශක්තිමත්ව තනා තිබු රන් වියන හේතුවෙන් වජ්‍රාසනය ආරක්ෂා වූ බවත් වාර්තාවේ.

මුළු මහත් ජාතියේම සුප්‍රාර්නයකින් මෙම ලිපිය නිමා කිරීම යෝග්‍යයැයි හැගිණි.

මගේ රටට දළදා හිමි සරණයි……

නිර්මාණය සුනිල් සරත්- ගායනය සනත් නන්දසිරි.

ආචාර්ය ගාමිණී කාරියවසම්.  

gaminee@gmail.com

Click here to receive your free copy of the eLanka Newsletter twice a week delivered directly to your inbox!
TAGGED:ආචාර්ය ගාමිණී කාරියවසම්ඉංජිනේරු ගැමුණු සිල්වාදළදා වහන්සේරණසිංහ ප්‍රේමදාසරන් වියනශ්‍රී දළදා මාලිගාවේ රන් වියනශ්‍රී දළදා වහන්සේසරත්චන්ද්‍ර ජයතිලකසිරිසේන කුරේ
Share This Article
Facebook Whatsapp Whatsapp LinkedIn Email Copy Link Print
Previous Article High Tide High Tide – By Charmaine Candappa
Next Article Sri Lanka Rolls Out Free 30-Day Tourist Visas for 35 Nations: Did Your Country Make the List? – By Peden Doma Bhutia
FacebookLike
YoutubeSubscribe
LinkedInFollow
Most Read
10 Pictures With Fascinating Stories Behind Them!

“A PICTURE SPEAKS A 1000 WORDS” – By Des Kelly

Look past your thoughts so you may drink the pure nectar of this moment

A Life Hack for when we’re Burnt Out & Broken Down – By Uma Panch

Narration of the History of our Proud Ancestral (Orang Jawa) Heritage. by Noor R. Rahim

eLanka Weddings

eLanka Marriage Proposals

Noel News

Noel News

Noel News

Noel News- By Noel Whittaker

EILEEN MARY SIBELLE DE SILVA (nee DISSANAYAKE) – 29 September 1922 – 6 April 2018 – A Woman of Value an Appreciation written by Mohini Gunasekera

K.K.S. Cement Factory

Dr.Harold Gunatillake’s 90th Birthday party

Sri Lanka's women's cricket squad in Melbourne

Cricket: Sri Lanka’s women’s squad in Melbourne

- Advertisement -
Ad image
Related News
Current Extreme Heat Conditions-eLanka
Articles Kalani Prabodha

The Current Extreme Heat Conditions-by Kalani-eLanka

Sinhala Tamil New Year,
Articles Malsha Madhuhansi

Sinhala and Tamil New Year – A Celebration of Unity, Culture, and Renewal – By Malsha – eLanka

SHAMITHA MULTIFACETED MAGNATE AUDIO ENGINEER FASHION DESIGNER-eLanka
Articles Sunil Thenabadu

SHAMITHA MULTIFACETED MAGNATE AUDIO ENGINEER FASHION DESIGNER,VOCALIST IN DIVERSE GENRES – by Sunil Thenabadu

sunday choice
Articles Charles Schokman

SUNDAY CHOICE – We will serve the Lord.”-Joshua 24:15. – By Charles Schokman

The Brad & Kiara Show-eLanka
Articles The Brad and Kiara Show - Sydney

The Brad & Kiara Show

  • Quick Links:
  • Articles
  • DESMOND KELLY
  • Dr Harold Gunatillake
  • English Videos
  • Sri Lanka
  • Sinhala Videos
  • eLanka Newsletters
  • Obituaries
  • Sunil Thenabadu
  • Dr. Harold Gunatillake
  • Tamil Videos
  • Sinhala Movies
  • Trevine Rodrigo
  • Photos
  • eLanka Newsletter

eLanka

Your Trusted Source for News & Community Stories: Stay connected with reliable updates, inspiring features, and breaking news. From politics and technology to culture, lifestyle, and events, eLanka brings you stories that matter — keeping you informed, engaged, and connected 24/7.
Kerrie road, Oatlands , NSW 2117 , Australia.
Email : info@eLanka.com.au / rasangivjes@gmail.com.
WhatsApp : +61402905275 / +94775882546
  • About eLanka
  • Terms & Conditions

Disclaimer:
eLanka is committed to sharing positive and community-focused stories. We do not publish or endorse political, religious, or ethnic viewpoints. The content published on eLanka, including articles and newsletters, reflects the opinions and views of the respective authors and not those of eLanka. eLanka accepts no responsibility or liability for the accuracy, completeness, or consequences of any content provided by contributors.

(c) 2005 – 2025 eLanka Pty Ltd. All Rights Reserved.