eLanka

Monday, 6 Apr 2026
  • Home
  • Read History
  • Articles
    • eLanka Journalists
  • Events
  • Useful links
    • Obituaries
    • Seeking to Contact
    • eLanka Newsletters
    • Weekly Events and Advertisements
    • eLanka Testimonials
    • Sri Lanka Newspapers
    • Sri Lanka TV LIVE
    • Sri Lanka Radio
    • eLanka Recepies
  • Gallery
  • Contact
Newsletter
  • eLanka Weddings
  • Property
  • eLanka Shop
  • Business Directory
eLankaeLanka
Font ResizerAa
Search
  • Home
  • Read History
  • Articles
    • eLanka Journalists
  • Events
  • Useful links
    • Obituaries
    • Seeking to Contact
    • eLanka Newsletters
    • Weekly Events and Advertisements
    • eLanka Testimonials
    • Sri Lanka Newspapers
    • Sri Lanka TV LIVE
    • Sri Lanka Radio
    • eLanka Recepies
  • Gallery
  • Contact
Follow US
© 2005 – 2026 eLanka Pty Ltd. All Rights Reserved.
Home » Goodnews Stories Srilankan Expats » Articles » සිවු සරකට පෙර සදා නිහඩවු රන් සර – By ආචාර්ය ගාමිණී කාරියවසම්
ArticlesDr. Gamini Kariyawasam

සිවු සරකට පෙර සදා නිහඩවු රන් සර – By ආචාර්ය ගාමිණී කාරියවසම්

eLanka admin
Last updated: September 19, 2023 6:59 am
By
eLanka admin
ByeLanka admin
Follow:
Share
6 Min Read
SHARE
Views: 8

සිවු සරකට පෙර සදා නිහඩවු රන් සර – By ආචාර්ය ගාමිණී කාරියවසම්

indrani senarathne and her douter

Dr.Gamini Kariyawasam.(ඉන්ද්‍රානි සේනාරත්න දිවියෙන් සමු ගෙන , ගෙවී ගිය ජුනි 23 දිනට සිව් වසරක් සපිරේ. ඒ නිමිත්තෙන්,පමා  වී හෝ  තැබෙන සමරු සටහනකි.)

ඇය දිවියෙන් සමු ගෙන  ඉකුත්  ජුනි 23 දිනට  සිව් වසරක් සපිරිණි.සිය මධුර සරින් යුගයක් මහත්අ මන්දානන්දයට පත් කළ ඇය ,ඉන්ද්‍රානි සේනාරත්නයන්ය. බාල වියේ සිට යොවුන් විය පසු කරමින් වියපත් බවේ එළිපත්තට පියමන් කරන නිමේෂයේ  පවා,ඇය සුගායනය කළ ,  ප්‍රේමයේ විරහව ද්වනිත කෙරෙන ගී පද වැල්, සදාතනිකව අපේ  සන්තානයේ නින්නාද වෙමින් පවතී. වියෝගයේ  සැගවුණු හුදකලා   සෞන්දර්ය ද්වනිත කෙරෙන , “ගයා ගීතයන් ගමේ වෙල් එළියේ …” ගීතය සවනත වැකෙද්දී,   මැකී ගිය  නිර්මල ප්‍රේමයේ  රම්‍යතාවය හා සබැදි වියෝගයේ තීව්‍ර රස භාවයන් උද්දීපනය වන්නේ ඉන්ද්‍රානි සිසිර රූපකාය ද අප මනසෙහි සිතුවම් කරමිනි.  මෙම අමරණීය ගීතයේ පද මාලාව සහ සංගීතය නිර්මාණය වුයේ  ද සිසිර සේනාරත්නයන් අතිනි. ඔබටත්  අමරණීය විරහ ගීතය පහත යොමුවට පිවිසීමෙන් ,ශ්‍රවණය කිරීමෙන් අනතුරුව ,මෙම ලිපිය කියවීමට නෙත්යො මු කිරීම  වඩාත් යෝග්‍ය වනු නිසැකි.

“ගයා ගීතයන් ගමේ වෙල් එලියේ…….

දුව පැන ඇවිදලා සෙල්ලම් කලේ

ඈ සමගින් එදා ඒ මා තමා

අද නැතුවා ‍වගේ ඈ මේ ගමේ…//”

 

indrani senarathne

එම්.එම්.ඩබ්ලිව්.විජයබණ්ඩාර සහ ලිලියන් විජයබණ්ඩාර දම්පතීන්ගේ පවුලේ වැඩිමල් දියණිය ලෙසින් , ඉන්ද්‍රානි උපත ලබන්නේ 1935 ජූලි 15 දින ,බොරැල්ල නගරයෙහිය.ඇයගේ පියා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ සේවය කළේය.  ඇය  බාල සහෝදර සහෝදරියන් සිව් දෙනෙකුගේ අක්කන්ඩිය වුවාය. ඉන්ද්‍රාණි  මියුසියස් විද්‍යාලයෙන් සහ පසුව දේවි බාලිකා විද්‍යාලයෙන් සිප්සතර හදාලාය

ඉන්ද්‍රානි ළමා ගායිකාවක ලෙස මුල්ම  පන්නරය ලබන්නේ . ලංකා ගුවන් විදුලි සේවයේ  ළමා වැඩසටහන් ආශ්‍රයෙනි. කරුණාරත්න අබේසේකර මහතා මෙහෙයවූ සරස්වතී මණ්ඩපය වැඩසටහනෙහි , මල් සූටික්කෝ  වන් ගීත රාශියක් ඇය   ගායනා කළාය. ඇයගේ ආකස්මික  ළමා ගීත, මතු ,ගායන ක්ෂේස්ත්‍රයෙහි හිණි පෙත්තට සමීප වන ශිල්පිනියකගේ හැඩරුව ප්‍රකට කරවන සුළුවිය.

indrani senaratne 2

ඇය දශක 6 ක කාලයක් සිය සුගායනීය සෞන්දර්ය චාරිකාවේ නිමග්න වෙමින් ,රසික ගෙල පැළදු ගී මුතු  දාමයෙහි වඩාත් දිදුලන ගී මුතු සමුච්චයක් මෙහි සිතුවම් කරන්නේ , සෞන්දර්යකාමී ඔබ රසාස්වාදනය උදෙසාය .

ධම්මි තාමත් ආදරෙයි

රතුපාට මල් 

දගකාරී මං

හිතන්නකෝ අයියේ

වෙසක් කැකුළු 

ඔලු නෙලුම් නෙරිය 

සුදු සද එළියේ

ඔබ නැති මේ බිම

වන් ඉන්ද්‍රාණි සුගායනය කළ  ගීත සමුච්චය  

ශ්‍රාවකයින් මතකයේ සදා රැදී පවතී.

විවේකයක් ලද අවස්ථාවක ,ඉහත පෙළ ගස්වා ඇති යූටියුබ් යොමු වෙත පිවිස , අප සන්තාන ගත එම මියුරු ගීතයන් රස විදීමට ඔබට අවස්ථාව සැළසේ. 

1957 වසරේ සිට ඉන්ද්‍රානි විසින් ගායනා කරන ලද සෑම ගීතයකටම තනු නිර්මාණය කර ඇත්තේ සිසිර සේනාරත්න  විසිනි. ගායන කුසලතාව උදෙසා ඇය   1959 දී ‘දීපාශිකා’ සම්මානයෙන් පිදුම්ලැ බුවාය.2000 වසරේ, 13 වැනි ජනාධිපති සම්මාන උළෙලේදී ඇය පුරෝගාමී සම්මානයෙන් සහ 2001 දී OCIC සම්මානයෙන් ඇගයුමට බදුන් වුවාය.

ඉන්ද්‍රාණිය 1959 වසරේදී හොදම ගායිකාව ලෙසින් දීපශිඛා සම්මානයෙන් පිදුම් ලද මොහොතේ ,පුවත්පත්  චායාරූප ශිල්පියෙක් කැමරා කාචයෙහි රැදුණු .ඇගේ සේයා රුවක්.

indarani senarathne

ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතාගේ පළමු අධ්‍යක්ෂණය වන රේඛාව චිත්‍රපටය ඉන්ද්‍රානි සේනාරත්න පසුබිම් ගායනයට පිවිසි මුල්ම සිනිමා කෘතිය ලෙස සැළකේ.අනතුරුව ප්‍රවේශම් වෙන්න.හඳපාන .සෙනෙහස . සුදු සඳේ කඵ වලා,සූරයා,දස්කම,පුරුෂ රත්නය,සුවිනීත ලාලනි,සැමියා බිරිදගේ දෙවියාය,පුංචි බබා,හඳපාන,හිතට හිත,දරු දුක,ආදී  චිත්‍රපට රැසක්  ඇය සිය පසුබිම් ගායනයෙන් රසාලිප්ත කළාය. ඇය ගුවන් විදුලියේ ඒ ශ්‍රේණියේ සරල ගී ගායිකාවක් ලෙසින් ද සිය ගායන චාතුර්යය අපගේ ආලින්දයට ගෙන ආවාය. මා ජාතික ගුවන්විදුලියේ ශබ්ද  පරිපාලකයෙක් ලෙස සේවය කළ 70 දශකයේ ඉන්ද්‍රානි ගේ සරලගී වැඩසටහන් කිහිපයක් ම පටිගත කිරීමේ  අවස්ථාව  උදාවූ අයුරු ද මෙම ලිපිය ලිවීමේදී මගේ මතකයට නැගිණි.

indrani sisira

ඉන්ද්‍රානි  සහ සිසිර මුලින්ම මුණගැසෙන්නේ , ඔවුන්  ගුවන් ගමනක නිරතව  සිටි   අතරතුරදීය. ඒ රේඛාව චිත්‍රපටයේ සංගීත පටිගත කිරීම් සඳහා එයාර් සිලෝන් ගුවන් යානයකින් මදුරාසිය බලා පිටත්ව ගිය  මොහොතේය. ඔවුනගේ     හත් වසරක මිහිරි  ප්‍රේම වෘතාන්තය  මල් පල ගැන්වෙන්නේ 1962 මැයි 31 දිනය.ඔවුහු එදින යුග දිවියට පිවිසියහ. ආගමට දහමට ලැදියාව, මුදල් පසුපස හඹා නොයාම, යුග දිවියේ ඒකාත්මික සමගිය,දරුවන් වෙනුවෙන් සිය යුතුකම් කොටස මැනවින් ඉටු කිරීම ආදී උත්තරීතර මානව ගුණාංග රැසක්  සිසිර ඉන්ද්‍රාණි යුවලගේ දිවි ගමන් මග එකළු කළ බැව් ,ඔවුන්ඇ සුරේ සිටි පිරිස් අද දවසේ පවා සිහිපත් කරන්නේ මහත් ගෞරවයෙනි.  මෙම දෙපළ   විවේකී අවස්ථාවන්හි පැරණි හින්දි ගීතශ්‍රවණය කෙරෙහි දැඩි රුචිකත්වයක් දැක්වුහ.සිසිර සහ ඉන්ද්‍රාණි ගේ  ජනප්‍රිය “සිසින්ද්‍රා” සංදර්ශනය 2012 ජනවාරි 20 වන දින  ප්‍රථම වරට දොරට වඩමවනු ලැබිණි.ඉන්ද්‍රාණි  ගායනයෙහි පමණක් නොව ලේඛන කුසලතාවයෙන් හෙබි කලා කාරිනියක ද  වුවාය. ඇය අතින් ලියැවුණු  “රන් පියවර” කෘතිය, තම වෘත්තීය දිවියේ රසවත් අත්දැකීම් රසිකයන්හ මුවට ගෙනඒමට ගත් සාර්ථක ප්‍රයත්නයක් සේ සැළකේ.

indrani senarathne and her douter

ඉන්ද්‍රාණි සිය දියණි සුභාණි සමග 

මෙම යුවළ සුභානී නමින් දියණියක හා  සංජය සහ සමීර යන නමින්  පුතුන් දෙදෙනෙකුගේ සෙන හෙබර මාපියන් වුහ.. වැඩිමහල් පුත් සංජය ජර්මනියේ ජීවත් වන අතර අංජලිකා නම්  ජර්මානු කාන්තාවක් හා සරණ ගොස්  සිය දරුවන් සමඟ එරට  ජීවත්වේ.  යුනිලීවර් ආයතනයේ විධායක නිලධාරියෙක් ලෙස සේවයෙහි නිරත  බාල පුතු  සමීර,ගීත ගායනයට පිවිස ඇති අතර ,පියාගේ හඬ පෞරුෂය  එලෙසින්ම ඔහුට උරුමව ඇත.  ඉන්ද්‍රාණිගේ වැඩිමහල් දූ සුභානී ද ඉදහිට ගීත ගායනයෙහි යෙදෙන අතර ඇයගේ හඩ ස්වරය මවගේ ස්වරයට බෙහෙවින් සමානය.

සිසිර සේනාරත්න ගිලන්ව රෝහල් ගතව සිටියදී  2015 පෙබරවාරි 4 වන දින අභාවප්‍රාප්ත විය ඒ වන විට ඔහු 79 වියේ පසු විය.1935 මාර්තු 29 හලාවතදී උපත ලද සිසිර සේනාරත්න  . මරදාන මධ්‍ය මහා විද්‍යාලයෙන් සහ කොළඹ නාලන්දා විද්‍යාලයෙන් අධ්‍යාපනය ලැබීය. ඔහු වෘත්තියෙන් රේගු නිලධාරියෙකි.  ඔහු සිය බිරින්දෑට කෙතරම් ඇළුම් කලේද යත්, යුගල ගායනා කළේ ඔහු තම  බිරිඳ ඉන්ද්‍රානි සමඟ පමණි.

indrani senaratne 3

සිසිරගේ වියෝව ඉන්ද්‍රණියට දරා ගත නොහෙන වේදනාවක් ගෙන දුනි. යුවතිපතීන් ලෙසින් සිසිර හා ඉන්ද්‍රාණි අතර පැවතියේ ඉතා සමීප බැදීමකි. ඔවුන් මුළු ජීවිත කාලයටම කලා කටයුතුවල යෙදුනේ එකටය. සිසිරගේ අභාවයෙන් පසුව ඉන්ද්‍රානි මනසින් බෙහෙවින්ම දුර්වල විය.  2019 ජුනි 21 වන දින, ශ්වසන පද්ධතියේ  අපහසුතාවයක් හේතුවෙන් ඇය හදිසියේ ජාතික රෝහලට ඇතුළත් කරනු ලැබිණි සුවය නොලබාම  ඇය 2019 ජුනි 23 වන දින ජාතික රෝහලේදී සිය ජීවිතයට සමු දුන්නාය. ඇය  අභාවප්‍රාප්ත වන විට ,83 වන වියේ පසුවූවාය. ඇයගේ අවසන් කටයුතු , 2019 ජුනි 27 වන දින කලා ලෝලීන් සුවිසල් පිරිසකගේ සහභාගීත්වයෙන්  බොරැල්ල කනත්තේදී සිදු කෙරිණි.

indrani senarathne and her douter
එදා ඉන්ද්‍රානි සේනාරත්න ගීත කොකිලාවියගේ සිරුර දවමින් චිතකය මුදුනින්  ගිනි දැල් නැගෙද්දී    ,අවමංගල්‍ය  සංවිධායකයින් පසුබිමින් වාදනය කළ ,“නුහුරු නුපුරුදු රහස පිළිබඳ මිහිර ආදරයයි කියා පවුරු බැදගෙන ‍සිතක වැජබුනු රසවතී නෑ  කොයි ගියා …” ගොළු හදවත සිනිමා පටයට ඇය  ගැයූ  ව රහ ගීතය, සුසානයේ අවමංගල්‍යයට සහභාගීවූ පිරිස් නෙතග කදුළු පුරන්නට සමත්වූ අයුරු සිහිපත්වේ.

ආචාර්ය ගාමිණී කාරියවසම්           

gaminee@gmail.com 

පහත යොමුවට පිවිස ,ඉන්ද්‍රාණි සේනාරත්නයන්ගේ දිවියේ සජීවී පැතිකඩක් ඔබට දැක බලා  ගත හැකිවේ.

TAGGED:ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස්ආචාර්ය ගාමිණී කාරියවසම්.රේඛාව චිත්‍රපටයසිසිර සේනාරත්න
Share This Article
Facebook Whatsapp Whatsapp LinkedIn Email Copy Link Print
Previous Article Ambuluwawa in Sri Lanka-eLanka 02 Ambuluwawa Tower: Sri Lanka’s Majestic Observation Point- By Kalani – eLanka
Next Article Asia cup 2023 winners Sriraj and India scuttle hapless Sri Lanka to grab Asia Cup – BY TREVINE RODRIGO IN MELBOURNE (Elanka Sports Editor)
FacebookLike
YoutubeSubscribe
LinkedInFollow
Most Read
10 Pictures With Fascinating Stories Behind Them!

“A PICTURE SPEAKS A 1000 WORDS” – By Des Kelly

Look past your thoughts so you may drink the pure nectar of this moment

A Life Hack for when we’re Burnt Out & Broken Down – By Uma Panch

Narration of the History of our Proud Ancestral (Orang Jawa) Heritage. by Noor R. Rahim

eLanka Weddings

eLanka Marriage Proposals

Noel News

Noel News

Noel News

Noel News- By Noel Whittaker

Appreciation: Eileen Mary Sibelle De Silva

K.K.S. Cement Factory

Dr.Harold Gunatillake’s 90th Birthday party

Sri Lanka's women's cricket squad in Melbourne

Cricket: Sri Lanka’s women’s squad in Melbourne

- Advertisement -
Ad image
Related News
City of Dreams and John Keells Foundation complete screening of Local Talent for La Bamba – Song of Veracruz
Articles

City of Dreams and John Keells Foundation complete screening of Local Talent for La Bamba – Song of Veracruz!

Threads of Culture-eLanka
Articles

Hameedia unveils “Threads of Culture” this season championing Sustainable Fashion and New Milestones

Do Mangoes Raise Blood Sugar Levels in People with Diabetes-eLanka
Articles Dr Harold Gunatillake

Do Mangoes Raise Blood Sugar Levels in People with Diabetes?-by Dr. Harold Gunatillake

eLanka Newsletter
Articles eLanka Newsletters

eLanka Newsletter – 5th April 2026 – 1st Edition – Sri Lankans In Australia

Sinhala and Tamil New Year
Articles

2026 Sinhala and Tamil New Year Auspicious Times – Sydney, Australia

  • Quick Links:
  • Articles
  • DESMOND KELLY
  • Dr Harold Gunatillake
  • English Videos
  • Sri Lanka
  • Sinhala Videos
  • eLanka Newsletters
  • Obituaries
  • Sunil Thenabadu
  • Dr. Harold Gunatillake
  • Tamil Videos
  • Sinhala Movies
  • Trevine Rodrigo
  • Photos
  • eLanka Newsletter

eLanka

Your Trusted Source for News & Community Stories: Stay connected with reliable updates, inspiring features, and breaking news. From politics and technology to culture, lifestyle, and events, eLanka brings you stories that matter — keeping you informed, engaged, and connected 24/7.
Kerrie road, Oatlands , NSW 2117 , Australia.
Email : info@eLanka.com.au / rasangivjes@gmail.com.
WhatsApp : +61402905275 / +94775882546
  • About eLanka
  • Terms & Conditions

Disclaimer:
eLanka is committed to sharing positive and community-focused stories. We do not publish or endorse political, religious, or ethnic viewpoints. The content published on eLanka, including articles and newsletters, reflects the opinions and views of the respective authors and not those of eLanka. eLanka accepts no responsibility or liability for the accuracy, completeness, or consequences of any content provided by contributors.

(c) 2005 – 2025 eLanka Pty Ltd. All Rights Reserved.