eLanka

Sunday, 15 Mar 2026
  • Home
  • Read History
  • Articles
    • eLanka Journalists
  • Events
  • Useful links
    • Obituaries
    • Seeking to Contact
    • eLanka Newsletters
    • Weekly Events and Advertisements
    • eLanka Testimonials
    • Sri Lanka Newspapers
    • Sri Lanka TV LIVE
    • Sri Lanka Radio
    • eLanka Recepies
  • Gallery
  • Contact
Newsletter
  • eLanka Weddings
  • Property
  • eLanka Shop
  • Business Directory
eLankaeLanka
Font ResizerAa
Search
  • Home
  • Read History
  • Articles
    • eLanka Journalists
  • Events
  • Useful links
    • Obituaries
    • Seeking to Contact
    • eLanka Newsletters
    • Weekly Events and Advertisements
    • eLanka Testimonials
    • Sri Lanka Newspapers
    • Sri Lanka TV LIVE
    • Sri Lanka Radio
    • eLanka Recepies
  • Gallery
  • Contact
Follow US
© 2005 – 2026 eLanka Pty Ltd. All Rights Reserved.
Home » Goodnews Stories Srilankan Expats » Articles » පෙරදිග ඥානය සහ බටහිර ඥානය එකාත්මිකවූ පෞරාණික ගන්ධාරය. – By ආචාර්ය ගාමිණී කාරියවසම්.
ArticlesDr. Gamini Kariyawasam

පෙරදිග ඥානය සහ බටහිර ඥානය එකාත්මිකවූ පෞරාණික ගන්ධාරය. – By ආචාර්ය ගාමිණී කාරියවසම්.

eLanka admin
Last updated: January 20, 2024 5:33 pm
By
eLanka admin
ByeLanka admin
Follow:
Share
8 Min Read
SHARE
Views: 0

පෙරදිග ඥානය සහ බටහිර ඥානය එකාත්මිකවූ පෞරාණික ගන්ධාරය. – By ආචාර්ය ගාමිණී කාරියවසම්.

Dr.Gamini Kariyawasam.

gandhara

Image Source : newsnow

gandhara

Image Source : earlyworldhistory

ක්‍රිපූ 3 වන සියවසේ සිට දළ වශයෙන් ක්‍රි.ව .1200 දක්වා බුදු දහම ගාන්ධාරයේ  ව්‍යාප්තව  පැවතිණි. බුදු දහම  ආශ්‍රිතව නිපන් සුවිශේෂී  සංස්කෘතික හා කලා  සම්ප්‍රදායක් මෙම   කලාපය පුරාවට  ප්‍රබල ලෙස ජන ගතව පැවති  සෙයක්  පුරාවිද්‍යාත්මක ගවේෂණයන් ගෙන හැර දක්වයි.

ගාන්ධාරය පිහිටියේ ,වත්මන් උතුරැ දිග පාකිස්ථාන‍යේ හා නැගෙනහිර ඇෆගනිස්ථානය අතර පැතිරී පෙෂාවර් නිම්න භූමි ප්‍රදෙශහිය.  බුදු සමය හා සබැදි  අධ්‍යාත්මික දර්ශනය විවිධ පැතිකඩ ,දිශාවන් ඔස්සේ ගාන්ධාර දේශයේ මුල් බැස ගෙන තිබිණි..පැරණි  ගාන්ධාරයේ  අගනුවර වූයේ සුප්‍රසිද්ධ තක්ෂිලා නගරයයි. ඉපැරණි තක්ෂිලා බොදු සරසවිය පිහිටියේ මෙම නගරය කේන්ද්‍රිතවය.

image Source :   quora

ත්කක්ෂිලාවේ  නටබුන්

Image Source : twitter

ආර්. සීතාරම් පණ්ඩිත් ගේ රාජතරංගිණී කෘතියෙහි සදහන් වන පරිදි  ගන්ධාරයේ රාජවංශ ඉතිහාසය ආරම්භ වන්නේ ඉෂ්‍වාකූ රජු මාන්ධත (ක්‍රි.පූ. 6200) ගේ මුලිඛත්වයෙනි.   අංගුත්තර නිකායේ  ගන්ධාරය සොළොස් මහා ජනපදයන් ගෙන් එකක් බැව් සදහනි.  වේද ග්‍රන්ථයන් , රාමායනය සහ මහා භාරතය ගෙන හැර දක්වන අන්දමට ,පැරණි ඉන්දියානු-පර්සියානු අන්තර් ක්‍රියාකාරීත්වයේ  සංස්කෘතික  කේන්ද්‍රස්ථානය වූයේ  ගාන්ධාරයයි.  ඉන්දු-ටිබෙට් බුද්ධාගමේ අධ්‍යාත්මික හා බුද්ධිමය නිර්මාතෘ ලෙස සැළකෙන  පද්මසම්භව පහළ වුයේ ද  ගාන්ධාර දේශයෙහිය . සියවස් ගණනාවක් පුරා ගාන්ධාරය  ප්‍රධාන බෞද්ධ බුද්ධිමය කේන්ද්‍රස්ථානයක්වූ බැව් මේ අනුව අපට උපකල්පනය කළ හැකිය.

  පද්මසම්භව 

Image Source : youtube

බෞද්ධ සංස්කෘතියේ අනන්‍යතාවය සහ ශිෂ්ඨාචාරයේ සුවිශේෂී ලක්‍ෂණ ගන්ධාරයේ භූ දර්ශනය තුළින් විදහා දැක්වෙයි.කන්දහාර් පැරණි ගාන්ධාරයේ  දකුණු කලාපයේ   සුප්‍රකට නගරයක්ව පැවතිණි. වර්තමානයේ එය  ඇෆ්ගනිස්තානයෙහි පිහිටි පළාත් තිස් හතරෙන් විශාලතම ප්‍රාන්තය ලෙස සැළකේ . . එහි  ක්‍රිස්තු පූර්ව 3 වන සියවසේ අශෝක අධිරාජ්‍යයා විසින් ග්‍රීක හා ඇරමයික භාෂාවෙන්  සෙල් ලිපියක් ප්‍රතිෂ්ඨාපනය කරනු ලැබිණි. මෙමගින් , සත්ව ඝාතනය අතහැර දැමීම,වැඩිහිටි උපස්ථානය වන්  බුදු දහමෙහි යහපත් . ශික්ෂා පද  පිළිපැදීම කෙරෙහි එරට ජනතාව අනුගත කිරීම  අශෝකයන්ගේ අභිමතාර්තයවූ බැව් පැහැදිළිවේ .

ක්‍රි.ව.1 වන සියවසේ,කුෂාන අධිරාජ්‍ය කනිෂ්ක ගේ ( ක්‍රි.ව.78-105 )  මැදිහත් වීමෙන් වාසුමිත්‍ර තෙරුන් ප්‍රමුඛව භික්ෂුන් වහන්සේලා 500 නමකගේ සහභාගීත්වයෙන්  4 වන මහා ධර්ම සංගායනාව ගාන්ධාරයට බටහිර දෙසින් පිහිටි කාශ්මීරයේ පැවැත් වීය. ගාන්ධාරය ප්‍රධාන ඒ ආසන්න ප්‍රාන්තයන්හි නිර්මල බුදු දහම පවත්වා ගෙන යාම පිළිබදව එවකට රාජ්‍ය පාලකයින් තුළ  පැවති දැඩි කැපවීම කෙතෙක් දැයි මෙමගින් කදිමට විද්‍යාමානවේ.

 මිලින්ද නොහොත් මෙනැන්ඩර් ග්‍රීක රජ

ක්‍රිපූ 2 වන සියවසේ අග භාගයේ දී පමණ මිලින්ද රජු විසින් නාගසේන නම් වූ ජේෂ්ඨ මුනිවරයෙක් වෙත යොමු කළ ප්‍රශ්න 262 ක් ඇතුළත් බුද්ධිමය සංවාදයක  එකතුවක් බුද්දකනිකායේ ( සුත්‍ර පිටකයෙහි 5 වන නිකාය) සංගෘහිතය. ගාන්ධාරයේ  (වර්තමාන ඇෆ්ගනිස්ථානයේ)  මහා ඇලෙක්සැන්ඩර් විසින් පිහිටුවන ලද ආධිපත්‍යය තුළ බැක්ට්‍රියාවේ ග්‍රීක රජු වූ මෙනැන්ඩර් සංස්කෘත භාෂාවේ මිළින්ද ලෙසින් ග්‍රන්ථාරුඪව  ඇති බැව්  විද්වතුන් විසින් හදුනා ගෙන ඇත. ඉන්දියානු උපමහාද්වීපයෙන්  ඔහු හදුනා ගත්  තර්කානුකූල බුදු දහමෙහි  ව්‍යාකූල වූ කරුණු කිහිපයක්, නිසැක ලෙසින් පැහැදිලි කර ගැනීම මෙම සංවාදයේ මූලිඛ අභිප්‍රාය වූ බැව් විද්‍යාමානිතය.පුනර්ජන්මවාදය පිළිබඳ ප්‍රශ්නයේ දී මිළිඳු රජු (මෙනැන්ඩර්) නාගසේන හිමියන්ගෙන් විමසනුයේ , “ කවරෙක් උපදියි ද? උපදින පුද්ගලයා ඔහු ම වේද? වෙනත් පුද්ගලයකුවේද?” යනුවෙනි.

<p”>“ධර්මයන්ගේ ප්‍රවාහයෙන් එකක් උපදියි. නිරුද්ධ වෙයි. දෙවැන්න හට ගනියි. එය ද නිරුද්ධ වෙයි. සියල්ල මෙසේ සිදුවන්නේ අනුපිළිවෙලෙනි . එක් ජීවිතයක අවසන් චේතනා අවස්ථාවෙහි එය නිරුද්ධ වීමෙන් දෙවැනි ජන්මයක ප්‍රථම චේතනා අවස්ථාවට එයි. මෙසේ ජන්මය ග්‍රහණය කරනුයේ, නාම රූප දෙක විසිනි.”නාගසේන යතිවරයාණන් පිළිවදන් දෙයි. .

මෙම සංවාදයෙන්  ග්‍රීක බුද්ධිමතකුගේ දෘෂ්ටිකෝණයේ විශාරදත්වය සහ බෞද්ධ මහා තෙර නමකගේ මුහුකුරා ගිය ධර්ම ඥානය නාට්‍යමය ස්වරුපයෙන්  විචක්ෂණශීලී ලෙස මතුකරන ආකාරය කෙතරම් බුද්ධිගෝචරවත් වේ ද  ? මෙම සංවාදයෙහි වඩාත්ම සිත් ගන්නා සුළු කරුණ නම් එය හෙලනිස්ටික් ග්‍රීසිය සහ බෞද්ධ ඉන්දියාව යන ශ්‍රේෂ්ඨ ශිෂ්ඨාචාර   දෙකක් නියෝජනය කරන විද්වතුන් දේපලක් හමු වීමේ අහඹු සිදු වීමයි. මෙම අවස්ථාව  පෙරදිග ඥානය සහ බටහිර ඥානය එකාත්මිකවූ අවස්ථාවකි.

මෙනැන්ඩර් පුරාණ ග්‍රීක : බැක්ටීරියානු ජාතිකයෙකු වූ අතර පසුව ඉන්දු ග්‍රීක රජෙකු විය.  මිළින්ද හෙවත් . මෙනැන්ඩර් උපත ලැබුවේ කොකේසස්හි ඇලෙක්සැන්ඩ්‍රියාවට යාබද කලාසි නම් ගමේ හෙලනිස්ට් පවුලක ය ,  (ක්‍රි.ව .165  – ක්‍රිස්තු පූර්ව 130) ඉන්දියානු උපමහාද්වීපයේ වයඹදිග ප්‍රදේශ වල විශාල භූමි ප්‍රදේශයක් ඔහු සාගල අගනුවර සිට පරිපාලනය කළේය .

Silver coin of Menander Greek King

Image Source : wikipedia

මෙනැන්ඩර්ගේ රන්,රිදී,තඹ  කාසි විශාල ප්‍රමාණයක්  පුරාවිද්‍යා කැනීම්වලදී සොයාගෙන ඇත.මෙනැන්ඩර්ගේ කාසි වල බෞද්ධ සංකේත කිහිපයක් ඇතුළත්ය. මෙමගින්  ඔහු තමන් අදහන බුදු දහමට දක්වා ඇති ඉමහත් ගෞරවය මොනවට පැහැදිලි වේ.  මෙම කාසි  ඔහුගේ රාජධානිය වාණිජ කටයුතු නිසා සමෘද්ධිමත්ව පැවති බවද  තහවුරු කරන්නකි..  ක්‍රි.පූ 130 දී ඔහුගේ මරණයෙන් පසු , ඔහුගේ පුත් පළමුවන ස්ට්රැටෝගේ රාජ්‍යත්වය හිමිවූ බැව් පැවසේ.

ගාන්ධාර රාජධානිය නිරුපද්‍රිතව  පැවතියේ  10  වන සියවස මුල් භාගය දක්වා පමණි. එය. 1021 දී ගාස්නිහි මහමුද් විසින් එරට  යටත් කර ගැනීමෙන් පසු ගන්ධාර ආශ්‍රිත ප්‍රදේශය ඇෆ්ගනිස්තානය නමින් හදුන්වන්නට විය.

පුරාවිද්‍යා කැණීම් සහ පර්යේෂණයන්ගෙන් මතුකර ගත් නටබුන් මෙන්ම ලේඛනයන් ද කියා පාන්නේ  , ගන්ධාරය මුළුල්ලේ බුදු සමය බෙහෙවින් ව්‍යාප්ත ව පැවැති අසිරියයි.

Prince Siddhartha Gautama

Image Source : wikipedia

2,3 සියවස්වලට අයත්, ගාන්ධාරයෙන් මතුකර ගත් මයා දේවී සිහිනය දැක්වෙන කැටයමක්.

Image Source : wikipedia

 

Image Source : newsnow

වසර 2,000 කට පමණ පෙර පුස්කොල පොතට සාමාන , බර්ච් ගසේ  පොත්තේ අනුපිළිවෙලකට ලියන ලද ඓතිහාසික ලේඛන සමුහයක් , ඇෆ්ගනිස්ථානයේ සහ පකිස්ථානයේ උතුරු මායිම් ප්‍රදේශයේ පිහිටි ගාන්ධාරයේ පෞරාණික බෞද්ධ ආරාමයක තැන්පත් කර   තිබී පුරාවිද්‍යාඥයන් විසින් සොයා ගනු ලැබිණි. අති  දුර්ලභ මෙම ලේඛන සමුහය ටෙරකොටා භාජන වල තැන්පත් කර ධාතු අඩංගු ස්තූපයක් තුළ තැන්පත් කර තිබිණි.මෙම ලේඛන ඛරොෂ්ති නමින් හැඳින්වෙන අක්ෂර  මාලාවකින් සැකසු  ගාන්ධාරි භාෂාවෙන් ලියා ඇති බැව් අනාවරණයවේ.

ගාන්ධාරි භාෂාව පිළිබඳ ලොව ප්‍රමුඛ පෙළේ විශේෂඥයෙකු වන වොෂිංටන් විශ්ව විද්‍යාලයේ රිචඩ් සලමොන් සදහන් කරන්නේ මෙම ලියවිල්ල බුදුන් වහන්සේලාගේ  චරිතාපදානය දැක්වෙන  බහුබුද්ධ සූත්‍රය වන බවය.   බෞද්ධ සාහිත්‍යයේ ආරම්භක අවධිය කෙරෙහි මෙමගින්  නොමද ආලෝකයක් ලබා දෙයි.

උතුරු ඇෆ්ගනිස්ථානයේ බෝල්ක්හි පිහිටි ප්‍රසිද්ධ පර්සියානු බෞද්ධ ආරාමය , සියවස් ගණනාවක් පුරා මධ්‍යම ආසියාවේ බෞද්ධ ඉගෙනීමේ මධ්‍යස්ථානය ලෙස ක්‍රියාත්මක විය .1848 දී බ්‍රිතාන්‍ය ගවේෂක හා පුරාවිද්‍යාඥ ශ්‍රීමත් ඇලෙක්සැන්ඩර් කනිංහැම් විසින්  ගාන්ධාරයේ ජමාල් ගාහි ප්‍රදේශයෙන් බෞද්ධ නටබුන් රාශියක් සොයා ගනු ලැබිණි. ඇෆ්ගනිස්ථානයේ  උතුරු සමන්ගන් පළාත ඇතුළු අසල්වැසි ඝස්නි පළාතේ ද බෞද්ධ  ස්ථූප රාශියක් හමුවී ඇත.

පැරණි ගාන්ධාරයේ බොදු වෙහෙර විහාර වන්දනය පිණිස  විදේශයන් ගෙන් පැමිණි විවිධ දේශ සංචාරකයින් විසින් තබන ලද සටහන් මගින් ද අනාවරණය වන්නේ ,එවකට එම ප්‍රදේශයේ දක්නට ලැබුණු බෞද්ධ සමෘද්ධිය සහ ශ්‍රී  විභුතියයි. ක්‍රි.ව.629 දී චීන විශාරද ෂුවාන්සාං බාමියන්   ආරාම වෙත ගිය අවස්ථාවේ, ඒ මධ්‍යයේ  අඩි 300 ක් පමණ උස ස්ථූපයක්  දුටු බව වාර්තා කළේය.

ලෝගාර්හි බෞද්ධ ස්ථූප හා   සිද්ධස්ථාන දෙකක් , බුද්ධ ප්‍රතිමා, බිතු සිතුවම්, රිදී සහ රන් කාසි වන් වටිනා පුරා වස්තු ද, ඉතා මෑතකදී සොයා ගනු ලැබිණි. එනම් 2021 ජූලි මාසයේදී නැගෙනහිර කාබුල් ප්‍රදේශයේ ෂෙවාකි ග්‍රාමයෙනි.

2001 තලේබාන් විනාශයට පෙර භාමියන් ප්‍රතිමා

මේ වන විට ඇෆ්ගනිස්තානයෙහි බලය අත්පත් කරගෙන සිටින තල්යිබානුවන් වෙතින්, යළි කුමන හෝ මොහොතක දැනට ඉතිරිව පවත්නා  බාමියන් බුද්ධ ප්‍රතිමා කොටස් පොලවට සමතලා  කිරීමේ  ප්‍රහාරයක් එල්ල වීමේ දැඩි ප්‍රවනතාවක් පවතී. එනමුදු මිනිස් සන්තාන ගත නිමල උත්තරීතර  බුදු දහම මෙවන් බෞද්ධ පුරාවස්තුන් විනාශයෙන් මැඩ පැවැත්විය නොහැකි නිරර්ථක උත්සාහයක්  බව  මතු කිසියම් දිනෙක ඔවුනට අවබෝධ වනු නිසැකි.

 ආචාර්ය ගාමිණී කාරියවසම්.   

gaminee@gmail.com

TAGGED:ගන්ධාරය
Share This Article
Facebook Whatsapp Whatsapp LinkedIn Email Copy Link Print
Previous Article Homemade Sambar Gravy with Mixed Vegetables - By Malsha - eLanka Homemade Sambar Gravy with Mixed Vegetables – By Malsha – eLanka
Next Article Australia's National day Will Australia Day citizenship ceremonies become a thing of the past: SBS Sinhala Explainer 19 January – by Dinesh Liyanage
FacebookLike
YoutubeSubscribe
LinkedInFollow
Most Read
10 Pictures With Fascinating Stories Behind Them!

“A PICTURE SPEAKS A 1000 WORDS” – By Des Kelly

Look past your thoughts so you may drink the pure nectar of this moment

A Life Hack for when we’re Burnt Out & Broken Down – By Uma Panch

Narration of the History of our Proud Ancestral (Orang Jawa) Heritage. by Noor R. Rahim

eLanka Weddings

eLanka Marriage Proposals

Noel News

Noel News

Noel News

Noel News- By Noel Whittaker

EILEEN MARY SIBELLE DE SILVA (nee DISSANAYAKE) – 29 September 1922 – 6 April 2018 – A Woman of Value an Appreciation written by Mohini Gunasekera

K.K.S. Cement Factory

Dr.Harold Gunatillake’s 90th Birthday party

Sri Lanka's women's cricket squad in Melbourne

Cricket: Sri Lanka’s women’s squad in Melbourne

- Advertisement -
Ad image
Related News
Colombo Port City - eLanka
Articles Malsha Madhuhansi

Colombo Port City: Sri Lanka’s Visionary Gateway to the Future – By Malsha – eLanka

OLD LIBRARY AND NEW LIBRARY
Articles Victor Melder

SPACE FOR THE VICTOR MELDER LIBRARY

Ceylon’s First Superstar-eLanka
Articles

Ceylon’s First Superstar

SUNDAY CHOICE
Articles Charles Schokman

An Inspirational Message for March 2026 – Do you Love me? – By Charles Schokman

Colombo Port City
Articles Aubrey Joachim

The Middle East conflict – opportunities for Sri Lanka? While the global economy crumbles opportunities abound for Sri Lanka – By Aubrey Joachim

  • Quick Links:
  • Articles
  • DESMOND KELLY
  • Dr Harold Gunatillake
  • English Videos
  • Sri Lanka
  • Sinhala Videos
  • eLanka Newsletters
  • Obituaries
  • Sunil Thenabadu
  • Dr. Harold Gunatillake
  • Tamil Videos
  • Sinhala Movies
  • Trevine Rodrigo
  • Photos
  • eLanka Newsletter

eLanka

Your Trusted Source for News & Community Stories: Stay connected with reliable updates, inspiring features, and breaking news. From politics and technology to culture, lifestyle, and events, eLanka brings you stories that matter — keeping you informed, engaged, and connected 24/7.
Kerrie road, Oatlands , NSW 2117 , Australia.
Email : info@eLanka.com.au / rasangivjes@gmail.com.
WhatsApp : +61402905275 / +94775882546
  • About eLanka
  • Terms & Conditions

(c) 2005 – 2025 eLanka Pty Ltd. All Rights Reserved.