Dr. Gamini Kariyawasam

ජීවමාන සංස්කෘතියක උරුමය සුරැකි පුරවරය. – By ආචාර්ය ගාමිණී කාරියවසම්. සිව් දෙස රැඳි සේනා සපිරි සෙන්පතීන් නවදෙනෙක් විසින් නිබදවම රක්නා ලබන පුරවරයකි. ඒ වටා ගලනා පුළුල් දිය අගලෙන් පුරවරය ආරක්ෂාව වඩාත් තහවුරු කරන සෙයකි. දැයේ ජීවමාන සංස්කෘතික උරමය සුරැකි මෙම පවර පුරවරය නමින් බදුල්ල ය සිව් දෙසින් නැගී සිට පුරවර රක්නා සෙන්පතීන් ලෙසින් නමුණු කුල ගිරිකුල ශිඛර නමය දිස්වේ. නමුණුකුල කදුපෙළ සිසාරා පැතිරී මහා වන පෙත සෙන්පතීන් පිරිවරා සිටිනා සෙබල මුලක් සේ හැගේ. බදුලු ඔය කෝමලිය පුරවර ආරක්ෂාව තර කරනා දිය අගල වශයෙන් අපට උපකල්පනය කළ හැකිය. නමුණුකුල කදු වැටි  පද්ධතිය. තමන්ටම ආවේණික ආවෘත සංස්කෘතිය (බාහිරව නොපෙනන අදහස් විශ්වාස පුරුෂාර්ථ ආදී) රැකගැනීමට ඌවේ ජනතාවට හැකිවූයේ, ඉහත දක්වන ලද පරිදි, එම පළාතට රැකවරණය සලසන සොබා  පිහිටීම බව සැළකේ.අදීන සංස්කෘතියක් නිර්මාණය වීමේ සහ එය සම්මිශ්‍රණයකින් තොරව පවත්වාගෙන යාම උදෙසා කාලගුණික සහ දේශගුණික සාධක, භූගෝලීය සාධක, ඵෙතිහාසික සාධක, අර්ථ ක්‍රමය හා ආගමික ආකල්ප අත්‍යන්තයෙන්ම වැදගත් වේ. බදුලු ඔය  පරම්පරාවෙන් පරම්පරාවට පැවැතගෙන එන්නා වූ සිරිත් විරිත්, සාරධර්ම, ඇදහිලි, ජන ...

Read More →

මීරිගම මිහිරාවිය,සිය 85 වන ජන්ම දිනය සමරයි. – By ආචාර්ය ගාමිණී කාරියවසම්. හෙළ   ගැමි  ස්ත්‍රීත්වයේ ප්‍රතිමුර්තියක් ලෙසින් සැළකිය හැකි පුණ්‍යා හීන්දෙණිය ,ජූලි 31වන දින  සිය 85 වන ජන්ම දිනය සමරන්නීය. මෙම ‘ගැමි  යුවතිය ’ විදෙස් පරිසරයක ජීවත් වුවද ,ගැමි ලක්‍ෂණ සහ සුන්දරතාවය එලෙසින්ම රඳවා ගනිමින්, දිවියේ  වියපත් ඉසව්වට පිය නගන්නීය.පුණ්‍යාවන්  දිවි මං තලාවේ  දශක අටහාමාරක්  සම්පූර්ණ කර ඇතැයි, ඇය වත දිසි කිසිදු .රසිකයෙක්   අනුමාන නොකරනු නිසැකි.  ‘ගම්පෙරළිය’ චිත්‍රපටයේ  ප්‍රධාන නළු හෙන්රි ජයසේන ‘ඩේලි නිවුස්’ පත්‍රයට ලිපියක්  ලියමින් කළ හළි දරව්වකින් පුණ්‍යා හීන්දෙනිය පිලිබදව ලියවෙන  මෙම ලිපිය ආරම්භ කිරීම අර්ථවත්වේ.  “මෙක්සිකෝවේ මුණ්ඩියල්  සිනිමා උළෙල 1965 නොවැම්බර් 21 සිට දෙසැම්බර් 4 දක්වා රටවල් 13 ක සහභාගීත්වයෙන්  පැවැත්විණි. නොවැම්බර් 26 වෙනිදා ,අවසන් උත්සවයට  කලින්  පුවත්පත් සම්මුඛ සාකච්ඡාවක් කැදවීය. මෙම උළෙලේ පෙර සිට පැවතගෙන එන සම්ප්‍රදායක් ලෙසින්  පුණ්‍යා ට ද  නාන ඇඳුමකින් සැරසී වේදිකාවේ පෙනී සිටින ලෙස  සංවිධායකයින් වෙතින් ඉල්ලීමක්   ලැබිණි.ඇය එම ඉල්ලීම එකහෙළා තරයේ  ප්‍රතික්ෂේප කළාය. මාධ්‍යවේදීන් තුෂ්නිම්භූත වුහ. ඔවුන්ට ඔවුන්ගේ දෑස් දෙකන්  අදහාගත නොහැකි විය. බොහෝ තරු, සිය සිරුරේ අඩ  නිරුවත ප්‍රදර්ශනය කර, සංවිධායකන් සහ ප්‍රේක්ෂකයින්ගේ   වැඩි අවධානයක් යොමුකරවා ගන්නට,එකිනෙකා පරයා වේදිකාවේ පෙළ ගැසෙද්දී , ...

Read More →

කාලයේ ගඟ යයි ගලා……….. By ආචාර්ය ගාමිණී කාරියවසම් මුළු මහත් පරිසරය වසා බිම් කරුවල පැතිරෙමින් පැවැති නිමේෂයකි. ගං තෙර, තරමක් උස බිම්පෙ තක,මා   අහස වෙත  දෙනෙත් රඳවා සිටියේ කිසියම් කුසීත හැඟීමකිනි.  නදී  තොමෝ මොහොතින් මොහොත,නෙතට හසු නොවන  සෙයින්  වෙනස් වෙමින් ,ඉදිරියට ගලා යනු දිස්වේ.  එම අපූර්වතම දසුන  ,කාලය අපට නොදැනීම,අප වියපත් කරමින් ඈතින් ඈතට ගලා යන සදාතනික සත්‍යතාව පසක් කරවන සුළු විය .  “කොළොම්තොට නැත මහලු වී   අවන්හල නැත පැරැණි වී   එදා හඳමයි අදත් යෞවනයේ   එහෙත් අප දෙන්නා   බලන් කැඩපත සොඳුරියේ – පාට වත්සුණු දෙකොපුලෙන් පිසදා   පෙරුම් පුරමින් හමුවෙලා – උනුන් රහසින් බැන්ද ආදර පෙම්   බලන් කැඩපත සොඳුරියේ – කුමන අරුමද   නර කෙසක් නැගිලා…” ( පහත දැක්වෙන උපුටනය Click කිරීමෙන් ,ඔබට මෙම ගීතය ශ්‍රවණය කල හැකිය.) එම මොහොතේ ,නිහඬ නිසල පරිසරයේ ශෝකාකූලතාවය අර්ථවත් ලෙසින් තීව්‍ර කරවන තත් ගී පදවැල ,මගේ මතකයට නැගිණි. කාලය විසින් අනුකම්පා විරහිතව මිනිස් දිවිපෙවෙත ශෝචනීය විප්‍රයෝගයකට බඳුන් කර ...

Read More →

“Thrailoka Vijaya Pathra” – Sri Lanka: The Green Miracle – By Dr Gamini Kariyawasam Cannabis Plant  The Sri Lankan government, in its published budget document last year, recommended granting proper approval for the export of hemp (cannabis -Kansa ) abroad. This article aims to explore the historical background of the hemp plant, which is providing a new boost to Sri Lanka’s economy. It examines the plant’s wide international demand for medicinal production and its potential to be cultivated in a manner that does not pose a social threat to the country. Due to the severe shortage of foreign exchange, the entire Sri Lankan society is under immense physical and mental pressure caused by the continuous failure to provide fuel, fertilizer, and food. This stress naturally leads to unstable minds, alienation, and disorganized behavior, a phenomenon known as anomic phase in sociology. During such a phase, social norms and values that ...

Read More →

බලංගොඩ ආනන්ද මෛත්‍රේය මහානායක හිමි අපවත්වී 25 වසරක් සපිරේ – By Kariyawasam 2023 ජූලි 18 වන දිනට ,අති පූජ්‍ය අග්ගමහාපණ්ඩිත බලංගොඩ ආනන්ද මෛත්‍රේය මහානායක හිමි    අපවත්වී 25 වසරක් සපිරේ..උන්වහන්සේ මහත් බැතියෙන් අනුස්මරණය පිණිස සැකසෙන මෙම ලිපිය,උන්වහන්සේ ජීවතුන් අතර සිටියදී,තම දිවිපෙවෙත පිලිබදව,කළ විවරණයකින් ආරම්භ කිරීමට අදහස් කළෙමි. එම   ජීවමාන  වදන්  සමුච්චය,උන්වහන්සේගේ රූප    කාය, ගැඹුරු වාග් කෞශල්‍ය සජීවී සිතුවමක් ලෙසින් අප මනසේ ස්පර්ශවීමට  ඉවහල් වනු නිසැකි. උන්වහන්සේගේ  99 වැනි ජන්ම දින ගුණ සමරුව,1994 අගෝස්තු 23 දිනට යෙදී තිබිණි. පූජ්‍ය බලංගොඩ ආනන්දමෛත්‍රේය මහානායක හිමි   ඒ වන විට වයඹ දිග ලන්ඩනයේ කිංග්ස්බරි හි සද්ධාතිස්ස ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ  වස්සාන විවේකය ලබමින් වැඩ  සිටිසේක.එහි පැවති  ස්වාමීන්ද්‍රයන්ගේ ජන්ම දින සැමරුම් උත්සවයේදී රැස්ව සිටි පිරිස ඇමතූ මහනා සමිදුන්, : ‘ඔබ මගේ උපන්දිනය සමරනවා, මම මගේ 99 වන වසරට පා තබමි. ඒ කියන්නේ මගේ ආයු කාලය ඉක්මනින් අවසන් වෙමින්  පවතිනවා. මේක සමරන්න දෙයක්ද? මට මෙම සිහිපත් කිරීම තුළින් ,මම මරණයට ළං වන බව හැගී  මට සතුටක් දැනේ, ...

Read More →

දැයේ ශිෂ්ඨාචාරයේ තිඹිරිගෙය පෝෂණය කළ – මල්වතු ඔය. – By ආචාර්ය ගාමිණී කාරියවසම්   ගංගාවන් මානව ශිෂ්ටාචාරයේ බිහිවීම, පැවැත්ම, වර්ධනය උදෙසා සැලසු,සලසන මෙහෙවර අතිමහත්ය. ලංකාවේ මුල්ම ආර්ය ජනාවාස පැතිර යන්නේ චිත්ත පබ්බත නොහොත් රිටිගල කඳු පියස ජන්ම කොට ගලා බස්නා මල්වතු ඔය ගංගාධාරය ඔස්සේය. මීටර් 766 ක උන්නතාංශයකින් යුත් රිටිගල කඳු පද්ධතිය පිරිවරා පිහිටි වැද්දාකන්ද, ඖෂධ කන්ද, කොඩිගල කන්ද, උන කන්ද,ආඬියාකන්ද , අමරපති කන්ද, උල්පත් කන්ද යන සප්ත කඳු ශිඛර මතින් පැනනැගී දිය උල්පත් ඇසුරෙන්   මල් වතු ඔය උපත ලබන්නීය. මල්වතු ඔයට උපත දෙන,  සප්ත කදු සිරසින් සුසැදි  , රිටිගල ගිරි ශිඛරය. කඳුවැටි කපොල්ලක් තුළින් ගලා බස්නා ඇල දොල අවුරා , කපොල්ල වසා වේල්ලක් බැඳ, කඳුවැටි නෙරු දෙක එකට යා කර අප මුතුන් මිත්තෝ වැව් නිර්මාණය කළහ. මෙනයින්  සිංහල වාරි ශිෂ්ටාචාරයේ ප්‍රමුඛ වැව් පද්ධතිය වන අභය වැව,  නාච්චදුව , නුවර වැව, තිසාවැව, මහකනදරා වැව,අකතිමුරුප්පු වැව හා යෝධ වැව  බිහි වන්නේ මල්වතු ඔය ජල ධාරිතාව  ආශ්‍රයෙනි.   මල්වතු ඔය ජලයෙන් පෝෂිත මෙම වැව්,  ඇල මාර්ග  ඔස්සේ එකිනෙක සම්බන්ධ කර තිබිණි.මෙමගින් යම් ...

Read More →

අනුරපුර තලගුරු වෙහෙරේ – ඍද්ධි ප්‍රාතිහාර්යපෑ ධම්මදින්න මහරහතන් වහන්සේ. – By ආචාර්ය ගාමිණී කාරියවසම්. මෑතකදී මා අනුරාධපුරය  බලා ගමන් කරමින් සිටි මොහොතක,ගල්කුලම ප්‍රධාන මාර්ගය අසබඩ පිහිටි පුරාණ රජ මහ වෙහෙරක් වෙත  මගේ දැඩි  අවධානයක්  යොමු විය.ඒ අන්කිසිවක් නිසා නොව,එම රජ මහා වෙහෙරේ  නාම පුවරුවේ සටහන්ව තිබූ වැකිය ,මා කුතුහලය දනවන සුළු වීම නිසාය. ඒ කිමෙක්දයත්, ”ධම්ම දින්න මහ රහතන්වහන්සේ වැඩ විසූ ,කිරි වවුලන් 500ක් රහත් බවට පත්,ඓතිහාසික තලගුරු රජ මහා  වෙහෙර” යන වැකිය මා නෙත් ගැටීමයි.  එම වැකිය ,මා නිරුත්සාහයෙන්  ම, එම විහාරය වෙත කැදවන සුළු විය. හුදකලාව මම  තලගුරු වෙහෙරේ  ගිරි කුළු මුදුනේ ගල් ලෙන  පිළිම ගෙය,  ඇතුළු සියලු පුජනීය ස්ථාන,වැද  පුදා , දැක බලා ගතිමි.ගල් ලෙන තුළ  පිහිටි පිළිම ගෙය ,පෞරාණික කලාත්මක විහාර සිතුවම්  රාශියකින් සමන්විතය. සිතුවම් අතර ගල් ලෙනෙහි වැඩසිටි ධම්ම දිනන මහරතන්වහන්සේ ගේ පිළිරුව ජීවමාන ස්වරූපයකින් යුක්තය. ධම්මදින්න මහරහතන් වහන්සේ. අනතුරුව විහාරස්ථ ලැගුම් ගෙය වෙත පිවිසියේ ,මෙහි ඓතිහාසික තොරතුරු විමසා බලා ,සනිටුන් කර ගැනීමේ අපේක්ෂාවෙනි. එම රජමහ වෙහෙරේ අධිපති ආචාර්ය මහනෙළුබෑව රතනසාර මහා නායක ස්වාමීන් වහන්සේ ,එහිදී බැහැදැක,ඉතා වැදගත්  ඓතිහාසික තොරතුරු සම්භාරයක් එක්රැස් කර ගැනීමට මවෙත අවකාශය සැලැසිණි. ...

Read More →

පේරාදෙණිය සරසවියෙහි 81 වන සංවත්සරය. – By ආචාර්ය ගාමිණී කාරියවසම් ලංකා වෛද්‍ය විද්‍යාලය සහ ලංකා විශ්වවිද්‍යාල විද්‍යාලය ඒකාබද්ධ කරමින් 1942 අංක 20 දරන ලංකා විශ්වවිද්‍යාල ආඥාපනත මගින් 1942 ජූලි 1 වන දින, ස්ථාපිත ලංකා විශ්වවිද්‍යාලය,  පේරාදෙණි සරසවියේ ආරම්භක අවස්ථාව සේ සැළකේ. ඒ අනුව 2023 ජූලි  01 වන දිනට,පේරාදෙණිය සරසවිය පිහිටුවා 81  වසරක් සපිරේ.මෙම අවස්ථාවේ ශ්‍රීලංකාවේ ප්‍රථම සරසවිය සේ සැළකෙන පේරාදෙණිය සරසවිය පිලිබදව ගවේෂණාත්මක හා සෞන්දර්යාත්මක ලිපියක් සැකසීම කෙරෙහි මගේ අවධානය යොමුවිය. මෙම පුවත් පත් ලිපිය නිර්මාණය වන්නේ එහි පලයක් ලෙසිණි . සොබා අසිරියෙන් අනුන සරසවි පිලිබදව කිසියම් අන්දමක ශ්‍රේණි ගත කිරීමක් සිදු කලහොත් ,පේරාදෙණිය සරසවියට නිතැතින් ම ප්‍රථමයා වීමේ භාග්‍ය හිමිවේ. හරිත වන පියසින් ගැවසි, කදු ශිඛර පිස හමන සුළං රැල්ලෙන් නිරන්තරයෙන් ම ප්‍රබෝධමත් වූ, හන්තාන කඳු වළල්ලෙන් සහ මහවැලි නදියේ මනස්කාන්ත අසිරිය වැළද ගත් පේරාදෙණිය සරසවිය, සිය 80 වන වසර පියමන් කළ ද නෙතට දිස්වන්නේ නව යෞවනීය පෙනුමකිනි.. මධ්‍යම කඳුකරයේ මහනුවර නගරාසන්නය දක්වා පැතිරී සොඳුරු හන්තාන කඳු පෙළ බටහිර ...

Read More →

කේ.ජයතිලක අද්විතීය සාහිත්‍යධරයාගේ 97 වන ජන්ම දිනය. – By ආචාර්ය ගාමිණී කාරියවසම්. “කේ.ජයතිලක ලෙසින් පාඨකයින් වඩාත් හොඳින් හඳුනන,කළුඅච්චිගමගේ ජයතිලක, වර්තමානයේ පහළවූ ඉහළම නිර්මාණශීලී ලේඛකයන් සහ බුද්ධිමතුන් අතරට ශ්‍රේණිගත කළහැකිය. ඔහු දෙවෙනිවන්නේ මාර්ටින් වික්‍රමසිංහට පමණි.” – මහාචාර්ය සරච්චන්ද්‍ර   කේ ජයතිලක ශුරීන් උපත ලබන්නේ 1926 ජුනි 27 වැනිදා රඳාවාන, කන්නිමර නැමති ගම්  පියසෙහිය. කළු ආච්චිගමගේ අරනෝලිස් අප්පුහාමි සහ මද්දුමගේ පොඩි නෝනා ගෘහපති යුවළ සෙනෙහසින් හැදූ වැඩු  දරුවන් නම දෙනා අතරින් කේ.ජයතිලක  පවුලේ තුන් වැන්නා  විය.  මහගම සේකර මහා විද්‍යාලය ලෙස වර්තමානයේ  හඳුන්වන රදාවාන පිරිමි පාසල වෙතින් ජයතිලක ශුරීන් සිප් සතර හදාළේය. ඔහුගේ පාසලේ  සමීපතම මිතුරා වූයේ මහගම සේකර  කවීන්ද්‍රයාය. මතු දිනෙක මෙම සුමිතුරන් දෙදෙනා එක්ව  . ඔවුන්ගේ පළමු  සාහිත්‍ය නිර්මාණය  ‘ව්‍යාංගා’   නමින් එළි දැක්වුහ.සේකර, කේ.ජයතිලක මහතාගේ සමීප  ඥාතියෙකි.  ඔහු ඉංග්‍රීසි දැනුම මුවහත් කර ගන්නේ  මරදාන  ලෝරන්ස් විද්‍යාලයෙනි.  ඉංග්‍රීසිඅධ්‍යාපනය නිම කිරීමෙන් පසුව ,පවුලේ ආර්ථික දුෂ්කරතා මගහරවා ගැනීම උදෙසා හෙතෙම  වෙළද සැල්  කිහිපයක ගිණුම් තබන්නෙක් ලෙසින් සේවය කළ බව සදහනි. පසුව ඔහු ස්ව උත්සාහයෙන්  ලන්ඩන් විශ්වවිද්‍යාලයෙන් ශාස්ත්‍රවේදී උපාධිය හිමි කර ගැනීමට සමත්වේ. ජයතිලක යොවුන් වියේදී ම පාලි හා සංස්කෘත  ප්‍රාචීන භාෂා පිළිබඳ දැනුම ද ප්‍රගුණ ...

Read More →

ගැල් යුගයේ මිහිරියාව – By ආචාර්ය ගාමිණී කාරියවසම් පුර්විකාව  විශේෂයෙන් විදේශයන්හි වෙසෙන අපගේ සහෝදර ශ්‍රී ලාංකිකයන් මනසෙහි  ප්‍රියජනක හා  මින්පෙර අවධානයට යොමු නොවූ සමාජ පැතිකඩක් විචිත්‍රණය මෙවර  මවිසින් ඉදිරිපත් කරන ලිපියේ මූලික  අරමුණ බැව් සදහන් කරනු රිසියෙමි.   ගැල   අපේ දේශයේ අතීත සමාජයේ ජන දිවිය සමග  අවියෝජනීය ලෙසින් බද්ධව පැවතිණි. ශ්‍රී ලාංකේය ඉතිහාසයේ සියවස් ගණනාවක් පුරා විහිදුණු බරකරත්ත යුගයේදී රට සුන්දරත්වයෙන් හා සංස්කෘතියෙන් සමෘද්ධිමත්ව පැවතිණි . එය සෞභාග්‍යයේ සහ එකමුතුකමේ යුගයක්  වූ අතර, විවිධ පසුබිම්වලින් පැමිණි අය ජීවිතයේ සරල ප්‍රීතිය සැමරීමට එක් වූ කාලයකි. බරකරත්ත යුගයේ මෙරට පැවති සරල,සහජීවනයෙන් බැදුණු සමාජ වටාපිටාව ද මෙම අවස්ථාවේ අපගේ සිහියට නැගේ. සඳ එළිය පැතිරී  අහස යට,ගෙවත්තේ හෝ මැ ද මිදුලේ ,තමා වටා රැදී සිටි දූ දරු මුණුපුරන්ට ආත්තම්මා  කියා දුන් දැනමුතුකම් දැවටුණු     ජන කතා  අපුර්වත්වයෙන් අනුන විය.වීරයන්, මිථ්‍යා ජීවීන් , ඉන්ද්‍රජාලිකන් පිළිබදව මෙන් ම,සාර ධර්ම, ප්‍රඥාවේ මහිම උද්දීපනය කළ ,ආත්තම්මාගේ කතාන්දර  ළමා මනස,තීව්ර ලෙස ආකර්ෂණය කළේය. විදේශගත ශ්‍රී ලාංකිකයන් වශයෙන්, අපගේ දේශයේ විවිධ යුගයන් සහ  මූලයන් පිලිබදව පුළුල් අබෝධයක් ලබා ගැනීමේ නොතිත් ආශාව  සපුරාලීමේ අපේක්ෂාවෙන් යුතුව “ගැල් ...

Read More →